20 July 2013

ගෙදර යන ගමන් // on my way home


I am indulging in my bad habit again. People watching . We are waiting for th gates to open . We are going home. But where is home . Is home a place where you come to sleep , spend your week ends? Is it where you were born ? Where you've lived most of your life?

Consider these for a moment. Most of the Hong Kong cricket team of Pakistanis . ..they are young lads with Pakistani names , and their looks ...they are Pakistanis to anybody who looks at them . Yet they are born in HK and lived most of their lives or even not travelled beyond HK .

I know children of Sri Lankan parents who have never lived in Sri Lanka continuously for more than the 3 weeks' summer vacation. Yet consider themselves Sri Lankan and represents Sri Lanka and defends the name of the motherland ferociously.

But , it is only wrong if we consider home to be place . Home actually is a state of mind . Home comes to your mind when you stop looking for it .

Now if you have another 10 minutes , listen to this as well. He puts it across nicely


Pico Iyer: Where is home?


අපි ගෙදර යන්න කියලා . 
තව ටිකක් වෙලා තියෙනවා  ගේට්ටු අරින්න අහස යන්තරේට නගින්න .මම මගේ නරක පුරුද්දෙ යෙදිලා .  මිනිස්සු ගැන කල්පනා කිරීම . ගෙදර කිව්වට දැන් අවුරුදු ගානක්ම මෙහේනේ . ගෙදර කියන්නේ කොහේද ඇත්තටම . උපන් තැන ? හැදුන වැඩුන තැන ? ජීවත් වෙන තැන ? 

ඇත්තටම මාලිගාව තියෙන්නේ හිත ගිය තැන දෝ කියලත් හිතෙනවා . එතකොට තියෙන්නේ  මනෝ මන්දිර . තමන් දුවලා දුවලා , හොයලා හොයලා  අන්තිමට නැවතුනාම තේරෙනවා , ගෙදර කොහේද කියලා .

වෙලාවක් තියෙනවා නම් ඉහත ලින්ක් එකේ වීඩියෝව බලන්න .  ඔහු ගොඩක් දේ ලස්සනට කියනවා 









13 July 2013

බයියෝ, ටොයියෝ සහ දෙයියෝ

අප්‍රිකාවේ සැවනාවේ , උසට වැදුණු තණ පඳුරු අතරේ සැඟවී සිටින මනුෂ්‍ය දුවකි . ඇයට අපි ලූසී (Lucy) කියමු . හැමෝම ඇයව හඳුන්වන්නේ එසේය . ඒ වසර මිලියන 3 කට පමණ පෙරය . ඒ දවස් වල සිටියේ බයියන් පමණි.  තමන්ගේ පාඩුවේ කන්න යමක් සොයා ගනිමින් ඉබා ගාතේ එහෙ මෙහෙ ඇවිදින ඔවුහු බොහෝ විට තනි තනිව හෝ පවුල් වශයෙන් විසුහ . 

ලුසීට ශබ්දයක් ඇසේ . ඈතින් තණ පඳුරු  සෙලවෙනවා ඈ  දකින්නීය . එය ගොදුරක් සොයනා නපුරු සතෙක් විය හැක . එසේනම් එය කලබල වීමට කාරණයකි . පන රැක ගෙන හැකි වේගයෙන් දිව ගොස් සැඟවිය යුතුය .  අනෙක් අතට ඇතැම් විට එය සුළග පමණක් විය හැක . එසේ නම් කලබල වීම නිකරුනේය . ඇය තීරණයක් ගත යුතුය . ඒ සුළඟයි සිතා  හුන්වනම සිට , ඇයට  වැරදුනොත් , ඇය සතෙකුට ගොදුරු විය හැක . එය භයානක වැරදිමකි  .
නමුත් ඈ  නිකරුනේ කලබල වූවානම් , විය හැකි ලොකුම හානිය නිකරුනේ හති  වැටීම පමණකි . එය A වර්ගයේ  වැරදීමකි (type A mistake). සුදානම් සරීරේ වර්ගයේ වැරදීමකි . ඇගේ  පන බේරෙන්නේ , වඳ නොවී මිනිස් වර්ගයාගේ පැවැත්ම තීරණය වන්නේ බයියන් මෙසේ  type A  වර්ගයේ වැරදීම් දිගින් දිගටම කිරීමේ හේතුවෙනි .

