14 November 2014

ශ්රෝඩින්ගර්ගේ බළලා සහ මාමා ගේ පෙට්ටිය (Unfortunately not a thought experiment)

පෙරවදන :
මේ හදන්නේ බල්ලාගෙ වැඩෙයි,  එළුවාගේ වැඩෙයි දෙකම බුරුවෙක් කරන්න . මා භෞතික විද්‍යාව ගැනවත් , දේශපාලන විද්‍යාව ගැන වත් ගැඹුරින් හදාරා නැති හෙයින්  මුලින්ම සමාව භජනය කරනවා මේ සටහනේ වැරදි ඇතොත් . ඒවා නිවැරදි කරන ලෙසද කාරුණිකව ඉල්ලමි 



ශ්‍රොඩින්ගර් (Schrodinger) නම් භෞතික විද්‍යාඥඥයා ගැන ඔබ අසා ඇත්තේද . ඔහු ප්‍රකට මනෝ පරීක්ෂණයක් ( Thought experiment) කළේය . ඔහු පෙට්ටියකට බළලෙක්  දමුවායයි සිතන්නට කිවේය . ඒ පෙට්ටියටම විකිරණශීලි ද්‍රව්‍ය සාම්පලයක් , ගයිගර්මානයක්  හා වස බඳුනක්ද සිතෙන්ම දැමුවේය . ඉන්පසු පෙට්ටිය සීල්  තබන්නේය . විකිරණශීලි බව වෙනස්  වීම හේතුකොට , ගයිගර්මානය  ක්‍රියාත්මක වී  වස බඳුන බිඳී  බළලා  මියයාමේ සම්භාව්‍යතාවයක් ඇති බව ඔහු පවසන අතර , එය තනිකරම අහඹු ක්‍රියාවක් බවද පවසනවා . ඔහු අහනවා පෙට්ටිය අරින්නේ නැතිව , කියන්න බළලා  මැරිලද , ජීවත් වෙනවද .....?  ...ඔහු මෙහෙම කියනවා.... බළලා  මැරෙන්නේ හෝ ජිවත් වෙන්නේ නිරික්ෂයාගේ සිතුවිල්ල කරණ කොට හෙයින් , මේ මොහොතේ බළලා  මැරිලාවත්  ජීවත්  වෙන්නෙවත් නැත....... එතකොට බළලා  මැරෙන්නේ හෝ ජීවත්  වෙන්නේ නිරීක්ෂකයාට  එහෙම සිතුවිල්ලක් ඇතිවී එය ප්‍රත්‍යක්ෂ වෙන නිසා 

දැන් මම හදන්නේ ඔබේ අවධානය මේ දිනවල හරිම ජනප්‍රිය වෙනත් පෙට්ටියකට යොමු කරන්න . .. . අන්න හරි ...කතිර පෙට්ටිය ... මේ පෙට්ටියත් තාම සීල් .. (ඒ තියා අඩුම ගණනේ සීල්  කඩන දවසවත් තාම කියලා නෑ නේ )  . ඒත්  මේ පෙට්ටිය ඇතුලෙත් දෙන්නෙක් ඉන්නවා . ජයග්‍රාහකයෙක් සහ පරාජිතයෙක් . (දෙන්නෙක් කිව්වට තාම ඉන්නේ එක්කෙනයි . අනිත් එක්කෙනා තාම එලියට ඇවිත් නෑ . ) .. . 

ඉදින් , කවුද දිනුම් කියලා අසනවාට වඩා නිවැරදි පැනය ,  ඒ ඉන්න එක්කෙනා දැන් දිනුම්ද පරාදද කියන එකයි ? 

දිනන්නේ හෝ පැරදෙන්නෙ ජනතාවගේ , නිරීක්ෂණය , චිත්තය හා ඒ නිරීක්ෂණය ප්‍රත්‍යක්ෂ  කරණ  කොට හෙයින් ඔහු තවම දිනුම් වත් පැරදුම් වත් නැතියයි  අයෙක් කියන්නට පුළුවන .. ඒත්  ඇත්තටම එහෙමද ?  

