02 July 2014

ජාතිවාදය තියන් ත්‍රී වීලරයේ යාම , තෝසේ කෑම හා ආච්චිගේ ජාති අලය

ඔන්න ගණන් හිලව් එහෙම කතා කරගෙන ඉවර වෙලා මම නැග්ගා ත්‍රී  වීලරයට .  පරණ පුරුදු විදියට කතාවක් පටන් ගත්තා රියදුරා සමග (ටැක්සි රියදුරන් සමග කතා බහට මම කොහොමත් කැමතියි ). අපි රටේ තොටේ විත්ති කතා කර කර යනවා . ඔන්න මුස්ලිම් පොත් කඩයක් පහු වෙනවා . බෝඩ් එකේ හැටියට අලුතෙන් පටන් ගත්ත එකක් වගේ ( එහෙමත් නැත්නම් අලුතෙන් බෝඩ් එකක් එල්ලලා ) .  හිතෙනවා කියන්න  අලුතෙන් නැගෙන මුස්ලිම් රැලි ගැන , ඒවායේ ආධාරයෙන් ඔරු පදින කට්ටිය ගැන . හැබැයි මොහු ගේ ජාතිය ගැන  නිච්චියක් නැති නිසා මම කට වහ ගන්නවා . 

අපි පහු කරනවා බෞද්ධ මන්දිරය . අම්මපා අනේ පිඬු සිටාණන්ට ලජ්ජා හිතෙනවා , තමන්ගේ ජේතවනාරාමයේ සයිස් එක ගැන මේක දැක්කනම් . මෙන්න ශ්‍රද්ධාවේ තරම , තෝම්බ සයිස් . මට ආයෙමත් හිතෙනවා මොනවා හරි කියන්න . ඒත් ..... මම දිව හපා  ගන්නවා .

ටිකක්  ගියාට පස්සේ , රගර් කතාවකින් මම නම අල්ලගන්නවා . මුස්ටෆා . කොහොමෙන් කොහොමට හරි අපේ ගමන කොළඹ  යද්දී , කතාබහ යනවා අලුත්ගමට .
කුළුපඟ කම වැඩිවෙලා  කියවෙනවා 

මම මේ මල්ලි මුස්ලිම්ද කියලා ෂුවර් නැති නිසා මොකුත් කිව්වේ නෑ  පරිස්සමට .

ඔව් සර් මටත් එක එක ඒවා කියවෙන්න ආවා .... සර් මාර  වැඩේ නේ , අපිට තේරෙනවා මේවා පිස්සු වැඩ කියලා , ඒත්  අපි බයයි .... 

***

පුතා තව බෙදා ගන්න . 

ඔන්න මම තව තෝසයක් බෙදා ගන්නවා . අපි ගිහින්  කෑමකට , නෑ  ගෙදරකට ...
ඔන්න කවුදෝ කෙනෙක් විහිලු කතාවක්  පටන් ගන්නවා . ..මේ කතාව ඉවර වෙන විදිය මම දන්නවා , පොඩි කණේ   පාරක් එක්ක ද්‍රවිඩයන්ට . ඔන්න කතාව අතරමග නතරවෙනවා . ඒ පිඟානට තව සාම්බර් ටිකක් වැටෙනවා . සාම්බර් එක්ක තෝසේ  උගුර දිගේ සුරුස් ගාලා ලිස්සලා  ගියත් ,  ජාතිආලය හිර වෙනවා උගුරේ .

***

ආ ආච්චි  පන්සල් ගියාද 

ඔව් පුතේ ,  හාමුදුරුවෝ හොඳ  අනුසාසනාවක් කලා .

මොනවා ගැනද 

මේ ජාතිවාදේ  ගැන 

මොනවද කිව්වේ 

මේ මුස්ලිම් නිසා අපිට නිවන් දකින්න බැරි වෙන හැටි හොඳට පැහැදිලි කලා . මුන් දෙව්දත් පරපුරේ එවුන් ....

ආච්චි,  දෙව්දත් බුද්දාගමේ නේද 

මොකෑ  කිව්වේ මට ඇහුනේ නෑ 

මොකුත් නෑ ආච්චි 

එක නෙමෙයි පුතේ , අපි  පොඩි කාලේ ....ඉස්සර මේක සිංහල රටක් නේ . .....ඒ  සිංහල කිව්වේ අදහන ආගමට නෙමෙයිනේ , අපේ සන්ගිස්කෘතියටනේ, අපි ජීවත්  වුන විදියටනේ  . කවදද පුතේ ඕක මාරු කරේ 


පලි :
දේශප්‍රේමය ජාතිඅලය කියලා  එකකින් වැහිලා . 

මේ මල ඉලව්ව නිසා , දැන් හුලන් වැදි  වැදී යනකොට අල්ලාප  සල්ලාපයක්  වත් , තොසේ ගිලින කොට පොඩි විහිළුවක් වත් කරන්න බැරි විදියට අපි බය වෙලා. 


