27 May 2015

සුභාවිත ගීයේ නිම්හිම් සෙවීම සහ ඔන් ලයිව් කුණුහරුප කීම

(රුපවාහිනි තිරය ඒකාලෝක වේ . කලාත්මක පසු තලයක් ඉදිරිපස සිව් දෙනෙක් අසුන් ගෙන සිටිති . පාට පාට සරමක් හැඳ  සිටින නිවේදකයා වෙත සමීප දසුනක් යොමුවේ .)

"ආයුබෝවන් , මේ  සඳ මෝදු වන රාත්‍රියේ  සුභාවිත ගීතයේ නව නිම් හිම් සොයා යන ශාස්ත්‍රීය සංගීතමය භාව රස උල්පත , සුභාවිත ගීත සන්ධ්‍යා වැඩසටහන සමගයි අදත් අපි ඔබ හමුවට එන්නේ . වෙනදා මෙන්ම අදත් ඔබේ රස පවස  සංසිඳු වන්නට සුභාවිත ගීතයේ කෙල පැමිණි , සම්භාව්‍ය  ගායකයින් සහ ප්‍රවීණ  විචාරකයන් කිහිප පොලක් අපිත් සමග  එක්  වී සිටිනවා .

අපේ මුල්ම ගීතය ගයන්නේ , සුභාවිත සංගීතයේ පරතෙරටම ගිය පණ්ඩිත් වා. සුදේවයන් . ඔබ තුමා ගීතය ගැයීමට පෙර කෙටි විස්තරයක් කරන්නේ නම් මැනවි ."

මේ ගීය වමන්  රාගය  ඇසුරෙන් ලියවුන්නක් . මුලින් ගීය අහලා බලමු .

වන් ටූ ත්‍රී .... ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ..ඩෙන්න ඩෙනෝ ..ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ..ඩෙන්න ඩෙනෝ 
හු .. 

(එවිටම තිරයේ ඔරලෝසුවක් දිස්වේ , ඉන්පසු සිමෙන්ති , මෝල්ටඩ් මිල්ක් , බිස්කට් , මදුරු කොයිල්  පිළිබඳව දැන්වීම් කිහිපයක්  විකාශනය වේ ...නැවත වැඩසටහනට යොමු වෙන විට ගීතය අවසානය .. සුදෙවයන් අවසාන ස්වරය ගයමින් සිටින්නේය )

......   ක වැඩිමල් කියන්නේ ඒ ඒ ඒ ඒ .....

සැබැවින්ම සමාධියකට සමවැදුනා වගේ ...අපිත් සමග  සිටිනවා  අපුරු විද්වතෙක් මේ ගීය ගැන අදහස් දක්වන්නට.. මහැදුරු දුන්බල වණගුන්දරයන් 

ඇත්තෙන්ම මම මේ විෂය පිලිබඳ ප්‍රාමාණික උගතෙක් . උගුරේ ලේ රහ වෙනකන් , මේස් බැනියම දාඩියෙන් පෙඟෙනකන් රෑ තිස්සේ සින්දු අහන එකමයි කලේ . දැන් මේ ගීය බලන්න . ඒකෙන් කියවෙන්නේ එක නැකතේ උපන් සහෝදරයන් දෙදෙනෙක් ගැන , ඔවුන් ගේ සහෝදර ප්‍රේමය මනාව විග්‍රහ වෙනවා .. අනෙක බලන්න භාවිතා කර ඇති වදන් කෙලින්ම දම්පිය අටුවා ගැට පදයේ තියෙන සුභාවිත යෙදුම් ඇසුරෙන් ම ලියවුනු ඒවා.. කෙතරම් කන්කළුද ?  අපේ පාසැල්  යන දු පුතුන් මෙවැනි පද රචනා වලින් සාරය මනාව උකහා ගනී යයි මම විශ්වාස කරනවා 

සැබෑව සැබෑව . මීළඟට , මේ සුන්දර රාත්‍රියේ ගැයෙන දෙවැනි මනරම් ගීතය .. මේ ගීතය ජන ගීයක් ඇසුරෙන් තැනුණු ගීයක් ,  ගයන්නට විශාරද විකුම්සිහයන් සැදී පැහැදී සිටිනවා 

(රබන් හඬක් සමග  සංගීතයක් ආරම්භ වේ )

" උඩ පල ගත්තත් වට්ටක්කා ......"


