31 October 2013

SORRY තමයි


වැඩිහිටියන්ට වඳින්න , වැඩිහිටියෙක් දුටුවිට අසුනින් නැගිටින්න වගේ පොඩි කාලේ කියලා දෙන ගොඩේ සිරිත් විරිත් ටික කාලෙකින් පුරුද්දෙන් හැලුනත්.... excuse me , sorry , please කීම , කෝප්පයේ අඩියේ manners ටිකක් ඉතිරි කිරීම වගේ පොෂ් ඒවා නම්, පාවිච්චි කලා නොකලා , හිත්  වල ලියවී තියෙනවා  

වරදක් උනොත් එයට සමාව ඉල්ලීමත්  , පොඩි කාලෙම උගන්වන දෙයක් නේ . ඒත්  සමාව ඉල්ලිමේත් නෙක ක්‍රම තියෙනවා  .  විස්තරේ දිගට නොලියා , පොඩි කතා තුනක් ලියන්නම් පසු සටහනුත් එක්ක 


සොරි සිරි 

පලවෙනි කතාව ඉස්සර මා සේවය කල කාර්යාලයේ සිටි කා කා ස කෙනෙක් ගැන , යන්තන් බඩට ඇන්නොත් කිචි කැවෙන  , එවිට සම්භාව්‍ය  වදන් මුවින් නිරායාසයෙන් පිට වෙන ඔහුට ම අපි කියමු සිරි කියා .

ඔහුට තිබුන පුරුද්දක් නිකරුනේ sorry කියවෙන . හැමදාම වගේ ඇසුණු දෙබස් ඇසුරෙන් මෙහෙම තව දුරටත් විස්තර කරන්නම් 
අපි හිතමු  සිරි යනවා කියලා ඡයා පිටපතක් ගන්න (ඒ කිව්වේ ෆොටෝ කොපියක් ගහන්න ). ඉස්සරහට හම්බු වෙනවා රොෂෙල් මිස් . මුණ පාට කරලා , යටට ඇඳලා  කොටට , උඩට ඇඳලා  තදට .(මේවා දැකලා  අපි කොහොමද නිවන් දකින්නේ ?) 

ඔන්න සිරි පටන් ගන්නවා  

sorry මිස් ෆොටෝ කොපියක් ගහන්න ආවේ 

හරි සිරි ගන්න 
 ( පියන ඇර  මුල් පිටපත විදුරුව මත තබා , වසන්නට යත්ම පියන අත  හරි දඩස් ගා හඬ නගමින් පතිත වේ .)
sorry ( ෆොටෝ කොපි යන්ත්‍රයට )
(පිටපත් මුද්‍රණය වෙන කන් ඔහු හොරෙන් රොෂෙල් මිස් ගේ නිරාවරන වූ කලවා  දෙස බලන්නට ගොස් , ඇගේ  නෙත ගැටේ . අතේ මාට්ටුය  )

sorry මිස් , ලාල් නිවාඩු ද  

I don't know සිරි 

පිටපත් ගෙන අවසානයේ ඔහු යන්නට සැරසේ 
sorry මිස් මම ගිහින් එන්නම් 
සිරි මම කියලා තියෙනවනේ හැම තිස්සෙම sorry කියන්න එපා කියලා 
sorry මිස් 
(ඔහු කලබලේට පුටුවක හැපෙයි)
 (පුටුව දෙසට හරි )
sorry

රොෂෙල් මිස් සිනාසේ 

ඉස්සර අපේ දෝනිට , අගේ මව හැම විටම කියලා දෙනවා sorry කියන්න , please කියන්න (අපි වගේ නෙමෙයි , පොඩි එවුන් අපිට වඩා පොෂ් වෙන්න එපා යැ ). එතකොට මට මතකෙට එනවා සිරි ව .

(එකෙත් හැටි ඉස්සර එහෙම කරපු අපි , දැන් උනන්දු වෙන්නේ සිංහල සිරිත් උගන්වන්න ).

