20 October 2013

රූන් පෙති සමුළුවට සුභ පැතුම් // best wishes for the CHOGM summit

ඔන්න වැඩේ පටන් ගන්නවලු  කොළඹ .

කැනඩාව , ඉන්දියාව නාවට අපට කම් නැත , නාකි කුමාරයෙක් එන්නේය එංගලන්තයෙන් . (කුමාරයෙක් කිව්වට මොකෝ  මෑන් සීයා  කෙනෙක් නේ .)

රුන් පෙති ගහලා වටරවුම්වල ...අලුත් පාරක් හදලා , පිට පාරෙන්ම එන්න කට්ටියට .

(පෞද්ගලිකව,  මේ මැරිලා , දිරාගිය අධිරාජ්‍යයක මල මිනිය තවම ගෙදර තියාගෙන , මොකක් සමරනවද කියලා මට නම් ප්‍රශ්නයක් ....අපි වගේ නෙමෙයි දන්නා කියන කට්ටියනේ ඕවා තීරණය කරන්නේ , මොකක් හරි ඇති ...හැබැයි පොදු කිව්වට , තමන්ගේ පෞද්ගලික ඇජෙන්ඩා වලට  මුල් තැන කියලයි පෙනෙන්නේ නම් )

හැම දේකටම  තේමා ගීතයක් හදන අපේ රටේ , මේකටත් හැදිලා තේමා ගීතයක් . සුපුරුදු රූප  රාමු recycle සයිකල්  කරලා .(දෑත ශක්තිමත් කරන්න ගිය කලා බර කට්ටියට ඉතින් වැඩක් තියෙන්නත් එපා යැ )

සින්දුව නරක නෑ ....හැබැයි , මම යෝජනා කරනවා මෙන්න මේ  ගීතය , අර රූන්  පෙති theme එකත් එක්ක ගලපලා ....
(තාලය අර දයාරත්න රණතුංගයන්ගේ පරණ පුරුදු ගීතයේ එකම තමයි)



රූන් පෙත්ත කැරකෙනවා
කෝම් පිට්ටු ඉදිවෙනවා
ලොකු මාමා  අපිට
සුරංගනා කතා කියනවා

රූන් පෙත්ත කැරකෙනවා
කෝම් පිට්ටු ඉදිවෙනවා
කොළඹ වටේ කාර් රේස්
රෑට පැදෙනවා

පුංචි පුතේ දැන් දැන් නම් අපේ හිතුත් වෙනස් වෙලා
යුද්දේ ඉවර කාලේ වගේ
සාටකයක් දැකපු සැනේ
ජාතික ආලෙන් හර්දය  පිරී  යන්නේ නෑ
චන්ඩි කථා වලට  එච්චර   චූන් වෙන්නේ නෑ

රූන් පෙත්ත කැරකෙනවා //

සාටකයක් කරේ දමන්  , මැතිවරණයේ කාලේ වගේ
දැන් මාමා  වුනත්
දෙකට නැමී බිම ඉඹින්නේ නෑ
මූන් එක්ක පිල්ලේ එක්ක එච්චර ගේමට යන් නෑ

රූන් පෙත්ත කැරකෙනවා //





11 comments:

  1. //(කුමාරයෙක් කිව්වට මොකෝ මෑන් සීයා කෙනෙක් නේ .)//

    සීයා එන්නේ ආච්චිත් එක්කලුද? :)

    ReplyDelete
    Replies
    1. ආච්චි එක්ක තමා එන්නෙ.
      අනර් කෙලිලගෙන් සියාව බේරගන්න.

      Delete
    2. ඔව් ඔව් ...අනේ ඉතින් ආච්චි නම් ...

      අනේ මන්දා මගේ යාලුවෙක් නම් කට කැඩිච්ච කතාවක් කිව්වා අර ලංකාවේ වෙච්ච අලුත්ම ප්ලාස්ටික් සැත්කම ගැන අහලයි එය තකහනියක්ම එන්න ලැස්ති උනේ කියලා

      මොකද හිතන්නේ සින්දුව ගැන ?

      Delete
  2. ටොප් සින්දුව........කාවවත් දාලා ගායනා කරන්න බැරිද? උඹ ඔය කියන නාකී සීයා මම දන්නවා. මණුස්සයෙක් හැටියට කියනවා නම් අගය කරන්න පුළුවන් ගති ගුණ තියෙනවා. ඇත්තට කියන්නේ.

    ReplyDelete
    Replies
    1. සින්දුව කියන්න කෙනෙක් හොයා ගන්න තමයි අමාරු.

      ඔව් ඒ මනුස්සයා මනුස්සයෙක් හැටියට හොදයි කියලා මමත් අහල තියෙනවා. ඒ ගැන කියවමු ඔබේ අඩවියේ

      Delete
  3. සාටකයක් දැකපු සැනේ
    ජාතික ආලෙන් හර්දය පිරී යන්නේ නෑ
    චන්ඩි කථා වලට එච්චර චූන් වෙන්නේ නෑ//
    චූන් වෙන උදවිය ඉන්නව

    ReplyDelete
    Replies
    1. හුලන් වැදුනත් චුන් වෙන කට්ටියත් ඉන්නවා

      Delete
  4. සින්දුවට වඩා උඩ ලිවිල්ල රහයි මට නම්...

    මේක නම් විකාරයක්... උන් ආයෙත් පදිංචියටම එනවනම් අවුලක් නෑ... ඒත් මේ අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමි පුත්තු නටන නාඩගම් දැක්කම, පස්ස පැත්තෙන් හිනා යනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      පස්ස පැත්තෙන් හිනා.. මලබද්දයට ගුණයි.

      ඒකනේ කට්ටිය කියන්නේ මේ සමුළුව සියලු ප්‍රශ්න විසදනවා කියලා

      Delete
  5. ඉඳලා හිටලා හරි මිනිස්සුන්ට ටිකක් ආශ්‍රර්චයේ තරම පෙන්වන්න මොකක් හරි එකක් හදාගන්නත් එපැයි. අපිට මේවා විහිළුවුනාට නයිටීඑන්, පචවාහිණි බලන ලේක් හවුස් ප්‍රමුඛ පත්තර කියවන අයට එහෙම මේවා සැබෑ ආස්චර්යලුනේ.
    මට නම් සින්දුව මරු.

    ReplyDelete

Have commented