24 August 2013

ලොක්කයියාගේ සංකල්පය

නවත්තපු  තැනින්ම පටන් ගන්නම් .

කටුනායක ගුවන් තොටුපොළට අහස යන්තරේ ලඟා වෙනකොට මැදියම් රැ යටත්  කිට්ටු වෙලා . පරණ  පුරුදු විදියටම ලොක්කයියා ඇවිත් හිටියා අපිව ගෙදර ගෙනිහින් බස්සන්න .


ලොක්කයියා කිව්වට, එහෙම කියලා ළඟ නෑ  කමක් නෑ . නෑ  කමට වඩා ළඟ හිතවත්කම .

(“ඔය එහෙන් මෙහෙන් වාහන හයර් කරන්න එපා මහත්තයෝ , ආරක්ෂාව මදි “ කියාගෙන හැම සැරේම එනවා අපිව ගෙදර ගෙනියන්න .)


අපේ ගමන් මලු , අබලන් හයි ඒස්  වෑන්  එකේ පටවාගෙන , වාස දේස  කතා කර කර අපි ආවා ගමට .

ගමේ පාරට හරවපු ගමන් .“කොහොමද ලොක්කයියේ කුසුම අක්කා “ කියලා ඇහුනේ පුරුද්දට වගේ .
“ඉන්නවා ඉන්නවා “ ලොක්කයියා ක්‍රීන්  කියලා ගියර් එකක් කැඩුවා .


ලොක්කයියා , කුසුමේ අක්කගේ මනාපය ලබා ගත්තේ දැනට වසර ගණනකට පෙරය . දැන් වෙනකොට , කසාද බැඳලා , දරුවන් දෙතුන් දෙනෙකුත් ලැබිලා තියේවි කියලා , බොහෝ අය  හිතුවත් , කුසුමේ අක්කගේ මනාපය එක හිතින් බාරගෙන , පරිස්සමට පැත්තකින් තබපු ලොක්කයියා විවාහය කල් දිනෙන් දිනෙන් කල් තබන්නේය .  ගෙදර හදනකන් , පාරට තාර වැටෙනකන් , වැනි නෙක හේතු මවන්නේය .


කුසුමේ අක්කලාගේ නිවස පසු කරත්ම මට නිකමට මෙන් ඒ දෙස බැලිනි . තාප්පය පුරාවට පෝස්ටර් වගයක් අලවා ඇත . දියාරු හෙඩ්  ලයිට් එලියට පවා , පෝස්ටර් වලින් හිනාවෙන ලොක්කයියාගේ මුහුණ මනාවට පෙනුනි .


“මොකෝ මේ ලොක්කයියේ ?”


“නෑ  මල්ලි , මනාපේ දුන්නට හිත වෙනස් වෙන්න පුලුවන්නේ ...මමං ඉතින් ඉඳල හිටලා ගිහිල්ල කට්ටියට කතා කරලා , කුසුමේගේ නංගිගේ පොඩි එකාගේ කම්මුල මිරිකලා එනවා . වෙනසකටත් එක්ක මේ සැරේ ගැස්සෙව්වා පෝස්ටර් ටිකක් “


“කව්ද ගැහුවේ “


“මේ චන්දෙ වැඩ කරපු කොල්ලෝ ටිකක් , උන් මයි ඩි සයින් කරලා මගේ මුණ දාලා “ ඔබේ මනාපය දිනු ලොක්කයියාගේ උදාර සංකල්පයක් අනුව “ කියල වචන සෙට් කරලා හැදුවේ “


“ඉතින් මොකෝ උනේ .”


“මල්ලිට කියන්න මේ වල් හු …. දේශ ද්‍රෝහියෝ ….කුසුමේලාගේ ලැට් එකේ බිත්තියේත් එකක් අලවලා  ලැට්  එකේ දොරත් ගලවාගෙන ගිහිල්ලා “


“ඕක නම් විජාතික කුමන්ත්‍රණයක් “ මට ඉබේම කියැවුනි .




