05 September 2015

රනිල් (කෙනෙකු)ට ලැබුණු තෑග්ග, විපක්ෂ නායක හමුවේ ඇති අභියෝග හා Back to the baller

ලංකාවේ විපක්ෂ නායක හමුවේ ඇති අභියෝගය 

ලංකාවේ විපක්ෂ නායක ඉදිරියේ ඇති මූලික ප්රශ්නය නම් ඔහු 
සම්බන්ධ න් ද 
some බන්දන් ද 
some  පන්දන්ද 
some ban done ද 
sum බන්ධන් ද 


(එක්තරා) රනිල් (කෙනෙකු)ට ලැබුණු තෑග්ග (සමාන්තර විශ්වයක කතාවක් හොඳේ )

(එක්තරා) රනිල්  (කෙනෙක්)  එදා උදැසනම නැගිට්ටේය . 

අද අලුත් පාර්ලිමේන්තුවට යන්න තියෙනවා ඉතින් උදේ පාන්දරම ලෑස්ති උනාම හොඳයි ,   ඔහු ඈනුමක් ඇරියේය. ඈ මොකක්ද මේ පාර්සලයක් , නෝනේ මොකක්ද මේ ?...

ආ ඕක අර මනුස්සයෙක් ගෙනත් දීලා ගියා කියලා මුර කාරයා කිව්වේ 

ඈ තෑග්ගක් ?, මිනිහෙක් ?...කවුද?  කොහෙන් ආපු මිනිහෙක්ද ?

මම දන්නේ නෑ ... මුර කාරයා නම් කිව්වේ හරියටම මුණ දැක්කේ නෑ , ලෝගුවක් පොරවා ගෙන ආපු මිනිහෙක් දීලා ගියා කියලා .. උඩු රැවුලක් තිබ්බ වගේ යාන්තමට දැක්කා කියන්නේ 

බෝම්බයක් වත් ද .... නෑ  වෙන්න බෑ...මොකෝ බෝම්බ තියපු රැවුලෝ , බෝම්බ තියපු රැවුලෝ ගැන කියපු රැවුලෝ දැන් නෑනේ ...... තෑග්ගක් වගේ ... 

ගලවලා බලමු එහෙනම් ..මොකක්ද මේ එන පුරුදු සුවඳ ....නිකන් අර අරලිය ගහ මන්දිරයේ තිබ්බ සුවඳ වගේ ..මොකක්ද ඒ කුරක්කන්ද ... 

පිස්සුද නෝනේ ඔය කට්ටිය හිතුවට අරලිය ගහ මන්දිරයේ නම් කුරක්කන් සුවඳ කාලේකට  තිබ්බේ නෑ ... බලමු ලිහලා 

මේ මොනවද ලියලා තියෙන්නේ  " to  my  old friend ...."

අඩේ මේ මිනිහා තමා මිනිහා ..... මේ මොකක්ද මේ යට කලිසමක් 

හි හි හි ... ඔයාටනම් ටිකක් ලොකුයි වගේ නේ ... අනික නිකන් කැමෆ්ලාජ් ...
පොඩ්ඩක් රස්තියාදුකාර පාටයි නේ .. වෙන මොනවද තියෙන්නේ 

මේ මොකක්ද මේ  පොතක් ....  පාරම්පරික නිල වෙදකම ....

කාඩ් එකකුත් තියෙනව නේද ...කියවන්නකෝ ..