නමුත් මට නම් පෙනෙන්නේ ,  එතුමා මේ වැඩේ හරියටම ටැකල් කර ඇති බවකි   . චන්දයක් දිනන්නේ මිනිස්සුගේ කැමැත්තෙන් නොහොත් චන්දයෙන් නොව ,  තමන් දිනු බව ඔවුන් පිළිගත් විට බව ඔහු හරියටම වටහා ගෙන ඇත . 

ඉතින් චන්දෙට කලින්ම ඒ සිතුවිල්ලේ බීජ  පැලකරන්න , හොඳින් පොහොර , දිය දා සාත්තු කරන්න , සිතුවිලි මිනිසුන්ගේ හිත්වල් පත්තියම් කරන්න  කටයුතු කලහම අහවරය  . 

එතුමා , ගාමිණි මෙන් කිහිප දෙනෙක් සමග එකවිට ගහගන්නවාට වඩා රොකි වගේ ද්වන්ධ සටනට මනාපය . ප්‍රතිවාදීන් වැඩිවෙන තරමට අගේනස්ට්  එකට ඇති සපෝර්ට්  එක බෙදී යනවා, එයින් වාසියක් වෙනවා නේද  යයි ඔබ සිතෙන්නට  පුළුවන . ඒත් ඔය රොත්තම ඇවිත් ගහන කොට, සියලු දෙනා ගැනම අවධානය යොමු කරගෙන සිටීමට නොහැකිය . ඔය රෝත්තේ බොහෝ අය එන්නේ  පයිට් එකෙන් දිනන්නට නොව , සපෝර්ට් එකට පාරක් දෙකක් නෙලන්නට , අඩුම ගන්නේ හූවක්  වත් තියන්නට විතරමය  . නිකන් හරි වැරදිලාවත් එවැනි එකෙක්ගේ පාරක් මර්මස්ථානයකට  වැදුනොත් එහෙම කියලා වැඩක් නැත ...යටිබඩ අල්ලන් දෙකට නැවී ඉන්න දොහේ , නිකම්ම පැත්තක ඉන්න හාල්පාරුවෙක් දිනන්නට පුළුවන . 

යටට ඇඳි කැමා සෝට  බාගෙට වගේ පෙනෙන්න , සරම කැහැපොට  ගහගෙන , "කට්ටිය පිටින්ම එන්නේ නැතිව තනි තනිව වරෙන් ඩෝ  පයිට් එකට " කිව්  තැන සිට ... 

වටේ ඉන්න එවුන් ඔන්න ගියා මෙන්න ගියා කියා ... ඒවුනාට නොගිහින් "ලංසුව  තියන්න ඕනේ දිනන අස්සයෙකුටනේ " කියන තැන දක්වා 

......පයිට්  එකට දිනයක් සෙට් නොකර , "මොකෝ බයද ? ඔන්න අපි නම් එවරෙඩි " කියන තැන දක්වා  

....ප්‍රතිවාදීන්ට  ටෙලිපෝන්  කෝල් දී "ඕල් ද බෙස්ට් ෆෝ ද ෆයිට් හොඳේ , සටනට එනකොට මතක ඇතිව හොඳට යටට ඇඳලා  එන්න  " කියන තැන දක්වා ,

 "කොච්චර චන්ඩි සිටියත්  , සටනට  කලින් දවසේ පිට චන්ඩි දාලා අඬුවක් දෙකක් අඹරලා දාන්නත් පුළුවන්නේ, අපි කරනවට නෙමෙයි ඉතින් "  කියන තැන දක්වා .....

"පොඩ්ඩක් ඉන්නකෝ මම මේ පයිට්  එක දිනනකන් ඊට පස්සේ අපි ශ්‍රමදානයක් දාලා ඔය ගුරුපාර එක විදියක් කරලා දාමු " කියන තැන දක්වා   ...මේ ක්‍රියාත්මක වෙන්නේ ඒ සැලැස්මයි .