20 comments:

  1. මේක මෙදා මවුබිමේ ගිය ලිපියට හින්ට් එකක් ද ??

    ReplyDelete
    Replies
    1. ඒක නම් කියෙව්වේ නෑ. හැබැයි කීප දෙනෙක් එක්ක කතා නම් කලා . ඔවුන් නම් එය කියවා තිබුනාද දන්නේ නෑ

      Delete
  2. 83 දී ජාති ආලේන් මගේ බඩ බුරුලට ගියා. පට්ට ගඳයි. මේ ඊයේ පෙරේදත් ඒ ලෙඩේම හැදුනා නිකං යනවා වගේ නෙමේ නේ පින්ච්. ජාතී ආලේ යනකොට පට්ට ගඳක් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔය අලේ ගොඩක්ම ගන්නේ විරේක වලට. විරේක කිව්වත් විරෙකම නෙමෙයි, නිකන් කිසිම ලෙඩක් නැති වෙලාවට වෙද මහත්තුරු ගානක් හොයා ගන්න

      Delete
  3. ඒක ඇත්ත, කොයි වෙලේ අනෙක් පාර්ශ්වයට වරදීද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩ එහා මෙහා උනොත් කෝලාහල

      Delete
  4. ආච්චිගේ කතාව මුලුමණින් ම ප්‍රබන්ධයක් යැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සියල්ල ප්‍රබන්ධ

      Delete
  5. ඇත්තම තමයි... දේශප්‍රේමීන් හැමතැනම නිසා බයෙන් ඉන්න වෙලා තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. දේශප්‍රේමින්ද ? ජාති ප්‍රේමින්ද?

      Delete
    2. දේශප්‍රේමීන්.. ජාතා ප්‍රේමීන් දෙගොල්ලම...

      Delete
  6. මට මතක්වෙන්නෙම මා හැදුනු සමාජ වටපිටාව. ඒ තුල සිටි ආදරනීය සගයින්. අපි අතීතයට යන මිනිසුන් විනා , අනාගතයට පිය මනින්නෝ නොවේ. රොඩේෂියාව, වර්තමාන සිම්බාබ්වේ වූ අවස්තාවන් සහ නොයෙකුත් ඓතිහාසික කතා මතකයට නැගේ. අපිට උරුමවූ කඳුළු පෞදගලිකව ජයගැනීමට මට හැකිවුවත්, රටක් ලෙස ඒ කඳුළු තුලම මිය යන බවනම් පැහැදිලිය. රයිගම් කතන්දර බ්ලොගය තුල ඔහු නොයෙකුත් දේ විග්‍රහ කිරීමට ගන්නා උත්සාහය, උඹ උත්ප්‍රාසයෙන් වටහා දීම මම දැඩිව අගය කරමි.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. කෙතරම් අවස්ථා ලැබුනත් ඉන් ඉදිරියට යාමට නොහැකි වෙන ලෙස පව් පඩිසන් දෙන ජාතියක්..
      මේ රට සින්හල කිව්වේ එහි ජීවත් වූ සියලු ජාතින් එකතුව, ..අපි පලමුව දෙවනුව හා අවසන් වශයෙන් ශ්‍රී ලාංකික පමනක් වෙනකං..

      Delete
  7. අපි හැමෝම නිදහස් රටක හඳුනන්නේ නැති බයකින් තැති ගත උදවිය වෙලා.

    ReplyDelete
    Replies

    1. ඒකම තමයි මටත් හිතුනේ

      Delete
  8. ජාලියට නිවාඩු ගිහින් ආයේ එන්න හෙම අදහසක් නෑ වගේ නේ... අනේ මන්ද මේ පිරිමින්ට කියලා වැඩක් තියෙනවැයි දේශපාලනය දේශපාලනය හරියට කෑවේ නෑ වගේ ඕක නැත්නම්.

    එහෙම කීවට මගෙත් කට පරෙස්සම් කරගන්න වෙනවා ඒක කරන්න අමාරු හින්දා මම නම් ඔය සුපර් ලෑන්ඩ් එකට නොයන්න ඉන්නේ... (නරියා කීවෙ අමිදි තිත්තයි කියා නේද? ;) )

    ReplyDelete
    Replies
    1. රoගි
      නිවාඩුවට තාම දවස් තුනයි නේ. එහෙම දේශපාලනයක් නෙවෙයි , හැබැයි ඉතින් මෙහේ නිකන් පාරේ ඇවිද්දත් දේශපාලනය ශරීරයේ වදිනවා නේ

      Delete
  9. ඇහුවොත් නම් ඔක්කොම ඉන්නේ දේශප්‍රේමින්..

    ReplyDelete
    Replies
    1. ජාතිවාදය හා දේශප්‍රේමය දෙකක් නේ

      Delete
  10. දේශප්‍රේමය කියන කේක් එකට දාන්න පුළුවන් පහසුම අයිසින් එක් තමයි ජාතිවාදය
    වැඩිය කෑවොත් බඩ යනවා

    ReplyDelete

Have commented