04 February 2014

කකුල දිගේ ගලාගිය , සමන්ගේ නිදහස

(දැන් නම් හරිම අමාරුයි අප්පා )

"මොකද සමන් ඇඹරෙන්නේ ? ජාතික ගීය  කියනකොටවත් කෙලින් ඉන්න බැරිද "

(සිස්ස නායක රංග අයියා  ...එයා නම් කියයි... මටනේ අමාරුව ...බඩත් කොරවෙලා වගේ )

"මොකෝ ළමයෝ අසනිපයක් නම් අර රතු කුරුස වෑන්  එක ගාවට යන්න "

(මූත්  මෙතෙන්ටම වෙලා ඉන්නවා ..එක්කෝ යනවද?)

",,අප හට සැප සිරි සෙත සදනා ..."

(නෑ  තව ටිකයි නේ , ඔහොම අල්ලගෙන ඉන්නවා )

පෙරදා සවස  දහයේ වසරේ අයියලා පාසැල්  මිදුලේ වලක් හාරා  සිටවූ පුවක් ගස් කුඹ ගස මුදුනේ , අවුරුද්දකට වරක් විතර එලියට එන , ලොකු සර් ගේ  කබඩ් එක ඇතුලටම පරණ වුනු සිංහ කොඩිය ලෙළ  දෙන්නේය.

හමා ආ සුළං  රැල්ලට ඇමති තුමාගේ කිරි පැහැ  සරමද මදක් ලෙළ  දුනි . ඔහු එය වමතින් සකසා ගත්තේය.

කොඩිය මෙන් නොව සරම නම් අලුත් පාටය

(හම්මේ දැන් නම් ඉන්නම බැරිය . පෙරේත කමට අර නිකන් දුන්නු බිම බෝතලේම එකපාරම බීපු එකේ පව තමයි,  මේ නම් පටිසන් දෙන්නේ )

"...යමු යමු වී නොපමා ..."

එක්වරම කොට කලිසමත් තෙමාගෙන , කකුල දිගේ උණුහුමට  , ගලා  ගිය නිදහස....

(කවුරුවත් දැක්කද දන්නේ නෑ ? )

"ඊයා ...............චූ "
පිටුපස පේලියේ කෙල්ලෙක් කෑ ගසනවා ද  ඉන් පසු හෙමින් පටන් ගෙන පැතිරෙන කිචි බිචියක්ද දැන් මා දෙසවන පුරා ඇසේ .

මා කන් රතුවී , හිස හිරි වැටීගෙන එන සෙයක් දැනේ

19 comments:

  1. හිතුවේ නැති විදිහේ අවසානයක්.මං හිතුවේ සමන්ට කලන්තයක් අල්ලලා කියල......

    ReplyDelete
    Replies
    1. එහෙම වැටුනේ ශ්‍රියානි
      http://pinchpoints.blogspot.hk/2012/02/blog-post.html?m=0

      Delete
  2. උන් උන්ගේ නිදහස සැමරුවාය..

    ReplyDelete
    Replies
    1. අපේ නිදහස ඒ වගේ
      උනුසුම් හැගුම් දනවයි (a warm feeling)

      නොවැලක්වියහැකි වූ ක්‍රි‍යාවක් (an inevitable result)

      Delete
  3. අපිට නැති උනට ඇති උන්ගෙ නිදහස

    ReplyDelete
    Replies
    1. හිතේ හිර කර ගෙන හිටියට ,කකුල දිගේ ගලා යන..

      Delete
  4. Call of duty compromised by call of nature...

    ReplyDelete
  5. ඒ නිදහස් වීම අනිත් හැම නිදහසකටම වැඩිය වටිනවා..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා කට්ටිය නම් කියන්නේ අපේ නිදහස එච්චර වත් වටින්නේ නෑ කියලා ..ඒත් ගොඩක් දේවල් වගේ නිදහසත් නැති වෙන්නම ඕනේ නේද තිබ්බ එකේ තරම දැනෙන්න කියලත් හිතෙනවා

      Delete
  6. මේක ගැන කතා කරන්න බයයි සංස්කෘතික පොලීසියෙන් ඇවිත් උස්සයි කියලා.
    අපි නිදහසක් ගැන කතා කරනවා. ඒත් අපිට නිදහස කියලා එකක් තීය්නවද කියලා හිතන්න පෙළඹෙන්නේ නෑ. බල්ලෝ බළල්ලු වගේ මිනිස්සු මරලා දානවා. මාධ්‍ය වල තියෙන්නේ කඩේ යන ඒව විතරයි. විකල්ප අදහසකට ඉඩක් නෑ.
    ඒත් අපි ඉස්සර ගෙදර මිදුලේ සිංහ කොඩිය දැම්මා වගේ තාම ෆේස්බුක් එකේ සිංහ කොඩි දානවා. ඉන් එහාට මොනවද අපි නිදහස ගැන දන්නේ....

    ReplyDelete
  7. රන්ගි, ඇත්තම කියනවනම්, මම මුලින්ම දාන්න හිටියේ ජාතික ගීය ඇහෙනකොට ජාතිකාලය කකුල දිගේ බේරුනා කියලා.පෙබ 4දා ගොඩක් අපිට එහෙම නිසා. ඒත් පස්සේ හිතුනා ඒක සැර වැඩියි, ටිකක් වැරදියි කියලා. මොකෝ ගොඩක් දේවල් වගේ නිදහසත් නැති වෙන්නම ඕනේ නේද තිබ්බ එකේ තරම දැනෙන්න කියල හිතුන නිසා

    ReplyDelete
  8. Replies
    1. කකුල දිගේ බේරුන

      Delete
  9. පොඩි කාලේ නම් නිදහස් දිනය හරි ජොලි. පැය 24ම ටීවී එක ඉස්සරහ. අර මොකද්ද ෆිල්ම් එහෙක දෙනවක හාමිනේ පුතාට කියනවා "උඹ පෙළවහක් කරගන්නේ නැද්ද? මට දැන් මේවයින් නිදහස් වෙන්න ඕනේ." කියල. පුතා කියනව "ඇයි අම්මේ අපිට නිදහස ලැබුනේ 1948 දී නේ" කියල. ඔන්න ඕක තමා මගේ 'නිදහස්' මතකය.

    ReplyDelete
    Replies
    1. නිරෝ , හිතන්න දෙයක්.
      එකෙකු නිදහස තවෙකුගේ නිදහස අහිමි වීම හා සබැඳි ද?

      Delete
  10. දැන් නම් නිදහස කකුල් දෙකෙන් තමයි බේරෙන්නේ...හෙට අනිද්දා වෙනකොට කොහෙන් බේරෙයිද කියලා තම්යි හිතාගන්න බැරි. එදාට පාලකයින්ට අමුඩ දෙක තුනක් එකට අඳින්න වෙයි.

    ReplyDelete
    Replies
    1. පාලකයින්ට නම් මොකද අරූ... එයාලට ඕවට ප්‍රතිශක්තිකරණය තියෙනවා. ජහමනයා තමයි එදාටත් අන්ත අසරණ වෙන්නේ :(

      Delete
    2. ඔව්... නැවතත් අපිටම තමයි අමුඩ ගහගන්න වෙන්නේ. ඒ ගොල්ලන්ට ඩයපර්ස් තියෙනවානේ. මට දුක ඊලඟ පරම්පරාවල් ගැන.

      Delete

Have commented