මනුෂයෝ දඩයම්  ඇට,  පළ  එකතු කිරීමේ (age of the hunter/ gatherer ) යුගයට පිය නගති .  දැන්  දැන් මේ මනුසතා ජීවත් වන්නේ කුඩා කණ්ඩායම් වශයෙනි . දඩයමක් කරගත් පසු , තම කොටස බෙදා ගන්නට ඔවුහු පොරකති . ටිකක් පොත්ත රතු , ඇඟේ  මවිල් අඩු එකෙක් , රැලේ බිහිවන්නේ මේ අතරය . මූ,බයියන්ට  අලුත් ප්‍රේහෙලිකාවකි . අනික් වුන් දත් විලිස්සාගෙන අතේ තියෙන මස් කුට්ටියට පොර බදිද්දී , උන් සමග හරියට හරියට පොර බදින  බයියන් ,  මේ අලුත් සතා සමග පොර නොබදින්නේ අර උන්ගේ මනසේ පැල  පදියම් වී ,  hardwire වී තිබෙන, සුදානම් සරිරේ කියා තීරණ ගන්නා මානසික තත්වය නිසාමය .

 උන් මස් කුට්ටිය අත හරිති . දැන් අර පොත්ත රතු එකා ටොයියෙකි . කාලය ගත වෙත්ම ඌට දඩයම් කිරීමට අවශ්‍යතාවයක් නැත්තටම නැති වෙයි  . කවුරු හරි එකෙක් අමාරුවෙන් ගෙන දෙයක්  දත් විලිස්සා උදුරා ගැනීමට ඌ   පුරුදු වෙයි . ටොයියෝ  බිහි කලේද බයියෝය .

තවත් අවුරුදු දහස් ගණනක් ගතවී  ඇත .  ආහාර මගින් ලබන ශක්තිය ශ්‍රමය හැටියට වැය  කිරීමට ටොයියන්ට  අවැසි  නැත . ඒ නිසා උන් ව්‍යායාම කරන්නේ මොලයටය , ඒ නිසා උන්ගේ මොලය බයියන්ට වඩා වැඩේ . දැන් දැන් ටොයියන්ට bright ideas පහල වේ .

බයියෝ දැන් ටොයියෝ , නායකත්වයෙහි සලකති . කණ්ඩායම් විශාල වී ඇති නිසා ටොයියන්ට හැම බයියෙක්ම කරන දේ පාලනය කරන්නට නොහැකි වේගෙන එයි . බයියෝ ටික ටික ටොයියන්ගේ නීති වලින් පිට පනිති . එසේ කර,  බේරෙන්නට හැකි බව දත් පසු , උන් එය නැවත නැවත කරන්නට පසුබට නොවෙති .

දවසක් ටොයියෙක්  තම පාලිත බයියන් රැස් කළේය . ඔහුගේ වයිවර්ණ  පිහාටු හිස් වස්මද පැළඳ ඔවුන් ඉදිරියට එන ඔහු, අත්ලෙහි ඇති  බොරළු අහුරක් පෙන්වන්නේය .
" මේ ඉන්නේ මහා බල සම්පන්න සතෙක් . උඹල කරන හැම දෙයක්ම මූට පෙනෙනවා . උඹලා රැහේ නීතිවලින් පිට පැන්නොත් , මූ පැනල උඹලව මරලා දමාවි .  මූව උඹලට පෙනෙන්නේ නෑ . ඒ උනාට පරිස්සමෙන් . "
ටොයියා ගල් අහුරා විසිකරන්නේය .
 "දැන් ඌ හැම තැනම . මම නැති උනාට , මට පෙනෙන්නේ නැති උනාට,  මුට පෙනෙනවා . මු මටත්  වඩා භයානකයි "

බයියෝ , හොඳටම බය වෙති . ටොයියා බොරු කියනවා විය හැක . ඒත්  එය ඇත්තනම් , එය බොරුවක්යි සිතීමෙන් මහා විපත් සිදුවිය හැක . ඔවුන් නැවතත් සුදානම් සරිරේ පැත්තට තීරණය කරත් .

