09 November 2014

නිශාවේ අග මුරය // The graveyard shift


"උඹ දන්නවද අපේ අප්පච්චි ..මට නම තියලා තියෙන්නේ ..."

ඔහු වාක්‍යය අවසන් නොකර ම  කහට කෝප්පයට සීනි  හැන්දක් දිය කළේය . 

අමල් වේලාව  බැලීය  . අව පහ ගැහුණු ඔරලෝසුවේ වීදුරුව , 02:30 ඇඳි  ඉරි ඉල්ලක්කම්  , නිවී නිවී දැල්වෙන මැද  තිත් දෙක . පාන්දර දෙක හමාරයි ..ලොග් පොත දිග හැර  , බෝල් පොයින්ට් පෑන  දෙසැරයක් ගැසුවේ අවශ්‍යතාවයට වඩා පුරුද්දටය . 

"මට නම තියලා තියෙන්නේ නිශාවේ අන්තය කියන තේරුමෙන් . .. උඹ දන්නවද නිශාව කියන්නේ රෑ  "
හැඳි පහරෙ නැගුනු සුළියේ , සීනි කැට රවුමට රවුමට කැරකේ ...සෙමින් දියවේ  

"හ්ම්ම් "  අමල් ගේ පුර්ණ අවධානය ලොග් සටහනටය .

"රෑ අග , කළුවර ඉරාගෙන පැතිරෙන එළිය  කියන තේරුමෙන් තමා , මට නම තියලා තියෙන්නේ ..... 
චටාස්...තව කොයිල් එකක් පත්තු කරන්න වෙයි බං  , හරියට මදුරුවෝ , "
හේ  තොප්පියෙන් මදුරුවන් එලවන්නට විය .

"උඹ දන්නවද අපේ අප්පච්චි සිංහල ගුරුවරයෙක් ,"

"උඹ කිව්වේ එදත් ... නිසාන්ත අයියේ මම පොඩ්ඩක් ඇහැ පියා ගන්නම්,  උඹ පාන්දර වෙනකං  මේ සිෆ්ට් එක කරපන් ඈ " 

උඹ දන්නවද , අපේ අප්පච්චි මළා බං,  මම මේ රස්සාවට ආපු දවසේ , පපුවේ අමාරුව හැදිලා ...

17 comments:

  1. අමාරුම මුරේ
    එක වතාවක් දවස් දහයක් ඔය මුරේ කලා
    ඇවිදින ගමන් නින්ද යන හැටි අත්විඳින්න හොඳ ෂිෆ්ට් එක
    සීනි වගේම ජීවිතෙත් නොදැනීම දියවෙල යනව
    හැබැයි ඔය නම නම් ඉතින් මට බොහොම වටින එකක්

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ. වාසනාවකට කලාතුරකින් මිසක් මට නම් ඔය මුරය සෙට් වෙලා නෑ කාලෙකින්. සීනි උදාහරණය ඔබට අහු වෙලා.
      නම බිසවුන් වහන්සේද නැත්නම් පුත්‍ර රත්නයක්ද?

      Delete
    2. එක්කෙනෙක් ගෙදර ඇත්තො
      අනෙක් කෙනා මම මේ අද යහතින් ඉන්නවනම් එතනට එන්න උදව් කරපු මහත්මයෙක් JP
      අනෙක් කෙනා මගෙ ප්‍රාණ හා සමාන මිත්‍රයෙක්
      එක දෙක තුන කියලවත් කියන්න බෑ
      වැඩේ තුන්දෙනාම ඒ නමින්!!!

      Delete
  2. මගේ මුල් ජොබ් එකේ දී නයිට් ෂිෆ්ට් එකක් කළා රෑ දහයේ සිට උදේ දහය දක්වා. ඒ කුයබ්නේ උදේ මුල් ජාමෙත් එක්ක. ඒ අන්තිම හරිය තමා අමාරුම!

    ReplyDelete
    Replies
    1. ගුඩ් නයිට් කියලා වැඩ පටන් අරන් ගුඩ් මෝනින් කියලා ගෙදර යන්න ඇති

      Delete
  3. හපොයි. නයිට් ෂිෆ්ට් කරන උන් දවල්ට කොච්චර නිදාගත්තත් ඒක හරි නින්දක් කියලා මට හිතෙන්නේ නෑ. අනික උන්ගේ biological clock එක හෙන අවුල් යනවා ඇති නේ?

    ReplyDelete
    Replies
    1. ඒකත් නිකන් ඊයේ බඩ ගින්නට අද පැලෙන්න කනවා වගේ වැඩක්

      Delete
  4. නිදි මැරුවෙනම් ඉතින් රට වෙනුවෙන් තමයි.. මුහුදෙදි.. මමනම් වැඩි හරියක් කැමති උනේ රෑ දොලහෙන් පස්සෙ වැඩ කරන්න තමයි.. මොකද අනිත් ඔක්කෝටම වඩා මට මාව ශුවර් නිසා.. හැබැයි.. දිගටම රෑ වැඩ කරන්න වෙන උන්ගෙනම් ජීවිත ඇත්තටම දිය වෙනවා.. හැම පැත්තකින්ම..

