06 June 2015

සදා කාලික නොවූ ලෝකෙක , සදා කාලික ප්‍රේමයක් ?

මෙය සිදුවිය හැකිද ? " 

(ශ්‍රී, පරිඝනක තිරයට නැවත එබී බැලුවේය . )

"දත්ත අනුව  නම් එහෙම තමයි . ඔව් මේ ඩේටා ෆයිල් අතර සිදුවෙන මේ සම්බන්දතා ,  ඔව් මේ තියෙන්නේ .. "

"මේ හැඟීම් sub programms වලින් memory file එකට දත්ත එකතු වෙනවා . ඒ කියන්නේ  අලුතින් අලුතින් මතක හැදෙනවා . ඒ මතක ආපහු අලුතින් හැඟීම් sub  programms ලියනවා .

(ඔහු නැවතත් දත්ත පරික්ෂා කළේය . )

"මේකේ වැරැද්දක් නෑ .. අවුරුදු පහළොවක උත්සාහයේ ප්‍රතිපලය ...හ්ම්ම් ......

(දිගු සුසුමක් පිටවිය .....පරණ සින්දුවක් ඔහුට එක්වරම සිහිවිය. )

"හිත හීලෑ නෑ .....හරිම මුරණ්ඩුයි"

***

"....ශත වර්ෂයේ වැදගත්ම සොයාගැනීම් වලින් එකක් .... මහාචාර්‍ය ශ්‍රී මම ඔබට ආරාධනා කරනවා මේ විද්වත් සභාව අමතන්නට ...."

(අත්පොලසන් නාදය විනාඩි කිහිපයක් පැවතිනි ... )

"ආයුබෝවන් මිත්‍රවරුනි .. මෙය අවුරුදු පහළොවක උත්සාහයක ප්‍රතිපලයක් . කෘතීම මොලයක් artificial inteligence, බොහෝ කාලයක සිට මිනිස්සු හදන්නට උත්සාහ  කළා .. නමුත් මම හැදුවේ මොලයක් හදන්න නෙමෙයි , හිතක් හදන්න an atrificial mind ... මගේ හිත backup  කරන්න ... මම උපතින්ම බෞද්ධයෙක් ඉතින් , මම ඉගෙන ගත්ත හිත ගැන සංකල්පය නම් . එය ඉපදී මැරෙන දෙයක් .. එවන් කලෙක සදා කාලික වූ හිතක් යනු මිත්‍යා වක් .. නමුත් "

***
"මොකක් කිව්වා , හිත backup  කරන්න ?, ලංකා ඈ  කුරුටු ගාමින් සිටි සිතුවමින් දෙනත ඔසවා ශ්‍රී දෙස බැලීය . 
ශ්‍රී පොඩ්ඩක් ඔය ඔලුවට විවේකයක් ගන්නත් එක්ක අපි යමුද නිවාඩුවක් ... ඔයා ඔහොම වැඩ කරලා අසනීප වෙයි "

"නෑ නෑ , මේක අහන්න මේක කරන්න පුළුවන් . මගේ ගණනය කිරීම්  වලට අනුව coding  lines , ට්‍රිලියනයක් විතර ලියන්න තියෙනවා .."

"අනේ මන්දා ශ්‍රී ඔයාගේ මේ මනස්ගාත ප්‍රොජෙක්ට්ස් .. මොකක්ද ඕකේ ප්‍රයෝජනේ"

"මම මගේ හිත යි , ඔයාගේ හිතයි bakup කරනවා ...එතකොට අපි දෙන්නගෙන් කාගේ හුස්ම මුලින් ගියත් .... අපිට     දිගටම , අපි ආදරය කරන කෙනා එක්ක ඉන්න පුළුවන් .

අනේ මන්දා ශ්‍රී මට නම් ඕවා තේරෙන්නේ නෑ 

***


(ශ්‍රී ගේ නිහඬ තාවය මොහොතක් පැවතුනේය .. සභාව එම නිහඬතාවය ද සාවධානව අසා සිටියහ .)

