08 November 2014

භූත නිවාස සංචිතය සහ මම // Directory of haunted houses and me

නගරය පුරා පැතිරුණු කුඩ විප්ලවය ගැන සද්දේ,  හෙමිහිට අඩුවීගෙන යනවා . 

හරියට පාරේ වාහනේකට අහුවෙච්ච සතෙක්ගේ මළකුණ වගේ . 

මුලින් මුලින් කට්ටිය වට වෙලා බලනවා කතා කරනවා . ටික වෙලාවකට පසු එය මග හැර යන්න මිනිස්සු පුරුදු වෙනවා . ඉන් පසු කපුටෝ ඇවිත් මළකුණ අවුස්සනවා . බොකු , ඕජස් පාර පුරා පැතිරෙනවා . දැන් සමාජයට , සාමන්‍යය ජිවිතයට මෙය කරදරයක් වෙනවා . ඉන් පස්සේ සියල්ලන්ගේම ඔල්වරසන් හඬ මැද කවුරුන් හෝ මේ මළකුණ වළලනවා .

පහුගිය සතියේ අලුත් පුවතක් මෙහෙ පත්තර වල මුල් පිටුව පුරා ඇලවිලා . ප්‍රධාන විදෙස් බැංකුවක  තරුණ විධායක නිළධාරියෙක් , අබිසරුලියන් දෙදෙනෙක් මරා දාලා . එක මිනියක් සුට් කේස්  එකක ඔබලා , දවස් ගණනක් . ...

මේ පුවත ඔස්සේ යනකොට මට හමු උනා අපුරු අන්තර්ජාල පිටුවක් . මේ නගරයේ භූත  නිවාස (directory of haunted houses ) නාමාවලිය . භූත නිවාස කිව්වට , මෙහි තියෙන්නේ , සියදිවි නසා ගැනීමක් , මිනි මැරුමක් සිදුවුණ නිවාස වල විස්තර . මෙය යාවත්කාල කරන්නේ පොලිසියෙන් . එය නීතිමය අවශ්‍යතාවයක් . 
චීන ජාතිකයන් තදින් විශ්වාස කරන ෆන්ෂුයි ශාස්ත්‍රය අනුව මේ නිවාස ඉතා අසුභයි . ඒ නිසාම මේ නිවාස වල වෙළඳ පොළ වටිනාකම , වානිජ අගය,  ඉතා අඩුයි . සාමාන්‍ය වටිනාකමෙන් 10% ක් විතර , ඇතැම් නිවාස . සිදුවීම සිදුවූ නිවාසය පමණක් නොවේ ඇතැම් විට මුළු මහලම , වාණිජ අගය අඩු වෙලා .

නිවසක් ගැන හීන  මවන, එහෙත් ඒ සඳහා අරමුදල් සොයා ගන්න අපහසු (ඌරන්ට මොන සෞඛ්‍ය ද ?)  මට මෙය කල්පනා කරන්නට කාරණයක් . 

එහෙත්, හොල්මන් ගැන විශ්වාස නොකරන , මියගිය කෙනෙක් නැති නිවසකින් අබ සොයා ගිය පටාචාරාවගේ කතාව දන්නා මම  මෙවැනි නිවසක් ගැන හිතන්නට මැළි  වෙමි . ඒ ඇයිදැයි කියා නොදනිමි . ඒ ඇයිදැයි කියා සිතමි .

ඔබ මා නම් . ( අර සිංදුවේ  වගේ ඔබද මා ම වුයේ නම් ) ඔබ කුමක් කරන්නේද ? 

11 comments:

  1. මේකෙත් උත්තරේ උඹම ලියලා තියෙනවා..

    ඌරන්ට මොන සවුක්කද අප්පා.... හොල්මන් එක්ක ජීවත් වන අපි මොකටද හොල්මන් වලට බය වෙන්නේ..

    ReplyDelete
  2. උඹ තරුණ ගෑනු ළමයෙක් ගේ හොල්මනක් තියෙන ප්ලේස් එකක් හොයා ගනින් ... ඊට පස්සේ ඒ ළමයට ප්‍රේම කරපන් ... පළවෙනි පාර විතරක් පොඩ්ඩක් ගැස්සිලා යයි .. ඊට පස්සේ හරි ..

