13 October 2013

සංකල්ප බෝඩ් එක // Behind the billboard

ජිනේ කාමරයට පැමිණි වහාම  අමුතු යුරියා වැනි ගන්ධයක් පැතිරී ගියේය
"මොකක්ද අප්පා මේ පුසුඹේ " අපේ නහයට දැනුනු එහෙත් හිතේ තද කරගත් හිතිවිල්ල වචන බවට පත් කළේ ගුණේ ය .

"නෑ බන් මං  සංකල්ප බෝඩ් එක පැත්තෙන් ආවේ " ජිනේ හේතු දක්වන්නට විය

සමාවන්න .  අමතක උනා , ඔබ නොදන්නා බව මේ සංකල්ප  බෝඩ් එක ගැන . ..........

ටික දවසකට පෙර ,  අපේ නගරයේ අඩුවක්ව තිබු පොදු වැසිකිලියකට පිඹුරුපත් සැදුනේ , අර ..." එක වැඩක් " ව්‍යපෘතියෙනි .

එහි මුල් අදියර ලෙස , ඒ සංකල්පය ඇතිවුයේ කාටදැයි සැවොටම  දැන  ගැනීම පිණිස මහා බෝඩ් එකක් එම ස්ථානයේ සිටවිනි .

නමුත් එහි පිඹුරු පත් පරික්ෂා කල , පන්සලේ දායක සභාව ඊට විරෝධය පෑවේ ශරීර කෘත්‍ය කිරීමේදී විහාරය දෙසට පසුපස ලා හිඳ  ගැනීමට වන බව පෙන්වා දෙමිනි . පොඩියට පොඩියට බෞද්ධ අයිතිවාසිකම් සඳහා සිවිල් බලවේගයක් ද බිහිවුනි . "බාවන රල " (බර ) නමින් එය නම් කෙරිණි .

අනිත් පසට දොර දැමීමටද නොහැකි වුයේ , මුස්ලිම් පල්ලියක් ඒ දෙසින් ඇති බැවිනි . "තකටතක රළ " සංවිධානය අනෙක් පසින් විවාදයට එක විය .

බා.ර හා  ත.ර ගැටුණි .

ජාතින් අතර සහජීවනය ගැන සලකා බලා වැසිකිලිය ඉදිකිරිම ඇනහිටුනි . එක ගමකට එක වැඩක් නිසා , බෝඩ් එක වෙන තැනක සවි කර , වැසිකිලියක් සෑදීමටද නොහැකිය . එවිට වැඩ දෙකක් වන්නේය .

සංකල්ප බෝඩ් එක එතැනමය. දැන් ඇතැමෙක් ,  එහි පිටුපසට මුවා වී දවස පුරා ඇතිවන සුළු සුළු බරින් නිදහස් වෙති . කොල්ලෝ , හොරෙන් දුමක් අදිති  . නිකරුනේ හැසිරෙන සුනඛයෝ , පස්චාත් ගාතය ඔසවා සංකල්ප බෝඩ් එකටම මුත්‍රා කරන්නෝය .  ඉන්පසු පුරුද්දට වගේ  පසු කකුල් දෙකින් වැලි බොරළු ටිකක් ඒ දෙසට විසි කරන්නෝය .
එහි (සු ?) ගන්ධය දසත පැතිරී යන්නේය .

සංකල්පය ඔහේ තියෙන්නේය

10 comments:

  1. එක ගමකට එක වැඩක්. ( අපේ පාරේ කොන් ක්‍රීට් එක හෝදගෙන ගිහිං ඇයි දන්නේ නැහැ.. )

    ReplyDelete
  2. ඔබේ පාරට දැමූ කොන්ක්රීට් වර්ගයට (එය නාමල් මෙතඩ් එකක් යයි මම අනුමාන කරමි), ඔබේ ප්රදේශයේ කාලගුනය ගැලපෙන්නේ නැතුවා වාගේ.

    එය කොන්ක්රිට් එකේ වැරද්දක් නොව, කාලගුනයේ වැරද්දක් බව මට සිතේ :)

    ReplyDelete
    Replies
    1. එතන වරායක් හදලා ගම හම්බන්තොට කිට්ටුවට ගෙනියමු.......

      Delete
    2. එතකොට වැඩ දෙක තුන වෙනවනේ ..

      Delete
  3. හීන් ටොක්ක. :)

    ReplyDelete
  4. කට කට කට. සංවර්ධනය බොල මේ

    ReplyDelete
  5. ඔය කොයි බරත් චූ බරට සහ කක්කා බරට යටය.

    ReplyDelete
    Replies
    1. ඇට්ලස් යෝදයා ඔසවන ලොවේ බර
      හපුතල් කන්ද නගිනා ගවයින්ට ගැලේ බර
      දස මස් කුසේ රැක දරනා ගැබේ බර
      මේ හැම බරටම බර වැඩි කක්කා බර?

      Delete
  6. බොහොමයක් ඉතින් ගඳ ගහන සංකල්ප තමයි. සුවඳ තියෙන්නේ සංකල්ප හදන එවුන්ගේ කාමරවල විතරයි.

    ReplyDelete

Have commented