" සමාවෙන්න , මම මගේ සිතුවිලි තුළ අතරමන් වුනා ..." (සභාවේ සිනා )...මම හිතන්නේ අසාර්ථක උනේ එය මොලයක් හදන්න උත්සහ කරපු නිසා ..එහි අභිමතාර්ථ වෙනස් වුන නිසා ..දැන් මගේ හිත backup  කරලා ඉවරයි ... එය සම්පුර්ණයෙන්ම ක්‍රියාන්විතයි .... සතුට , තරහ , දුක වගේම ආදරය වගේ හැඟීමුත් එහි ඇති වෙනවා අපි නිරීක්ෂණය කරලා තියෙනවා ...

"මහාචාර්ය තුමනි , ඔබ හිතනවද මෙවන් කෘතීම හිතක් සමග මිනිසෙකුට ප්‍රේමයෙන් වෙලිය හැකියි කියා ..."

(නැවතත් මතක සුලඟ , මාරුතයක් වී ඔහු වට කොට  බමන්නේය. ලංකා දෙනෙතින් සිනහා  වන්නීය ... ඈ නැඹුරු වී ශ්‍රී ගේ පිටි අල්ල මත තම සුරත තබන්නීය... රැලි වැටුණු මුත් ඈ අත , ස්පර්ශය තවමත් මුදුය .....)

හොඳ  ප්‍රශ්නයක් ... එසේ නොහැකි වීමට කිසිම හේතුවක් නෑ.

***

ප්‍රොෆෙසර් ප්‍රොෆෙසර් ... මේ බලන්න 

මොකද මනුස්සයෝ කෑ ගහන්නේ 

මේ බලන්න මේ ඩේටා ...මේ මේ 

ඇයි මොකද වෙලා තියෙන්නේ ?

අර backup කරපු මයින්ඩ් (mind ) ඒ , මයින්ඩ් බී  එක්ක කතා කරන්න පටන් අරන් .

ඔව් ඉතින් ඒක බලාපොරොත්තු වුනා නේ 

ඔව් සර් ඒත් .. එහෙම කතා කරන කොට හැඟීම් sub  programs activate  වෙලා .... ඒවයේ trend  එක ආදරය pattern එකමයි 

ඒ කියන්නේ they have fallen in  love ......

ඒත් ඒක logical නෑ නේ 

හ්ම්ම් ... 
(මතක මාරුතයේ හෝ හඬ දෙසවන් පුරා ඇසේ , පැරණි ගී හඬක් තුලින් මතුවේ )

සදාකාලික නොවූ ලෝකෙක , සදා කාලික ප්‍රේමයක් .

පලි 
මේ  විෂය පිලිබඳ මගේ තාක්ෂණික දැනුම අල්පය. නමුත් මා ඒ ගැන ඉතා උනන්දුය . ලිවිම අතිනුත් තව වෙලා අරන් තව ටිකක් ඔප දැමුවා නම් හොඳයි කියාද සිතේ . 
ඔබ "her " නම් චිත්‍රපටය බැලුවාද කියා නොදනිමි . එය ද මෙවැනි තේමාවක් ඔස්සේ ලියවුන්නකි .. අපේ යථාර්තය නිරතුරුව වෙනස් වේ ... මීට ශතවර්ෂ ගණනකට පෙර පෞද්ගලික ඉඩම් හිමිකම විහිළුවක් වෙන්නට ඇත , අද එය යථාර්තයකි .  කෘතීම හිතක් සමග ආදරයෙන් බැඳීම මෙන්ම කෘතීම   දෙහිතක් එකිනෙකා හා ආදරයෙන් බැඳීම ද සිදුවිය නොහැක්කක් නොවේ . එවන් කලෙක , ගතේ පැවැත්ම මත , ආදරයේ පැවැත්ම නො යැපේ .. එවන් කලෙක ... භෞතික ලොවේ පැවැත්ම .... ධනවාදයේ පැවැත්ම කෙසේ වෙනස් වෙයිද ... ආගම් කෙසේ විකාශනය වෙයිද ?  ..එවන් කලෙක සදා කාලික නොවූ ලෝකෙක , සදා කාලික ප්‍රේමයක් ?

