30 November 2014

නළුවෝ , ගොළුවෝ සහ එළුවෝ

මංසන්ධියේ
ලයිට් කණු දිගේ , ගස්  උඩ
සිනාසෙන , බණ අහන ,
ආශ්චර්යයේ මාවත දිගේ එන්නැයි
අත වනන
නළුවෝ

කාස්ටකේ
තාප්ප දිගේ
දියාරු වට ඇනු පාප්ප පාරින්
මාසේ පඩියට
සිනා අලවන
ගොළුවෝ

තාප්ප වල ඇලවුණු
අලුත් කොළ
නැවුම්  තීන්ත සුවඳත් එක්කම
බ්‍රාස් ගා
උළා  කන
එළුවෝ

පලි :

නළුවෝ නළුවෝය , එළුවෝ එළුවෝය ..ඒත් ගොළුවෝ පව් ඕයි 

14 comments:

  1. මේ දැං දැක්කා හරක් රංචුවක්ම ඕක කරනවා. රහ ඇති. උන් මොනවද දන්නෑ කනගමන් කියනව ඇත්තෙ, නේද?

    ReplyDelete
    Replies
    1. උනුත් සමහරක් වගේම බඩකට පිරෙන්න කාලා , "අපේ සහයෝගය ඔබතුමාටම තමා " කියනවා ඇති .

      ගොළුවෝ ගැන මොකද හිතුනේ?

      Delete
    2. දවසේ පඩියට සහ...........බෝතලයට
      දැං ඔව්ව කරන්නෙ මාසෙ පඩියට...මා.සං.අ. කට්ටිය

      Delete
    3. ඔව් එය වඩා සුදුසුයි ..ඔන්න වෙනස් කලා

      Delete
  2. එක්කෙනුකුත් ඔහොම කටවුට් ගහලා ආමර් වීදියෙන් නොකවුට් උනා මතකෙයි...

    ReplyDelete
    Replies
    1. ඒ මැතිතුමා නේද?

      Delete
  3. අනේ මම දන්නේ නැහැ. ඇයි මෙහෙම රයිමින් විදිහට ලියවෙන්නේ කියලා. ඔන්න මම මේ දැන් එකක් ලිව්වා "කොස්සෝ, පිස්සෝ, ඉස්සෝ, බස්සෝ, වස්සෝ සහ සුදුස්සෝ" කියලා.

    ReplyDelete
    Replies
    1. පිස්සෝ සෙස්සෝ සහ බස්සෝ තමා

      Delete
  4. අඩුගානේ අපේ නායක තුමන් ලා හරක් ගැනවත් හිතුව කියල හිතාගෙන අපිට සතුටු වෙන්න පුළුවන් නෙව...

    ReplyDelete
    Replies
    1. සත්ව අයිතිවාසිකම්

      Delete
  5. Replies
    1. ස්තුතිය. අවාසනාවකට සත්‍ය කතා

      Delete

Have commented