27 May 2013

පිස්සු ලාබයි episode 4- පිළි සදත් නළුවන් (Clothes maketh the man)

සියුම් සිතාර් වාදනයක් , සමග ඝන්ටාර නදක් ඇසේ . සුළඟට  ලෙලෙනා බෝ පත් තිරයේ දිස්වේ ..
ගැඹුරු හඬින්  , වචනයෙන් වචනයට ඩබල් ඉස්පෙස් හිස්තැන් තබමින් තාලයකට අයෙක් පාළි  ගාථාවක් ගායනය කරත් .
"ලාභෝ .........අලාභෝ...... අයසෝ....... යසෝච ........"

සවස හයේ සිට හත දක්වා , සමනළ  වර්ණ පිළියෙන් සැරසී  කොන්දේ දෙකරලට ගොතා , ගීත ඉල්ලීම් තීරය ඉදිරිපත් කරන හුරුබුහිටි යුවතිය , සුදු ඔසරියකින් සැරසී තිරයේ දිස්වේ.
පාලක මැදිරිය (හරි නංගි  3 2 1 , ඉන්ට්‍රෝ ....)
"ආයුබෝවන් , හැපී වෙසක් කියලා පිලිගන්නවා හැමෝවම ...ලාබය අලාබය අතර දෝලනය වන , පිස්සු ලාබයි වැඩ සටහන සමගයි ඔබ අදත් එක්  වන්නේ ..ඔබ බලනවා ඇති ඔබේ සුපුරුදු නිවේදක හසන්ත කෝ කියලා අද . ..ඔහු මේ දවස් වල සෞඛ්‍ය මය හේතුන් නිසා රාජකාරි කටයුතු වලින් මදක් බැහැර වෙලා ඉන්නේ .... ඔහු කියා සිටිනවා ඔබට , පොඩ්ඩක් හැංගිලා වගේ ඉන්න එක ඇඟට ගුණයි කියලා .....ඉතින් අද සිට ඔබේ ආදරණිය නිවේදිකාව මම ..... චන්චලා .."

(දත් සෙට් එක ඔච්චර පෙන්නන්න එපා ...)

මේ වෙසක් මාසය . මේ මාසයේ ගොඩක් , පින් අතේ ව්‍යාපාර දියත් වෙනවා ...තෝරන් , වෙසක් කාඩ් ව්‍යාපාර ...එතනින් ගිහාම දන්සැල් ...ඒ වගේ දේකට  සම්බන්ද කෙනෙක් තමයි අද අපිත් සමග පිළිසඳරට එක්  වන්නේ ....ඔහු නළුවෙක් , කවට නළුවෙක් , වෙළෙන්දෙක් , ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන එන වෙසක් නාට්‍ය කණ්ඩායමක හිමිකරුවෙක් .
ඔහු නමින් ක මු වාචාලපෙරුම මහත්මයා. මුළු නම කියනවානම් කවට මුදලිගේ වාචාලපෙරුම . අපි ඔබවත් හැපී වෙසක් කියලා පිලි ගන්නවා වැඩසටහනට .
සදහම් සිසිලෙන් ඔබවත් නැහැවෙවා චන්චලා 

අන්කල් මට මේ දවස් වල පොඩ්ඩක් හෙම්බිරිස්සාව ඒ නිසා නාන්න හොඳ නෑ  ..

(නංගි  ඔය මොනවද  කියවන්නේ ...නා ගන්න එපා පටන් ගත්ත ගමන්ම ..)

හරි අපි කතා බහට බහිමු . පොඩ්ඩක් විස්තර කරනවද ඔබේ ව්‍යාපාර ජීවිතේ පටන් ගත්ත හැටි ..

"මම පොඩි ගැටයා කාලේ , එක එක අයට  කඩේ ගිහින් තමයි ව්‍යාපාර ජීවිතේ පටන් ගත්තේ ...අපි ඒ කාලේ හරියට කම් කටොලු වින්දා චන්චලා නෝනේ ...ඊට පස්සේ කාලෙක මහාවංශය , චුල වංශය වගේ පරණ පුස් කාපු පොත් වලින් ගොටු හදලා විකුණුවා . එහෙම පොඩි තැනින් තමයි මම පටන් ගත්තේ 

එහෙම පොඩියට පටන් ගත්ත ඔබ අද  සාර්ථක සන්නාමයක , බ්‍රෑන්ඩ් එකක අයිති කරුවෙක් . අපි කතා කරමු අද ඔබේ වෙසක් නාට්‍ය කණ්ඩායම ගැන .

පුරා වසර ගණනාවක් තිස්සේ අපි වෙසක් නාට්‍ය පෙන්නනවා . විහාර මහා දෙවි පෙන්නලා තමයි අපි පටන් ගත්තේ . ඊට පස්සේ පෙන්නුවේ ධර්මිෂ්ට සමාජයක් කියලා ධර්මාශෝක රජ්ජුරුවෝ ගැන නාට්‍යක් , එක අවුරුදු දා හතක්  පෙන්නුවා .