දැන් නම් අපේ ගෙදර එහෙම manners  උගන්වන වයසේ කවුරුත් නෑ  . ඒත්  කොහේදී හරි පොඩි එකෙකුට sorry කියන්න කියනවා ඇහුණාම , හිතේ කොනක ඉඳන් සිරි අහිංසක විදියට හිනා වෙනවා .




හොරාට  කලින් කැන 

දවසක් මගේ බොස් මාව  කාමරයට කතා කරලා මෙහෙම කියනවා
“ I am sorry for what I am going to say to you  …”
මෙන්න බොලේ මේ මනුස්සයා සමාව ඉල්ලනවා කරන්න යන වරදකට .

වැරදි , ඒ කියන්නේ වැරදිලා වෙන දේවල් වලට එහෙම කලින් සමාව ඉල්ලන්න පුලුවන්ද ?
එහෙම නම් නොකර ඉන්න එකනේ තියෙන්නේ . නොකළ වරදකට සමාව ඉල්ලීම කෙතරම් logicalද ? 


ඊලඟ   කතාවට පෙර අපි මියුරු ගීතයක් රස විඳිමු . ඔබේ දයාබර ගායක (නෑ  නෑ  ඒ  දයා නෙමෙයි ) දන්චන ආරච්චිලියන ගයන මේ ගීතයට එක් වන්නේ කාංචනා නිවැරදි , රිකිල්ලගස්කඩින් 


නැවතත් කතාවට 

වරදක් කලත් 

මේක නම මට ඇහුනේ රුපවාහිනි නාලිකාවක දේශපාලන සාකච්චාවක (ඔය තියෙන්නේ අකුරු තුනේ හතරේ ඒවා වැහි වැහැල ). මේ අයුරින්ම නොවුනත් , අදහස නම් මෙයමයි 

"....පසු ගිය කාලේ අපේ පක්ෂයෙන් සුළු සුළු වැරදි වුනා . සුළු සුළු මිනි මැරුම් , සුළු අපයෝජන , සුළු සුළු දුෂණ . අපි ඒ වෙනුවෙන් සමාව ඉල්ලා සිටිනවා ..හැබැයි මම කියන්න ඕනේ මේ වගේ දේවල් හෙටත් කා අතිනුත් වෙන්න පුළුවන් ...."

මට එක පාරටම මතක් උනේ , දවසක් 
කික් කික් කික් කික් ගාගෙන නොනවත්වා නලාව නාද කරමින් පිටිපස්සෙන් ආපු ත්‍රී  විලරය , රුං  ගා ගෙන මා රිය පසු කලේ වෙට්ටුවකුත් දමා ගෙන .
එහි රියදුරු මහතා හිස එලියට දමා ඉතා කාරුණික වදනින් මා මෑණියන් ගේ ගුණ සිහි කලා . ඉගිලී යන ත්‍රි රෝද රථයේ පිටුපස ලිය තිබුනා මෙහෙම 

"වරදක් කලත් හිතකින් නොවේ "

17 comments:

  1. Replies
    1. අර හෙන්රි යටින් කිව්වා වගේ it's ok

      Delete
  2. පමණ ඉක්මවා ඕනෙම වචනයක් පාවිච්චි කිරීම නම් අවුල් තමයි. නමුත් සොරි නොකියාම හිටියොත් ඒක ඊට වැඩිය අවුල් කියලා මට හිතෙන්නේ.

    ඔන්න අපිත් එක්ක ඉන්නවා ඉන්දියානුවෙක්. ඒකා ඕනෙම @#$%ට It's okay කියනවා.

