31 May 2014

පොඩි හිටියෙකුට අසුවුනෙමි // ..I am not smarter than a fifth-grader

මා මිතුරාගේ රචනා ශූරී පුත්‍ර රත්නය ඔබට මතකද ?   මෙතැනින් බලන්න .

පහුගිය දිනෙක මා මිතුරාගේ නිවසට දුරකථන ඇමතුමක් දුන් විට දුරකථනය එසවූයේ ඔහුයි . "පොඩ්ඩක් ඉන්න අංකල්  මම තාත්තාට  කතා කරන්නම් " කියා මදකට බැහැරවුනු ඔහු ,ආපසු පැමිණියේ "අංකල්  තාත්තා  නානවා , එනකං  මට කතා කර කර ඉන්න කිව්වා " කියා ගෙනය .. මොහු සමග මොනවා කතා කරන්නදැයි  එක්වරම හිතාගන්නට බැරිවුණ නිසා, මම මෙසේ අල්ලාප  සල්ලාපය පටන් ගතිමි .
"ඉතින් පුතා දැන් ඉස්කෝලේ නිවාඩු නේද ? මොනවද කරන්නේ ?"  

මෙතැන් සිට සිදුවූ කතාබහ, වොයිස් කට්  කීපයක් ලෙසින් පහත ඉදිරිපත් කරන්නෙමි .


Voice cut #1

පුතා මොනවද කරන සෙල්ලම් ? හොරා පොලිස් කරනවද ?

නෑ...  අපි බෝබසේ මුත්ලීම් කියල එකක් කරන්නේ 

ඒ කිව්වේ ? ඒක  කොහොමද කරන්නේ ?

අපි තුවාන්ටයි  මොහොමඩ්ටයි  හැංගෙන්න කියනවා . ඊට  පස්සේ අපි යනවා පෙළපාලියේ කෑ  ගහ ගහ,  මෙන්න මෙහෙම 
" ඇල  ඕකට ඇලෝ  , ලනුව උඩින් ඇලෝ  , ලනුව යටින් ඇලෝ ..., ඕක තමයි අපි කිව්වේ , අපිත් එක්ක බා කිව්වේ ". ඊට පත්තේ , උන් දෙන්නව අල්ලලා තොකු අනිනවා .

එක වැරදියි නේ . ඒ දෙන්නා මොන වරදක් කලාටද ගහන්නේ 

ඒ උනාට අපිට නිකන් ඉන්න පාලුයි නේ අංකල් . අනික උන් දෙන්නා අලාල් කනවා . ජාතිවාදේ අවුස්සනවා . උන්ත  ගහලා මදි අංකල් .

නෑ නෑ පුතා එක වැරදියි . එහෙම වෙන්නේ නෑ 

අනේ යන්න අංකල්  යන්න . එතකොට අංකල්  කියන්නේ සාදුලායි අනික් කට්ටියයි  බොලු කියනවා කියලද ?


Voice cut #2

අංකල්  මොනවද අලාල් කියන්නේ 

හලාල් කියන්නේ ඉස්ලාම් ආගමේ කියලා තියෙන හැටියට හදපු කෑම  බීම 

එතකොට එහෙනම් අංකල් , නානසාර අංකල්  , සොලි  සොලි  නානසර  සාදු කියන්නේ මේවා කුඩු වලටත් වඩා  බයානකයි කියලා . ඇයි  අන්කල් ඒ ?


Voice cut#3

අංකල්  ඒ වුනාට බුද්දාගම තමයි හරිම ආගම නේද 

නෑ  නෑ  පුතා එහෙම කියන්න බෑ . හැම ආගමේම ගත යුත්තක් තියෙනවා . අනික අපි අනිත් ආගම්වලට මොකුත් කියන්න හොඳ නෑ ...එතකොට ඒ අයගේ හිත රිදෙනවා 

එහෙනම් අර දවසක්  අංකලුයි අපේ තාත්තයි බුද්දාගමේ වැදි කිව්වේ 

ඒ ඉතින් බුද්ධාගමනේ , අනික ඉතින් අපි බුද්දාගමෙනේ 

අංකල්  බුද්දාගමේ උනේ කොහොමද 

මගේ අම්මයි තාත්තයි බුද්ධාගමේනේ 

මම වගේම එහෙනම් අංකලුත්  බවුද්ද කරලා තියෙන්නේ අම්මයි තාත්තයි .
අංකල්  බුද්දාගමේ වැදි කියන්න අන්කල් මුළු බුද්දාගමම දන්නවද ?

පිස්සුද පුතා , බුදු දහම කියන්නේ සාගරයක් වගේ ලොකු දෙයක් 

එහෙනම් අන්කල් බුද්දාගමේ අයිතිකායද 

නෑ  (එනපොට කුමක් දැයි මේ මොහොතේදී මම කල්පනා කරන්නට වුනෙමි )

එහෙනම් අන්කල් බුද්දාගමට බැන්නම  බුද්දාගමේ අයගේ හිත ලිදෙන්නේ නැද්ද ?

(මට පිළිතුරු නැති විය )

අංකල්  ඕනේ නම් ආස්ක් අ ෆ්‍රෙන්ඩ් අවස්ථාවක් ලබා ගන්න , ලයිෆ් ලයින් තාම ඉතුලුයි .  

ආ ?

ආ ඒත්  බෑනේ... අංකල්ගේ ෆ්‍රෙන්ඩ් තාම නානවානේ 


Voice cut#4

අන්කල් ජාතික සන් ඉන්දියාව කියන්නේ මොකක්ද ?