දැන් අපි වසර ගණනාවක් තිස්සේ පෙන්වන්නේ මහින්දාගමනය 

අපිට ආරංචි උනා ඔබ මේ නාට්‍ය වල කොස්ටියුම් සඳහා පාවිච්චි කරන්නේ ටිකක් විශේෂ ක්‍රමයකට සකස් කරන ලද කොස්ටියුම්ස් කියලා 

(ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්න එපා ..බර සිංහල වචන පාවිච්චි කරන්න ...මේ රස නැති ගී නෙමෙයි )

අනේ සොරි 

(ඔන්  ලයිව්,   ඔන්  ලයිව් )

මොකක් කිව්වා 

නෑ  නෑ ඔබේ විස්තරය ඉදිරිපත් කරන්න 

විපක්ෂිත බැල්මකින් පසු ඔහු නැවතත් කතාව පටන් ගනී 

ඔව් අපි පාවිච්චි කරන්නේ මට පරණ ගුරුන්නාන්සේ කෙනෙක් ජප කරලා දුන්න ඇඳුම් ආයිත්තම් කීපයක් . ඒ වයේ විශේෂත්වය තමයි ඒ ඇඳුම් දා ගත්තම නිකන්ම වගේ චරිතයට පිවිසෙනවා , දෙබස් නිකන්ම කියවෙනවා ..

නෑ  , අනේ කෝ පෙන්නන්නකො ....අනේ සොරි ..අපිට දර්ශනය කරන සේක්වා 

මේ මුල්ම කට්ටලය දුටු ගැමුණු ගේ 

කෝ අපිට දුටු ගැමුණුගේ කට්ටලයේ සමීප රූපයක් ලබා දෙන සේක්වා 

(නංගි කමක් නෑ පුරුදු විදියට කතා කරන්න )

මේක ඇඳ  ගත්තම , යුද්ද කරන්නමයි හිත යන්නේ ....ගස් බඳින්න , කොස් කොටන්න නැත්නම් නිකන් කාගේ හරි  කනට හරි ගහන්න   හිතෙනවා , දෙබස් ඉබේ කියවෙනවා

හරි හරි මට මතකයි අර කැලණිය පැත්තේ පෙන්නුවා නේද ඕක ඇඳන් විදී නාට්‍යක් ඩෙංගු මර්දනය පිළිබඳව 

නංගිටත් මතකයි නේද. මේක ඇන්දම  දේශාභිමානය ඔද වැඩෙනවා . මේ බලන්න මේක අල්ලන් ඉන්න ටිකට මගේ ඇඟේ  මයිල් ජාතිආලයෙන් කෙලින්  වෙනවා 

(අම්මට උඩු දැන් නංගි වෙලා )


චීයා අන්කල් 

නෑ නෑ  මම කිව්වේ මේ අතේ ..ඔය කොහෙද ඔය බම්බුව මාන්නන්නේ ...

(වැඩේ චෝර කරන්නේ නැතුව දිගටම ඉන්තෙර්විඑව් එක ගෙනියන්න )

මේ දෙවැනි ඇඳුම් කට්ටලය මොකක්ද  කියන්න 

මේක නම් අන්දරේ ගේ ෂෙට් එක . මේක අන්ද ගත්තම අන්දරේ වගේ දෙමුඛයෙන් හිනා යන උසුළු විසුළු මතක් වෙනවා . නිතර නිතර දියවන්නනාව පැත්තේ සංදර්ශනවලට , පොඩි පොඩි  ඉස්කිට් කරන්න මේක කට්ටිය කුලියට ගන්නවා .

 පුරසාරමකට නෙමෙයි , අර මහා එසෙඩ් ඉස්කෝ හටන නාට්‍යයේ බන්දු  ,  එතකොට සිරි ගූ ගල් නාට්‍යයේ පංචායුධ කුමාරයාගේ චරිතය රඟපාපු නිමලේ ,  වගේම  අලි කලබලය නාට්‍යයේ සුජිත් පවා ඇන්දේ මේක තමා .

ශා , අර අන්තිම එක නිකන් අර අපේ ... එයාගේ  අර තුවාය වගේ නේ ...

තුවාය නෙමෙයි චන්චි , සාටකය .  මේක කරේ දා ගත්තම පොඩි එකෙක් පෙන්න බෑ වඩාගන්න හිතෙනවා , කම්මුල මිරිකන්න හිතෙනවා .  නිකන් ඉන්නකොට හැම තැනම තමන්ගේ නම ලියන්න හිතෙනවා .අනික මේක ඇඳගෙන , රෙදි පෙන්නපුවම , ගොඩක් මිනිස්සු ඒවා කපලා මහල ඇඳගෙන තමන්ම රඟපාන්න ගන්නවා 

(ටයිම්ස් අප්.  ඉවර කරන්න. අර ලියාගෙන ආවා කිව්වා එන්ඩින් එක කියවන්න  )

අපිට ලැබී ඇති කාලය අවසානයි ඒ නිසා අපේ කතා බහ මෙතනින් නිමා කරනවා . අපිත් සමග එක්වූ වාචලපෙරුම මහත්මයාටත් , ප්‍රේක්ෂක ඔබටත් නිවන් සුව 

(හැ හඃ )

25 May 2013

හැපී වෙසක් සහ තවත් කථා


ඉස්සර පොඩි කාලේ දිගට දිගට රැලි කපලා අට පට්ටම වටේට අලවලා කළුවර වැටෙනකන් බලාගෙන ඉන්නවා ලයිට් පත්තු කරන්න .
හැම අවුරුද්දෙම වෙසක් දා හවසට වහිනවා ,  ඒත් අපි හැම දාම බලාගෙන ඉන්නවා කළුවර වැටෙනකන් .

