09 February 2014

ඔපරේෂන් නොමිනේෂන් ස්ටාර් (සම්පුර්ණයෙන්ම මානුෂික මෙහෙයුමකි ) - The operation report

ගාන  අඩු කරපු එකේ සල්ලි සල්ලි කියලා නොබලා ඔන්න ගිහින් ගෙනාවා පරිප්පු . ඔතාගෙන ආපු  ගොට්ට දිග ඇරලා බැලින්නම්... මෙන්න ....
මං  හිතන්නේ කොහේ හරි පොඩි එවුන්ගේ සෙල්ලමක් වෙන්ඩ  ඇති ..

මෙහෙයුම් වාර්තාව 
මෙහෙයුමේ නම : ඔපරේෂන් නොමිනේෂන් ස්ටාර් 

මෙහෙයුමේ අරමුණ : 
සතුරු කඳවුර තුලට භයානක විෂ බීජ  හා දුගඳ පැතිරෙන අසුචි හැලියක් හොර රහසේ ඇතුළු කිරීම .
මේ මගින් සතුරා අඩපන කර, අනාගත මෙහෙයුම් කිසිවකට එරෙහිව නැගී සිටීමට නොහැකි වන සේ බෙලහීන කිරීම 


මෙහෙයුම් සිද්ධාන්තය :
සටනක් පැරදී  යුද්ධය දිනමු . ( Loose a battle , win a war)


ප්‍රධාන අණ දෙන නිලධාරී : ජනරාල් පර්සි 

ජන 24:
මෙහෙයුමේ පලමු අදියර ලෙස අද "චාර්ලිස් ඒන්ජල්ස්"  ක්ෂණික 
විහිදුම් බලකාය පැරෂුට් මගින් සටන් පෙරමුණට ඇතුළු වන ලදී .  සුරුපි  සෙබලියන්ගෙන් සමන්විත මේ බලකාය, කඳවුරේ බටහිර දෙසින් ප්‍රථම ප්‍රහාරය දියත් කරන ලදී . ඇතිවූ සුළු ප්‍රතිරෝධය මැඩගෙන ඔවුහු ඉදිරියටම ඇදුනහ .

දෙවන පෙළ ලෙස ඇතුළු වූ "බේබි බ්‍රිගේඩ්" බලකායද , සටන් පෙරමුණට පිටුපසින් සීරුවෙන් (standby) තබා ඇත 

තෙවන පෙළ ලෙස බටහිර උතුරෙන් "නළුබට්ටාස්" බලකාය ද කඳවුර තුල සීරුවෙන් (standby) තබා ඇත 

ජන 30: 
"චාර්ලිස් ඒන්ජල්ස්" බලකායට  සතුරු පෙරමුණෙන් තදබල ප්‍රතිරෝදයක් එල්ලවෙමින් පවතී . මේ අතර තුර  හොර රහසේ ඇතුළු වූ බේබි බ්‍රිගේඩ් බලකාය , සතුරු රේඩාර් වලට අසු නොවී ඉදිරියටම ඇදෙමින් සිටිති .

සතුරු කඳවුර තුලම , සතුරන්ට පක්ෂ සේනා ලෙස වෙස් වලා සිටි "අලිෆන්ට් බලකායද " සතුරාගේ අවධානය වෙනතකට හැරවීම සඳහා කැප්ටන් "රැම්බෝ නදී" ගේ මෙහෙයුමින්  කඳවුරේ දකුණු දෙස විදී  නාට්‍ය මාලාවක් රඟ දක්වමින් සිටිති .


පෙබ 4;
 මේ වනවිට අසුචී  හැළිය  සහ දරුණු විෂබීජ,  කඳවුර අභ්‍යන්තරයට ගෙන ගොස් ඇති බවට ගුවන් විදුළි  පණිවුඩ ලැබී ඇත . එම නිසා සැලසුම් කල අයුරින්ම, චාර්ලිස් ඒන්ජල්ස් බලකායට පසු බසින ලෙස අණ  දෙන ලදී . මේ උපක්‍රමයට හසුවූ සතුරා , තමන් ජය ලැබී යයි රැවටී , ජයග්‍රහණය ඉහලින් සමරණ  බව ඔත්තු සේවය සැළ කර සිටි .


පෙබ 5: 
කඳවුර තුල තැන්පත් කල ජීව අවි සහ අසුචි හැලියෙන් පැතිරෙන විෂ බිජ පැතිරීමට තව සති දෙක තුනක් යනු ඇත . ඒ කාලය තුළ  එම අවි සතුරාට නිරාවරණය වන බවක් දැනුනොත් , ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට සුළු ප්‍රහාර එල්ලකර පසු බැසීමට නළුබට්ටාස් බලකාය සුදානමෙන් සිටිති . අවසාන තුරුම්පුව ලෙස බේබි බ්‍රිගේඩ් බලකායට  වුව සුළු ප්‍රහාර එල්ල කර පසු බැසීමට අණදිය හැක . නමුත් එසේ කිරීමට අවශ්‍ය නොවනු ඇත.

පෙබ 8; 
සටන් පෙරමුණේ තත්වය සතුටු දායකය . ඒන්ජල්ස් ලාගේ පසු බැසීමෙන් පසු සතුරා තවමත් ජයග්‍රණය බුක්ති විඳිමින් සිටිති . කඳවුර තුලට හොරරහසේ ඇතුළු වූ අනෙකුත් බලකායන් ගැන ඔවුන්ට නිනව්වක් නැත. කඳවුර තුල අසුචි බඳුන පැසෙමින් විෂබීජ ඔඩු දුවමින් තිබේ .

