13 September 2015

ලොකු සාදු ගේ රෑ දානේ සහ වෙනත් පස්චාත් මැති දිවුරුම් දීම් කතා


"  පොඩි නම ... පොඩි නම !!!.." නායක හාමුදුරුවෝ කටහඬ අවදි කලෝහ .

"පොඩි සාදු  හංදියට වැඩියා ලොකු සාදු , පෝන්  එකට සිම් කාඩ් එකක් වඩම්මන්න ..ඔබ වහන්සේට තේ කෝප්පයක් හදන්නද ?"

පොඩි ඇබිත්තියාට තවම  උඛ්ත ආඛ්‍යාත පැටලේ . නායක හාමුදුරුවෝ එය නො ඇසුනා සේ සිටියහ .

"නෑ  නෑ පොඩි උපාසක , අද රෑට මොනවද හදන්නේ .."

"මම පිටි ටිකක් අනන්නද  සාදු ...රොටියක් පුච්චගන්න .."

"රොටි බෑ බන් , අර පුච්චපු රොටියත් කර උනා , තැටිය සුද්ද කරලා ගනින් ...."

"හරි සාදු , මොකෑ හදන්නේ රෑට"

"උළුදු ටිකක් පෙඟේන්න  දාපන් තොසේ හදන්න"

"රොටි තැටියේ ? තොසේ ? අනික පන්සලේ ?"

"ඔව් ළමයෝ දැන් එහෙම  තමා"

***

"සර් මොකෝ මේ ජාතික ආණ්ඩුවක් පිහිටෙව්වේ?"

"ඇයි  අපි මුල ඉඳන්ම කිව්වනේ ඕක  කරනවා කියලා . ඉතින් ජනතාව එකට කැමැත්ත ප්‍රකාශ කරානේ  . සියලු දේ කෙරෙන්න ඕනේ ජනතා කැමැත්තට නේ  .."

"එතකොට සර් අර ජනතාව එපා කියපු උන් .. එතකොට ජනතා කැමැත්ත?"

"ඇයි අහලා නැද්ද ..ඕනෑම දෙයක් ඕනෑ වට වඩා ඕනේම  නැත නේ"

"සර් ..."

"ඇයි  ? "

"අන්න අර කිතුල් ගහේ නම් තණ කොළ තියෙනවා වගේ.."

***
බුරුවා පොලේ , කට්ටිය වටවී සිටිති . දෙදෙනෙක් කොළ බෙදන්නෝ ය 


"කුට්ටම හොඳට ඇනුවද "

"ඔව් ඔව් "

"එහෙනම් බෙදන්න බලන්න "

"එකයි එකයි දෙකයි දෙකයි .. එක්කෙනෙකුට කීය ගානේද බෙදන්නේ "

"එහෙම ගානක් මිම්මක් ඕනේ නෑ ඔහේ බෙදා ගෙන පලයන්කෝ "

"හරි ....ඔන්න එහෙනම් බෙදාගෙන යනවා "

"මොකක්ද බන් උඹ බේ ජෝකර් දෙන්නත් අනලා නේ "

"උනුත් කුට්ටමේ ඉන්නවනේ , වෙනස් කමක් කරන්න හොඳ නෑ "

"හරි ... මේ උඹ ඔක්කොම කොළ ගත්තද ?"

"විස්...සයි..... ඇයි එහෙම ඇහුවේ "

"නෑ .. මේ ...මට ...තාම ආසියෝ මොකුත් වැටුනේ නෑ "

"මටත් නෑ "

කට්ටිය පිටිපස්සේ සිට කෙනෙක් ආසියා කොළ හතරම අතේ තියාගෙන , උඩු රැවුල දෙ කනේ ගෑවෙන සේ සිනහසෙන්නේය .

***

ප්‍රශ්නය ඇත්තේ බොහෝවිට 
කියා නොකරන
නොකියා කරන 
දෙයට වඩා
නොකියා නොකරන 
දෙයෙහිය 

***
පලි: දරුණු විහිළුවක්ම පොතු හැර බැලු කළ ඛේදවාචකයක් හමුවේ 

25 comments:

  1. That PS tells the whole story... couldn't find better words... nice writing

    Upeksha

    ReplyDelete
    Replies
    1. thank you for your comments .

      Inside every killer joke is a tragedy isn't it ?

      Delete
  2. අර ආසියො හතර දෙනාම ඉන්න එක්කෙනා පාසිකුඩා ගිහින් පේස්බුක් එකේ දාලා තිබුනා.. අපි හරි පවු අප්පා..

    ReplyDelete
    Replies
    1. කොහොමද ෂෝට

      Delete
    2. ++++++++++++++++++++++++@Maathalan

      Delete
    3. 1600 කෑලි ඔය බැස්සේ එලියට. ඒ මනුස්සය ෆන් එකේ ඉන්න එක හරි පව්ලු .
      මුන්ට ඔල්මාදෙද ?
      නැතිනම්ගොබෙල්ස් /වර්ණපාල න්‍යයද

      Delete
    4. ඇත්තටම ඒ මනුස්සයා එහෙම ඉන්නවා දැක්කම නම් මට හිතුනේ මේ මනුස්සයා වටේ ගෙනිච්ච එවුන් මේ නිදහසත් නැති කරලා තිබ්බනේ කියලා
      හැබැයි ඒක නාමල්ට අයිති හෝටලයක් කියලා කොහේද දැක්කම දිනූ දේශය කියන එක ගැන වෙන විදියකට හිතුනා

      Delete
  3. ඔක්කොම කථා නියමයි. ජාතික ආණ්ඩුව ගැන මෙයින් හැඟෙන මතයට එකඟ නැතිඋනාට.