__________________________________________________________
අත්තම්මා සිල් පවාරණය කරලා ගෙදර ඇවිත් , මල් පැලේ  පහන පත්තු කරලා බුදුන් වදින්න .
ඒත්  අත්තම්මට බුදුන් වදින්න විදියක් නෑ .
වෙනදට මල් පැලේ  , පහන් එළියෙන් යන්තමට පෙනුණු බුදු හාමුදුරුවන්ව අපි කඩුල්ල එළියේ අටවපු පුංචි තොරන් රාජයා මැදට වැඩම්මවලා . පුංචි රුපියල් පහේ මෝටරේකට හයි කරපු බුදුරැස් මාලාවකුත් කරකැවෙනවා වටේට .

___________________________________________________________
"මේ අසන්නන්ගේ ඉල්ලීම් තීරයයි . අද වෙසක් දා මුල්ම පැතුම ගාල්ලේ සුදු පුතුට . ඔහුට සුබ වෙසක් මංගල්ලයක් පතන්නේ හන්තානේ නැන්දා . අනුරාපුරේ ලකී බාප්පා , කුමි පුංචි සහ ගම්පහ ලොකු මාමා , නැන්දා  සහ ලලනි නංගි .
මෙන්න ඉල්ලු ගීතය "තනිවයි උපන්නේ , තනිවයි මැරෙන්නේ ..."
___________________________________________________________

ලංකාවේ කට්ටිය සංවිධානය කරන වෙසක් උළෙලට ආරාධනාවක් ඇවිල්ලා . උදේ සීල ව්‍යාපාරය , බණ .
හවස දන්සලටවත් එන්න . එහෙමයි තිබ්බේ . බලන්න ඕනේ .
හැබැයි ඉතින් කොච්චියේ ගිහින් ටැක්සියකත් යන්න වෙයි . ඒ ගානෙන් කොච්චර වෙන දේවල් කරන්න පුලුවන්ද

___________________________________________________________
උදේම කෙටි පණිවුඩයක් ඇවිල්ලා , දුරකථනය නද දෙයි .
"Happy Wesak to you all"......


පලි 
මේවා නිකම් හිතේ ඇතිවුන නිසා ලියවුනු දේ . අපහාසයක් නැත . ඇත්නම් උපහාසයක් පමණි .ඒ දවස් වල වෙසක් මතකයන් තුල සැඟවී , රසයක් විඳිනට තනන මා බින් පනුවෙකු වැනියි විටෙක සිතේ .
නමුත් ඒ මතකයන් ගෙනෙන , සුවඳ ට මම පෙම් කරමි .
මේ දවස් වල නම් ඉතින් Happy Wesak නේ 

23 May 2013

Not falling asleep. නිදි නැත

I,
Who slept through
many a storms
through whiplash of thunder
long drawn electric lines
in the northern sky,
Am woken.
by a silent sigh .
to see
 a lone tear droplet,
drawn  line,
from the edge an eye ,
to a blotch on the pillow

PS : Adopted from a true story 



ලොවම දෙදරන ගෝරනාඩුව
අහසක් පුරා ඇදි විදුලි රේඛා
මැද නිදි ගත්,
මම,
තිගැස්සි අවදි විමි.
නිහඬ ඉකියක හඬින්.
දැක්මට 
ඉරක් කොපුල මත ඇඳි 
නෙත් කොනක සිට
කොට්ටයේ කඳුලු පැල්ලමකට


පලි : සත්‍ය කතාවක් ඇසුරෙනි 



17 May 2013

ජීවිතය හරහා දිවීම || Very long distance running


හිමිදිරියේ නගරසභා පිට්ටනියට යන්නට ගත්තේ කොයි කාලේදී දැයි මට හරියටම මතකයක් නැත .
ගැටවර වියේ දිනෙක පටන් ගෙන
, වසර ගණනාවක් කිඳා  බැඳී පුරුද්දක් විය .
ඒ අනුව බලන කල මා  රංජි අයියා මුලින්ම අදුන ගත්තේ අවුරුදු විස්සකටත් එහා පැත්තේ දවසක විය යුතුය . ඒ  කාල වකවානු හරියට මතක නැතත් පිට්ටනියේ වට දෙකක් මා අමාරුවෙන් දුවන කල , ඔහු මා කිහිප විටක් පසුකර දිව ගියේ , කෙටි හුවක් තබමින් බව නම් හොඳට මතකය ... 

"මම  තව  timing  පොඩ්ඩක් දියුණු කර ගන්න ඕනේ දිස්ත්‍රික්ක level එකට යන්න "
අපේ හඳුනා ගැනීමේ සාමිචියේදී ඔහු ගේ බලාපොරොත්තු හෙළි කළේය
  .

හැම දාම නැතත් , බොහෝ දින වල උදේ පාන්දර පිට්ටනියට යෑම එකල මා දින චරියාවට එක්විය . ඒ යන හැම දිනම රංජි අයියා පිට්ටනියේ සිටියේය .