මෙහෙයුම සාර්ථකය .  

21 comments:

  1. ජෙනරාල් පර්සිගේ මෙහෙයුමක්නේ.ආයේ කියන්න දෙයක් නෑ.

    ReplyDelete
  2. කඳවුරු හැම එකම ගූ ගැලිවලින් පිරිලා නිසා මේ කියන්නේ මොන කඳවුර ගැනද කියා හිතාගන්න අමාරුයි වගේ!

    ReplyDelete
    Replies
    1. මේ මේ අර ජන සමාජය කියන එක

      Delete
  3. මම හිතන්නෙ මේක මේජර් ජෙනරල් රෝහණ ගේ මෙහෙයුමක්...දැක්කනෙ කැලණිය උන්ට දුන්න ගුලිය.......

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ වගේ ජෙනරල් පර්සිව

      Delete
    2. දන්නව..දන්නව...ඔබතුමා දන්නෙ නැද්ද පර්සිගෙ මල්ලි රෝහණ ව..පොඩ්ඩක් හොයල බැලුවනම්...

      Delete
    3. මටනේ වැරදුනේ

      Delete
  4. කොයි කඳවුරත් එපාවෙලා තියෙන්නෙ දැන් නම්..

    ReplyDelete
    Replies
    1. මේ මේ අර ජන සමාජය කියන එක

      Delete
  5. මම හිතාගෙන හිටියේ කුරුඳු කියන්නේ කුළුබඩුවක් කියලා බලාගෙන ගියාම ඒකත් දැන් භයානක අවියක්.

    හෙට අනිද්දට කවුරු නැතත් බේබි බ්‍රිගේඩ් එක අලුත් ඇමතිවරු වෙලා ඇවිත් තියෙයි. ඒ වෙද්දිත් අපි අර චාර්ලිස් ඒන්ජල්ස්ලා ගැනම කතා කර කර ඉඳියි කොහොමත් ඉතින් අමුතුවෙන් එකතුවෙන්න අලුත් වෙන්න අසූචි මොකටද ඕක කොහොමත් අශූචි ගොඩක් වෙච්ච එක හැර.

    ReplyDelete
    Replies
    1. රැම් බෝ නේ.තනියම සටන්.
      පොලිටික්ස් දැන් ෆැශන් එකක් වෙලා වගේ කොලඹ

      Delete
  6. ඔය ගැන මගේ දැක්ම තියෙන අපූරු ළිපියක්.."කල්ට්" ලියලා තියෙනවා..

    මේන් මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න..

    http://c-u-l-t.blogspot.com/2014/02/blog-post_8.html

    ReplyDelete
    Replies
    1. කියෙව්වා. ඇත්තම කියන්න ,සමහර තැන් නම් තෙරුනා හරිද මන්දා මට.
      ඒත් අදහස තේරුනා. ආන්ඩුවක මූලික කාර්යය ජනතාවට එන්ටටේන්මන්ට් සැපයීම. ඇත්තනේ නිව්ස් වලට ඇබ්බහි වෙච්ච ජාතියක් අපි.

      Delete
  7. හැබැයි වෙලාවකට මට හිතෙනව ගෙනරල් පෙර්සිගෙත් කදවුරට ගු හැලි දාල කියල

    ReplyDelete
    Replies
    1. අවි ගබඩාව . අවි නිපදවීම එහේ උනාට,ගෙනත් පාවිච්චි කරන්නේ ජනසමාජය නම් කඳවුරේ

      Delete
  8. කදවුරු ඔක්කොම සුද්ද කරන්න ඕන..

    ReplyDelete
  9. අපේ ගෙවල් පැත්තේ ඉස්සර පාරේ කුනුගොඩක් තිබ්බා. දවසක් ඒක සුද්ද කලා. ඊට පස්සේ එතනින් යද්දි මොකක්දෝ අඩුවක් දැනුනා

    ReplyDelete
    Replies
    1. සිරා කතාව.මොනතරම් ජරාවක්‌ උනත් ටික කාලයක් යන කොට පුරුදු වෙනවා.ඒත් එක නැති උනාම අමතක කරන්න ගොඩක් කල යනවා.
      එකත් නිකං.....කාලයක් නරක කෑම කාපු එකෙක්ට පස්සේ මොනතරම් හොද කෑම හම්බුනත්,ඒ කන හැම වෙලාවකම,අනේ කාලයක් අර ජරාව කෑවා නේද කියල මතක් වෙනවා වගේ.

      Delete
  10. උඹ යමක් දිහා බලලා ඒක නිර්මාණයක් හැටියට එලියට ගේන ක්‍රමය විවිධාකාරයි. හරිම අපූරුයි. මේ බ්ලොග් එක තුල ඇති සුවිශේෂත්වය එයයි. මම බොහෝමයක් බ්ලොග්ස් කියවන එකෙක් හැටියට මම උඹේ මේ සුවිශේෂ හැකියාවට තදින් ඇළුම් කරනවා. ජයවේවා!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔබ රසවින්දා නම් ඒ ඇති

      Delete

Have commented