20 May 2015

නන්දිකුදාල් සිට අවුරුදු හයක් දුරින් සහ වෙනත් කවි

නන්දිකුදාල් සිට අවුරුදු හයක් දුරින්

සය වසකට පෙර 
එක් හිමිදිරියක 
ඇන තියා ගත්  මිනිහෙක් 
තවමත් 
කලපුවක් දෙස බලාගෙන 
කිවුල් දියේ පාවුනු 
මිනී නම් සුද්ද කරලා 
ඒත් පුළුටු දුගඳ  
තාම වටපිට 
සුසුම් මාරුත 
අඹරවයි 
තල් කරටි 

ලඟදි කවුද ඇවිත් 
පොරවලා ගිහින් 
කොඩියක් 
සිංහලේ 
ඔලුවේ ඉඳන් වැහෙන්න 

එහා ඉවුරේ 
සුදු රැවුල දිග 
අයෙක් 
පහනක් පා කර 
දිය මත 
ගියා ආපහු 
කුණුහරුපයක් කියාගෙන 
දෙමළෙන් 

***

සත්‍යය සාපේක්ෂයි 

මා මගේ සත්‍යය 
තුරුළු කරන් 
දිව යද්දී ඈතට 
ඈතට 
ඔබ දුවන්නේය 
අනෙක් අතට 
තුරුළු කරන් 
ඔබේ පොට්ටනිය 
වේගයෙන් ඒ සාම .

සාපේක්ෂ චලිතය .

සබඳ 
ඒවිද දිනක් 
සත්‍යයේ තිමිර 
පට තිර ඉරාගෙන 
ඔබේ සත්‍යය 
මා මනස් කුහරයට
කාන්දු වෙන 

***

සරළ සංකීර්ණ  සමීකරණ

මම - සමානකම්  = අනෙකා 
අනෙකා + බලවත් බව   = හතුරා 

එකතු වෙන , අඩුවෙන නියතය නැතිවුනත්, දෙපැත්ත වෙන් කරන්නේ සමාන ලකුණක් බව බොහෝ වෙලාවට අමතක වෙනවා 


***

6 comments:

  1. Replies
    1. එකඟ නැත්තෙමි

      Delete
  2. ඔතන තියෙන පට්ටම ජෝක් එක තමයි යුද්ධය ඉවරයි කියන එක. ඒත් එකෙක්වත් දන්නේ නෑ යුද්ධේ ඉවර නෑ, කලේ මැඩපැවැත්වීමක් පමණයි කියලා. ඒකනේ උසාවී නියෝග ගේන්නේ සැමරුම් තහනම් කරලා. යුද්දය ඉවරනම් මක්කටෙයි තහනම් නියෝග.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත . එතකොට මේකත් සටන් විරාමයක් ද ...
      winning the battle and loosing the war?

      Delete
  3. මෙහා ඉවුරේ
    කළු රැවුල් කාරයෙකුත්
    සුදු ඇඳුම් ඇඳගෙන
    ගියාලු පහනක් පත්තු කර
    කුණුහරුපයක් කියාගෙන
    සුද්ද සිංහලෙන්..
    අම්මට කෙළවන්නම් කියා...

    ReplyDelete
    Replies
    1. මෛත්‍රී ගේ ?

      Delete

Have commented