"ටොයියෝ , ටොයියෝ  , මේ මහා උත්තමයාට කියන නම මොකක්ද " බයියෝ අසති 

"අපි දෙයියෝ කියමු "



පලි . 
වරදවා තේරුම් නොගන්න. මෙය කිසිවෙකුගේ විශ්වාසයන්ට අපහාසයක් නොවේ . හිතලුවක් පමණි . 
එනමුදු , නොදන්නා බොහෝ  දේ ඇසු  පමණින් විශ්වාස බවට පත් කරගන්නා අපට , මෙය මෙසේ නොවුවේයැයි  කිව හැකිද .

බයියන්ගේ බියගුළු , ඇඟ  පරිස්සම් කර ගැනීමේ මානසික තාවය නිසා උන් වඳ නොවී අද දක්වා පැවතෙත් . බයියෝ පැවතෙන නිසාම ටොයියෝ  පැවතෙති . ටොයියෝ  සහ බයියෝ ඉන්න තාක් කල් දෙයියෝ පැවතෙති  

09 July 2013

අයිති කර ගැන්ම

කුවේරට පමණක දෙවෙනි 
ගිරි මත මැදුරක් තනා
තනා පොකුණු ද , උයන් ද 
සිත්තම් කර මේඝ , විජ්ජු ලතා 
සිගිරි කසුප් නොලියු මුත් 
සිය නම 

කඩවත සිසිල් ප්‍රියන්ත 
ලියා තම නම ගලේ 
දුර බනු අංකය සමගින් ම 
අයිතියටම සින්න කර ගෙන 

06 July 2013

මම ලොකු උනාම ...

දන්නෝ දනිති , දෙසියඹලාව මහා විදුහලේ , පරණ ගොඩනැගිල්ලේ , රහස් පාරකින් . සිවිලීමත්  වහලයත් අතරට නැගී කල , වසර ගණනාවක් තිස්සේ සිසුන් ලියු කුරුටු ගී දැක ගත හැකි වන්නේය  .

වසර ගණනාවකට පෙර , දසක ගණනාවකට පෙර මෙහි සිප් සතර හැදෑරූ සිසුන් , මේ පාරේ ගොස් මේ තැන තම නම හා පණ්ඩිත වාක්‍ය ලියා ඇත . දකින දකින ටයරයට මුත්‍රා කිරීම  සාමාන්‍යයෙන් බල්ලන්ගේ ගතියක් වනවා මෙන්ම , දකින දකින තැන තමන්ගේ නම ලිවිම එක වයසකදී කොල්ලන්ගේ ගතියකි . 

එක දහස් නවසිය අසු ගණන් වල  , පහේ විභාගේ සමත් වෙලා, රටක් රාජ්‍යයක් දිනා ගෙන වගේ  මේ මහා ඉස්කෝලේට ආපු අපි , ටික දවසක් යනකන් නිකන් බිරන්තාන්තු වෙලා හිටියේ . එවන් දිනෙක , අපේ අලුත් මිත්‍රයෙක් අපිව රැගෙන ගියා , විදුහලේ ප්‍රධාන ශාලාව හරහා වැටුන රහස් පාරකින් මේ පෙරකී තැනට .

යන මග 
ප්‍රධාන ශාලාවේ , දෙපැත්තේ බිත්තියේ  කෝට්  බෝට්  හැඳ , රවුල් උඩට කරකැවූ මුහුණුය . එක් තැනකින් පසු , ජාතිකත්වයේ පිළියෙන් විලි වහ ගත්  මහතුන් පේලියකි . ඔවුහු සියල්ලෝම පෙර දවස මෙහි උගත් කීර්තිමත් සිසුන්ය . ඔවුහු  අප දෙස ගාම්භිර බැලුම් හෙලුහ. අපි කටවල්  ඇරගෙන ඒවා එකින් එක බලා ගෙනගෙන ගියෙමු , ඒ අතුරින් අඳුරන මුණු සෙවුවෙමු . 