 මට නම් හිතෙන්නේ එහෙමයි 

පලි : ජාතික ලොතරැයියේ ටැග් ලයින් එකක් තිබ්බා "දිනුවත් දිනුම් , පැරදුනත් දිනුම් " කියලා . සමාන්තර විශ්වයක ලොතරැයියක් ඇති "පැරදුනත් පරාදයි දිනුවත් පරාදයි " කියලා 

16 comments:

  1. මේකටකියන්න දෙයක් නං මට තේරෙන්නෙ නෑ..........
    ඒත් බලමු අනිවා මාතෙ මේක දැක්කො.් මක්ක හරි කියනව එ්ක වල් බලන්ට

    ReplyDelete
    Replies
    1. නොකිව් එකේ කිව්වට වඩා දෙයක් තියෙනවද මන්දා

      Delete
  2. හැමදාම වගේ උඹේ පොයින්ට් එක සුපිරි! මේ විදියට හිතෙන්නෙ උඹට විතරයි මං හිතන්නෙ. කතා දෙකේ ගැලපීම නියමයි. බලමු මොකද වෙන්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කිව්වා . ඔව් බලමු ...ආයෙත් සැරයක් මිස්ටර් දියසේන කුමාර හෝ මිසිස් දියසේන කුමාරි එනකන් :)

      Delete
  3. ඔය මල්ල ඔබල බලන්න දෙන්නෙ නැද්ද

    ReplyDelete
    Replies
    1. ලිහපු මල්ලක් නේ

      Delete
  4. //පැරදුනත් පරාදයි දිනුවත් පරාදයි//... JP.. එච්චරයි මටත් කියන්න හිතෙන්නෙ.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. මේකත් ඉතින් කෙනෙකුට ස්වීප් එකක් , අපිට කවදාවත් නො ඇදෙන ලොතරැයියක්

      Delete
  5. මොනා උනත් අදහස නම් උපරිමයි..

    ReplyDelete
  6. ඔය පෙට්ටිය ඇතුලට බලෙන් හරි තාම රිංගගෙන ඉන්නේ එකයි නේ. බැරිද ඔය පෙට්ටිය ඒකාවත් එක්කම හොඳට සීල් කරලා මුහුදේ පාකරලා යවන්න. එතකොට අපිට පුලුවන් අළුත් පෙට්ටියක් හදාගෙන අලුත් දෙන්නෙක්ව ඇතුලට දාලා අලුතෙන් මොකක්ද කරන්නේ කියලා බලන්න.

    ReplyDelete
    Replies
    1. රිංගපු එකා අර ගැජට් එක අතේ තියෙනකන් අයින් කරන්න බෑ කියන්නේ . අනික හිතේ තියෙන වැඩ ඔක්කොම කරන්න තව අවුරුදු සීයක් විතර ඉන්න දෙන්න කියන්නේ

      Delete
    2. ඕකා නම් ගෙවල පෙරේතයෙක් නැත්නම් කුම්භාන්ඩයෙක්...

      Delete
    3. අරූ , මට මෙහෙමත් හිතුනා . ඔය වගේම නැත්නම් ඔයිටත් වඩා බලයට කෑදරකමින් හිටපු අය ගියේ එක්කෝ මේකේ පීඩනය දරා ගන්න බැරිඋන හින්දද , නැත්නම් මරුන හින්දද , නැත්නම් තුනෙන් දෙක නොතිබුණු නිසාද , නැත්නම් ඇත්තටම අත ඇරලා ගියාද කියලා .... සමහර විට කාට උනත් කාලය දීපය සහ අනෙක් දේ මෙහෙම තිබ්බානම් මේ වගේම හැසිරෙයිද කියලා ..... හැබැයි පුතෝ , මේ චන්දෙන් පස්සේ ඔබ වෙන තැනක කියා තිබුනා වගේ ආයෙනම් චන්ද නැත

      Delete
  7. Replies
    1. I did not know what this was. Thank God for Google!!!

      Delete

Have commented