22 February 2014

මාමා ගේ ආතල් එක // metathesiophobia

පහුගිය දවසක අපේ පළාතේ පොඩි කලබලයක් විය . හිරිකිත මන්දිරයේ ලොකු මාමා හිටි අඩියේ ආගිය අතක් නැතිවිය . දවස් ගණනක් ගෙදර ඇවිත් නැත .
ගෙවල් වලට නොම්බර නොව නම් තබන කාලෙක තැනුණු ඒ නිවසේ , හරි නම කුමක්දැයි දැන් කාටවත් මතක නැත . බිත්තියේ කෙටු අකුරුද මැකී ගොසිනි . නමුත් මතක ඇති කාලේක සිට කොල්ලෝ කුරුට්ටෝ , උන්ගේ තාත්තලා , උන්ගේ සීයලා හැමෝම ඊට කිව්වේ ඔය නමය .

ලොකු මාමාත්  පොඩ්ඩක් විතර එක විදියක චරිතයකි .
අහුවෙන්නට කිසිම හොරයක් වංචාවක් නැති , එහෙත් ඉඳ හිට මොකක් හරි බයිට් කතාවක් කියා කඩ මන්ඩියේ
 හැමෝගෙම උසුළු විසුළු වලට ලක්වෙන චරිතයකි . ලඟකදී සිට ඔහු ටිකක් මද සිහියෙන් මෙනි යැයි  කිහිප දෙනෙක් ම කීහ 
. අර කලින් කීවාක් මෙන් ඔහු ආගිය අතක් නැති වුයෙන් , සියලු දෙනාම ඔහුව සොයන්නට විය .

"..හිටියේ හොඳටම හිත රිදිලා , ගෙදරම එවුන් එක එක ඒවා කියනවනේ " ඒ කිව්වේ නැන්දාය
"සීයට  මුනේ රැවුල නෑ  , කිසි ගතියක් නෑ  කිව්වා" පොඩි මුණුපුරාද  හූ මිටි තැබීය .

"මේ මනුස්සයා ලෙඩ දුක වෙච්චි , හිතුවක්කාර කමට කරන දේවල් ..ඔහොම හිටියට මේ වයසටත් හරි දඩබ්බරයා " නැන්දා  දිගු සුසුමක් හෙළුවාය 


අපි ගුරු පාර දිගේ ඇවිද යන්නට වුනෙමු
"ලොක්කගේ සිහිය විකල් වෙලාද දන්නේ නෑ  " අයෙක් යෝජනා කළේය 
" මම නම් හිතන්නේ මාමා ප්ලැන්  කලා මේක . දේපලත් ලියුවලුනේ " තවකෙක් කීය 

"අනේ උන්දැ  ගේ දෙපළ ලිවිල්ල ..පරාණ  බුක්තිය තියාගෙන ලියුවේ " ඒ සජියාය . නෑ කමට ඌ බෑණා  ය 

" අඩේ  ...මෙන්න ඉන්නවෝ ..." ගාමිණි කෑගැසුවෙන් , සියලු දෙනා ඒ දෙසට දිව ගියෙමු .
ඈතට පැතිරුණු හබරල යායක , මහා හබරල පඳුරකට මුවාවී ඇන තියාගෙන වාඩිවී , මාමා සිටින්නේය .


"මොකෝ මාමේ මේ? " පුස් රංජා කතාවට මුල පිරීය .

"මට ඉන්න දීලා  පලයල්ලා " ..මාමා  හිටිවනමය 

"මොකෝ මාමේ කවුරුත් කරදර කලාද ?"

"නෑ "

"එහෙනම් කවුරුත් බැන්නද ?"

"බැනුම් නම් අහලා මට එකනම් දැන් කිසි ගානක් නෑ...මට බය හිතුනා  කොල්ලෝ   "

මොකෝ කියන්නේ ? ඒ මොකද ? අර පාලිතයා  නේද ? උගේ නැහැදිච්ච කමනේ . නැත්නම් මේ තාත්තා  වගේ ඉන්න මනුස්සයට තමුසේ ඕයි  කියලා ගහන්න පනියිද ?