ගමනාන්තයට ලඟා වු අපි , එහෙන් මෙහෙන් වැටෙන ආලෝකයෙන් ,  මෙහි බිත්ති වල මෙහි ඇති නම් කියවන්නට වුනෙමු . ප්‍රකට ක්‍රීඩකයන් , රාජ්‍ය නායකයින් , ඇමති වරු ගෙන් පටන් ගෙන අපි පේලියට කියවා ගෙන ගියෙමු . 

එක් වනම එක සගයෙක් කෑ ගැසුවේය ...
"මේ බලපල්ලා ...ජේ ආර්  ජයවර්ධන ....අනාගත ජනාධිපති ...ජේ ආර්  පප්පාම තමයි මේක නම් ලියන්න ඇත්තේ ..."
( මම පාපොච්චාරණයක් කරමි , එදා අපි ඔහුම එය ලියු බව විශ්වාස කළෙමු .)

"මචන් මෙතන අපේ නම ලියමු , මොකද මේ ඉස්කොලේට එන හැමෝම ලොකු ලොකු තැන්  වල තමයි නවතින්නේ . ඉතින් එදාට පොඩි උන් ඇවිත් මෙතැන් බලයි . අපේ නම් අඳුනා ගනියි ."
නැවතත් අපේ මග පෙන්වන්නා කියන්නේය .

අනේ ,  එතැන අපි අපේ නම් ලියුවෙමු . සිහින මන්දිර දළ  සැකසුම් හැදුවෙමු . එහෙත් කාලයාගේ ඇවෑමෙන්  ...
...වරදවා තේරුම් නොගන්න , බොහෝ දෙනා සමාජයේ වැඩ දායි පුද්ගලයන් වුහ , එනමුදු එලෙසම අපි බොහෝ දෙනා ගේ සිහින මන්දිර කඩා වැටුණි ....
අනාගත ජනාධිපති සිහින , කාර්යාලවල අටේ සිට පහට කඹුරති ....අනාගත ලෝ ප්‍රකට මහාචාර්යවරු සිහින , අඹු දරුවන්ගෙන් වෙන්වී වැලි කතරේ කාසි එකතු කරති ....

මෙවැනි සිහින පවුරු හැමතැනම ඇත , ඒ මත  අපි සිහින මන්දිර සැකසුම් අඳින්නෙමු , ඒවා කැටයම් දමා ලක්ෂණ කරන්නෙමු ... ඒවා සිත් තුලට කාන්දු වී , විශ්වාස බවට පත්වේ ...ඒවා හීන  බව කාලෙකින් අපටම අමතක වේ .

නමුත් ඇතැම් විට ඒවා බිඳ වැටේ . අපි  ගෙන ආපු පොට්ටනියේ හැටියට , අපි එයට එකතු කර ගත් දේ වල හැටියට සහ ලෝක ස්වභාවයේ හැටියට අපේ කතාව ලියවේ 

ඒත්  , අර බිත්තියේ ලොකු මිනිස්සුන්ගේ  නම් වලට ලඟින් ලඟින් අපේ නම් ද ඇත ලියවී . ඒත් .......

පලි :
මම මේක ලියුවේ මෙන්න මේ සින්දුව ඇහුවට පස්සේ ...



පොඩි කාලේ අපි රචනා ලියනවා , මගේ අනාගත බලාපොරොත්තුව කියලා ...
දොස්තර හීන  , ඉංජිනේරු හීන ...පාට පාට හීන ....ඇත්තටම අපි හැමෝටම ඕනේ පොරක් වෙන්න ...
ඒත් පොරක් වීම සාපේක්ෂයි නේ ....අනික ලන්ඩන් වල ඇල්බට් අංකල්ලා නැතුව  ..එහෙම නැතුව අඩුම ගන්නේ ඇල්බට් මහත්තයට කඩේ යන්නේ වත් නැතුව යා හැකි දුර සීමිතයි නේද. අනික අර හැමෝටම ලැබෙනවා කියන විනාඩි පහළොව (15 minutes on stage ),  spot light එක තමන්ට focus වෙච්ච විනාඩි පහළොව  ...ගොඩක් වෙලාවට අපිට ලැබෙන්නේ , අපේ නමින් පැන්  වඩන්න පොඩ්ඩකට  කලින්