"කට් කට් කට් !!!!  , මොනවද මාස්ටර්  ඔන් ලයිව්  කුණුහරුප කියන්නේ මේ වගේ වැඩසටහන් වලට ඇවිල්ලා.........පොඩි ළමයිනුත් බලනවානේ මේවා "....

(තිරය අඳුරුවේ.  නැවතත් අර සිමෙන්ති , මෝල්ටඩ් මිල්ක් , බිස්කට් , මදුරු කොයිල්  පිළිබඳව දැන්වීම් කිහිපය විකාශනය වේ)


පලි : මෙහි පුර්ණ රසය විඳීමට නම් බිග් මැච් වල නිතර කියවුණු එක්තරා කුප්‍රකට ගීයක පද මාලාවක් පිලිබඳ යම් දැනුමක් තිබිය යුතුය . එතැනින් එහාට නොලියමි 

13 comments:

  1. //මෙහි පුර්ණ රසය විඳීමට නම් බිග් මැච් වල නිතර කියවුණු එක්තරා කුප්‍රකට ගීයක පද මාලාවක් පිලිබඳ යම් දැනුමක් තිබිය යුතුය//
    හුදී ටියුබ් ලයිට් ජන පහන් කණු සංවේගය පතා xxxx යොදාවත් ටිකක් කියුවනම් වටී වටී මෙය හරිම වටී.. ලයික් දිස් ඇට් ලීස්ට්..
    xxx උඩින් xx තියලයි xxxx.. ඒක නිසයි xx වැඩිමල් කියන්නේ...
    හ හ හා.. අර පණ්ඩිත් සුදේවයන් නම් පට්ට ඈ..

    ReplyDelete
    Replies
    1. එක කුණුහරුපයක්වත් නොලියා ලියන්නයි උත්සාහ කලේ . ඔය කට්ටියට තේරිලා තියෙන්නේ

      Delete
    2. කමී උඹ මේකේ භාගයයි දාලා තියෙන්නේ
      ජේපී පේළි තුනක අමතර ඉඩක් ඇරලා තියනවා :-)

      Delete
  2. රැවුල කපලා එන්න කියමු ඊළඟ වැඩසටහනට.

    ReplyDelete
    Replies
    1. සමාජවාදේ තියෙන්නේ රැවුලේ නේ. නිකන් කස්ත්‍රෝ වගේ ලු. කස්ත්‍රෝ දන්නවා නම් එයා රැවුල කපනවා

      Delete
    2. දැන් මතක් උනේ ෆිදෙල් කස්ත්‍රෝට රැවුල තිබුනාට , රවුල් කස්ත්‍රෝට රැවුල නෑ නේද

      Delete
  3. JP ගිහින් තියෙන්නේ මහා වල් ඉස්කෝලෙකටයි. අපි නං දන්නේ නෑ මේ කියන නෝටි සින්දු.

    ReplyDelete
    Replies
    1. ගියේ අර සියඹල ගස් දෙක යට තුන්මුල්ල සෙන්ට්‍රල් එකටනේ .... වල්ම වල් ඉස්කෝලයක්ම තමා

      Delete
  4. AnonymousMay 28, 2015

    අයිසෙ සුදේවයන් බ්ලොග් බලනවද?
    නැතිනම් මේකෙ ප්‍රින්ට් අවුට් එකක් හරි යවන්නවකො

    ReplyDelete
    Replies
    1. මෙන්න අයිසේ ඇනෝ යන් අපේ ඉස්සව්වෙත් ඇවිත් . අයිසේ වෙල්කම් කියලා පිලිගන්නවා .

      සුදේවයන්ට වෙලාවක් තියෙනවද දන්නේ මේ ඔක්කොම වැඩ අස්සේ

      Delete

Have commented