    ReplyDelete
    Replies
    1. මම තනිකඩ නම් මේක ප්‍රශ්නයක් නොවෙන්න බොහෝවිට ඉඩ තියෙනවා .. එහෙනම් මෙවැනි අවශ්‍යතාත් නෑනේ . ...
      මට ප්‍රශ්නයක් ආවේ ඇයි මගේ හිතේ චකිතයක් ඇති උනේ කියලා .
      කොල්ලා කාලේ අදහස් , කොන්ඩේ පැහෙනකොට වෙනස්වෙනවා ටිකක් විතර ...ඔබේ අදහසට විරුද්ධ වීමට නොවේ , හිතුනු දේ සටහන් කලේ

      Delete
    2. මේක මම එච්චර සීරියස් විදියට ගන්නේ නැතුව ඔය කතාව කිව්වේ ...

      මට හිතෙන්නේ ඔය චකිතය එන්නේ අපි පොඩි කාලේ ඉඳන් එහෙන් මෙහෙන් අහල තියෙන කතා වලට ඇත්තටම එහෙම එකක් වෙච්ච තැනක් කියන fact එක එකතු වුණාම . දැන් උදාහරනෙකට මම මේ ඉන්න එපාර්ට්මන්ට් එකේ ඔය වගේ සීන් වෙලාද නැද්ද කියල මම දන්නේ නෑ .. ඉතින් ඔය අහපු පරණ කතා .. බලපු හොල්මන් ෆිල්ම්ස් මොනවා තිබ්බත් හිතට චකිතයක් , බයක් දැනෙන්නේ නෑ ... හැබැයි හෙට උදේට කවුරු හරි කිව්වොත් ඔයාල ඉන්න එකේ මෙන්න මෙහෙම සීන් එකක් වෙලා තියෙනවා .. අරකයි මේකයි කියල .. හෙහ් හෙහ් .. මටත් ඉතින් සොරි තමයි ...

      මම දන්නා විදියට ඔය චකිතය , බය කියන්නේ අපි ගල්යුගේ ඉඳන් ජාන වලින් ම ගේන සෙන්ස් එකක් .. ආරක්ෂාව, රැකවරණය වගේ දේවල් එක්ක සම්බන්ධ වෙච්ච. කොහොම උනත් ඉතින් ඔය වගේ තැන් වලට ලාබෙට ගිහින් මොකට චකිතෙන් ජිවත් වෙනවද .. :)


      Delete
  3. JP
    මමත් එනව චීනෙට.. දෙන්නත් එක්ක එකතු වෙල ගමු ෆ්ලැට් එකක්ම.. පදිංචියට යන්න කලින් අපේ උන් සෙට් එකක් බස්සලා බෝතල් දෙක තුනක් කඩල කුනුහබ්බ සංගීතයක් දැම්මනං ආයි.. මෙලෝ හොල්මනක් එන්නෙ නෑ.. ඊට පස්සෙ අපි දෙන්න සතුටින් ඉමු බං.. අම්මගෙ රෙද්දෙ හොල්මන්.. උඹ බය නැතිව හිටින්.. ජීවත් වෙලා ඉන්න උන් විතර මැරිච්ච උන්ට බය වෙන්න ඕනි නෑ බං..

    ReplyDelete
    Replies
    1. හොල්මන් එක්ක ජිවත් වීමේ මග . ඉතිපිසෝ ගාථාව කියන්න , ඉන්පසු බෝතලයක් අරින්න , හීනියට හීනියට ...හොල්මන් අතුරුදහන් .

      ප්‍රශ්නය එය නොවේ , ඒ වැනි මිලදී ගැනීමකට ඔබ සිත චකිතයක් නොදක්වයිද ...? දක්වයිනම් ඒ ඇයි .

      හැබැයි හොල්මන් පැත්තකින් තියලා මේ පැත්තේ එනවා නම් හොල්මන් තිබීම නොතිබීම අපේ සෙට් වීමට බාධාවක් නොවේ :)

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මම තනියෙන් ජීවත්වෙනවා නම් ඔය ගෙයක් ලාබෙට අරන් ගිහින් පදිංචිවෙනවා. ඒ වුනාට ගෑණු හරි බයයිනේ. බය කෙනෙක් එක්ක ඉන්නකොට බය නැති එකත්, චකිතයට පත්වෙනවා.

    ReplyDelete
    Replies
    1. අරූ ඔබ හරි . මමත් හිතන්නේ ඔහොම . එත් වෙලාවකට හිතෙනවා මේකත් මම නිදහසට හොයා ගත්ත හේතුවක්ද කියලා

      Delete
    2. පොඩි චකිතයකුත් තියනවා නේද.....

      Delete

Have commented