27 February 2015

ටොපි කොළ පිරුණු සපත්තු පෙට්ටිය

"මට දැන්ම බෑ සුගත් "

ඇය  එසේ කීවේ බිම බලාන . සුදු ගවුමේ රැළි පිරිමදිමින් . වෙනදාට ටක් ෂොප් එකෙන් අරන් දීපු ස්ටාර් ටොපිය කටේ රුවා ගෙන "ම්ම්ම් " කියා හුරතලේට  හිනාවුනු ,  ඒ දෙතොල් අද මොකක්දෝ කියාගන්න බැරි දුකකින් බරවෙලා 

***************

කමල් කාර් එකේ දොර ඇරලා , මට   මුලින් නගින්න ඉඩ දුන්නේය . කොන්ෆිටි ඉහින , අත  වනන සෙනග අතරේ පිටි පස්සටම වෙන්න සුගත් හිට ගෙන ඉන්නවා මට පෙනුනා .

"දම්මි නගින්න , නැකත පහු වෙයි " කමල් ගේ අත මගේ උරහිස මත බරට දැනුනා 

***************
කණපිට හරවපු පින්තූරේ ආයෙත් අනෙක් පැත්ත හරවලා මම පොඩ්ඩක් වෙලා බලන් හිටියා . 
පුතා මගේ අතේ එල්ලිලා , කමල් පොඩි දුව වඩාගෙන.... හිනා වෙනවා . මම ආයෙත් කමල්ගේ හිනාව සුදු බිත්තියට හේත්තු කරලා , දිග හුස්මක් ඇද්දා  . අල්මාරිය ඇරලා සාරි ගොඩ අදින්න ගත්තේ සුදු සාරිය හොයන්න . කලබලේට සාරි ගොඩ අස්සේ තිබ්බ සපත්තු පෙට්ටිය අත  වැදිලා බිම වැටුනා . එකේ තිබ්බ , ඇඟිලි දෙකෙන් මැදලා ලස්සනට දිග ඇරපු ටොපි කොළ හැම තැනම විසිරුණා . ඇයි  මම මේවා මෙච්චර කල් තියා ගත්තේ ...මම හෙමින් හෙමින් එකින් එක පෙට්ටියට දාන්න පටන් ගත්තා

"අක්කේ ඔය මොකද මෙතන තනියම කරන්නේ , සාරිය පටලවගෙන එන්න ඉස්සරහට , මිනිය ගෙන්න හදන්නේ "


**********************

" දම්මි ,..."  ඈ  වියපත් වෙලා මට එක පාරටම හිතුනා .  එකපාරටම ඈ බිමට නැඹුරුව තිබු දෑස්  ඔසවා මා දෙස බැලුවා . මා හිත ඇවිලුනා . මා දිව ගොලුවෙනු මට දැනුනා .

"දම්මි .. මාව වරදවා තේරුම් ගන්න එපා " එතනින් එහාට මොකුත් කියාගන්න බෑ ...මේ බව වෙන බව දත් නිසාම ලියා ගෙන ආ ලියුම් කෑල්ල ඈ  වෙතට  දිගු කළා . ඈ  එය ගෙන,  දිග හැර,  කිසිම හැඟීමක් නොපෙන්වා , එය කියෙව්වා . ඉන්පසු එය කොළේට  පුරුදු දාර දිගේම  නැවත හතරට නැවුවා . සුසුමක් පිට කලා

"සුගත්   ... මට ළමයි දෙන්නෙක් ඉන්න කනවැන්දුම් ගෑනියක්  . මට සමාවෙන්න "

*********************

තුන් මාසේ දානේ දුන්නා විතරයි ... මෙහෙම ලියුමක් ...මං එහෙම කියලද පේන්නේ ? .... 

ඒත් ඒ  ලියමන විසිකරන්නේ නැතිව පරිස්සමට අරගෙන ආවේ ඇයි  ?  

එය අර ටොපි කොළ පිරිච්ච සපත්තු පෙට්ටියට දමා එහි පියන තද කරන ගමන් මම සිතන්නට වූවෙමි .







පලි 

මගේ හිතේ ඇඳුනු සුගත් වයසට ගොස් පහුගිය දිනෙක මිය ගියේය . ගොළු හදවත පොතද කියවා ඇත්තෙමි , චිත්‍රපටයද නරඹා ඇත්තෙමි ...ඒත් මගේ හිතේ සුගත් වුයේ , ඒ ලයාන්විත හඬින් 
" සුගත් තවමත් ආදරෙයි"  කියූ ඔහුමය . 
සුගත් මිය ගිහින් . මම කැඩපත දෙස බැලීමි 

26 comments:

  1. හ්ම්ම්ම්... සරස් ගාලා කියවන් ගියාට අවුරුදු ගානක් දිග කතාවක්.. නියමයි,, ස්ටාර් ටොෆි කියද්දී අර දිගට අදින බන්ටි ටොෆි මතක් වුණා.. හම්මේ ඒ කාලේ තිබ්බ පිස්සුවක්,,

    //කොන්ෆිටි ඉහින // කියන එක තේරුණේ නැහැ මට

    ReplyDelete
    Replies

    1. ඔමා කොන්ෆෙටි - confetti. සිංහල නමක් නෑ මන් හිතන්නේ

      Delete
    2. ස්තුතියි ඔමා . කාලෙකින්..