මොකක්ද පුතා ඒ වචනේ 

ජාතික සන් ඉන්දියාව... අපේ ටීච හොයන් එන්න කිව්වා 

එක සංහිඳියාව පුතා . ඒ කියන්නේ , දැන් මෙහෙම හිතන්නකෝ . මම පුතාගෙන් ප්‍රශ්නයක් අහන්නම් , ලංකාවේ ඉන්න ජාතින් මොනවද ?

අයියෝ ලේසි ප්‍රශ්නයක්නේ අංකල්.... සිංහල , තම්බි , මැලේ , 

තම්බි නෙමෙයි පුතා මුස්ලිම් , තව ?

කේ එෆ් සී ද මොකක්ද එකක් තියෙනවා 

හා හා හා මම හිතන්නේ පුතා කියන්නේ බර්ගර් වෙන්න ඇති 

හිහිහි මට පොඩ්ඩක් පැටලුනා 

තව ?

පගති ගාමි ජනතාව , යු එන්  පී  ජනතාව , හම්බන්තොට කළගුණ ලකන ජනතාව 

ඒ ගොල්ලෝ ජාතින් නෙමෙයි නේ . පොඩ්ඩක් හිතන්න කාව හරි අමතක උනාද කියලා . වෙන කවුද ඉන්නේ ?

වෙන නෑ  එච්චයි 

ඇයි  දෙමළ ?

හු හූ අංකල්ට  අමතක වෙලා . දැන් දෙමළ  අය නෑ . අල  නන්දිකුදාල් වලින් පස්සේ නම් ටිකාක් හිටියා . දැන් නම් කවුලුත්ම  නෑ  . ඇත්තටම මොකද අන්කල් ඒ ගොල්ලන්ට වුනේ ?

හ්ම් පුතත් මාර කතා තමයි කියන්නේ 

අංකල්.... නුවනැත්තන්නම් බොන්නෙම ත්ති  නේ ...



පලි : 
මේ පොඩිහිටියාගේ දෙමාපියන් ගැන මට මහත් අනුකම්පාවක් ඇතිවිය . මා මිතුරාට මා කිවේ "මාත් මෙතන හොඳට නා ගත්තා " කියාය . එනමුදු ඔහු කි දේ ගැන සිතීම මට නැවත්වීමට නොහැකි වී ඇත . පහත වීඩියෝ වත් නරඹන්න . මෙහි ඉන්න පොඩි එක කියන්නේ ඌරුමස් නොකන කොටියා මුස්ලිම් බවය . දෙබලයක් අස්සෙන් ආ කොටිවලිගයක් අල්ලා ගත ගමරාළට අත්වූ ඉරණම මට සිහිවේ . කොටි වලිග වනාහි , අල්ලා ගත්තොත් අල්ලා  ගත්තාමය 

https://www.youtube.com/watch?v=wOytDGZK1Ww

14 comments:

  1. යකූ පොඩි උන්ටත් ජාතිවාදේ පොවලා..

    මොනා කරන්නද උන් පේස් බුකියේ ඉන්න පොඩ්ඩෝ වෙන්න ඇති :ඩී

    ReplyDelete
  2. අම්මපා පොඩි උන් එක්ක බෑ අයියෝ.. මාත්තුරුකාව හරියට හරි..

    ලිවිල්ල නම් එළ කිරි හා කිතුල් හකුරු...

    ReplyDelete
    Replies
    1. උන් එක්කනම් ....:)

      Delete
  3. අම්මෝ දැන් හැදෙන පොඩ්ඩෝ හෙට අනිද්දට උන් එක්ක කතා කරන්න අපිට ටියුශන් යන්න වෙයි නේ..!
    අනික කොල්ලා කියන්නේ බොරු කියලා යැ අපිට වෙන්නේ හ්ම් හ්ම් කිය කිය ඉන්න තමයි කොයි එකටත්.

    ReplyDelete
    Replies
    1. රoගි දැකලා තියෙනවද දන්නේ නෑ ලoකාවේ පෝස්ටර් එකක් තිබ්බා
      "ඉන්ටනැශනල් ස්කූල් යන බබාලගේ අම්මිලාට ඉන්ග්‍රිසී පන්ති" කියලා. ඒ වගෙ පන්තියක් දා ගන්න වෙයි

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. හොඳ පොඩිහිටියෙක්...:)

    ReplyDelete
  6. අනේ මේක මුද්ලනය කලලා යවන්නකෝ නානසාල අංකල්ට හුටා......... නාන සාදුට.

    ReplyDelete
  7. හෆොයි වෙච්ච දෙයක් කිවලු. පොඩි නම් වෙන්න බෑ මේ කොලුවා

    ReplyDelete
  8. යු ටියුබ් වීඩියෝ දාන කොට එම්බෙඩ් කරන කෝඩ් එක දාන්න.

    ReplyDelete
  9. නියම පොඩි එකෙක්.. මම දවසක් අපේ අක්කගේ දුවට කතා කරලා ඇහුව ඔයා මොනවාද කරන්නේ කියල.. අපි ක්‍රිකට් ගහනවා කිව්වා.. මම කිව්වා ශා මරුනේ ඔයා දැන් ක්‍රිකට් ගහන්නත් දන්නවද කියල එතකොට කෙල්ල කියනවා "ඔයාට පිස්සු ද අනේ අයියල ක්‍රිකට් ගහනවා මම 4 පාරක් හරි 6 පාරක් හරි නැත්නම් අවුට් උනොත් හරි එතන ඉඳගෙන නටනවා" කියල.. හෙහ් හෙහ්

    ReplyDelete

Have commented