10 May 2015

මව්වරුන්ගේ දිනය හෙවත් අම්මා සිහි කිරීම

දස මසක් කුසේ දරා 
දුක් විඳ මා හදා වඩා 
අම්මේ
මා 
ඔබ සිහිකර 
දැම්මා ඉස්ටේටස් එකක් 
මුහුණු පොතේ 
මතක ඇතුව බලන් 
හොඳේ 

***


අම්මේ 
අද 
මව්වරුන්ගේ දිනයලු 
බංගලාවේ 
බේබිලා උදේ නෝනාට 
දුන්නා හාදු 
බෙල්ලේ එල්ලී 
කෑමට ලුණු පොඩිත්තක් වැඩිවෙලා 
ලොකු සරූත් 
මතක් කළා 
අම්මව 

28 comments:

  1. මුළු අවුරුද්දෙම එක දවසක් විතරක් අම්මා. අනික් හැම දවසෙම සුම්මා.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ

      Delete
  2. ලොකු සෑර්ගේ අම්මට...

    ReplyDelete
  3. හී...හී දැකපු ලස්සනම මව්වරුන්ගේ සුබ පැතුමලු.

    ReplyDelete
    Replies
    1. අම්මලා මතක් කිරීම

      Delete
  4. අම්මා කියන්නේ හැම දේටම උල්පත. හොඳක් කලත් , නරකක් කලත් බැනුම් අහන්නේ අම්මා පමණයි. ලස්සන අදහස. මම මෙය ශ්‍රී ලංකා විත්ති - 2015 ජූනි කලාපයේ උපුටා දක්වනවා. ඔබ කැමති උනත් නැතත්.

    ReplyDelete
    Replies
    1. වැදූ අම්මටයි නීල ආකහේටයි හොඳක් නං නෑ. වැස්සත් බනිනවා පෑව්වත් බනිනවා. - ගමක පැරණි කියමනක්

      Delete
    2. ස්තුතියි. කිසි විරෝදතාවයක් නැත. මේ පරන නිහාල් ද අලුත් වැඩක් ද

      Delete
  5. AnonymousMay 11, 2015

    ඊයේ මව්වරුන්ගේ දිනය මා ඉතාමත් අපහසුතාවයකටත් සන්තාපයකටත් පත්කල දිනයක් විය . මාගේ පුතු සමඟ කාර්එකෙන් ගමනක් යන අතර තුර රේඩියෝ චැනල් මාරුකර ඉවරයක් නැතිව ගියේ හැම චැනල් එකේම අම්මලා මතක් කල නිසා. මම රියදුරු අසුනේ සිටිනිසා පුතාගේ මුහුණ බැලීමට නොහැකිවුවත් . මම කලදේ ඔහුට තේරුම් ගියා දැයි නොදනිමි. මා පුතුගේ ආදරනීය අම්මේ ඔබට නිවන් සුව පතමි.

    ReplyDelete
    Replies
    1. I'm truly sorry Anonymous. Never thought of this side.

      Delete
    2. ඔබ මා සිත වෙන මානයකට ගෙන ගියා

      Delete
  6. දැන් ට්‍රිපල් පර්සනැලිටි එක විලාසිතාවක් වෙලා...
    ඒත් කාර්‍ය බහුල ජීවිතයක ගිලිලා ඉන්න අයට මේ මතක් කිරීම් අස්වැසිල්ලක් වේවි නේද?
    අවුරුද්ද පුරාම අම්මා තාත්තා ගැන සෙවිල්ලෙන් ඉන්න දූ පුතුන්ට නම් ඉතින් මේවායේ වෙනසක් නෑ
    ඒ කොහොම වෙතත් ලංකාවේ අම්මලා කියන්නේ නම් බොහොම ශ්‍රේෂ්ඨ පිරිසක්...
    ඒ වෙර වීරිය, දරාගැනීමේ ශක්තිය, උපේක්ෂාව, ආදරේ, කරුණාව මම වැඩිය දැකල නෑ වෙන රටවල

    ReplyDelete
    Replies
    1. මා පොඩි කාලේ බස් එකට නැගි අයෙක්ගෙන් ඔහුගෙ අතේ අම්මා කියා පච්ච කොටා ඇත්තෙ ඇයිදැයි ඇසුවා. ඔහු කීවේ අමතක නොවෙන්න කියා. මේ එක දිනයකින් කරන්න්නේ ඉතුරු දවස් වලට අමතක කරන්න අවසර දීමද කියලත් හිතෙනවා

      Delete
  7. කවි දෙකම පට්ට.. කවියක වචන දහස් ගනනිකින් කියා නිම කරන්න බැරි හැඟීමක් තියෙනවය කියන්නේ නිකම් නෙමෙයි නේ.. මේ පට්ටම උදහරණ දෙකක්.. ඇක්සොලන්ට්...

