24 November 2014

ජනාධිපතිවරණයේ අතුරු කථා

අදත් ඇවිල්ලද අර කොල්ලා 

ඔව් අප්පා , දැක්කම මගේ බඩ  පපුව හෝස් ගාලා යනවා කාගේ උනත් දරුවෙක් නේ 

හොඳ පවුලක වගේ ...හොඳට ඇඳලා එහෙම ඉන්නේ 

ගිහින් කතා කරලා බලමුද ?

යමු 

(ඔවුන් පාර දිගේ තරුණයා සිටි දෙසට ගියහ . තරුණයා මොනවදෝ තනිවම කියවයි . ඔවුන් මදක් ලංවෙන විට ඔහු යමක් ගණන් කරන බව ඇසුනි )

මේ ළමයෝ , මොකෝ කරන්නේ 

මම මේ ගණන් කරනවා 

ඔය පුතාගේ ගෙවල් කොහෙද ..ඔය අසනීප තියන් තනියම ඇවිදින එක හරි නෑ  . යමු අපි ගෙදරට බස්සන්නම් 

පිස්සුද අංකල් 

ඕවා  ගණන් ගන්න එපා  , ලෙඩ ඉතින් කාටත් හැදෙනවනේ 

අංකල්  මම මේ ග්‍රාමසේවක ....ලයිට් කණු ගණන් කරනවා ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයට කියන්න 

_______________________________________

කෝ ඉන්නවද 

අයියෝ මේ සැරේ නම් ටිකෙන් මිස් උනේ , ගියා  ඉස්පිරිතාලෙට , බෙහෙත් ටික අරන් එන්න 

ශිහ්  දැන් දවස් කීයක් නම් ආවද 

මොකෝ අයියේ මේ උඹ අපේ ආච්චිව හොයන්නේ 

මේ දෙදහස් පන්සියක් තියෙනවා දෙන්න . .. මේක දෙන්න දැන් මම පන්දාහකට විතර බයිසිකලේ පැද්දා 

________________________________________

පස්වාන් දහසකට අවසර මහා රජ තුමනි 

කිමද රාජ පුරුෂය ?

දේවයන් වහන්ස , රට වැසියෙක් වාසල දොරටුවේ , ඔබ තුමා බැහැ  දකින්න ඇවිත් 

යකෝ මේ රෑ ?... රජෙක් වුනාම රෑට වැඩ තියෙනවා කියා ඌ නොදන්නේද 

මම කීවෙමි රජ තුමනි , ඔහු නොසෙල්වී සිටිනවා 

උඹ රාජපුරුෂයෙක්ද  උපාසක මහත්තයෙක්ද ? කවුද ඔය ඇවිත් ඉන්නේ 

ගොවියෙක් රජ තුමනි 

කිමද ඒ ගොයියා ඇවිත් ඉන්නේ 

අර කියූ පරිදි ඔහු මඩ සෝදා ගෙන පැමිණ සිටින බවක් තමා කිවේ 

හැ හ් 



පලි : දෙවෙනි කතාවට නිමිත්ත මිතුරෙකුගේ මුහුණු පොතේ සටහනක් 


22 comments:

  1. Last one is the best

    ReplyDelete
    Replies
    1. It can happen you know. These goyyas have no sense of humour

      Delete
  2. මඩ ගා ගත්ත නං හෝදා ගනිං කියලා තමයි කියන්න තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඒ ජාතියේ මිනිහෙක් නෙමෙයි ඒ රජතුමා

      Delete
  3. කෝ කෝටී 500 ක් ගැන මුකුත් නෑ නේ.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන ඇසුනේ නැත

      Delete
  4. සුපිරි....
    පළවෙනි කතාවට නිමිත්ත පාර්ලිමෙන්තුවෙන්....

    ReplyDelete
    Replies
    1. නිමිති නම් හැම තැන

      Delete
  5. හැක් හැක්.. එළ

    ReplyDelete
  6. ඇත්ත කතා. අර ලයිට් කනු සීන් එක නං නියමයි.

    ReplyDelete
    Replies
    1. අවාසනාවකට. රාජ්ලට වඩාත් දැනෙනවා ඇති මේ විහිලු. හිනා ගිහින්ම පණ යනවා ඇති

      Delete
  7. හුකැස්
    පට්ට යකූ

    ReplyDelete
  8. තව කතා ඉදිරියට.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් . එලිවෙන යාමෙට.

      Delete
  9. එළය.... අවසාන එක හොඳටම එළය...

    ReplyDelete
    Replies
    1. මේ එකෝමත් එක රටක කතාවක් බව කරුණාවෙන් සලකන්න . :)

      Delete
  10. හිකිස්.. තවම අතුරු කථා පටන් ගත්ත විතරනේ.. එළ එළ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කියලා තිබ්බේ එලිවෙන යාමෙට මොනවාද වෙනවා කියලා

      Delete

Have commented