03 May 2015

ප්‍රීති ප්‍රීති අද වෙසක්

ප්‍රීති ප්‍රීති 
අද වෙසක් 
දවල්ට උයන්න ඕනේ නෑ ප්‍රීති 
කමු ටවුමේ දන්සලෙන් 
මොණර කඩදාසි දෙකක්ම 
දුන් එකේ ලිස්ට් එකට 
පෝලිමේ නොඉඳ 
යමු පෑල දොරෙන් 
වෙනම මේසයක් තියෙනවා 
පිටිපස්සේ 
නැත්නම් දාඩිය ගඳත් එක්ක 
කන්න බෑ 
බත් 
දන් වුනත් 

එන ගමන් 
කූඩු අරගෙන එමු 
හවසට පත්තු කරන්න 
අස්ප ගණන් කියාවි 
හෙට්ටු කරන්න ඕනේ 
තදින් 
කොහෙද වෙසක් 
වැව අයිනේ පෝලිමට 
කූඩු විකුණන උන්ට 
කුඩු පත්තු නොකරන 
උන්ගේ පොඩි උන්ට 
නේද 

කලින් උයලා තියලා 
මැගී  අම්මා ලෑස්ති වෙන්න 
අද වෙසක් හින්දා 
රෑට අපි වෙජිටේරියන් 
ගිහින් බස්සන්නම් 
පන්සල ගාවට 
හැබැයි පාර්කින් නැති නිසා 
නවත්තන්නේ 
ටිකක් ඈතින් 
හොඳේ

15 comments:

  1. මොඩර්න් වෙසක්

    ReplyDelete
  2. දැන් වෙසක්!

    ReplyDelete
    Replies
    1. මැගි පන්සල් ගියාමද?

      Delete
  3. පන්සල ලගටවත් යන්න බැරි අය..

    ReplyDelete
    Replies
    1. පන්සල් හදන කොට බුදු මැදුරු දාන සාලා නෙමෙයි ලොකු කාර් පාක් එකක් නොහදන වරද

      Delete
  4. ටොයෝටා ඇක්සියෝ හයිබ්‍රිඩ් එකකින් අද උදේ අපේ ගේට්ටුව ලඟට ආව මගේ යාලුවෙක් අහනවා දන්සැල් වඳින්න යමුද කියලා.

    වෙසක් දවසේ උගේ මෝට හැමැන්නීම නොසුදුසු නිසා, මම බෑ කිව්වා.

    ReplyDelete
    Replies
    1. මන්ද නාව කාරනාව, යන්න ඒ වන්දනාව

      Delete
  5. දන්සල් දෙන අයට පින් ලැබෙන්න නම් කන අයත් ඉන්න ඕනෑ නේද? එනිසා දන්සල්වලින් කෑම ද යහපත් ක්‍රියාවකි.

    මේ දන්සල් දෙන්නේ කන්නට නැති අයට නොවේ. කන්නට නැති අයට එක දිනක් දීමෙන් ඇති විශ්ල ප්‍රයෝජනයක් නැත.

    ReplyDelete
    Replies
    1. මාත් රසික වගේ ලින්ක් දානවා ඔන්න.
      http://madhumadhavi135.blogspot.com/2015/05/blog-post.html

      Delete
    2. දන්සල් සහ පින් පිලිබඳව ඇත්තේ වෙනස් අදහසකි

      Delete
  6. මොණර කොල මදිය. වෙහෙරගල වේල්ල තියෙන කොළයක්වත් පින් පතා ආධාර පිණිස?

    ReplyDelete
  7. පින් කෙසේ වෙතත දන් සැල් නම් I miss so much! :D

    ReplyDelete
    Replies
    1. මමත් යන්නේ බඩ පැලෙන්න කන්න හෙහ් හෙහ් දැන් අවුරුදු 2ක් මිස් වුණා :(

      Delete

Have commented