" ඊයේ මොකද ආවේ නැත්තේ "
" වැස්සනේ උදේ  අයියේ "
" පොඩ්ඩක් පොදයක් ගැහුවා තමයි , හැබැයි ප්‍රශ්නයක් නෑ දුවන්න . මම නම් practice කළා "
 _____________________________________________________________________

Commitment is absolutely necessary in long distance running. Commitment towards your dream l, commitment towards practice , commitment towards development will take you closer to your dream win.
 ____________________________________________________________________
පාට වියකුණු කොට කලිසම , ලා කහ පාට "ඇස්ට්‍රා මාගරින් මැරතන් " බැනියම , පදම්  වූ කැන්වස් සපත්තු කුට්ටමින් සැරසී  , වටේට වටේට කිසිදු නවතිමක නොදැක දුවන ඔරලෝසු මුනතේ තත්පර කට්ට මෙන් නගරසභා පිට්ටනියේ වාමාවර්තව , සෑම  උදේයකම ඔහු දිව්වේය  .

හැම දා පුහුණු වුවද , ඔහු තරඟයකට සහභාගි වුයේ ඉඳ හිටය . වරක්  දිස්ත්‍රික්ක මට්ටමේ තරඟයෙකින් දෙවෙනි තැන දිනා ගත්තේය .
" ක්‍රීඩා අමාත්‍යංශයේ මහත්තයෙක් කතා කළා . තව පොඩ්ඩක් timing  හදා ගත්තොත් , සමස්ත ලංකා සංචිතයට යන්න පුළුවන් කිව්වා "
"ශා ඊට පස්සේ රංජි අයියව කොහේ අල්ලන්නද " .
ඔහු අහිංසක හිනාවක් පෑ වේය .
 _____________________________________________________________________

Practice makes one perfect. Practice first becomes a necessary burden , then turns in to an involuntary habit .  Ultimately it becomes an addiction . Such level is required for success as a long distance runner.

_____________________________________________________________________

කාලය ගත වී , ජීවිතයේ බර වැඩිවෙත්ම උදැසන ව්‍යායාම පුරුද්ද මා ගෙන් දුරස් විය . එනමුදු , උදැසන පාන් ගෙඩියක් ගන්නට , ඉරිදා පත්තරේ ගන්නට හන්දියට යන මට දිනෙක  පිට්ටනියේ සිට ආපහු එන ඔහු හමු විය .
"ප්‍රැක්ටිස් ගියා මහත්තයෝ ..." ඔහු සුපුරුදු අහිංසක ලෙස කිවේය .

"ලඟදි රේස් එකක් එහෙම  දිව්වේ නැත්ද ?"
"බලන්නකෝ පත්තරේ ", ඔහු කිවේ මහත් ආඩම්බරයෙනි.
මම ක්‍රීඩා පිටුව පෙරලුවෙමි .
ඔහු පිටුවේ කොනකට වෙන්නට ඇති කුඩා ලිපියකට ඇඟිල්ල දිගු කලේය
"
මේ තියෙන්නේ මහත්තයෝ, ශ්‍රී ලංකා වෙටරන්ස්  ටීම් එකේ මගේ නම ලබන මාසේ දිල්ලි යනවා ...හැබැයි ටිකට් සල්ලි අපි හොයා ගන්න ඕනේ ." 

_____________________________________________________________

Success of long distance running is not measured by a single win , but by considering all the triumphs. Every little win contributes towards keeping the runner going for longer .
A long distance race or  a marathon has not only one winner . Every runner could become a winner, if they achieve their dream . Therefore in a way each runner is running their own race .
___________________________________________________________________
 ජිවිතයේ බර සිරුරේ තැන්පත් වී  , දොස්තර මහතා රතු සීනු හැ ඬ වූ පසු මම දැන් නැවතත් උදේ පිට්ටනියට යමි.  බොහොම අමාරුවෙන් වටයක් දෙකක් ඇවිදින මා , සිරුරේ බර අඩුවීම කෙසේවෙතත් , සිත සනසා ගැනීමේ ව්‍යායාමයක  නිරතවෙමි .

රංජි අයියා තවමත් පිට්ටනිය වටේ දුවන්නේය . එහෙත් තනියම නොවේ .
"මේ මගේ පුතා මහත්තයෝ , මීටර අට සීය  සමස්ත ලංකා දෙවෙනි තැන  .  සාක් යන්න පුළුවන් මහත්තයෝ පොඩ්ඩක් timing හදා ගත්තොත් .  අපි ඉතින් ඉගනගත්ත දේ කවුරු හරි අපෙන් පස්සේ ගෙනියන්නත් එපායෑ . "
 "එතකොට රංජි අයියා දැන්  coach "

" ඔව් මම දැන් , මෙයාගේ සහයට, සයිඩ් එකෙන් දුවනවා "

 ____________________________________________________________________________

Although not apparent at first , long distance running is a team sport. There are packs of runners running together, supporting each other . Only one can win and they know it. Sometimes you can see senior runners running side by side with the talented young runners , supporting motivating and helping them . Therefore a long distance runner's role changes through time . from a potential race winner to supporting runner.