      Delete
    3. කොන්ෆෙටි=සරුව පිත්තල (අර මනමාල ජෝඩුවට ඉහන්නෙ පොඩියට කපාපු ඊයම් කොල වගේ ජාති)

      Delete
    4. සමහර වෙලාවට ඉහිනවා නෙමෙයි, මූණට දමලා ගහනවා

      Delete
    5. මධුර එකේ තියෙන්නේ 'මංගල මල්පෙති' කියලා. ලස්සණයිනේ? :)

      Delete
    6. කන්ෆෙටි දැන් සරුව පිත්තල කොල කෑලි වුනාට මුලින්ම කන්ෆෙටි කියලා ඉස්සෙ හාල් ඇට මට මතක විදියට. ඒ සෞභාග්‍යයේ සංකේතයක් හැ

      Delete
  2. මම නම් හරි කැමතියි මේ විදිහට දිග කතා බොහොම කෙටියෙන් එක හුස්මට කියනවට. එතකොට කතාවේ හිඩැස් කියවන්නා අනිවාර්යෙන් මවා ගන්නවා නේ. අපූරුයි!

    ReplyDelete
    Replies
    1. හැම කතාවක්ම එහෙම තමයි නේද.. හිඩැස් අපි නේ පුරවා ගන්නේ.

      ස්තුතිය ප්‍රතිචාරයට

      Delete
  3. ඉතාම මිහිරි අතීත මතකයක් තුලට කිමිදිලා.

    ReplyDelete
    Replies
    1. ටිකක් වයස වෙන්න ඕනේ මේ මතකයේ රහ දැනෙන්න කියලත් හිතෙනවා

      Delete
  4. අපූරුවට ගලපලා කියන්න බැරි වුන දේවල් කොයි තරං තියෙන්න ඇත්ද නේද ජේපී

    ReplyDelete
    Replies
    1. කියා ගන්න බැරි දේ , අපි කාටත් තියෙනවා නේද

      Delete
  5. වියෝවූ පෙම්වතුන්ගේ සදාකාලික ශෝකී රාවය.. සිසිර ඔබට නිවන් සුව..

    ප.ලි. මම ඒ වුනාට මේකටත් කැමති :p

    දම්මි සුගත් තනි කලාට හිතට දුකක් ඇති කලාට මං ඒ වගෙ කෙනෙක් කියල එපා හිතන්න.. හැම කෙනාම එක මිම්මෙන් එපා මනින්න..

    ReplyDelete
  6. වාව්.......... සුපිරි ලියැවිල්ලක්... අගෙයි

    ReplyDelete
  7. සුගත් මෙහෙම කියයිද? හිතට ලොකු ප්‍රශ්නයක් ආවා...

    ReplyDelete
    Replies
    1. පොඩි , ප්‍රශ්නය හරියටම තේරුනේ නෑ . ඒ කිව්වේ මුළු කතාව ගැනද , සිංදුව ගැනද නැත්නම් අන්තිම ජවනිකාව ගැනද

      Delete
  8. ඇත්ත සුගත් තවම ජීවත්වෙනව මෙල්බන්වල. වයස අසූපහක්. එයාගෙ කථාවෙ කියන විදියටනම් දම්මි වැන්දඹුවුනාට පස්සෙ එයා දම්මි සමඟ එක්වන්න ගත්ත දෙවනි වෑයමත් කණගාටුදායක විදියට අසාර්ථකවෙලා තියෙනව. එතකොට එයා දික්කසාදවෙලා. වයස හැත්තෑ දසකයේ.

    ReplyDelete
    Replies
    1. මෙය මා නොදන්නා කතාවක්.කරුනකරලා වැඩි විස්තරයක් සපයන්න හැකිද?

      Delete
    2. එයා කරුණාසේන ජයලත් සහ දම්මි චරිතය එකම පන්තියෙ. දම්මිත් එයාගෙත් අතරෙ නිහඬ ආදරයක් තිබිල තියෙනව. කරුත්  දම්මිගෙ ආදරය සිඟා ගිය නිසා, එයා යාලුවා වෙනුවෙන් අයින්වෙලා තියෙනව. එයා මේක මට පුද්ගලිකව කියල තියෙනව. ඊට අමතරව ඩී බී කුරුප්පුගෙ "හැන්දෑවට පායන හිරු" හෝ "සැඳෑ තරු එලියේ කිමිදෙන හිරු" පොත් දෙකින් එකක විස්තරය තියෙනව.

      Delete
    3. http://thatu-nethi-pitu.blogspot.com.au/2015/02/blog-post_19.html

      Delete
  9. කොහොමද බන් මේක ගැන යමක් ලියන්නේ.

    ඇත්තටම හිතට වැදුණු පොස්ට් එකක්.

    ඔය විදියට ගැප් තියල ෂොට් කරලා මෙගා ලියන ස්ටයිල් එකක් දැක්කමයි

    ReplyDelete

Have commented