24 February 2014

නුවනැත්තන්ගේ අද තේරීම

ට්‍රින් ට්‍රින් ට්‍රින් 

හෙලෝ 

හෙලෝ ගුඩ් මෝනින් මචං ,  මේ මම 

ආ උඹ  ද ?....මොකෝ 

( සැප සනීප , කාලගුණය , ආදී අතිශ්‍ය  වැදගත් කරුණු සාකච්චා කිරීමෙන් පසුව )

එක නෙමෙයි උඹ දන්නවද  අපේ රටේ ජාතික ආදායමෙන් සීයට  පනස් හයක්ද කොහෙද යන්නේ සීයට  හතරක් අතට කියලා . කල්පනා කරලා බලපන් 

මොකෝ මේ  හදිස්සියේ එක මතක් උනේ 

එහෙනම් උඹ දන්නවද නුවර එළියෙන් කඩන ගෝවා  ගෙඩිය උඹේ කුස්සියට එනකොට ඒකේ  කොළ හයක් ගලවලා විසික්  කරලා කියලා . කල්පනා කරලා බලපන් 

මචං  අපි නම් වැඩිය ගෝවා  කන්නේ නෑ . හැබැයි මොකෝ උඹ ගෝවා බිස්නස් එකක්වත් පටන් අරන් ද ?

උඹ දන්නවද ලංකාවේ තියෙනවලු ඒ සී  කරපු කක්කුස්සි ..පොඩ්ඩක් කල්පනා කරලා බලපන් .

මේ මට මෙලෝ මලදානයක් තේරෙන්නේ නෑ  . අනික මොකද උඹ හැමතිස්සෙම අලුත් කෑල්ලක් දාන්නේ ..කල්පනා කරලා බලන්න කියලා 

ඇයි උඹ ඇහුවේ නැත්ද අනුර සහෝ ..

ආ දැන් නේ මට තේරුනේ .. ඒත්  උඹ ?

ඇයි  අපිට බැරිද ?

ඇත්ත කියපන් මොකෝ පෙරහැර මාරු කරේ ?

ඇයි  මචං උන් කියනවනේ උන්ගේ දර්ශනේ තේරෙන්නේ , උනත් එක්ක පෙළ ගැසෙන්නේ උගත් නුවණැති , ප්‍රගති මොකක්ද මොකක්ද කට්ටිය කියලා . උඹට කියන්න ඒ කතාව ඇහුවට පස්සේ මටත් හිතෙනවා හිතෙනවා වගේ උන් හරි කියලා 

එහෙනම් උඹත් දැක්කා  සීතාම්බර සේලය ?

මොකක්ද කියුවේ 

නෑ මොකුත් නෑ 

පලි  : වරදවා තේරුම් නොගන්න .ඔවුන්ගේ දර්ශනය උපහාසයට ලක් කිරීම නොව . මට පෙනෙන ප්‍රවනතාවයක් ගැන පමණි ලියුවේ . උපහාසයට ලක් කලේ එයයි . ඔවුන්ගේ ප්‍රචාරණය ඉලක්ක කොට ඇත්තේ ඔබ අප වැනි සමාජ ස්තරයකටය . පොඩ්ඩක් හිතන්න පුළුවන් , නැත්නම් එහෙමයි කියලා පෙන්නන්න කැමති ... ඇත්තටම කියනවා නම් මේ කියන මටත් ඔවුන්ගේ මේ කියන දර්ශනයේ හරයක් පෙනෙනවා (අසම්පුර්ණ බවක් පෙනුනත් ). ඒ ඇත්ත ඇති සැටියෙන් දැකීම  නිසාද නැතිනම් , මගෙත් හරි නිලයක් තෙරපුන නිසා දැයි මට සැකයි 

15 comments:

  1. ගුලිය කාලා වගේ.. මේ රටේ විප්ලව කරන්න, ඒ පන්තියට කතා කරලා වැඩක් නෑ.. ලොක්කා කතා කරනවා වගේ.. නොම්මර එකේ හරක් සෙට් එකකට කතා කරන විදියටයි කතා කොරන්න ඕනා..

