30 June 2014

In transit ( a story in transit)

Another flight, and here I am engaged in my favourite pastime for these times. People watching. Today's project capture some random people and write their story. So here goes...


තවත් ගුවන් ගමනක් . මම ආයෙත් මගේ පරන නරක පුරුද්දේ යෙදිලා. ඔන්න මම හිතා ගත්තා මේ සැරේ , ගන්න පින්තූර, ලියන්න පොඩි කතාවක් ඒවා වටේ. ඔන්න මගේ සැකිල්ල. වැඩිය සිරියස් ගන්න එපා. නිකන් පාලුවට වගේ ලියපු එකක් නේ. බාසාව  ප්‍රශ්නයක් කර ගන්න එපා.




Captain James T sits patiently. It is a long journey that awaits him. But he won't feel the time. He will be put to astro sleep. For years he will sleep. 

"You wont feel a thing " the olive skinned flight attendant with the nasal voice said , he remembered.
"But wont my mind be alive? won't I feel?"
"Guess so." Her answer was more profound than she intended it to be.

But when he arrives at his distant destination, a large moon slightly smaller than the planet it has bound itself by gravity, he would have his work cut out
                 ***



 Will anybody recognize me? 
He wonders. 
As far as the world or the government records are concerned "Black death" is officially dead. yet another rebel and an activist succumbed to his cause , before any real impact could be made. But this was the only way.
" A ride to another galaxy. Escape in to the dark eh?"
she asked as she lay her head heavy on his chest.
"Something like that ."

He could see the man seated in the front row. May be military. He makes a mental note. Definitely travelling in first class. Astro sleep and all. Unlike the cattle class, where , apart from your food queues and toilet queues , you just grow old.

                ***


 She sits composed .As always. She is trained for this. She takes another glance at the photo in her phone. Before he gets on the shuttle. A single kill shot . She goes through the instructions. Again.
              ***



Mr Bank's lights up a cigar. Cuban. Nice. The essence of scotland and essence of Hawana meets in his head. This is going to end fine afterall. From him seat in the VIP lounge He can see "agent O " seated. One of these moments, she would get up and do what she does best. So swiftly even before her victim realises that he is dead, he will be.
By the time Mr Bank's can finish his drink it will be all over. What a pity. Another drink would be nice.

28 June 2014

ගිණි අවි සහ හරි කෙළි // Side (arm) Effects

"රාලහාමි අයියේ "

උදේ පාන්දරම ගේට්ටුව අසළ  කවුරුදෝ කෑ ගසන්නේය .

"පුඥ්ඥසෝම කඩේ ගියෝ " කියාගෙනම සෝමා කුස්සියේ සිට වටෙන්ම ගියේ ඒ කවුදැයි කියා බැලීමටය 

රඹ ප්‍රමාණයේ කෙසෙල් ඇවරි දෙකකුත් අතේ තබාගෙන ගේට්ටුවෙන් එපිට සිරිල් සිටගෙන සිටින්නේය . වම් කණේ  සිට දකුණු කණට පැතිරුණු සිනහව මුළු මුහුණටම  එළියක් ගෙනවිත් ඇත.

"ආ  මල්ලි මොකද මේ උදේම ? එන්න ඇතුලට . අයියා පාන් ගේන්න ගියා . " 
සෝමා හඬ බාලකර කිවේ පුෂ්ටිමත් කෝලිකුට්ටු දෙස හොරෙන් බලමිනි 

"නෑ  අක්කේ මේ අපේ වත්තේ කෝලිය කැනක්  ඉදුනා , අයියාට  ගෙනාව අයියා කන්න කැමතියි නේ ."

"අයියා නම් ඕන ජරාවක් කනවා . වැඩිය කැමති ඉතින් ඇති කෙහෙල් තමයි . ඒත්  මොකද මේ කවදාවත් නැතිව ?"

"නෑ  ඉතින් අපිටත් ආරංචි උනා . අයියටත් හම්බු වෙන්න ඇතිනේ . පොඩි පහේ දෙයක්ද අක්කේ . අපිටත් ආඩම්බරයිනේ . එත් මට ෂුවර් තිබ්බේ නෑ  අයියා ගෙදර ඉඳියිද කියලා "

"අද නිවාඩුවක් දැම්මා කිව්වේ , කාකි  කලිසම හෝදන්න තියෙනවා කියලා "

එවිටම රාලහාමි ගේට්ටුවෙන් ඇතුළුවිය 

"මේ සිරිල් මල්ලි තෑගිත් අරන් ඇවිල්ලා " සෝමා ඉක්මන් විය 

මොකෝ මල්ලි ලෙඩක්ද , හෙල්මට් නැතුව ගිහින් අහු උනා ද , දඩ කොලයක්ද , හොරු පැන්නද ?

