වසර ගණනාවකට පෙර , දසක ගණනාවකට පෙර මෙහි සිප් සතර හැදෑරූ සිසුන් , මේ පාරේ ගොස් මේ තැන තම නම හා පණ්ඩිත වාක්‍ය ලියා ඇත . දකින දකින ටයරයට මුත්‍රා කිරීම සාමාන්‍යයෙන් බල්ලන්ගේ ගතියක් වනවා මෙන්ම , දකින දකින තැන තමන්ගේ නම ලිවිම එක වයසකදී කොල්ලන්ගේ ගතියකි .
එක දහස් නවසිය අසු ගණන් වල , පහේ විභාගේ සමත් වෙලා, රටක් රාජ්‍යයක් දිනා ගෙන වගේ මේ මහා ඉස්කෝලේට ආපු අපි , ටික දවසක් යනකන් නිකන් බිරන්තාන්තු වෙලා හිටියේ . එවන් දිනෙක , අපේ අලුත් මිත්‍රයෙක් අපිව රැගෙන ගියා , විදුහලේ ප්‍රධාන ශාලාව හරහා වැටුන රහස් පාරකින් මේ පෙරකී තැනට .
යන මග ප්‍රධාන ශාලාවේ , දෙපැත්තේ බිත්තියේ කෝට් බෝට් හැඳ , රවුල් උඩට කරකැවූ මුහුණුය . එක් තැනකින් පසු , ජාතිකත්වයේ පිළියෙන් විලි වහ ගත් මහතුන් පේලියකි . ඔවුහු සියල්ලෝම පෙර දවස මෙහි උගත් කීර්තිමත් සිසුන්ය . ඔවුහු අප දෙස ගාම්භිර බැලුම් හෙලුහ. අපි කටවල් ඇරගෙන ඒවා එකින් එක බලා ගෙනගෙන ගියෙමු , ඒ අතුරින් අඳුරන මුණු සෙවුවෙමු .

ගමනාන්තයට ලඟා වු අපි , එහෙන් මෙහෙන් වැටෙන ආලෝකයෙන් , මෙහි බිත්ති වල මෙහි ඇති නම් කියවන්නට වුනෙමු . ප්‍රකට ක්‍රීඩකයන් , රාජ්‍ය නායකයින් , ඇමති වරු ගෙන් පටන් ගෙන අපි පේලියට කියවා ගෙන ගියෙමු .
එක් වනම එක සගයෙක් කෑ ගැසුවේය ...
"මේ බලපල්ලා ...ජේ ආර් ජයවර්ධන ....අනාගත ජනාධිපති ...ජේ ආර් පප්පාම තමයි මේක නම් ලියන්න ඇත්තේ ..."
( මම පාපොච්චාරණයක් කරමි , එදා අපි ඔහුම එය ලියු බව විශ්වාස කළෙමු .)
"මචන් මෙතන අපේ නම ලියමු , මොකද මේ ඉස්කොලේට එන හැමෝම ලොකු ලොකු තැන් වල තමයි නවතින්නේ . ඉතින් එදාට පොඩි උන් ඇවිත් මෙතැන් බලයි . අපේ නම් අඳුනා ගනියි ."
නැවතත් අපේ මග පෙන්වන්නා කියන්නේය .
අනේ , එතැන අපි අපේ නම් ලියුවෙමු . සිහින මන්දිර දළ සැකසුම් හැදුවෙමු . එහෙත් කාලයාගේ ඇවෑමෙන් ...
...වරදවා තේරුම් නොගන්න , බොහෝ දෙනා සමාජයේ වැඩ දායි පුද්ගලයන් වුහ , එනමුදු එලෙසම අපි බොහෝ දෙනා ගේ සිහින මන්දිර කඩා වැටුණි ....
අනාගත ජනාධිපති සිහින , කාර්යාලවල අටේ සිට පහට කඹුරති ....අනාගත ලෝ ප්‍රකට මහාචාර්යවරු සිහින , අඹු දරුවන්ගෙන් වෙන්වී වැලි කතරේ කාසි එකතු කරති ....
මෙවැනි සිහින පවුරු හැමතැනම ඇත , ඒ මත අපි සිහින මන්දිර සැකසුම් අඳින්නෙමු , ඒවා කැටයම් දමා ලක්ෂණ කරන්නෙමු ... ඒවා සිත් තුලට කාන්දු වී , විශ්වාස බවට පත්වේ ...ඒවා හීන බව කාලෙකින් අපටම අමතක වේ .