____________________________________________________________________

පලි 
අපි සැවොම මුලින් අපේ රේස් එක දුවන්නෙමු . ඉර හඳ අල්ලන්නට සිහින මවන්නෙමු .වාසනාවන්තයෝ දින්නනොය , බොහොමයක් අපි  මගදී හැලෙන්නෙමු . 
දිනෙක අපි ඒ යථාර්තය තේරුම් ගත යුතුය . 
ඉන් පසු අපේ දරුවන් ගේ රේස් එකට සහය දෙන්නෙමු . සහයට දුවන්නෙමු .ඔවුන් දිරි ගන්වන්නෙමු . දුර දිවීම මෙන්ම , ජීවිතයද කණ්ඩායම් ක්‍රීඩාවකි .
මේ මාගේ සිතේ මේ දිනවල රජයන අදහසකි ...බොහෝදෙනෙකුට වාගේම මා සිත තුලත්  ඉර හඳ ඇල්ලීමේ හීන තවමත් තෙරපෙයි . එකකට පස්සේ තවෙකක් මේ බලාපොරොතතු බිඳ වැටෙන විට , සිතද පුපුරා යනවා මෙන් දැනේ . ඇතැම් විට සහය දුවන්නා ගේ භූමිකාවට පිවිසීමට කාලයදෝ මට සිතේ 


12 May 2013

දුක වැඩියෙන් ඇති එක බඹ ලෝකෙකි ....A mother's world

රැල්ලේ අතට ඔරුව පදිනවා නෙමෙයි . ඒත් මේ වගේ දවස් වල හිත් පිරෙන්න ගන්නවා . එක මට්ටමකින් පස්සේ වාන්  අරින්න වෙනවා , නැත්නම් පිටාර  ගලන්නේ වෙන ඉසව් වලින්.
ඉතින්  කෙටි සටහන් කීපයක්....


දිනේ පටන් මා උපන්න ...
ඔබ විඳි දුක් බෑ කියන්න ...
එහෙම හඬ නගා කියලා කකුල් දෙක අල්ලලා හවසට වඳිනකොට , හැම දාම ඇගේ ඇහේ කොනින් හීනියට කඳුලක් මතු වුනා . ඒ දවස් වල මට තිබ්බ ලොකුම ගැටලුව , ආතම්මාට වදින්න ගාථාවක් නැති වීම .

__________________________________________________________________
දවල්ට , අනා , පත්තරකොලෙකට පිළිකන්නේ තැබූ , ආතම්මාගේ කරුණාවේ ඉඳුල් පිඩේ සුවඳ දිගේ විත් . අපේ ගෙදර පදිංචි වූ කිටී පැටැව් දැම්මේ දවස් තුනකට කලින් , පැටැව් තුනයි . එකෙක් මලා . ඉතුරු දෙකයි . එකෙක්ට කකුල් තුනයි .
කිටී  ආදරෙන් උගේ මුළු ඇඟම ලෙවකා , ඌව ලං කර ගන්නවා කිරි පිරිච්ච බුරුලට . 

ඌගේ හිතෙත් ඇවිලෙවී ගිනි , ජීවිත කාලෙකට , හැම අම්මා කෙනෙක්ගේ වාගේම.
 අත්තම්මා දිගු සුසුමක් හෙලුවාය

(පරණ දින පොතක සටහනක් ඇසුරෙන්)
___________________________________________________________________
මුහුදු ගානක් දුරින් හින්දා , කතා බහ අපේ දැන් සතියකට සැරයයි , දෙකයි .  හැම දාම එකම වෙලාවට කතා කලත් .."අම්මේ" කියලා කිව්ව ගමන් ඇය පුරුද්දට වගේ කියන්නේ "මම ඒත් බැලුවේ ඇයි  අද පරක්කු කියලා .." කියලා.
  වට පිට අලුත් ආරංචි කියලා , දුව ගැන,  ගෙදර විස්තර අහලා ..හෙමින් සැරේ අහනවා ඇය "පුතාලා  දවල්ට කාලද ?"

__________________________________________________________________
අපි අවුරුදු හයකට කලින් මේ ගෙදරට ආපු දවස් වල , මුලින්ම අපිත් එක්ක හිනා වුනේ ඇය . නම දන්නේ නැති හින්දා අපි ඇයට නමක් තිබ්බා Mrs Lily white.

වයස හරියටම දන්නේ නැති උනත් , හැත්තාවට එහා පැත්තේ ඇති, අපි දෙන්න කතා උනා දවසක්.
විදුලි සෝපානයේදී හම්බු උනාම පොඩි එකී ගේ ඔලුව ආදරෙන් අත ගාලා මොනවදෝ කියනවා ඇගේ බාසාවෙන් . තේරුනේ නැති උනාට අපි හිතා ගන්නවා එහි තේරුම .

 දැන් දැන් ඇයට සනීප නෑ ( වගේ ). ඇදිලා ගිහිල්ලා , ඇවිදින්නෙත් අමාරුවෙන් කකුල ඇද  ඇද . 
"How are you ?" කියලා පහුගිය දවසක ඇහුවමත් ඇය ඔහේ හිනා වුනා ...තේරිලද , නැත්ද , අනේ මන්දා 

අද උදේ මට ඇය හමු උනේ , මහල් නිවාසයේ ලොබියේ ඉඳ ගෙන ඉන්නවා ..ලස්සනට ඇඳලා .
හිනාවෙලා මෙහෙම කිව්වා
"Mother day ...my daughter coming "
________________________________________________________________

....Siberian tigers usually have one or two cubs . and normal success rate to adulthood is about 30% . ...Cyra had been fortunate and has had two . But now one has died . And she has to do one of the most difficult things . But that is the way nature has intended . She can not drag the body  further from her den . the smell of it would attract predators and put her remaining cub in danger . 

