05 November 2014

ඔප්ෂන්ස් ( A video by gappiyaa )-


ගප්පියා ගේ වීඩියෝවක් කලකට පෙරත් PINCHPOINT හි තිරගත කරන ලදී . මේ තරුණයා දැන් ටිකක් ප්‍රසිද්ධයි . පුවත්පතකත් මොහු ගැන සටහනක් තිබුනා .

මේ වීඩියෝව ඔප්ෂන්ස් ගැන . ....

හැබැයි
Please note that this video contains violence , drug related scenes and rude remarks . Parental guidance is advised 
සිංහලෙන් කියනවනම් (අර කට්ටිය කියනවා වගේ ) "වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි "



වැඩිය වැල්වටාරම් නැතිව මෙය නරඹා මට සිතුනු දේ , මා උගත් දේ  කෙටියෙන් සටහන් කරන්නම් .
  • හැම විටම ඔප්ෂන් දෙකක් ඇත . බොහෝ විටම ඒ දෙකම එක වගේය . ඒ දෙකම අත  හැර,  අපිම තෝරා  ගන්නා තුන්වැනි තේරීමෙන් අපිට වඩාත් හානි සිදුවේ , වඩාත් කෙලවේ
  • වීරයෝ දෙවර්ගයකි . උන් නම් ඉස්පයිඩර් මෑන්  වැනි දුප්පත් වීරයෝ හා කළු අයියා වැනි බර ඇති වීරයෝ ය
  • විහිළුද දෙවර්ගයකි . හිනා යන විහිලු හා හිනා නොයන විහිලු ය  . දෙවැනි වර්ගය අයෙකුට දෙන්නේ "ඉඳා " කියා තදින්ය . බොහෝ විට එවැනි විහිළු තදින් රිදීමක් ඇති කරයි  .
  • ගැඹුරු කට හඬක් ඇත්තේ බැට්  මෑන් , නොහොත් කළු අයියාට ය  නැතිනම්  පෙර දා රෑ  සංගීතයකට ගිය අයටය .
  • දුප්පත් වීරයෝ , සල්ලි නැති නිසා හරියට කරාටේ පන්ති යන්නට බැරි වී , රී ලෝඩ් එකක් දා ගන්නට බැරිව ඉමහත් පිඩාවන්ට පත්වෙති . බර ඇති වීරයෝ කොට්ටාවේ කරාටේ පන්ති ගොස් සූර වීරකම් උගෙන , වැඩේ ගොඩ දා ගනිති .
  • බොහෝ විට දුෂ්ටයෝ හා වීරයෝ සටනට පෙර තේ එකක් බී  කෙටි සුහද සාමිචියක යෙදෙති .
  • දුප්පත් වීරයන් ගොඩ ගන්නට මුලින් පෙළ ගැසුණු මහින්ද අයියා , පසුව තම දේශපාලන ගමනේ දුර යාම නිසා බොහෝ වෙන්ට වීරයෝ, ඒ මාවතේ මග   අතරමන් වුහ  . ඔවුහු තවමත් බාග විරයෝය
     
වීඩියෝව නරඹන්න . මීට  අමතරව ඔබ උගත් දෙයක් තිබේනම් සටහන් කරන්න 

10 comments:

  1. දැන් විශ්ලේසොනේ දීලා ඉවරනේ.. මේ බලන්නේ ඊට වඩා ගැඹුරින් බලන්න පුළුවන්ද කියලා..

    ReplyDelete
    Replies
    1. කියූ දේ අතරේ නොකියූ දේ බොහොමයි , ආයුබෝවන් :)

      Delete
  2. උගත් දේ නම් මැක්සා!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. උගත මනා ශිල්පය.. ඒත් සල්ලි නොයා උගත මනා ශිල්පය නම් දැන් වැඩක් නැතා ලූ

      Delete
  3. අපිට කවද්ද චොය්ස් එකක් තිබුනේ ජාලිය? මම නම් හැමදාම කලේ selecting the lesser evil.
    ඒක නෙවෙයි. මම මේ වීඩියෝ එක දිගේ ගිහින් ගප්පියගේ වීඩියෝස් සෑහෙන්න බලලා දැන් තමයි ආපහු ආවේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඩූඩ්. සමහර වීඩියෝ මරු. නෙල්ලි වගේ

      Delete
  4. ඔප්ෂන් 3 ද, ඔප්ෂන් 1 හා 2 වගේමය...

    පොඩි හොරුන්ට හතර මුනින් වැටෙන්නට ගුටි දෙන ලොකු වීරයෝ, ලොකු හොරුන්ට ගුටි දෙනවා වගේ පෙණුනට, ටිකකින් ලොකු හොරු හිනවෙවී ටයි එකවත් අවුල් නොවී ඉඳිනු දැකිය හැකිය.... ගැට ගසා ඇති ලණුව ගැන විස්වාස කල නොහැක. සමහර විට පොලිස් නළා හඬ ඇසීමෙන් වඩා සතුටට පත්වන්නේ පොඩි වීරයාට වැඩිය ලොකු හොරා විය හැකිය.

    ලොකු වීරයෝ හිටි හැටියේ අතුරුදහන් වෙති.

    ReplyDelete
    Replies
    1. //////ලොකු වීරයෝ හිටි හැටියේ අතුරුදහන් වෙති./////////

      පිස්සු හැදෙනවා කිව්වා.

      Delete
    2. ඔබ තවත් ගැඹුරෙන් කියවලා.

      Delete

Have commented