07 February 2014

තරු මතක

අහස පුරාවටම තරු

ඔව් , ඒත් ඔය සමහර තරු නම් දැනටමත් මැරිලා ඇති 

හ්ම්ම් ....ආලෝකයේ වේගය ...ආලෝක වර්ෂ

අර තියෙන්නේ ...අර තරු පන්තිය ඔරායන් ..දඩයම් කරුවා .  අර තරු තුන එයාගේ බෙල්ට් එක 

(ඇය  නිකටට දෙඅත් තබා ගෙන දෑස්  අල්වා ගෙන අහස දෙස  බලා සිටින්නීය )

තරු කියන්නේ ඉරවල් නේද

ඔව් ..ඒවා වටේට කරකැවෙන ග්‍රහලෝකත් ඇති 

ඔය හිතන්නේ ඒවයේත් ඇත්ද සත්තු ,මිනිස්සු ?

නැතුව , අන්න අර ග්‍රහලෝකයේ ඇති කොන්ඩේ එක කරලට ගොතපු කෙල්ලෙක් 

ඇත්තට

ඔව් ගිනිමැලයක් ළඟ වාඩි  වෙලා කොල්ලෙක් ගේ බොරු අහ ගෙන 

හා හා හා.....  ඇත්තට
( අපි දෙදෙනාම සිනාසෙන්නෙමු )

_______________________________________


Appachchi (අප්පච්චි )

(she calls out  still holding the marshmallow to the flame )
(ඇය  කෝටුවක  ගැසූ මාශ්මෙලෝ එක ගින්නට අල්ලාගෙනම  අසන්නී ය )

Hmm    (හ්ම් )

The sky is filled with stars (අහස පිරිලා තරු වලින් )

hmm   (හ්ම් )

What is that constellation  (මොකක්ද අර තරු පන්තිය )

That one ? Orion, අරක ?  (ඒක  ඔරායන් )

That's the hunter  right   (ඒ  කියන්නේ දඩයම් කරු නේද )

Yes                (ඔව් )

Appachchi  (අප්පච්චි )

Hmm   (හ්ම් )

Do you think there's life in those stars  (ඒ තරු වල ජීවය  ඇත්ද )

hmm   (හ්ම් )

Appachchi , what are you thinking ?   (මොනවද හිතන්නේ )

Nothing duwa  ( මොකුත් නෑ  දු )

You are lying... I can tell   ( ඔය බොරු , මට තේරෙනවා )

Hmm   (හ්ම් )

So  ? (ඉතින් ?)

I remembered  Ammi   (මට අම්මිව මතක් උනා )

Hmm    (හ්ම් )


පලි 
පහු ගිය දිනෙක තරු පිරිච්ච අහසක් යට මූදු  වෙරළක අපි තුන් දෙනා උන්නා . හිත හැම තැනම ඇවිදලා , කතාවක් ලියාගෙන ඇවිත් හොරෙන්ම තියාගෙන . ඉංග්‍රීසියෙන් ලිව්වේ ඒක ඒ අවස්ථාවට  වඩා  ගැලපෙන නිසා . අහිතක් නොසිතන්න 
සමහර වෙලාවට අපිට පෙනෙන තරු මැරිලා ..අපිට පෙනෙනකොට .
සමහර වෙලාවට අපේ ජිවිත ගලා ගිහින් , ඒත්  මැරිච්ච තරු තාම අහසේ 

12 comments:

  1. // සමහර වෙලාවට අපිට පෙනෙන තරු මැරිලා ..අපිට පෙනෙනකොට .
    සමහර වෙලාවට අපේ ජිවිත ගලා ගිහින් , ඒත් මැරිච්ච තරු තාම අහසේ //
    සමහර වෙලාවට ඒ මැරිච්ච තරු ගැන හිත හිත අපි සුසුම් හෙලනවා
    තවත් සමහර වෙලාවට...
    නොමැරිච්ච තරු මැරිලා කියල
    හිත හදාගන්න සුසුම් හෙලනවා.....

    ReplyDelete
    Replies
    1. තාරුකා., නිසල රැයක සිතක දිලෙන

      Delete
  2. සියුම් සංවේදී රසයක් වින්දෙමි. ඔබේ ලියමන් සරලයි සැහැල්ලුයි ඒත් ගැඹුරුයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔබේ ප්‍රතිචාර‍ය මට වටී

      Delete
  3. සමහර තරු ජීවත් උනත් මළා වගේ තමයි.. බැබලෙන්නේ නෑ.. ඔහේ පත්තු වෙලාම තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම තරුත් තිබේය

      Delete
  4. hmmm (හ්ම් ම් ම්)

    ReplyDelete
  5. සරළ කතාවක්, ඒත් හිතට දැනෙන්න ලොකු දෙයක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. කතාවක ගැඹුර අපිට දැනෙන පමනින් නේ

      Delete
  6. මේ දෙබස ඉංග්‍රීසියෙනුත් තිබුනු එක හරි හොඳයි.

    මහා අමුතුම සිතුවිලි රාශියක් එක්ක තනිවුනා. සාංකාවක් වගේ හිත බර කලා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරූ. මට පොඩි සැකයක් වගේ තිබ්බා ඒ කෑල්ල ලියද්දි බාසාව ගැන. ඒත් මේ විදිය වඩා සුදුසු‍යි කියලා හිතුණා

      Delete

Have commented