Cyra should consume the body of her flesh and blood . This is a very solemn act .  She would do that almost in contemplation , in reflection , blurring our concept of animals and conscious.

She would first lick the body as if it was alive, lovingly . And then she would consume the dead cub , as it is part of her duty . One could almost see the tears in her eyes . One could almost feel the weight in her heart .

And for days after that she would not eat . She would have spasms and seem to suffer of pain   She would grow weak....

(Nat Geo wild - Land of the tigers )  


10 May 2013

පිස්සු ලාබයි - episode 3 - අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි

"හසියෝ ", "හසන්තයෝ", "හසන්තයෝ" 
කිසිවෙකු අමතන හඬ හසන්තට  හෙමින් හෙමින් දැන් ඇසේ .  යථා සිහිය කැඳ වීමට,  කිසිවෙක් ඔහුගේ මුවට ඉසින දියේ සිසිල ඔහුට දැන් දැනේ . හිස ඊයම් බරුවක් මෙන් බරය, හිස පිටුපසින් තියුණු වේදනාවක් නැගේ . යටිබඩ කොරවූ සෙයකි . ඔහු ඇස් හැර නැගිටීමට තනත්ම , ඔක්කාරයට මෙන් එයි  
විදුලි බලය විසන්ධි වීම . පුටු පෙරලීමේ  කලබලය .  හිසට වැදුණු දැඩි  පහර , ටිකෙන් ටික ඔහු මතකයට නැගේ .


ඔහුගේ සම්පුර්ණ නම :  මෙලෝරහක්නැති ආරච්චිගේ හසන්ත ඇන්තොනි සමයක්වික්‍රම 
රැකියාව :                       රුපවාහිනී වැඩසටහන් නිවේදක
වර්තමාන ඉරියව්ව :       ගෙම්බා පොලවේ ගැහුවා වැනිය 

දැන් මා ඔබව රැගෙන යන්නට හදන්නේ අතීතයටය, හරියටම කියනවානම් වැඩසටහනේ 19 වන විනාඩියට . එක්වෙන්න  දැන් එතැන් සිට 

"නිවේදක :
ඔබ නැවතත් එක වන්නේ ව්‍යාපාර ලෝකයේ අලගිය මුලගිය තැන්  මෙන්ම , නව ප්‍රවනතා ගැන කතා කරන පිස්සු ලාබයි වැඩසටහන සමගින් .

මේ දෙවෙනි අංගයෙන් අප හා සාකච්චාවට එක්වන්නේ , එකම  ක්ෂේත්‍රයේ පැතිකඩ දෙකක් නියෝජනය කරන දෙපලක් . මොවුන් දෙදෙනා සාර්ථක ව්‍යාපාරිකයින් . අපි ඔවුන්ගේ ව්‍යාපාර ක්ෂේත්‍රය ගැන ඔවුන්ගෙන්ම අසා දැන  ගනිමු .
ලේඩිස් ෆස්ට් කියලා ඔබ තුමියම පටන් ගන්න . කියන්න ඔබේ සම්පුර්ණ නම මුලින්ම .

මහා බලොප්‍රකම ........

නෑ නෑ එහෙම නෙමෙයි , ඔබේ උප්පැන්නේ   නම 

ඇල් කේ සෝමාවතී .

හරි සෝමාවතී මහත්මිය , එහෙනම් කියන්න ඔබේ වෘත්තීය ගැන 

මෙහෙමයි හසන්ත මහත්තයෝ , පොඩි පොඩි බ්‍රෝකර් වැඩ කරන ගමන් , පොඩි ස්වයං  රැකියාවක් හැටියට ගෙදර ළඟ දේවාලෙකුත් කරගෙන යනවා .මම ආරුඩයෙන් සාස්තර කියනවා , ශාන්තිකර්ම කරනවා . හාස්කම් කරනවා 

එතකොට ඔබට ආරුඩ වෙන්නේ කව්ද ?   අංජනම් දේවිද? කාලි දේවිද ? පත්තිනි දේවිද ?... 

නෑ  නෑ  ඒ අය  නෙමෙයි . මට ආරුඩ වෙන්නේ රුක්මනී දේවි,  අපේ මියගිය නිලි රැජින ..

අපි දැන් විකාශනය කරන්නේ පෙර දිනෙක  පටිගත කල දර්ශන කීපයක්                                     පටිගත කල දර්ශනයක් .
(සෝමාවතී ආරුඩ වී සිටි)
 " මැවිලා පෙනේවි රූපේ ....හදේ දර්ශනීය සෝබා ..

