මම දුම් රිය පොලේ එක කොනක ඉඳන් අනෙක් කොනට ඇවිදගෙන යනවා, නියමිත වෙලාවට ටිකක් කලින් රැස්වීමට යන්න. මේ රැස්වීම ගැන පොඩි චකිතයකුත් හිතේ තියෙනවා .
අහමු කියලා හිතෙනවා සින්දුවක්........ ෆ්‍රැන්ක් සිනෙට්‍රා ගයනවා " ඔබ සැමවිට මා හිතේ " (You are always on my mind) .
දුම්රිය පොලේ සෙනඟ නම් ඉතින් අඩුවක් නෑ. ඒත් දවල් හින්දා වැඩිය ඉන්නේ office crowd එක සහ සංචාරයකයින්.
මම ඇවිදගෙන යනවා ඉස්සරහට . නිරායාසයෙන්ම වගේ. මගේ මනස පිරෙනවා එක එක චිත්ත රූප වලින් . මතකයන්ගෙන් . මුලින්ම මේ රටට ආපු දවස් , පොඩි එකීවත් කරේ තියන් අපි දෙන්න ඇවිදන් ගිය හැටි. වටේට තිබුන විච්චුරණ මැජික් වගෙ බලන් හිටපු හැටි. ඒවා ටික ටික හුරු වෙච්ච හැටි .
ඊට පස්සේ එනවා උඩට හිතට වද දෙන ප්‍රශ්න, රෙදි , ලොන්ඩ රියක රෙදි වැලක් වගේ දී, නිමක් නොපෙනෙන , වේලෙන්න වනා තියෙන ..ඒවාට ඇති එක එක විකල්ප විසඳුම් ..
ඒ පෙල දිගේම හිත දුවනවා කාලේකට ඉස්සෙර හිතට වද දුන්න ප්‍රශ්න වලට...ඒවා විසඳිච්ච හැටි .
උල්පත පැදුනු ගමන් වගේ මෙහෙම උනා ගෙන ආපු හිතුවිලි එක පාරටම නතර වෙනවා . පිරිච්ච ඔලුව හිස් .
අනන්තයක් සේ දැනෙන නිමේශයක් .සිතුවිලි නැති රික්තකයක් . නිවන් ගියා වගේ .
ඔබටත් දැනී ඇති මෙවන් මොහොතක් , අනේක වාරයක් .
යම් තැනක මොකක් හරි පොඩි සිදුවිමක් වුනත් එතෙන්ට ආපහු යනකොට මට එ සිදුවිම අනිව මතක් වෙනව
ReplyDeleteමම හිතෙන්නේ එකම උත්තේජන. එකම මතක අවදි කරනවා
Deleteකාලේකට ඉස්සෙර හිතට වද දුන්න ප්‍රශ්න වලට විසඳිච්ච හැටි මමත් මතක් කරනවා JP. වෙනස ඒ වෙනුවට අලුත් ප්‍රශ්ණ ඒවායේ තැන ගන්න එකයි. ඒවත් ඔය විදියටම විසඳෙයි.
ReplyDeleteප්‍රශ්න ගනන් ගන්නේ නැතිව හිටියමත් ඒවා මැරිලා යනවා වෙලාවකට
DeleteNever trouble a trouble until the trouble troubles you.
DeleteAbsolutely.
ReplyDelete:D Easier said than done.
Delete