17 May 2015

ඉංග්‍රීසි බැරිනම් පොලිසී යන්න හෙවත් ව්‍යාජ සිප්හල් වැටලීමේ විශේෂ පොලිස් ඒකකය


සිල්වා  උදේ පත්තරය කියවීමට හිඳ  ගත්තා පමණි . ගේට්ටුව දෙසින් මහා කලබගෑනියකි . සාමාන්‍යයෙන් ඔය අයදුම් පතකට අත්සන් කර ගන්නට , පින්තුරයක් සහතික කර ගන්නට එන කෙනෙක් හැරෙන්නට එහෙමට කියා කෙනෙක් එන්නෙම නැත . ඔහු වහා ගේට්ටුව දෙසට පිය මැන්නේය . ගේට්ටුව ඉදිරිපිට සූ  ගා හය හත් දෙනෙකුගේ ජනකායකි .


" මේ සාමදාන විනිශ්‍යකාර ..."


"ඔව් ඔව් මම තමා ..මොකෝ ඇප්ලිකේෂන් එකක් සහතික කර ගන්නද ?"


" නෑ නෑ පොඩ්ඩක් ඇඳුමක් ඇඳ  ගෙන යමුද "


"කොහේ යන්නද ?"


" උසාවී ..."


"අනේ සර් මම මේ අහිංසක විදියට , අත්සනක් දෙකක් ගහලා ඉන්න මනුස්සයා ..පවුල රකින්න මේ වැඩේ කරන්නේ ..කූට ලේඛන හදනවා නෙමෙයි "


"නෑ නෑ  ඕයි ..තමුසේව  උසාවි ගෙනියන්නේ ඇප සල්ලි බඳින්න "


"මට තේරුනේ නෑ "



" නෑ ලොක්කා අපේ පාලයන් ව පොලෝසියෙන්  අල්ලන් ගිහින්'"

" කව්ද පලයන් කිව්වේ "

"නෑ නෑ  පලයන් නෙමෙයි ලොක්කා , පාල සර් , අර පන්සලේ ඉස්පෝක් ඉංගිලිස් පන්ති කරන්නේ ..දැන් ඉතින් ගෞරවේ ට, ට්‍රෙන්ඩ් එකට නමේ අගට "යන් " කියලා දානවනේ ..සිරිසේනයන් , ගලයන්, විමලයන් වගේ "

" ඔව් ඔව් , ඉතින් මොකෝ මේ පොලෝසි ගෙනිහින් තියෙන්නේ ..අනේ මට නම් ඔය කිරිමිනේල් වැඩ වලට සම්මාදම් වෙන්න නම් බැහැ "

නෑ නෑ එහෙම දෙයක් නෙමේ ...දන්නේ නැද්ද මේ දවස් වල වෙන දේවල් , ඔය පත්තර වල තියෙන්නේ 

ආ සමුපකාරෙන් ණයට බඩු අරන්ද 

රෙද්දක් කතා කරනවා .. නෑ ඕයි එනවා යන්න මගදී කියන්නම් 

ඉතින් ඕන කෙනෙකුට ඇප සල්ලි බඳින්න පුළුවන් නේ මොකෝ ඔහේලා පස්ස ගහන්නේ 

මෙහෙමයි අපිටත් පොඩි පොඩි වොරන්ට්ස් කෑලී තියෙනවනේ , ඉතින් පොඩ්ඩක් උසාවි ඇලජික්. එනවා අයිසේ ඉක්මනට 

****
උසාවි වත්තේ සියල්ලෝ රැස්වී සිටිති. විත්ති කරු උසාවියට ඉදිරිපත් කරන තෙක් සිල්වා පිරිසේ සිටින තරුණයෙක් සමග කතාවට වැටුනේය .

මල්ලි මොකෝ මේ කේස් එක හැබෑවට ?

මේ ටියුෂන් කේස් එකක් නේ ලොක්කා ..

ඒ කිව්වේ ?

පාල අයියා අටේ පන්තියත් පේල් ..පස්සේ සුද්දෙක්ගේ ගෙදරක වැඩට ගියා .... එතනින් ඉංගිලිස් ටිකක් කටේ ගාගෙන ඇවිත් ටියුසන් පටන් ගත්තා .. 