අහෝ නැගණියනි , ඔබගේ සදාදර ප්‍රේමය වියකි යනවා මට පෙනේ . ඒ තරුණ මහත්මයා , ඔබට අහිමි වේ . ඔබගේ හර්දාංගමයා රැක ගැනීමටනම් , දෙවියන්ට යදින්න . 
ආදරයයි කරුනාවයි හිමි බැතියයි මා සිත සනසයි ...ආදරයයි ...කාන්තිය දේ රාත්‍රී // 
මේ සන්ධ්‍යා වලාවෙන් ..."
(නැවතත් මැදිරියේ රූප  රාමුවට )

ඔබේ කතා විලාශය ඇයගේ වගේමයි . ගීතත් කියනවා 

ඔව් හැමෝම කියනවා 

හරි හරි කොහොමද මේ දවස්වල් බිස්නස් . මොනවටද මිනිස්සු වැඩිපුර එන්නේ 

හිත ගිය කෙල්ල ලංකරලා දෙන්න එහෙම කියලා එන කට්ටිය දැන් අඩුයි මහත්තයෝ . ලඟකදී ඉඳලා නම් කට්ටිය එන්නේ ලයිට් බිල අඩු කරලා දෙන්න වගේ ඒවට  තමයි 

ඒවත් පුලුවන්ද ?

අපි ඉතින් පුජාවක් කරන්න කියනවා . මල් ජාති පහක් අරන් ගිහින් ඉර බහින වෙලාවට පන්සලට පැයක් දෙකක් ඉඳලා , ඇවිල්ලා ප්‍රවෘත්ති විතරක් බලලා නිදා ගන්න කියනවා . 

 එතකොට ඔබ කිව්වා හාස්කම් ගැන  ... අපිට කියන්න ඒ ගැන  ...

 ළමයින්ට හොඳ ඉස්කෝල   හම්බු වෙන්න කියලා වෙන බාර හාර වලට අපි ප්‍රසිද්ධයි  . අපේ හාස්කම් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ..

ඒ කොහොමද 

මෙහෙමයි මහත්තයෝ , ඒ සඳහා කට්ටිය පේ වෙලා මල් ජාති පහක් අරන් ඇවිල්ලා ඒ ඒ ඉස්කෝලෙට අදාළ පඬුරු මුදල පෙට්ටියට දාල , නම ලියනවා ලයිස්තුවේ . අපි දෙනවා රිසිට් පතක් 

අදාළ පඬුරු මුදල කිව්වේ ?

එක එක ගණන්  ඉතින්,  ලක්ස දෙකේ ඉඳන් ඉහලට . ඉස්කොලේ හැටියට 

ඒ පඩුරු  පෙට්ටියට මොකද වෙන්නේ එතකොට , 

එක මහත්තයෝ යනවා විදුහල් පති තුමාලට . අර රිසිට් පත අයදුම් කරු අමුණනවා ළමයාගේ අයදුම් පතට 

හරි හරි මට තේරුණා 

අපි විනාඩියක් ගනිමු අනුග්‍රාහක මහතුන් ගැන මතක් කරන්න .
මේ වැඩ සටහන ඔබ වෙත ගෙන එන්නේ ලකී බීඩි සාදර අනුග්‍රයෙන්
මතක තියා ගන්න ..ලකී බීඩි ..සියරට දේ , සිරි සැප දේ.....any time is  බීඩි  time ..

ඉතින් අපේ අනුග්‍රාහක මහතුන් අපිට ලබාදී තියෙන බීඩියක් දල්වාගෙනම සංවාදය කරගෙන යමු .

(නිවේදක මහතා බීඩි මිටි දෙකක් අමුත්තන්ට පිළිගන්වයි )

මම ගෙදර එක්කෙනාට ගෙනියන්නම්
.
දැන් අපි හැරෙමු අපේ අනිත් අමුත්තා දෙසට . ඔබතුමා hospitalresorts  සමුහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී . කියන්න ඔබේ ආයතනයේ විස්තර .

කෙටියෙන් කියනවනම් හසන්ත අපේ රෝහල් , සාමාන්‍ය රෝහල් සේවාවෙන් ඔබ්බට ගිය සේවාවන් සපයනවා . අපි බන්ධනාගාර දෙපාර්තුමෙන්තුවත් එක්ව සපයන , "හිර ගෙදර වෙනුවට රෝහල "සේවය අතිශ්‍ය ජනප්‍රියයි . 
ලෙඩවෙලා එන අය වගේම ලෙඩක් දාගෙන එන අයවත් අපි බලාගන්නවා .

ඊට අමතරව , අපි බටහිර වෛද්‍ය ක්‍රමය විතරක් නෙමෙයි , ආයුර්වේදය , හෙළ වෙදකම , ගොඩ වෙදකම , වගේම හාස්කම් මගින් ලෙඩ සුවකිරීමත් කරනවා .
ඒ වගේම කියන්න ඕනේ 
හසන්ත , අපේ ඒ අංශයේ රෝග නිර්ණය , රෝගීන්ගේ ප්‍රතිකාර තීරණය කරන්නේ දොස්තරවරුන් නෙමෙයි . ඒ සඳහාම විශේෂයෙන්ම පුහුණුව ලැබූ ලොයර්ස්ලා ...

අනික ඒ වැනි රෝගීන්ට මානසික සුවය අතිශයෙන් අවශ්‍ය නිසා ඒ සඳහා අවශ්‍ය කෑම  බිම , සේවයෙන් බැහැර වී සිටීමට අවසර වගේම උසාවි ඇප වගේ සැම දෙයක්ම සැපයෙනවා  

ඔව් ඔව් අපි දැක්කා දැන් සති දෙකට විතර කලින් ඔබේ රෝහලෙන් සුවය ලබා නෑ , හිත මිතුරන් පිරිවරා  පිටත්ව ගිය රෝගියෙක් . ඒත් මිනිස්සු නම් එක එක කතා කියනවා ..