නෑ  නෑ  එහෙම එකක් නෑ ...රාලහාමි අයියේ උඹ ඇක්සයිස් වත් කරනවද ..පපුවත් ඉස්සරහට ඇවිල්ලා  , උසත් ගිහින්ද මන්දා 

විකාර මල්ලි , දැන් ටික දවසක ඉඳන් අමුතු විදියකට තමයි ඇවිදින්නේ , මනස්ගාත 

අනේ මේ ගොල්ලන්ගේ හැඳි මිටේ මොලේ ...මල්ලි මෙහම තමයි මමයි රජ එකේ විජේ ඇවිදින්නේ ...

අයියේ අපිටත් ආරංචි උනා ...හම්බුනා කියලා 

මොනවද ඕයි  මේ හම්බුනා කියන්නේ , ප්‍රොමෝසන්  එකක්වත් හම්බු උනාද ?

සෝමාගේ පැනයට පුඟ්ඟසෝම පිළිතුරු දීමට ගියේ නැත . පැනය  නෑහුන ගානට සිටියේ . ඔහුට මාජ්ජ ප්රෝකාසක ඇස්  ඇස්  පී සර්ව සිහිවිය 

වෙනදා වගේ නෙමෙයි මල්ලි උඹට කියන්න දැන් ටිකක් කඩ පිලට ගියාමත් මිනිස්සු ටිකක් රැස්පොට් එකක් දීලයි කතා කලේ . ඉස්සර වගේ නෙමෙයි බං 

උඹේ වටිනාකම ගමේ උන්ට තේරෙන්නේ නෑ  බං . 
අයියේ එක සැරයක් ගෙදරට හොරු පැනලා කැප්  තොප්පියත් අරන් ගියානේද 

කැප්  එක විතරක්නම් මදැයි , බැටන් පොල්ලත් අරන් ගියානේ . ඊට  පස්සෙනේ වැඩේ උනේ 

මොකෝ උනේ 

ඒ අසමජ්ජාතියා තොප්පිය අර මඩ  ලියද්දේ පඹයාට දාලා  ගිහින්නේ 

නෑ මාර නෝන්ඩියනේ 

ඔව් බං  ට්‍රැෆික් ඉන්නකොට හෙල්මට් දාලා  ටොකු ඇනලා  යනවා. කොල්ලෝ කෑගහනවා පොන්න  සෝම කියලා ...අපි විඳින දුකක් 

හිහිහි 

හිහිහි? හැබැයි පුතෝ දැන් ඒ සෙල්ලම් බෑ . වැඩිය ආවොත් ගත්තා මේ පැත්තෙන් ඩි ෂුම්  ගාලා අවම බලය පාවිච්චි කරලා දානවා 

අපි දැක්කා අර වීඩියෝ එකේ කට්ටියගේ වැඩ 

අන්න දැක්කද ..නිකන් කෙලින් හිටගෙන කව්බෝයි වගේ ..අර කිලින්ට් ඊස්  වුඩ් වගේ , ඩිශුම් ඩිශුම්
 (දකුණත  ඉණ  අසල තබාගෙන , ඇඟිලි දෙකක් දික් කර ඔහු රඟ  පා පෙන්වීය )

අම්මේ බයෙත් බෑ 

හැබැයි මල්ලි එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා 

මොකෝ අයියේ 

මේ හුචක්කුව ඉනේ එල්ල ගත්තම , කලිසම බහිනවා බං 



පලි  :  මම ඉස්සර හිතන් හිටියේ අහිංසක පොලිස් යනු හුදු මනෝ කල්පිතයක් පමණක් කියාය . එය එසේ නොවන බව මම දැන් දනිමි 

21 June 2014

කැළෑ ගිනි තැබීම , ඇස් වසා ටොකු ඇනීම , අල්ලේ මැද ඇඳපු ලංකා සිතියම හා වෙනත් කතා // The week in review

නොකළ නොහොඳ හා කළ  හොඳ 

මා මේ සටහන පටන් ගත්තේ ඉහත චායාරූපය ගැන ලියන්න  හිතා ගෙන . කළ  හොඳ හා නොකළ නොහොඳ ගැන ලියන්න . ඒ දෙකේ ඇති වෙනස ගැන ලියන්න මා කටු සටහන ගහල තිබ්බේ . ඒත් පහුගිය සතියේ ඇති උන සිද්ධිනුත් එක්ක වෙන වෙන කතා මේ සටහනට එකතු උනා .  

කතා අංක 1
හේන් ගිනි තියන්නේ , කැලෑවෙන්  කොටසක් එලි කර ගන්න . මොනවා උනත් ගස් කීපයක් විනාස වෙනවා . ලොකු ගස් නම් ආයේ වැවේවි , එත් දළු දාපු රිකිලි විනාස වෙන්නේ සදහටම . කොච්චර පරිස්සමට කළත්  , හුළඟට ඇල්ලුවොත් ලැව්  ගින්නක් වෙලයි නවතින්නේ .


