19 October 2013

ඉගිලෙන්න අමතක වීම // forgetting to fly

(ඔක්කොම ඉවර උනාට පස්සේ මමයි , මගේ හිතයි දොඩමළු උනා )

ඌ ඉගිල්ලිලා ගියා නේද ?

හ්ම්

රන් කූඩූවේ  දාලා , රස ආහාර කවලා ..අහල නැද්ද ?

ඒ උනාට කපුටෝ කොටලා බිම වැටිලා ඉඳිද්දී , ගෙනත් තුවාලවලට බෙහෙත් දැම්මේ මම . අත්තටු පණ  එනකන් කූඩුවේ  ආරක්ෂාව ඕනේ උනා ..උඹ නෑ  කියනවද ..

කොහෙක් ව කුඩුවේ ඇති කරන්න බෑ ...මම උඹට කොච්චර කිව්වද 

උඹ කියන දේවල් සමහර වෙලාවට මම පිළිගන්න කැමති නෑ , උඹම දන්නවා ඒ බව

හ්ම්.  උඹ කරපු දේ හරි . you did the right thing ..හැබැයි 

හැබැයි?

සාත්තුව වෙලාවට නවත්තන්න ඕනේ ..වෙලාවට උන්ට යන්න දෙන්න ඕනේ පියාඹලා ..නැත්නම් they forget how to fly උන්ට ඉගිලෙන්න අමතක වෙනවා ....

හ්ම්ම් ......

(වතුර වීදුරුවකට , තීන්ත පෑනේ  තුඩ දමා මවන රටා  මෙන් පැතිරේ නිහඬතාවය...)

මොකද උඹ සද්ද නැත්තේ ...මොකක්ද උඹ දැන් ඔය අමුණන , හිතුවිලි මාලය

සමන්තිකා ...

ඔව් මොකද එකී ට වෙලා තියෙන්නේ

එකිගේත් පිහාටු වල තුවාල හොඳ වෙලා ............




පලි :
පාදක උන ඇත්තම කතාව නම් ...අපි පුංචි කාලේ කපුටෝ  කොටලා බිම වැටිච්ච කොහා පැටියෙක් බේරා ගත්තෙමු ... ඌට ලාවුලු කෙසෙල් කවමින් මාස කීපයක් ඇතිකලෙමු . ඇත්තට කියනවානම් ඌට ඉගිලෙන්නටත් පුරුදු කරන්නට උත්සාහ කළෙමු . දිනක් අපි ඌව නිදහස්  කළෙමු ...පේර ගහට ඉගිලී ගිය ඌ අපි දිහා බලා ඉඳ , තාප්පය උඩට ඉගිලුනේය ....පැනපු ගමන් ...කිටීගේ  දඩයම සාර්ථක විය

නිදහස ආකර්ශනීයයි ..එහෙත් විටෙක මරු කැඳවයි

ps:

When  I was about 10 years old we found a Koha chick pecked almost to death by the adopted parents . We took it home and raised it. After many kilo's of fruit and 2 months later he was all grown up.

Freeing it was the right thing to do ...It flew to the Guava tree , then on to the parapet wall , to end it's new found freedom as yet another trophy for the greatest hunter of our backyard ...Kitty , the cat .

Freedom is attractive , yet deadly



6 comments:

  1. ඕවගේ දෙයක් වුනාම මොනවා කියලද හිත හදාගන්නේ?
    මම මේ තවම කල්පනා කරනවා...

    ReplyDelete
    Replies
    1. මල්ලිගෙයි මගෙයි ලමා මනස් වල කම්පනයක් ඇති කලා ඒ සිද්ධිය.

      නිසි කලට යන්න දෙන්න ඕනේ. අත හරින්න ඕනේ ජීවිතයේ හැම දෙයක්ම. එහෙම නේද?

      Delete
  2. අත අරින්න ඕනේ තමයි. ඒත් අපි ආදරේ කරන දේවල් ගැන තවම එහෙම හිතන්න බෑ අපිට

    ReplyDelete
    Replies
    1. පෘතගඥාන අපි ...

      Delete
  3. හොඳම වැඩේ තදින් අල්ලගන්නේ නැති එක. එතකොට අත් අරින්ට අමාරු නැති වෙයි.
    දැන් සමන්තිකාට ඉගිලිලා යන්ට දෙන්ටද හදන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත පො කු, ඒත් කල් ගත්වෙත්දි මුල් දුවනවනේ...
      සමන්තිකාට යන්න දෙන්න කියලා තමයි හිත නම් කියන්නේ

      Delete

Have commented