(මෙවිටම විදුලිය විසන්ධි වෙයි. දැන්  තිරය අඳුරුය , සෙවනැලි කිහිපයක් නලියයි . ..පුටු පෙරලන , විදුරු බිඳෙන හඬ ඇසෙයි ...)

" අහෝ අඳුර , අඳුරුද  මෙතරම් , අයියෝ බුදු අම්මෝ " (
සෝමාවතී බෙරිහන් දෙයි . )

"කව්ද යකෝ එක එක කතා කියන්නේ ...මුන්ගේ අම්මලාට ... "
 (ගොරෝසු කටහඩක්  ඇසෙයි . නිවේදක ගේ හිසට දැඩි පහරක් වදියි) 

(හදිසියේ තිරයේ වෙළඳ දැන්වීමක් දිස් වෙයි . )

"ලකී බීඩි , අපේ කමට ......."


05 May 2013

ලලයි ලිලයි ලයි , මැයි දිනය පහු උනයි











ලලයි  ලිලයි ලයි 
මැයි දිනය පහු උනයි 
රතු පාටින් සළු පොරවා 
මහතුන් ආවයි 

නිල්  , කොළ ,  කහ ඇඳුම් මතින්  , රතු සාළු පෙරෙව්වයි 

ලලයි ලිලයි ලයි
මහතුන් ආවයි
උන් දැක අප පිඩිත සිත්
කුල්මත් වුවයි

ලලයි  ලිලයි ලයි
අපි කුල්මත් වුවයි
ඒ දුටු මහතුන්ගේ  සිත 
 චුන් වැඩිවුනයි 

රජ්ජුරුවෝ උඩයි උඩයි ....චූ  කොල්ලෝ බිමයි බිමයි 

ලලයි  ලිලයි ලයි 
උන් සිත් චුන් වැඩිවුනයි
බොක්කේ බුදුරැස් , මහතුන්
අපිට පෙන්වුවයි

ලලයි  ලිලයි ලයි 
බුදුරැස් , අපිට පෙන්වුවයි 
වේදිකාව මත  සගබෝ
හිස දන් දුන්නයි 

දුක් විඳිනා අපි වෙනුවෙන් , හිස දන්දුන්නයි 

ලලයි  ලිලයි ලයි 
දැන් දැන් සුපර් මෑන් එයි 
රතු පාටට ලංකට් එක 
දසත බබලවයි 

ලලයි  ලිලයි ලයි 
ලංකට් එක , දසත බබලවයි 
උණුවී හිත , අප දිවි බර ඔසවා
ඉවත විසිකරයි 

ලලයි  ලිලයි ලයි 
ඔසවා ඉවත විසිකරයි
ආශ්චර්යක් මෙය නම්
සැවොම ආවඩයි 

ලලයි  ලිලයි ලයි 
මැයි දිනය පහු උනයි 
රක්ත සාළු ඉවත උනා 
මහතුන් යළි යයි 


පලි : අපි පොඩි කාලේ , රට "කොරවපු" කෙනෙක් මැයි දිනය දාට ගෝල්ෆේස් පිට්ටනියට බස් වලින් මිනිස්සු ගෙන්නලා , නිතින් මුකේෂ් ව , හින්දි ගායිකාවන් ව ගෙනල්ල එකෝඩියන් සංගීතයට , සින්දු කියෙව්වේය  .
මිනිස්සු , නිකන් ලැබෙන ගල් කාල බඩට දාගෙන , මුකේෂ් ගේ හින්දි සින්දුවලට , ඔහු කොලයක් බලාගෙන අමාරුවෙන් කියන සිංහල සින්දුවලට දාඩිය පෙරාගෙන නැටුවෝය  . 


දැන් බයිලා වෙනස් ය . කාලයද වෙනස්ය . දිනය මැයි පලමුවනදාම වීමට අවැසි නැත .



04 May 2013

On self respect


Once 
in the dry season
across two pages of a notebook
I wrote in large letters
"the innocence ends
when one is stripped
of the delusion
that one likes one’s self"

realizing the mistaken sweetness
of self respect
when that string broke 
and all amulets , familiar
fell
with a shattering sound

To wake up
in the middle of the night
and to count the sins
(lying around you
in various postures.
Like the dancers
Siddhartha saw
on that faithful night)
is unsettling
Yet, however long we postpone it
eventually that night comes
when we have to lie down 
alone
in that uncomfortable
mind set
Insomniac
hiding from the demons of the night
under the covers
I remember somebody saying
“it has something to do
with lack of oxygen “


We may say things like
“it takes two to make an accident”
(or a mistake for that matter)
but that never brings in any relief
Then midst a confuse of mist
in the mind
would appear , our departed parents
even our grandparents
with tender smiles
as only history would
and tell us
that it does not come from
soaring  skywards
and knocking the waning moon
of it’s balance
But only by 
running your roots deep


PS: Joan Diddion wrote a beautiful essay on self respect . Some of these sentences are from that piece. 
Pluck the sentences and arrange it like this . With a few filler phrases, it becomes a poem!
I hope amidst these confusing hazy lines , you find at least a few of those
pinch points that makes sense to you .