" මා මිතුරැ රනිල් වෙත 

ඔබ අගමැති ලෙස අභිනව පාර්ලිමේන්තුවට යන අද දින ප්රයෝජනවත් තෑග්ගක් දීමට සිතුවෙමි . මේ යට කලිසම ඔබේ කලිසමට යටින් ඇඳිය හැක ..මෙය ටිකක්  ලොකු වගේ පෙනුනාට , ඔබ මේ ඉදිරිපත් කර ඇති ටාගට් වලට යන්න නම් , ඔබට ඉතා ඉක්මනින්ම මහා ලොකු  බෝල කුට්ටමක් අවැසි වනු ඇත ( අපේ ගමේ නම් කියන්නේ හැව්  බීග් බෝලස් කියාය ). පාර්ලිමේන්තුවේදී කවුරු හරි නිකන් දෙකයි පනහේ කතා දාගෙන ආවොත් , පොඩ්ඩක් ඉනට ඉහලින් ඔය යට කලිසමේ දාරය පෙන්නවන්න , නැතිනම් සිප් එක පොඩ්ඩක් පාත් කර හෝ ....සරමක් ඇඳන් හිටියා නම් වැඩේ ලේසිය . මේ සමග ඔබට වටිනා පොතක්ද එවමි . එහි විවිධ පුද්ගලයින්ගේ විවිධ රෝග මර්ධනයට ඇල්ලිය යුතු විවිධ නිල දක්වා ඇත . මෙයද ඔබට ඉතා ප්රයෝජනවත් වෙනු ඇතැයි සිතමි .

ඔබට ජය .
මීට ඔබේ බෙස්ට් ප්රෙන්ඩ් 


පලි : රනිල් අර යට කලිසමත් හැඳ , පොත් පිංචත් ෆයිල් කවරය තුල හුවා ගත්තේය 


Back to the baller

වේග පන්දු යවන මහජන චන්දදායක නැවතත් පන්දුවක් යැවීමට සුදානම් වෙනවා . මේ තරඟ  වාරයේ විශේෂයෙන්ම දකුණු දිගින් දිව විත් නෝබෝල් පන්දු කීපයක් හා වයිඩ් පන්දු කීපයක් යවා තියෙනවා මේ පන්දු යවන්නා . මේ ඕවරය පුරාවටම එතරම් ලකුණු රැස්  කර ගැනීමට ලැබුනේ නැහැ . දැන් පන්දුවට පහර දීමට සරත් මායාදුන්නේ සුදානම් කඩුල්ල ඉදිරියේ . ඔව් පන්දු යවන්නා දිව විත් , විනිසුරුකරු පසු කර ,  non strikers end හි සිටින පිතිකරුගේ කකුලත් පාගමින්  රිවස් ස්වින්ග් පන්දුවක් යොමුකරනවා .. පිතිකරු ඉදිරියට පැන .... ඔව් සහය පිතිකරු කෑ  ගසනවා    No No  කියා ...ඔව් ඔහු ඉදිරියට පැන වේගයෙන් පහරක් එල්ල කරනවා කෙලින්ම පන්දු යවන්නා ඉලක්ක කොට .....   පන්දුව ඔහු දෙසට ගිය වේගයෙන්ම ඇදී  එනවා ... නිතැතින්ම  පන්දු යවන්නා මේ පන්දුව රැක  ගත්තත් ඇඟේ  වැදුනත් ..ඔහුගේ පන්දුවේ වේගය ඔහුටම දැනේවී  ...

7 comments:

  1. තුම මරු... පත්තරේකට ලිව්වා නම් තමා වටින්නේ... එක්සලන්ට් රයිටින්ග්

    ReplyDelete
  2. පන්දු යවන්නා පන්දුව නිදැල්ලේ යාමට ඉඩ හරිනවා....

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. එහෙම බෑනේ එතකොට ඇඟේ වදිනවා . .. හැබැයි පන්දු යවන්නා එහෙමම තමයි . yours කියලා ඔහේ ඉන්නවා

      Delete
  3. මේක දාපු ගමන්ම වගේ කියෙව්වත් විභාගෙකට සුදානම් වෙමින් හිටි නිසා කොමෙන්ට් එකක් නොදා ගියා.. දැන් අයි ආවේ කට්ටිය මොනවද කමෙන්ට් කරලා තියෙන්නේ බලන්න..

    මෙච්චර වටිනා ලස්සන පොස්ට් එකක් මිනිස්සු කියවලා නැද්ද නැත්නම් මට වගේ හැමෝටම විභාග තිබිලද? අපරාදේ.. මාතලන් කියුව වගේ පත්තරෙකටවත් දැම්ම නම්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇගයීමට . කට්ටියට දිවුරුම් දීම් එහෙම තියෙන්නත් ඇති

      Delete

Have commented