කතා අංක 2
පුංචි කාලේ දඟ කමට කරපු සෙල්ලමක් තමයි, පස්සෙන් ගිහිල්ලා  කාගේ හරි ඇස්  වහන  එක . අයෙක් ඇස්  දෙක වහල තදින් අල්ලාගෙන ඉන්නකොට වටේ ඉන්න අනෙක් අය ටොකු අනිනවා . වයසින් මුහුකුරා යත්ම ටොකු ඇනීම  වෙනුවට , වෙනත් ස්ථාන තෙරපීමත්  විටෙක වුනා (පිරිමි ඉස්කෝල  වල විතරක්ද මන්දා ) . ඊට පස්සේ ප්‍රහාරයට ලක්වූ අයව වටයක දෙකක් කරකවලා අනෙක් අය  දුවලා ගියා . අර අහිංසකයා ඇස ඇරලා , අඳුරෙන් එළියට  ඇස්  හුරු කරගෙන බලපුවහම , ටොකු ඇනපු  කෙනෙක් නෑ .



කතා අංක 3
උගුරට හොරා බෙහෙත් බොන්න පුලුවන්ද ලංකාවේ 

ඒක තමයි මාත් මේ කල්පනා කලේ 


කතා අංක 4
මචං , මේ රටේ මිනිස්සු වයසක මනුස්සයෙක් , ගැබිනියක් දැක්කත් කෝච්චියේ සීට්  එකවත් දෙන්නේ නෑනේ 

ඔව් එක නම් ඇත්ත 

ඔන්න මම නම් දැන් සීට් තිබ්බත් ඉඳ ගන්නේ නෑ 

ඒ ඇයි ?

එතකොට , නැගිටින්න ඕනේ නෑ  නේ .

ඔබ ඉඳ ගෙන හිටියොත් නැගිටලා සීට්  එක දෙනවා . 

ඔව් 

ඒත්  නැගිටින්න වෙන නිසා හිට ගෙන යනවා 

ඔව් 

ඒ දෙකම එකක් නෙමෙයිනේ 

ඒ වුනාට , ඉඳ ගෙන ඉඳලා නැගිටිනවට වඩා හිටගෙන යන එක ලේසියිනේ 


කතා අංක 5
අපි ජාතිවාදය පිටු දකින්න ඕනේ .
එතකොට දැන් තියෙන්නේ ජාති වාදයක්ද ආගම් වාදයක්ද 

ඒ කිව්වේ 

ඒ කිව්වේ සිංහලබෞද්ධ කියන්නේ ජාතියක් , මුස්ලිම් කියන්නේ ජාතියක්?

ඔව් 

ඔව් ? එහෙනම් හරි,  ඉතින් අපි මොකද කරන්නේ 

දැක්කේ නැත්ද මගේ ෆේස් බුක් එක , අර අල්ලේ ලංකාව ගහලා ජාතිවාදය එපා කියලා දැම්ම පින්තුරේ 

හි හි හි 

 (තව දිගට සම්බන්දයි )

පලි : 
ප්‍රස්තාව පිරුළු කීපයක් සිහියට එන්නෝය  
 "ඌරන් කැකුණ තලනවිට හබන් කුකුලන්ට මගුල් "
" වැටත්  නියරත් ගොයම් කා නම් ..."
" දී කිරට බළලුත් සාක්කි ..."

"ලුලා නැති වළට ...."
"අනුන්ගේ මගුල් ගෙදර තමන්ගේ කරුණාව පෙන්වීම "


07 June 2014

තන්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා

පියෙකු දෙ  උර නැග   ගත්  සිඟිත්තෙකි . පුර පසට හැරුණු අඩ  සඳ , අහසේ කොනක , දුහුල් සේලයකට මුවාවූ නව යෞවනියක සේ , ලජ්ජාවෙන් වලා කුලකට මුවාවී සිටින්නීය . නුවර අත්තා ගෙනවිත් දුන් ඔලිඳ ඇට මල්ල , මැද  සාලයේ ඉහිරුන විටෙක් මෙන් , අහස පුරා ඉහිරුන තරුය . දෙසවන් පිරෙන්නට රැහැයියෝ ගයති . 

බොරළු මතු වූ මාවත දිගේ ඔවුහු ඇවිද යන්නාහ . පියාගේ ඇවිදීමේ වේගයටම , ඔහුගේ බිරිඳද පසුපසින් වැටිලාය  . ඈ , තම වෙහෙස , නැගෙන හතිය සඟවා ගන්නීය . ඈ නෙත් යොමුවී ඇත්තේ , පුතු දෙසය .

