01 November 2014

අපි හිත උණු වෙන ජාතියක් ඕයි // Sympathy reload

අපි හිත උණු වෙන ජාතියක් ඕයි
සුනාමියේදීත් අනේ කියවුනු
කොස්ලන්දේ දීත් අපොයි කියවුණු
මුහුණු පොතේ
බිත්ති දිගේ
මනුසත්කම බේරෙන
කරුණාව ෂෙයාර් වෙන
පරණ ඇඳුම් 
සිලි මල්ලක හුවා
දන් දී
පාරමි පුරන
අපි
හිත උණු වෙන ජාතියක් ඕයි
උපන් දිනේට මහළු  නිවාසෙට
පල්ලි දොරේ යාචකයනට
බත් පාර්සල් බෙදා දෙන
මාවතේ බල්ලන් 
ගෙදර ගෙනවිත්
නාවන
කන්න බොන්න දෙන
අපි හිත උණු වෙන ජාතියක් ඕයි

එතකොට තාප්පෙන් එහා
අප්පා අබ්බගාත
ඉස්කෝලේ නොගිහින්
ගෙදර නැවතුනු පොඩි එකී ?
යාල් පානමේ , අලුතෙන් තාර වැටුන 
පාර අද්දර 
අව් කාස්ටකේ
අර කියූ සාමය එනතෙක්
මග  බලාන ඉන්න
පොඩි එකා ?

ශික්.
ලස්සනට ගලා ගෙන ආව
කවිය
කරුණාව
එහෙම්ම නැවතුනා 
අතරමග 
මේවා ඔලුවට අවුත්


පලි : වරදවා තේරුම් ගන්න එපා . අපි ඇත්තටම හිත උණු වෙන ජාතියක් . ඒ වගේම ඉක්මනට අමතක වෙන . 
දැන් දැන් නම් , ලෝක දෙකක් අතර අතරමං  උන . පුංචි රුපියල් පනහක කරුණාව රිලෝඩ් එකක් දා ගෙන සද්දේ දාන , ඒක  ඉවර උනාම ..  
සාමාන්‍යයෙන් මෙය සමාජයක තරුණයන්ගේ , ගැටවරයන්ගේ තත්වය . තාරුණ්‍යය තමයි රැල්ලට දේ කරන. ඉක්මනට අලුත් මාතෘකාවක් හොයන ගති ලක්ෂණ පෙන්වන්නේ  ..
ඒත් අපේ මුළු ජාතියම මේ වගේ වෙලා . සමාජයක මුහුකුරා ගිය ගති ලක්‍ෂණ... ඉවසීම , දිගු කාලීන උපායන් යෙදීම හා ඒ සඳහා කැපවීම .  තුන් කල් බැලීම ... මේ වගේ ගති ලක්ෂණ නැතිම වගේ වෙලා දෝ කියලා මට වෙලාවකට හිතෙනවා 

10 comments:

  1. දැන් උදව් කරන්නෙත් බෙර ගහලා සද්දේ දාලා ඉට්ටයිල් එකට..

    මේ රටේ මිනිස්සු
    තනිකර කෙලින්නේ පිස්සු..

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ මාතලන්, කරුණාවයි චැරිටියි දෙකක්. චැරිටියට ඇඩ්වටයිසින් අත්‍යාවශයයි.

      Delete
  2. \\ අපි ඇත්තටම හිත උණු වෙන ජාතියක්\\ හැබැයි.. හැබැයි.. සුවර්ණවාහිනියෙනුයි.. හිරු එකෙනුයි.. තරඟෙට පෙන්නලා හිට් වෙන නිවුස් වලදි තමයි.. අනික්කෙක.. අපේ කරුණාව.. එදා රෑට නිවුස් වලදි පෙන්නනවත්නම්... ටිකක් වැඩිපුර උණු කරගන්න උනත් බැරි නෑ.. මේව දැකල පන යනව ඕයි..

    ReplyDelete
    Replies
    1. දුක තරම් විකිණෙන දෙයක් නැති තරම්.
      දුක විකිණෙන්නේ එය මිලදී ගන්නන් සිටින බැවිනි

      Delete
  3. පබ්ලිසිටිය නැත්තම් මොකටද ඕයි උදව් කරලා

    ReplyDelete
  4. ඇත්තටම අපේ හිත උණු වෙනවද ? මට හිතෙන්නේ අපේ හිත උණු වෙන්නේ පරලොව හිතසුව පිණිස විතරයි කියල . හැමදාම හාමුදුරුවරු පරලොව සැප ලැබෙනවා කියල කියන බණ නිසා උණුවෙන හිතක් නෙවෙයි ද අපට තියෙන්නේ ..

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත . බලාගෙන ගියාම් ඒකත් ආත්මාර්ථයට

      Delete
  5. දවස් දෙකක් ලවුඩ්ස්පීකර්ස්.....ඊට පස්සේ අර ඉබ්බගේ කටුව අස්සේ. අපේ ජන්මේ වැරැද්දක්ද කොහෙද බං.

    ReplyDelete
    Replies
    1. ජන්මෙයි ජාතියෙයි දෙකේම වැරැද්ද

      Delete

Have commented