" ඒවා ඉතින් කාපු බීපු වෙලාවට කරන දේවල් නේ ...ඒක  නෙමෙයි 

එහෙනම් ? අර හෙන කඳ යා වගේ ඉන්න රවියා මාමට සද්දයක් දැම්මද ?

අයියෝ ඌ ඔය විසිල් ගැහුවට බල්ටි නෑ  . මම එක දන්නවා කොල්ලෝ .

(රහසින් මෙන් ) එහෙනම් අල්ලපු ගෙදර රැවුල්  මාමාගේ ගෝලයෙක් වත් ...

අනේ උන් නම් අපරාදේ කියන්න බෑ  කටක් ඇරලා මොකුත් කියන්නේ නෑ  ..

එහෙනම් මොකක්ද ?

(වට පිට බලා . පරිස්සමෙන් ..) කෑගහන්න එපා බන් අරුන් ඇහැරෙයි ..

කවුද ?

රට්ටු බන් රට්ටු ....මට බය හිතුනේ උන් ඇහැරිලා මගේ ආතල් එක කඩයිද  කියලා .


පලි. සියලු සිදුවීම් , චරිත මනකල්පිතයි (සත්තයි). කිසියම් ජීවමාන චරිතයකට සමාන බවක් පෙනේ නම් එය අහඹු සිදුවීමකි .

17 comments:

  1. බය වෙන්නෙපා මාමේ.....එක හීනෙන් එලිවෙන්නැහැ නේ.....ලත්තන ලත්තන හීන පේනකන් අපි දොයි......ඉඳලා හිටලා නපුරු හීන පෙනුනට කව්ද ඕව ගණන් ගන්නේ.....

    ReplyDelete
    Replies
    1. දැන් තමයි ලු ලේ ටිකක් ඉනුවේ..මල්ලිට දෙනවලූ බ්රේස්ලට් එකක් තෑග්ගක් හැටියට

      Delete
  2. හීනෙන්ද බං ඇවිදලා තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. :)හීනෙන් ඇවිදින්නේ අර කිරිකට් ගහන කොලුවනේ

      Delete
  3. ගොනා කියලා මරන්න යෑ

    ReplyDelete
  4. ආතල් එකේම හිටපන් මාමේ..... කොහොමත් ඔහොමම තමයි ඉන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක එයාගේ ආතල් එක

      Delete
  5. බයවෙන්න එපා කියහන්.බෙර ගහලවත් ඔකුන්ව නැගිට්ටවන්න බැ.

    ReplyDelete
    Replies

    1. අර හසිත කිව්වා වගේ බොරුවට නිදිගත් උන් නැගිට්ටන්න බෑනේ

      Delete
  6. මාම මොකක් කලාම බෑනට මොකද?

    ReplyDelete
    Replies
    1. එයාගේ ආතල් එකට අපි නේ වියදම් කරන්නේ නිල්

      Delete
  7. මම ඒත් බැලුවා ජීවමාන චරිතයක්දෝ කියලා... හොඳ වෙලාවට අන්තීමට අවවාදයක් දිලා තියෙන්නේ.. නැත්නම් එක එක අය ගැන වැරදි චිත්තර මවා ගන්නවා නිස්කාරනේ..

    ReplyDelete
    Replies

    1. අන්න ඒකනේ වැරදි අදහසක් ඇති කරගත්තොත් කට්ටිය ..

      Delete
  8. රට්ටු බොරුවට නිදි වගේ ඉන්නේ :P බොරුවට නිදාගෙන ඉන්න අය ඇහැරවන්න අමාරුයිලුනේ

    ReplyDelete
    Replies
    1. හසිත මේක තමයි දවසේ කියමන

      Delete
  9. අයියෝ මාමගේ ආතල් එක..

    ReplyDelete

Have commented