"ලජ්ජුලුවෝ උද යි , උදයි ...." සුරතල් බසින් කොලුවා කෑ ගසන්නේය 

" පුතා කියන්නකෝ අර කවිය " අප්පච්චි පෙරැත්ත කරන්නේ , කෙතරම් ඇහුවත් , ඇති නොවෙන ඒ කවිය නැවත ගායනා කර ගැනීමටය .

කොලුවා කවිය පටන් ගන්නේය .
"තන්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා ආ ආ ..කතු කැලේ  ඒ ඒ ඒ ඒ ...". රැහැයි  ගීය  මදකට නතරවූ සෙයකි 

අප්පච්චිගේ මුහුණේ මද සිනාවක් ඇඳෙයි . ඔහු මව දෙස බලන්නේය . ඈ සිනහවෙමින් කොලුවා ගේ පිට පිරිමදින්නිය 
" හා හා පුතු වැනෙන්න එපා , අප්පච්චිට අමාරුයි ...දැන් ඔයා වැටෙයි ..". මව් සෙනෙහස පිය සෙනෙහසට වඩා වෙනස්ය . එය වැඩියෙන් පරිස්සම්දායකය .

"හරි හරි පුතු කියන්න ..."

" කතු කැලේ , ගාලේ නොලිහා වද  දෙනවා ". 
කොලුවාට ඊළඟ පදය අමතක වූ සෙයකි .
"හපුතලේ ...." පියා ඔහුට එය මතක් කර දෙයි 

"අපුතලේ , කන්ද දැකලා බද දානවා ආ ආ ආ  . පවු කල ගොනෝ ඕ  ඕ  ඇදපන් න් න්  . අපුතල් ල්  ල්  යනවා ආ ආ ආ .."

"අප්පත්ති ..."

"ඔව් පුතු ?"

"පව් ගොනා ...."

"හ්ම්ම් "

මවකගේ ලයින් පිටවූ සුසුමක් රෑ කළුවරේම  පරිසරයට එක් වුයේ හොරෙන් ය . ඒත් සඳවතියට එය දැනුනි .



පලි 

කාලය එක්දාස් නවසිය හැත්තෑව දසකයේ අගය . මේ යුවල රජයේ ආයතනයක සාමන්‍ය  රැකියා කරන , කුලී නිවෙසක තම ජීවිතය පටන් ගත් දෙපළකි . දහසක් බලාපොරොත්තු සිත්හි ගුලිවුණු ඔවුන්ගේ ජිවිතයේ , කිරුළ  තම කුළුදුල්  පුත්‍රයාය . ඔහුට අවුරුදු තුනකි . සතියේ බොහෝ දිනවල මෙන් , රාත්‍රී ආහාරයට තම සහෝදරයාගේ නිවෙසට ගොස් , අල්ලප සල්ලාපයෙන් පසුව , කොළඹ තන්තිරි මාවත දිගේ නැවත තම නිවෙසට පැමිණෙන ගමනකි මේ . 
මොවුන්ගේ ජීවිතය පඩි දිනයෙන්  පඩි දිනයට  , හපුතල් කන්ද නගින දෙබානගේ ජිවිතයට එතරම් වෙනස් නැත . එහෙත් වෙහෙස නොබලා ඔවුන් දිවි ගැල  අදිති .

පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා , ඒ කොලුවා මමය . මේ කරත්ත කවිය මා කුඩා දිනවල නිතරම කියූ දැනටත් හිතේ ගැඹුරකටම  දැනෙන එකකි 


04 June 2014

Five O'clock in the morning // පහේ කණිසම

At five o clock in the morn
As the extinguished stars exhale long
As it spread , the sun’s the first yawn
of the new dawn

As the sleeping raven
 In their night’s  perch
Arrange their ruffled feathers
of a lurid gloom

As the last Sepalika blooms
blushed to the corolla tube
part
leaving  only the memory
of  her sweet scent  ,
in her lover’s mind

At five o clock in the morn
he draws her closer to his warmth
He whispers , as he kisses her nape

“today, let’s wake up a little late “
__________________________________________________

මියෙන තාරුකා , දිගු සුසුම් හෙලද්දී 
සිතිජයෙන් ඈනුමක් , නුබ කුසේ ඇඳෙද්දී 
රැයක්  පුරා නපුරු හීන 
අවුලුකළ පියා රොද  
කපුටු හොටකින් පීරත් පිළිවෙලට 
කාටත් නොදැනෙන්නට 

සුවඳ විතරක් තියා , ගසට 
ලජ්ජාවෙන් රතුවී නටුවටම 
සේපාලිකා , ගිලිහෙද්දී 
උඳුපියලිය නෙතක නැගුනා 
කඳුලක්  ඉබේටම 

වදිද්දී පහේ කණිසම 
තුරුළු කරන් ඈ , තම ලය උණුහුමට 
කියයි හේ රහසින් 
" අද නැගිටිමු ටිකක් පරක්කු වී "