මේ කතාවට ප්‍රස්තුතය  මීට වඩා රසවත්ය පිරිපුන්ය . ඒ ගැන සටහනක් මීලඟට ලියමි .. ඒ තෙක් මේ කතාව කියවන්න . . ඔබට හිතෙන දේ  ලියන්න  

10 comments:

  1. AnonymousJune 06, 2015

    අයිසෙ පින්ච්, නිකම් ඔල්මොරොන්දන් වෙලා ගියානෙ.
    හැබෑවටම හිත බැකප් කරල ඒක වෙනම ත්‍රෙඩ් එකක රන් කරල බලන්න ආසයි අයිසෙ මටත්.

    ReplyDelete
    Replies
    1. අයිසේ මිස්ට ඇනෝ , එච්චරට අවුල්ද ලියවිල්ල :). ලොක්ක එහෙම කලොත් අපි අපේ හිතත් එක්කම ආදරයෙන් වෙළෙයිද ?

      Delete
  2. බොහෝවිට අනාගතයේ මේ දේවල් සිදුවෙයි...කතාව මරු...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . මෙහි ප්‍රස්තුතය ඊටත් මරු .

      Delete
  3. මම චිත්‍රපටියක් බැලුව එක්ස් මැෂිනා. කටහ්ව ටිකක් සමානයි. සම්පුර්ණයෙන්ම නේමේ. AI කෙල්ලෙක් හදල ....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මමත් බැලුවා .. හැබැයි ඇත්තම කියනවනම් මගදී නින්ද ගියා ටිකක් ඊට පස්සේ කතාව අවුල් :)

      Delete
  4. කාලෙකට කලින් මගෙ මිත්‍රයෙක් කිව්වා අහඹු නොම්මර යැයි දෙයක් නැති බවත් රටාවක් නැතිවීමත් එක්තරා රටාවක් බවත්...
    කෘතිම බුද්ධියක් හදන්න බැරිවෙන්නේ 'හිතෙන්' එපිටට ගිහාම මොකද වෙන්නේ කියල 'හිතින්' 'හිතන්න' බැරි නිසා කියල 'හිතෙනව' :-)
    බැක්-අප් කරනවා කියන එක ප්‍රායෝගික සංකල්පයක් - ඒත් අහඹු නොම්මර වාගේම අහඹු රටා නිපදවන්න කවුරුත් සම්බන්ධයක් නොදකින දේවල සම්බන්ධයක් දකින්න (උපමා?) ඒ මතකයන් කුළුගන්වන්න (stimulate) හැකිවේවිද මන්දා?
    මටත් සින්දු මතක් වෙනව..
    "ලොවක් බලන්නට හිමිවූ දෙනෙතින් දෙනයන හැඳින්නෙමි..."

    ReplyDelete
    Replies
    1. සින්දුවේ උදාහරණය මරු .. ඒ ඔස්සේ මගේ හිත ටිකක් දුර ගියා

      හිතේ කතාවෙන් පටන් ගන්නම් . මට හාමුදුරු නමක් දුන්න උදාහරණයක් තමා , ඔය හිත තේරුම් ගැනීමට යාම ගැන , පිහියකින් එම පිහියම කපන්න යාම. මම හිතන්නේ රේණුකානේ හාමුදුරුවන්ගේ පොත් වලත් ඔය උදාහරණය තියෙනවා .

      දැන් අහඹු ගැන .. මිනිස්සු හැම දෙයකම රටා දකිනවා , ඒක අපේ ජානමය විකෘතියක් වගේ නේද ? ඒ අතින් ගත්තොත් හැම රටාවක්ම අහඹුවක් , හැම අහඹුවක්ම රටාවක්. ... සිතුවිලි අහඹුයි කිව්වට , ඇත්තටම එහෙමද ? සිතුවිලි පරම්පරා ගැන බුදු දහමේ කියවෙනවා නේද .. ඇත්තටම පටන් ගන්න තැන තමයි ගැටලුව එතනින් පස්සේ වැල වගේ ඇදෙනවා ... මේ මට හිතුන දේ

      Delete
    2. JP හොඳ තැනක ඉන්නවා හිතන විදිහේ...
      මෙහෙම අවබෝධයක් සෑහෙන්න වටිනවා ප්‍රත්‍යක්ෂයන් සොයා යන ගමනට!
      ජය!
      [දවසක / වෙලාවක කථා කරමු හමුවෙලාම!!]

      Delete
    3. වේලාවක හමුවෙමු මිත්‍රයා , කතාකරන්න

      Delete

Have commented