මිනිහට ඉතින් ඉංග්‍රීසි බැරිද 

පොඩ්ඩක් ඉතින් "යා"  "නෝ" කියා ගන්නවා .. ඉංගිලිස් ෆිල්ම් බලලා වාක්‍ය ලියා ගන්නවා .. ඒ ටික පන්තියේ උගන්නනවා 

ඉතින් මොකෝ උනේ 

උනේ තමා ..මේ අලුත් පොලිස් ඒකකයක් පිහිටෙව්වනේ , අයතා ලෙස ඉංග්‍රීසි බාසාව පරිහරණය කරන අය , උගන්නවන අය ... කෙලින්ම අගමැති තුමාලු කොම්ප්ලේන් කරන්නේ ..

ඈ ?

ඔව් මහත්තයෝ මම හිතන්නේ අගමැති තුමාට ඉංග්‍රීස් බැරුව ඇති එකයි මේ 

පිස්සුද ඕයි එයා රෝයල් එකේ නේ ඉගෙනගත්තේ 

ෂුවර්ද ? එක නෙමෙයි මහත්තයා නිකන් ඉන්න එකේ වනමුද කොඩියක් ?

අපෝ මටනම් බෑ , වහ කුප්පියක් දෙන්න, කොඩි නම් දෙන්න එපා ..අනික මොකක්ද මේ ඔලුව නැති සිංහයෙක් ගේ කොඩිය 

මේක සුද්ද සිංහල කොඩිය නේ ...

තමුසෙම වනනවා ..

පරක්කු වෙයිද දන්නේ නෑ ලොක්කා මට පන්තියක් තියෙනවා තව පැයකින් 

මොනවද ඉගෙන ගන්නේ 

නෑ නෑ මම මේ ටියුසන් දෙනවා , ගණන් 

ඈ ?

ඔව් මම ටියුසන් සර් කෙනෙක් ළඟ ටික කාලයක් කාඩ් මාක් කළා, ටියුට් බෙදුවා . ඊට පස්සේ ටියුට් ටිකක් උස්සලා  මගේම කියලා වැඩක් පටන් ගත්තා 

ආ ඒකයි මේ සහයෝගේ , දී කිරට බළලුත් ..

මොකක්ද කිව්වේ ?

කතාව අවසන් කිරීමට ලැබුනේ නැත , උසාවිය දෙසින් කලබලයක් ඇසුනි . අර පිරිසේ සිටි නායකයා පැමිණ " ලොක්කා වැඩේ හරියන්නේ නෑ ,  පන්සලේනේ පන්ති කලේ ..සාංඝික දේපල අයතා ලෙස පරිහරණය කළා කියලා ඇප දෙන්න බෑ කිව්වේ " කියත්ම ජේලර් මහතුන් දෙදෙනෙකු මැදි කොට පාලයන් පැමිණියේය 

මාංචු ලු දෑත ඔසවා, කැමරා ෆෝන් අමෝරා සිටින පිරිස වෙත මද සිනහවකින් සංග්‍රහ කල ඔහු ,"කොහොමද යහපාලනේ " කියා අසමින්  බන්ධනාගාර බසයට ගොඩ වුනේය 


33 comments:

  1. හෙහ් හෙහ් හෙහ්, නියමයි. මේ යකා මේ මහා කපටිකමක්නේ කරලා තියෙන්නේ. 'බොරු නම් පොලිසි යන්න' කියන්නේ පොලීසියෙන් අහලා ඉංග්‍රීසි නිවැරදි කරගන්න කියන එක වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල පොලෝසියට තියෙන වැඩ

      Delete


  2. //ඔව් මහත්තයෝ මම හිතන්නේ අගමැති තුමාට ඉංග්‍රීස් බැරුව ඇති එකයි මේ

    පිස්සුද ඕයි එයා රෝයල් එකේ නේ ඉගෙනගත්තේ //

    :D

    ReplyDelete
    Replies
    1. අපි නොදන්න එහේ එවුන්ගේ ඉංග්‍රීසි

      Delete
  3. මදැයි මාත් ඉංගිරිස් ටිකක් උගන්නන්න හිටියා.

    ReplyDelete
    Replies
    1. ඩූඩ් ට බැරියැ මෝල්ඩිවුස් ටිකක් උගන්නන්න.