    ReplyDelete
  8. ~~මහළු මඩමක ඉන්න අම්මාට ~~


    අසරණ බව දුටිමි නෙත් යුග පුරාවට
    නෙත්යුග හිනා සෙව් වග පෙනේ මනාවට
    වෙසතුරු බව නොවෙයි හදවත පුරාවට
    සුසුමක ඉඟිවැකිය දුටුවෙමි හිනාකට
    ..
    ඉසි කෝ මාන පිරිදිවියක් ගෙව්වාද?
    දැසි දස් නෑ පිරිවර මැද උන්නාද?
    වතුපිටි හරක බානක රඟ දුටුවාද?
    හිමි නැති පෙමක පැටළුණු සිත වින්දාද?
    ..
    මුදු වදනකට කන් පෙති නුඹේ සොයනවද?
    රස මසවුලක රස සිහිනෙන් දැනෙනවද?
    මුනුබුරු දරුන් වත් ඉඳහිට වත් එවා
    දොර දන් දෙන්න වෙසතුරු මෙන් හිතුවාද?
    මතු බුදු වෙන්න දරුවන් දන් දුන්නාද?
    ..
    තනිවුනු නෙතට දුක කඳුලක් නොම ඒවා
    තනිවුනු හිතට දුක් සුසුමක් නොම ඒවා
    මුනුබුරු දරුන් ඉඳ හිට වත් ඒවා
    මතු බුදු වෙන්න මතු දිනකදි හැකිවේවා

    ReplyDelete
    Replies
    1. දිනෙක අපේත් ඉරනම වෙයිද කියාත් හිතුනා

      Delete
    2. hmmm dhAnma suudaanamwa imu

      Delete
  9. හොඳටත් නරකටත් මිතුරගෙත් හතුරගෙත් මතක් කරන එකම කෙනා..
    ඒ අපේ ලේ වලම ඉන්න නිසා වෙන්න ඇති.
    අනේ මංදා..
    ඔහොම හරි මතක් වෙන එකත් ඇති.

    ReplyDelete
  10. ලුණු ටිකටත් අම්මාව මතක් කරනා හාමු
    වහ ටිකක් කලවමට දාලා දෙන්න හිතිවිලි ගෙනාපූ
    නෝනා හාමූ තමයි හාමූ අම්මෙ අපි හරි පොඩි මිනිස්සූ
    අම්මලාගේ දිනක් මොකටද හැමදාම අම්මගෙ වුනූ

    ReplyDelete
    Replies
    1. අපි හරි පොඩි මිනිස්සු හ්ම්ම්

      Delete
  11. අන්තිම පද තුන නං පටේ පට්ට
    කියපු නොකියපු කතා ගොඩක් එතන දැක්ක

    ReplyDelete
  12. සමහරු එකදිනයක් විතරක් මොකටද අපි හැමදාම ආදරෙයිනේ කියල දිනයක් තියන එකට බනිනව.
    ඒත් ලංකාව තුල වුනත් දුර ජීවත්වන සමහරු අම්මලට කතාකරන්නෙ කලාතුරකින් කාර්ය බහුලත්වය නිසා, ඉතින් අවුරුදු සහ/හෝ නත්තල් හැර තවත් විශේෂිත දිනයක් තිබීම හොඳයිනෙ

    ReplyDelete
    Replies
    1. එහෙම නෙමෙයි .. මම කියන්නේ මතක් කිරීමට එක දවසක් වෙන් කිරීම තුලින් අනික් දවස් 364 අමතක කිරීමට හේතුවක් ලබා දෙනවාද කියලා ..

      Delete
  13. සුප්ප ...යකෝ......
    කෙටියෙන් ම......

    ReplyDelete
  14. මහා පොලව වගේ සියලු බර ඔසවන අම්මේ.....365 න 1 ද ඔබට දෙන්නේ,,,,

    ReplyDelete

Have commented