    ReplyDelete
    Replies
    1. ලොක්කා

      මේ හදන්නේ විප්ලවයක් නොවේ. රතු පාට පැකින් එකකින් ඔතපූ චන්ද ඉල්ලීමක්, පාර්ලිමේන්තුවේ සීට් කීපයකට

      Delete
  2. අනුර දිසානායකගේ කතාව මට සම්පුර්ණයෙන් අහන්න නම් උනේ නැහැ....ඒත් ඇහිච්ච තැන් වලින් සැහෙන්න හිතට වැදුන තැනක් තිබුණ....

    ".....අම්පාරෙන් පටෝනවා අඹ...මොනරාගල,ඇඹිලිපිටියෙන් පටෝනවා කෙසෙල්.....ඊට පස්සේ අවිස්සාවේල්ලෙන් පටෝනවා අන්නාසි....පිටකොටුවෙන් සැලඩ් බානවා...."

    ReplyDelete
    Replies
    1. මමත් ඇහුවා. හිතට වැදුනා. ඒත් ඇයි ඒ කියලා හිතුන නිසායි මේක ලි‍යුවේ

      Delete
    2. ඔන්න බලන්න හැමෝටම මේ ටිකට අර ප්ලාස්ටික් කූඩවල එළවලු පලතුරු ප්‍රවාහනය කරන්න ගිය කේස් එක අමතක වෙලා වගේ!

      Delete
  3. අර 'ගෝවා' කතාව තේරුනේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි
      නුවරඑළියෙන් කඩන ගෝවා, පිට කොටුවට එනවා. ගේන විදිය නිසා උඩ කොල දෙක ගලවා විසි කරන්න වෙනවා. එතනින් තොග වෙලෙන්දා ගන්නවා . ඔහුගෙන් සිල්ලර වෙලෙන්දා ගන්නවා තව කොල දෙකක් ගලවන්න වෙලා... කුස්සියට එනකොට මයිනස් කොල 6ක්
      ප්ො

      Delete
  4. දේශපාලනේ ගැන හරි අවවබෝධක් අඩු අපි අළුත්ම ඡන්ච ගොඩට වැටෙන්නේ.ඒ කියන්නෙ මේ එන්නෙ මගේ පළවෙනි ඡන්දෙ.මම මේ දවස්වල දේශපාලන බ්ලොග් අකුරක් නෑර කියවනවා ඇත්ත හොයාගන්න පුළුවන්ද බලන්න

    ReplyDelete
    Replies
    1. දේශපාලනයේ ඇත්ත හෙවිම නිකන්...
      එය මහාම මහා ඇන්දීමකි

      Delete
  5. "උගත් නුවණැති , ප්‍රගති" විතරක් නෙමේ පරණ වෑරදි ගෑන කතාකරන කොට ලිස්සායාමේ හෑකියාවත් ඕනෑ

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් වෙනස් අදහසක් දක්වන්න අවසර.

      මම හිතන්නේ කරපු දේට වඩා අනාගතේ ගැන තමයි හිතන්න ඕනේ චන්ද‍යක් දෙද්දී. හැබැයි ඒ ලිස්සා යාම නම් අතිවිශිශ්ටයි සමහර වෙලාවට

      Delete
  6. කියන්නේ ඇත්ත....මට හිතෙනවා මේ පාර මිනිස්සු අනිත් පක්ෂ දෙක ගැන හිතලා මේ අයට ඡන්දේ දෙයි කියලා. මෙහේ ඉන්න ලංකිකයෝ පවා දැන් ඒ ගැන සාකච්ඡා කරනවා.

    ReplyDelete
    Replies
    1. කියන දේ ඇත්ත..ඒත් නොකියන දේ?එතනයි මට ගැටලුවක් උනේ..කියන දේ අහනකොට මටත් ඒ හැමොටම දැනෙන දේ දැනෙනවා.ඊට පස්සේ හිතෙනවා ඒක ඇත්තද නැත්නම් හරි නිලයක් සනීපෙට තෙරපුනාද කියලා..
      මගේ දේශපාලන දැනුම හරිම ප්රාතමිකයි,ඒත් මේ මට හිතිච්ච දේ

      Delete
  7. නෙගටිවු ම නැතුව පොස්සක් පොසිටිවු බලමු නෙ.වෙන කරන්න දෙකුත් නැ නේ

    ReplyDelete
    Replies
    1. උන් වෙනුවට මුන් මාරුවෙන් මාරුවට තෝරපු අපිට දැන් චොයිස් හතරක්? :)

      Delete

Have commented