පලි : අපේ අත්තම්මලාගේ ගෙදර යන්න තියෙන්නේ බස් හෝල්ට් එකේ ඉඳන් ටික දුරක් ගිහින් , කන්දටම කපපු පඩිපෙළ බැහැලා .ඉස්සර බස් එකෙන් බැහැලා අපි ඒ පඩිපෙළ බහින්නේ පඩි දෙකෙන් දෙක .
නිවාඩුත් ඒ වගේ . සාමාන්‍යයෙන් මන්ද වේගයෙන් සතියේ දවස් දුවන කාලය , නිවාඩු ගත්ත ගමන් දුවන්න ගන්නවා හැල්මේ .
සති තුනකුත් ගෙවන්න ගියා . බොහෝ වැඩ කර ගන්න හිටියත් ….දන්නවනේ ඉතින් වෙන දේ .
හැබැයි ඉතින් , අනේ ඇස්  වහක් කටවහක් නෑ , බිල් බෝඩ් පිරෙන්න ලොකු මාමාගේ අර සීදේවි මුණ , තනි නොතනියට ...යන යන තැන


පපලි :
මේ බ්ලොග් ලිවීමට ඇබ්බැහි වෙච්ච එකට බෙහෙතක් ගන්න කියලා වේද මහත්තයෙක් හම්බු උනා .  මේ ලෙඩේට බෙහෙත් නා කියන්නේ … ඉතින් මොනවා කරන්නද , ලියනවා ඇරෙන්න ...

14 comments:

  1. හම්බු වුනාට කතා කරන්න වැඩි වෙලාවක් ලැබුනේ නැහැනේ. හදිසියෙන්නෙ ආවේ. ඊලඟ සැරේ එහෙම බැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඊළඟ සැරේ සෙට් වෙමු දිග කතා බහකට

      Delete
  2. අයෙත් අහල ...ඕක නම් විජාතික කුමන්ත්‍රණයක්‌ තමා...මම කිව්වේ ලොක්කයිය ගේ මුණ හැම තැනම ගහපු එක...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම

      Delete
  3. ජේපී දන්නවත් ඇති අර ගැබිණි වාට්‍ටුවට ඇඳන් පරිත්‍යාග කරපු නිසා හැම ඇඳකම "සිද්ධාලේප මුදලාලිගේ වැඩක්" කියලා ගහලා තිබ්බ කතාව. ඒ බෝඩ් එකත් එක්ක බඩ දරු අම්මලා පේලියට ඉන්නකොට කොහොමද ගතිය?

    ReplyDelete
    Replies
    1. හාහාහා . මරු කතාව ඒක නම් .
      මම දැක්කා මේ සැරේ පොදු වැසිකිලි හදල තියෙනවා . එක හොඳ වැඩක්...
      කොහොමද ගැහුවනම් බිල් බෝඩ් එකක් , මහත්තයා සරම පොඩ්ඩක් කැහැපොට ගහගෙන පොඩි පනිට්ටුවකුත් අනිත් අතින් අරන් ඉන්න පින්තුරෙකුත් එක්ක ....ගරු ...තුමාගේ උදාර සංකල්පයක් අනුව කියලා

      Delete
  4. අයියා මල්ලී සංකල්පය වෙනනම කේස් එකක්!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ...අක්කා නංගි සංකල්පය තවත් එකක් නේද ?

      Delete
  5. //නවත්තපු තැනින්ම පටන් ගන්නම් .//

    මේ කතාවේ තවත් කොටසක් තිබුණද?

    ReplyDelete
    Replies
    1. මම අදහස් කලේ ,අර ගුවන් තොටුපොලේ ඉඳන් ලියපු සටහන

      Delete
  6. ලෙඩේට ‍බේත් නං නෑ. ඒත් රයිටර්ස් බ්ලොක් කියල එකකින් වැඩේ ටිකක් පාලනය වෙනව.

    ReplyDelete

  7. ▼ 2013 (54)
    ► 2012 (79)
    ► 2011 (78)
    ► 2010 (121)
    ► 2009 (102)
    ► 2008 (85)
    ► 2007 (194)
    විටින් විට ලෙඩේ තදවෙලා තියන බව පේනව

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කාලෙකට වැඩි වෙනවා

      Delete
  8. ලෙඩේට බෙහෙත දිගටම ලියන එක තමයි.

    ReplyDelete

Have commented