    කෙටි උනත් ලස්සන ටිකක් JP.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... ඔබේ සේවයට ,ප්‍රතිචාරයට සහ රසවිඳිමට

      Delete
  5. මට පෙන්නෙ මේක නයිටි ෂප්ට් එක ගැනම නෙවී වගේ

    ReplyDelete
  6. ඒ කාලේ මාස හයක් එක දිගට නයිට් ශිෆ්ට් කරා ඉල්ලගෙන. රෑට නටන ජෝගිවලින් මිදෙන්න ඕන නිසා. කොහෙද පස්සේ පස්සේ ඒ ජෝගිම උදේ වරුවේ නටලා දවල්ට නිදාගන්නව. පස්සේ නයිට් ෂිෆ්ට් අත හැරියා.

    උඩින් මහේෂ් කියනවා වගේ මේ වෙනත් අරුතකින් ලියපු එකක්ද මන්දා....

    ReplyDelete
  7. අපිත් එක්ක ඕමාන් හිටියා ඩන්ස්ටන් කියලා ටිකක් වයසක කෙනෙක්. මෑන්ට අපි කිව්වේ නිශාන්ත නෙමේ.....නිලන්ත කියලා. නිල් වීඩියෝ බලනවා කෙලවරක් නැතුව. ඒකයි නිලන්ත වුනේ. නිලේ අන්තය :D

    ReplyDelete
    Replies
    1. නිලන්ත මරු නම. මගෙත් යාලුවෙක් ඉන්නවා, උගේ ඇත්තම නම නිලන්ත! ඌත් හිටියේ මැදපෙරදිග !!... අරූ ඔය වගේ වයෝවෘද්ධ නිලන්ත ලා වැඩියම හමු වෙන්නේ මැදපෙරදිග පැත්තේ නේද? ඒ ජීවන ක්‍රමයේ , එක්තරා කාලයක ගති ලක්ෂනයක්ද මන්දා.

      Delete
    2. ගොඩාක් අය තනියෙන්නේ ජීවත්වෙන්නේ. වයිෆ් තමන්ගේ රටේ. කෙල්ලෙක් සෙට් කරගන්නත් බැහැ වයස ටිකක් වැඩි නිසා. අනිත් එක තෙල් ඉවරවෙලා පහණ නිවීගෙන යනකොට එලිය වැඩිවගේ, ඔය කාලෙට පොඩ්ඩක් දාංගලේ වැඩියි. මිඩ්ල් ඊස්ට්නම් රස කතා ගොඩයි.

      Delete
  8. අනෙක් කොමෙන්ට් වලට හෙට පිලිතුරු බදින්නම් ඒත් අරූටයි මහේශ් ටයි ප්‍රතිචාරයක් ලියලා නින්දට යනවා. ඔව් රෑ ශිෆ්ට් එකට එහා කතාවක් කියන්න මා උත්සාහ කලා. . දියවෙන සීනි , මහා බලාපොරොත්තු තියන් දාපු නම, ලොක්කෙක් නොවුනු පුතා හා පපුවේ අමාරුවෙන් මිය ගිය අප්පච්චි කෙනෙක් ගැන කතාවක් මැද කතාවක්

    ReplyDelete
  9. අම්මේ...ඔය නයිට් shift එක මාත් කරලා තියෙනවා...
    රෑ දහයේ ඉඳන් උදේ හය වෙනකන්...

    හයෙන් පස්සේ off වෙලා ගෙදර එනවා..කිලෝමීටර් 23ක් බයික් එකේ එන්නේ .

    හිමින් එලෙව්වොත් අනිවා මහමග නිදි සැප. එහින්ද පාන්දර වාහනත් එච්චර නැති හින්ද 80න් එහා පාගල එන්නේ.

    මම ගෙදර එනකොට අම්මයි තාත්තයි වැඩට යන්න ලෑස්ති වෙනවා.

    ඔක්කොම ගියායින් පස්සේ කෑම කාල ඇඳට වැටෙනවා. ලෝකේ ඔලුව උඩට පෙරලුනත් ඇහැරෙන්නේ නැති මහා පුදුම නින්දක් බන් එවෙලාවට යන්නේ.

    ආපහු ඇහැරෙන්නේ හවස 2 ට 3 ට විතර...\

    ---------------------

    සීනි දියවෙනවා වගේ තමයි බන් අපේ ජීවිතත්...ජොබ් එකටම දියවෙලා යනවා...

    කතාව නම් නියමයි..

    ආපහු එන්නම්...

    ReplyDelete
  10. මට නම් නයිට් ෂිෆ්ට් තියෙන ජොබ් සෙට් වෙලා නෑ දවස් 2-3ක් වැඩ වලට නයිට් ගහල තියෙනවා .. ඒ ඇරුනම නයිට් ආතල් නෑ ...

    ReplyDelete

Have commented