නමුත් ඇතැම් විට ඒවා බිඳ වැටේ . අපි ගෙන ආපු පොට්ටනියේ හැටියට , අපි එයට එකතු කර ගත් දේ වල හැටියට සහ ලෝක ස්වභාවයේ හැටියට අපේ කතාව ලියවේ
ඒත් , අර බිත්තියේ ලොකු මිනිස්සුන්ගේ නම් වලට ලඟින් ලඟින් අපේ නම් ද ඇත ලියවී . ඒත් .......
පලි :
මම මේක ලියුවේ මෙන්න මේ සින්දුව ඇහුවට පස්සේ ...
මම මේක ලියුවේ මෙන්න මේ සින්දුව ඇහුවට පස්සේ ...
පොඩි කාලේ අපි රචනා ලියනවා , මගේ අනාගත බලාපොරොත්තුව කියලා ...
දොස්තර හීන , ඉංජිනේරු හීන ...පාට පාට හීන ....ඇත්තටම අපි හැමෝටම ඕනේ පොරක් වෙන්න ...
ඒත් පොරක් වීම සාපේක්ෂයි නේ ....අනික ලන්ඩන් වල ඇල්බට් අංකල්ලා නැතුව ..එහෙම නැතුව අඩුම ගන්නේ ඇල්බට් මහත්තයට කඩේ යන්නේ වත් නැතුව යා හැකි දුර සීමිතයි නේද. අනික අර හැමෝටම ලැබෙනවා කියන විනාඩි පහළොව (15 minutes on stage ), spot light එක තමන්ට focus වෙච්ච විනාඩි පහළොව ...ගොඩක් වෙලාවට අපිට ලැබෙන්නේ , අපේ නමින් පැන් වඩන්න පොඩ්ඩකට කලින්

ඔව්ව ඔහොම තමයි. හැමෝම ජනාධිපතිල, අගමැතිල උනොත් කිසි ගතියක් නැතිව යනවනේ. හරියට ආණ්ඩු පක්ෂෙ මන්ත්‍රීවරු ඔක්කොම ඇමතිවරු උනා වගේ. ඇමතිකමත් නිකන්ම බාල වෙනව එතකොට.
ReplyDeleteසමාජයක ජීවත් වෙද්දි අපි හැමෝම එකිනෙකා මත යැපෙනවා. ඉතිං හැම විදියකම මිනිස්සු වෘත්තිකයො මේ සමාජයෙ ඉන්න ඕන. පුංචි කාලෙ අපි ඕනම කෙනෙක්ට සිහින තියෙනව තමයි. ඒ සිහින අපේ ඒ අවදිය සුන්දර කරනවා. ඉතිං යමක් කමක් තේරෙන වයසට ආවහම සමහරු ඒ සිහින අධිෂ්ඨානයකට හරවගන්නවා. සමහරු ඒව සිහිනම වෙන්න ඇරල වෙනත් මාවතක යනව.
අර කවුද කිව්ව වගේ ‘මම ලොකු උනාම තාත්තා කෙනෙක් වෙනව‘ කියල හිතුව නම් ඉවරයි. ඒක ඉතිං හැමෝම වගේ සැබෑ කරගන්න හීනයක්නේ. :D
ඇත්ත . අපි කවුරුවත් ලොකු උනාම කසල සෝධකයෙක් වෙන්න , පයිප්ප බාස් කෙනෙක් වෙන්න , සිමෙන්ති අන්න සිහින මවන්නේ නෑ නේ . ඒත් ඒ රස්සා කරන්නත් කවුරු හරි ඕනේ
Deleteඒ කියන්නේ ලංකාව ජනරජයක් කරන්නත් ජේආර් කොල්ලා ප්ලෑන් කරලා තියෙනවා.
ReplyDeleteමගේ මල්ලී නං කිව්වේ ලොකු වෙලා තාත්ත කෙනෙක් වෙන්න ආසයි කියලයි!
ReplyDeleteකකා මට මේ කතාව මතක් උනා . හැබැයි හරියට මතකයක් තිබ්බේ නෑ කොහේද තිබ්බේ කියලා .
Deleteජේ ආර් කොලුවා ඒ දවස් වලත් දස වැඩ කාරයා වගේ ...පස්සේ කලෙක දඹුල්ල පැත්තේ ගලක ඉංග්‍රීසියෙන් "sigiri Kashyapa was here " කියලා ලියලා තිබ්බ එකකුත් මතක් උනා
DUDE WAZ 'ERE!
ReplyDeleteපොඩි කාලෙ හීන දකිනවා තමා. ඒත් ඉතින් එක හීනයක් හැබෑ වුනේ නැත්නම් ඊලඟ හීනෙට ගියෑකි!
ReplyDelete