12 October 2013

සිතුවිලි අතර // where the train of thought stops

මම දුම් රිය පොලේ එක කොනක ඉඳන් අනෙක් කොනට ඇවිදගෙන යනවා, නියමිත වෙලාවට ටිකක් කලින් රැස්වීමට යන්න. මේ රැස්වීම ගැන පොඩි චකිතයකුත් හිතේ තියෙනවා .
 අහමු කියලා හිතෙනවා සින්දුවක්........ ෆ්‍රැන්ක් සිනෙට්‍රා ගයනවා " ඔබ සැමවිට මා හිතේ " (You are always on my mind) . 
දුම්රිය පොලේ සෙනඟ නම් ඉතින් අඩුවක් නෑ. ඒත් දවල් හින්දා වැඩිය ඉන්නේ office crowd  එක සහ සංචාරයකයින්. 

මම ඇවිදගෙන යනවා ඉස්සරහට . නිරායාසයෙන්ම වගේ. මගේ මනස පිරෙනවා එක එක චිත්ත රූප වලින් .  මතකයන්ගෙන්  . මුලින්ම මේ රටට ආපු දවස් , පොඩි එකීවත් කරේ තියන් අපි දෙන්න ඇවිදන් ගිය හැටි. වටේට තිබුන විච්චුරණ මැජික් වගෙ බලන් හිටපු හැටි. ඒවා ටික ටික හුරු වෙච්ච හැටි . 

ඊට පස්සේ එනවා උඩට හිතට  වද දෙන ප්‍රශ්න, රෙදි , ලොන්ඩ රියක රෙදි වැලක් වගේ දී, නිමක් නොපෙනෙන , වේලෙන්න වනා තියෙන ..ඒවාට ඇති එක එක විකල්ප විසඳුම් .. 
ඒ පෙල දිගේම හිත දුවනවා කාලේකට ඉස්සෙර හිතට වද දුන්න ප්‍රශ්න වලට...ඒවා විසඳිච්ච හැටි . 

උල්පත පැදුනු ගමන් වගේ මෙහෙම උනා ගෙන ආපු හිතුවිලි එක පාරටම නතර වෙනවා . පිරිච්ච ඔලුව හිස් .
අනන්තයක් සේ දැනෙන නිමේශයක් .සිතුවිලි නැති රික්තකයක් . නිවන් ගියා වගේ .

ඔබටත් දැනී  ඇති මෙවන් මොහොතක් , අනේක වාරයක් .

7 comments:

  1. යම් තැනක මොකක් හරි පොඩි සිදුවිමක් වුනත් එතෙන්ට ආපහු යනකොට මට එ සිදුවිම අනිව මතක් වෙනව

    ReplyDelete
    Replies
    1. මම හිතෙන්නේ එකම උත්තේජන. එකම මතක අවදි ක‍රනවා

      Delete
  2. කාලේකට ඉස්සෙර හිතට වද දුන්න ප්‍රශ්න වලට විසඳිච්ච හැටි මමත් මතක් කරනවා JP. වෙනස ඒ වෙනුවට අලුත් ප්‍රශ්ණ ඒවායේ තැන ගන්න එකයි. ඒවත් ඔය විදියටම විස‍ඳෙයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න ගනන් ගන්නේ නැතිව හිටියමත් ඒවා මැරිලා යනවා වෙලාවකට

      Delete
    2. Never trouble a trouble until the trouble troubles you.

      Delete

Have commented