04 May 2014

සැපයුමට සරිලන ඉල්ලුම // Demand for supply

ටික දවසකින් මොකුත් ලියන්නත් බැරි උනා . (ඒත් ලියවුන දේ කියෙව්වා. )

 පරන කතා ආයෙත් ආයේත් ඇදලා ගන්නවා කියලා හිතන්න එපා, මේ පහුගිය දවස් වල සිද්ද වෙච්චි සිද්ධීන් නිසා මේ කතාව ලියන්න හිතුනේ ටික දවසකට කලින්. සාමාන්‍ය විදියට සති දෙකකට පස්සේ මේ සිද්ධින්ගේ සැර බාල වෙලාද දන්නේ නෑ . ඒත් මේ කස කාරයෝ, පෙරහැර ගැන දෙන ඔත්තුව බැරෑරුම් නිසා මේ සටහන පළ  කරන්න හිතුනා . 

මුලින්ම කියන්න ඕනේ මේක මම අහපු කතාවක් බව . ඉතින් කතාවේ ඇත්ත නැත්ත හරියටම දන්නේ නැත්තෙමි . හැබැයි කතාවෙ යටිපෙල අරුත හා පාඩම , අදාලයි කියලා හිතෙනවා අදටත්. 

උස්වත්ත ආයතනය ගැන ඔබ දන්නවා ඇති . අර තොප්පි දාන , රැවුල වවපු සුනිල් ගේ පවුලේ ව්‍යාපාරය . අර ජුජුබ්ස් හදන්නේ...
ඔන්න එක කාලයක අවතිර්න වුනාලු වෙලඳ පොලට තවත් ආයතනයක් ජුජුබ්ස් වගෙ ජාතියක් නිශ්පාදනය කරන. (ඕක අපේ රටේ (විතරක්ද මන්දා ) හැටියක්නේ . සපත්තු කඩයක් සාර්ථක වුනොත් , මුළු පාරේම පටන් ගන්නවා සපත්තු කඩ . නිකන් වත් කාටවත් හිතෙන්නේ නෑ  දාන්න මේස්  කඩයක් ..)
  වෙලඳ පොලට දාපු මුල් රස කැවිලි පැකට් ටික විකුනුනාලු උණු කැවුම් වගේ. දෙවැනි තොගයත් එහෙමමයි. මුල් මාස හයේ මාර අලෙවියක්. ඉතින් අර ආයතනය නිශ්පාදන ධාරිතාවය වැඩිකලා, අලුතින් සේවකයන් බඳවා ගත්තා. ණයක් අරන් අලුත් බිල්ඩිමක් කුලියට ගත්තා ,  අලුත් මැශින් ගත්තා. හැබැයි පොඩි රහසක් ..දාන දාන බඩු මිලදි අරන් තියෙන්නේ උස්වත්ත ආයතනයෙන් . 

ඔන්න එක පාරම නූල් දීලා දීලා , සරුන්ගලේ නූල  අත ඇරියා. බඩු මිලදි ගැනිම නැවැත්වුවා. වෙච්ච දේ හිතා ගන්න පුලුවන් නේ . අර ආයතනය ණය ගෙවා ගන්න බැරුව බංකොලොත්  වුනා. 

ජුජුබ්ස් වලට විතරක් නෙමෙයි අනෙක් හැම දේ ටත් , බොහෝවිට ඇති ඉල්ලීම මෙවැන්නක්  බව , බොහෝ දේට මෙවැනි ඉරනමක් හිමි නොවේ යයි අපට කෙසේ නම් සිතිය හැකිද ? 