    අනිත් කෙනෙකු අතින් ඒකාට වරදක් වුනාම එහෙම කියනවා විතරක් නෙවෙයි ඒකාගෙන් අනිත් කෙනෙකුට වරදක් වුනාමත් ඒකා ඒකම කියනවනේ

    ReplyDelete
    Replies
    1. ඔබේ යාලුවාට ගුටි කන යෝගයක් නුදුරින් යයි සිතේ.
      සිරි නම් විවාහ වෙලා ඇවිත් කේක් කෑල්ල දුන්නෙත් sorry කියලා

      Delete
  3. //වැඩිහිටියන්ට වඳින්න , වැඩිහිටියෙක් දුටුවිට අසුනින් නැගිටින්න වගේ පොඩි කාලේ කියලා දෙන ගොඩේ සිරිත් විරිත් ටික කාලෙකින් පුරුද්දෙන් හැලුනත්//

    ඇයි වැඩිහිටියෙක් දැක්කාම පුටුව උඩ තියෙන කකුල් බිම දාන එක?

    අත්තම්මා කියන්නේ, 'පොඩ්ඩියේ ගෑනු ලමයි කකුල් උඩ ගාගෙන ඉඳගෙන ඉන්නේ නෑ'

    SORRY.....:D

    ReplyDelete
    Replies
    1. 'උඩ ගාගෙන' නෙමේ. උඩ දාගෙන...sorry :(

      Delete
    2. :) ගැනු ලමයෙක් වුනාම නම් කොච්චර නම් සිරිත් තියෙනවාද.
      සිනා නොමවෙන් දසන් දක්වා සිට දහපදුරාව තෙක්.
      අපේ ගෙදරත් මේ දවස්වල නිතරම ඉගැන්වෙන පාඩමක් තමයි ඔය නිසි පරිදි අසුන් ගැනීම

      Delete
  4. සිරි නං නියමයි බං.

    ReplyDelete
    Replies
    1. තැන්ක් යු කිව්වා

      Delete
  5. මේ කතාවට අතාල කතන්දර කීපයක්ම මා ලියා තියෙනවා.

    ඔබ්වියස් ඒවා කෙසේ වෙතත් අපේ සමහරු පුටුවලට සාරි අන්දවා තිබන හැටි දැක ඇති නිසා පුටුවක හැප්පුනාම සොරි කීමේ පුදුමයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.කකා ඒ සාරි කතාව නම් එච්චර තේරුනේ නෑ

      Delete
    2. දැන් නේ තේරුනේ

      Delete
  6. අම්මට සිරි ....මට මතකඊ ඔය සිරි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. ඇයි රොසෙල් මිස් මතක නැද්ද?

      Delete
  7. මමත් නිතර සොරි විතරක් නෙමෙයි ප්ලීස්, තෑන්ක්ස් කියන කෙනෙක්. (ඒත් පුටුවලට නම් කියන්නේ නෑ) බල්ලන්ට පූසන්ට නම් කියනවා.
    ඒක ලැජ්ජ වෙන්න ඕනේ හේතුවක් කියලා මට හිතෙන්නේ නෑ.

    ජාලියට මතක නැද්ද ඉස්සර පොතක් තිබුන ගෙදරදි කරන හොඳ වැඩ ලියාගෙන එන්න කියලා අපි පොඩි කාලේ. ඒ කාලේ මගේ වැඩේ මිනිසුන්ට බිම කකුල් තියා වඳින එක.(හොඳ වැඩක් ලියාගන්න එපැයි පොතේ) දැන් මම අන්තිමට කාට හරි වැඳලා ඇත්තේ අවුරුදු 20 කටත් එහා වෙන්න ඕනේ. ඔන්න අපේ හොඳ වැඩ ඒ කාලේ.

    ReplyDelete
    Replies
    1. මම කියන්න උත්සාහ කලේ සමාව ඉල්ලිමේ ක්‍රම. Over appologize in advance සහ political appologies

      මට මමතකයි එ පොත. මම නම් කලේ දුවලා ගිහින් බස් එකේ සිට් එකක් අල්ල ගෙන කවුරු හරි ආපුවාම නැගිටලා සීට් එක දීම

      Delete

Have commented