      Delete
    2. දැක්කනේ ඕවා පොලීසි යන්න වෙන වැඩ . බාසාව දිවේහි නේද ..(බාසාව දිවේ නැත්නම් වෙන කොහෙවත් යෑ නේද )

      Delete
  4. තේරුනේ නෑ...:(

    ReplyDelete
    Replies
    1. පොඩි කාලීන පුවත් ඇසුරෙන් ලියවූ කතාවක්

      Delete
  5. දැන් ඉතින් ගෞරවේ ට, ට්‍රෙන්ඩ් එකට නමේ අගට "යන් " කියලා දානවනේ

    යන් යන් ඔහොම යන්...

    ReplyDelete
    Replies
    1. ඇයි අහලා නැත්ද .. මේ ලඟදි ඇහුනා සන්නස්ගලයන් , රාමනායකයන් , මෛයිත්‍රී පාලයන්

      Delete
    2. හෙහ් හෙහ් මටත් ටිකක් විකාරයි වගේ දැනුනා ඔය විදියට නම අගට යන් දාන එක

      Delete
  6. පට්ට.. කොහොමද යහපාලනේ.. :p

    ReplyDelete
    Replies
    1. හැම එපිසෝඩ් එකක්ම ඉවර වෙන්නේ ඒ දෙබසින් නේද

      Delete
  7. මෙහෙම පංති කරන එවුන්ව නෙවෙයි පොලීසි අරන් යන්න ඕන. මේවාට තවමත් අහුවෙන මෝඩයන්වයි.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මෝඩයන් අල්ලනත් පොලිස් විශේෂ ඒකකයක් පිහිටුවන්න වෙයිද :)

      Delete
    2. හෙහ් හෙහ්, 'පොලිස්' නැතිව 'විශේෂ ඒකකය' විතරක් ඉතුරුවෙයි.

      Delete
  8. යකෝ පස්සෙනෙ දැක්කෙ එහාපැත්තෙ තියෙන බෝඩ් එක. ඒ කියන්නෙ පොට් එක තියෙන්නෙ මේ අහල පහළමයි. ලෝකය ඉංග්‍රීසියෙන් දකින්නෙ කොහොමද කියල බලන්න මටත් යන්න හිතෙනව.

    ReplyDelete
    Replies
    1. දැක්කනේ ඉස්සෙල්ලම මනෝ විද්‍යාත්මකව බ්‍රේන් වොෂ් කරලා පටන් ගන්නේ

      Delete
    2. @ Praසන්னMay 17, 2015, ඔයි ඉසව්වෙම පිහිටෝල තියෙන්නේ, නැවුම් එව්වායින් දුමක් දාගත්තම මනස ඉබේම ඉංග්‍රීසි වෙන නිසාවෙන් වෙන්නෑ

      Delete
    3. @ ඇණය,
      එතකොටනං ඉංග්‍රීසි නෙමෙයි ප්‍රංශ උනත් අවුලක් වෙන එකක් නෑ.

      Delete
  9. හෙහ් හෙහ්. මේ යන විදිහට අත් දෙක පිටිපස්සට තියල මාංචු දාන ක්‍රමයක් ආවේ නැත්නම් මාර ලෙඩක් තමයි වෙන්නේ.රටේ වීරයෝ වැඩි වෙලා

    ReplyDelete
    Replies
    1. මාර ලෙඩක් තමයි කොහොමත්
      වීරයෝ ඔක්කොම හොස්පිටල් යන්නෙ

      Delete
  10. අම්මට සිරි ලග පාතනේ :p යන්නත් හිතෙනවා

    ReplyDelete
  11. පට්ට කියන්නෙ වල්ලාපට්ට!

    ReplyDelete
  12. නියමයි.....

    ඔය 'යන්' කෑල්ල හැබෑටම තිරිහන් වෙන්න දාපු කැල්ලක් කියලයි මම හිතුවේ.. හ්ම්ම්ම් හ්ම්ම්ම්... ඔහොම 'යන්'

    ReplyDelete
    Replies
    1. වෙන මොනවා කොරන්නද

      Delete
  13. කාලින "දේශපාලන" සංවාදයක්. :) සුපර්.
    http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/17045-2015-05-19-16-38-58

    ReplyDelete

Have commented