පලි : කවුරුන් හෝ නානසාර උන්නැහේ පාවිච්චි කරගෙන කරන භයානක සෙල්ලම .  අල්ලන අල්ලන දේ රන් වන වරමක් ලැබුණු රජ කෙනෙකුගේ කතාවක් හේතුකොට මෙය ලිය වුනි 

14 comments:

  1. නානසාරට වත්මන් දේශපාළණ සන්දර්බය තුල ළොකු ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම බැක් එකක් තියෙනවා. මහ නායක හාමුදුරුවොත් බැක් කරන්නේ ඒක දැනගෙන. ඒ නැතත් මහ නායක හාමුදුරුවරුයි, දැහැමි බෞද්ධ ජනතාවයි බොහෝම කැමතියි ගේමට. නිකන් නෙමෙයි ලේ වැගිරෙන අති භයානග ගේම් වලට. ගොඩක් අය ගේමට යන්නේ නෑ පැත්තක ඉඳන් ආතල් ගන්නවා. ඒත් ගේමට යන ගොන්නුත් ඉන්නවා. එහෙම ගේම් වලට ගිහින් ගොඩ ගිය උනුත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන එක ඇත්ත . වලියක් බලලා කික් එකක් ගන්නවුන් කොච්චර ඉන්නවද? ඉතින් ගහ ගන්න කවුරු හරි ඉන්නත් එපායැ. ඒ අතින් බලපුවහම ලොක්කාව අදහන්න වටිනවා. ඒත් භයානක සෙල්ලමක්

      Delete
  2. උස්වත්ත කියන්නේ අර ඒ කාලේ ජුජුබ්ස් වගේ එක එක පාට කෑම වර්ග ගෙනාපු කොම්පැනිය නේද?
    දැන් හීනෙන් හීනෙන් වගේ ඒවා මිසක් නානන්සාර ගැන නම් මතක් වෙන්නේවත් නෑ අපිට නම්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කට්ටිය තමයි.ඔන්න රන්ගිට කෑම ලොකු උනා දේශප්රේමයට වඩා :)

      Delete
  3. නානසාර කොම්පැනියේ බඩු මාකට් වෙන්නෙත් ටික කාලයයි. හැබැයි නානසාර ඒක දන්නවා. ඒකනෙ නයෝමිගේ පච්චෙට සපෝට් එකට කතාකරේ. නානසාරත් කවද හරි දවසක 'මගේ කාර්ය ඉවරයි මං දැන් දැහැමින් සෙමින් බණ භාවනා කරලා සෝවාන සකෘදාගාමි වෙලා ඉන්නෙ' කිව්වොත් අපේ අය ඒකත් පිළිගනී.

    ReplyDelete
    Replies
    1. ඔව් හැම දේකම shelf life එකක් තියෙනවනේ. මම හිතුවේ ලොක්කා බුදු හාමුදුරුවන්ටත් උඩින් ඉන්නේ කියලා.

      Delete
  4. හ්ම්.. ..කොහොම ගේමක්ද කියලා තාම හිතා ගන්ට බෑ . ඒත් ඉතින් හොට පැටලෙයි කියලයි මට හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ හොට පැටලෙනවට වඩා,"කල් ඉකුත්"වෙයි කියලයි

      Delete
  5. නානසාර හාමුදුරුවෝ එයාගේ පස්සෙන් ලොකු අතක් තියෙන හන්දා බය නැතුව හැමදේටම ඉදිරිපත් වෙනවා.. එහෙම නැත්නම් ඉතින් මෙහෙයවනවා.. ඔය දෙනෙක් එක්ක තමා වෙන්නේ..

    ReplyDelete
  6. මගෙත් අදහස වෙන කවුරු හරි පොඩි මෝඩ ආතල් එකක් ගන්න හෝ ඇජෙන්ඩා එකකට හෝ දෙකටම හෝ මෙහෙයවනවා කියලයි

    ReplyDelete
  7. AnonymousMay 05, 2014

    ඒකෙත් හැටි,ඔයාට පුළුවන් නම් මේ කතාව බලන්නකෝ.මෙන්න ඕකේ ඇත්ත.http://amuthusithuwili.wordpress.com/?s=%E0%B6%B6%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%92.&submit=Search

    ReplyDelete
  8. මේ ජුජුබ්ස් කතාව හා සමාන කතාවක් තියෙනවා කලියුගය හෝ යුගාන්තය කියන (ගම්පෙරලිය සීරීස් එකේ) පොතේ.

    සවිමන් කබලාන කරන්නේ තමන්ට විරුද්ධ ව්‍යාපරයක්ම මිලයට අරන් වහලා දාන එකයි.

    ReplyDelete

Have commented