02 January 2014

31 දා ‍රෑ මල්වෙඩි

මුලින්ම ඇවිලුනේ
ගිනිකූරූ හිසක්
නැහැ කාටවත් දැනුනේවත්
පලමු කූර අලු වී ගියා
නිකරුණේ
දෙවැන්න, හිස ගිනිගෙන
දැවෙන දැල්ලෙන්
පත්තු කරන් වෙඩි නූල
කැරකුනා
බඹර චක්‍ර

අහස් කූරූ හූස් ගා ගෙන
පිඹගෙන ගොස්
ඩෝං ගාලා පිපිරුනා
මල් වෙඩි වරුසා වැටුනා
අහසක් පිරෙන්න

පෙට්ටියෙන් එලියට
ගෙල දික්කර
ගිනිකූරූ
බලාසිටියා ඒ දෙස
නෙත් අයා

පලි: මම ලියුවේ මේ 31දා රෑ පත්තු කරපු මල් වෙඩි ගැන...

14 comments:

  1. මල්වෙඩිවලට මාත් ආසයි. ඒත් අද නම් මට ගිනිකූරුවලට පව් හිතුණා...:)

    ReplyDelete
    Replies
    1. මම නම් මල් වෙඩි වලට අකැමැති‍යි.

      Delete
  2. ලස්සන දේකට ආරම්භයක් දීලා ගිණිකූරු එලිය ඔහේ නිවිලා යනවා නේද කියලා හිතුනා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රතිචාර‍යට. මේක ලියන කොට මගේ හිතේ තිබුනේ අපි ගිනිකූරූ නේද කියන අදහස. තාම අපි පෙට්ටියේ ඉන්න කූරූ උනත් දවසක අපිත් පත්තු වෙනවා.එතකන් අපි මල් වෙඩි දිහා බලාගෙන චුන් වෙනවා. ඒ අදහස හරියට ස්පර්ශ නොවුනාද මන්දා

      Delete
  3. සමහරු මල් වෙඩි, සමහරු ගිණිකුරු.... එත් ඔය දෙකෙම වැඩි වෙනසක් නැ පත්තු වුණා නිවුනා... මම හිතන්නේ ඔය කුලේ මහයියා ඉරුතුමා වෙන්න ඕනේ.... වැදගත් කමක් තියන වැඩකට ඇති කෙනාත් එයානේ ඉතින්.

    ReplyDelete
    Replies
    1. හිරු තමා ඔක්කොම රන් කරන්නේ

      Delete
  4. මං කැමති නැහැ මල් වෙඩි වලට.. :/

    ගිණි කූර වගේ මිනිස්සු තාමත් මේ ලෝකේ ඉන්නවා.. පව් අසරණයෝ.. හැමදාමත් සයිලන්ට් පොරවල්

    ReplyDelete
    Replies
    1. මල් වෙඩි කියලා හිතන ගිනිකූරූත් ඇත

      Delete
  5. බයි කාලා ලොකු වෙයංකෝ... නේ?

    ReplyDelete
    Replies
    1. ඒත් ..ගිනිකූරු ලොකු උනත් මල් වෙඩි වේ ද?

      Delete
  6. මල් වෙඩි උනත් ලස්සන පත්තු වෙන වෙලාවට විතරනේ.. නිමුනට පස්සේ ගිනි කූරවත් බලයිද ?

    ReplyDelete
  7. සබඳ අපි ගිනිකූරු වෙමු
    අනුන් පරයා නොයන......

    ReplyDelete
  8. පෙට්ටියේ ඔහේ හිඳින
    දිනෙක දැවී අලුවෙන

    ReplyDelete

Have commented