    ReplyDelete
    Replies
    1. ඉයන් , ඔබේ අදහස දැන ගැනීමට කැමතියි , ඔබ කියන්න කැමති නම්

      (මෙහි ලියවෙන්නේ මට එක මොහොතක සිතෙන , යථාර්තය යයි හැඟෙන දේය . එය මාගේ ඊළඟ මොහොතේ මතය නොවිය හැක )

      Delete
    2. කිතුල් ගහේ තණකොල කීමෙන් හැඟෙන්නේ එ.ජා.පක්ශය මහජනතාව මුළා කල බවකි. කුඩු, එතනෝල්, හොර අරක්කු, කප්පම් වලට නම් දරාපු අය ආණ්ඩුවට ගැනීම යූ එන් පී එකේ උවමනාවට කළ බවක් එයින් හැඟේ. සම්මුති ආණ්ඩුව සහ ප්‍රධාන ඇමතිකම් ශ්‍රිලනිපය දීම යූ එන් පීය තුලම එතරම් කැමැත්තක් නැත. සම්මුති ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ රටේ ප්‍රධාන විශයයන් වන උසස් තොරතුරු පණත, විගණන පණත, අධ්‍යාපනය, රාජ්‍ය සේවය, රජයට අයත් ව්‍යාපාර ආදිය අනාගතයට අවශ්‍ය පරිදි ප්‍රතිසංස්කරණය කිරීමටය. ඒවා ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන අයුරින් කිරීමටය. සම්මුති ආණ්ඩුවට ශ්‍රිලනිප පාක්ශිකයින් පත් කර එවන ලද අයගෙන් මිස පිට අයගෙන් සෑදිය නොහැක. මෙය රනිල් විසින් රටේ උන්නතිය සඳහා කරන ලද පරිත්‍යාගයක් වන අතර ඔහුට විරුද්දව පක්ශය තුලම විරුද්ධතාවයක් ඇතිවීමට සහ පිට සිට මාන බලමින් සිටින අයට එ.ජා.ප මන්ත්‍රී වරුන් බිලිබා ගැනීමට අවස්ථාවක්ද උදා කර දී ඇත. තවද එජාපයට චන්දය දුන් මෙය නොතේරෙන මහජනයා අතර පක්ශය කෙරෙහි කළකිරීමකටද මෙය හේතුවක් වී ඇත. මෙවන් දෙයක් කරනවා යැයි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියා ඇති අතර එය නොකෙරුවානම් බොරු කිරීමකි. තමන්ට සහ පක්ශයට හානියක් සිදුවුවත් හරි දේ කිරීම රනිල් විසින් සැමදාම කර ඇති බැවින් ඔහුගේ ක්‍රියාව ගැන මට මහත් අගයක් දැනේ.

      Delete
    3. මම ඔබ සමග රනිල් ගේ ජාතික ආණ්ඩු පිහිටුවීමේ ප්‍රතිපත්තිය ගැන ප්‍රශ්නයක් නැතත් . ජනාධිපති තුමා එවන ඕනෑම හොරෙක් ඇමති මණ්ඩලයේ තබා ගැනීමට "වෙනවනේ " යයි කීම මම පිලි නොගනිමි . ඔහු අගමැති බවට පත් කලේ slfp හොරුන්ට ඇමති කම් දීමට නොවේ. ඔහුට ලැබුණු ජනමතය ගරු කරනවා වගේම නොලැබුණු ජනමතයක් ජනමතයක් සේ පෙන්වීමටද ඔහුට බලයක් නැතැයි සිතමි

      Delete
  4. Replies
    1. කියන දේට වඩා නොකියන දේ ගැඹුරක් ඇත

      Delete
  5. මේක යවමු කුට්ටම අනපු සේරටෝම. එළ!
    සෑම දරුණු විහිළුවක්ම...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ,

      අපි ඕමි අනන්න හිතාගෙන ගියාට , එතන තවම ගහන්නේ බුරුවා

      Delete
  6. //දරුණු විහිළුවක්ම පොතු හැර බැලු කළ ඛේදවාචකයක් හමුවේ // සම්පූර්ණ ඇත්ත............
    http://hudekalasithuwili.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තෙත් එන්නම්

      Delete
  7. ඔහොම ඇදගෙන යන්න අරිමු. නිකම්ම නාස් ලනුව තද කරගන්න හැටි බලන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ කුදලලා අරන් හංවඩු ගහන එක විතරයි.

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට මීහරක් මස් කන්න බෑ නේ

      Delete
  8. හිනාවකට යටින් අපි ගැන කදුලක්

    ReplyDelete
    Replies
    1. පොතු ගහල බලලා වගේ

      Delete
  9. මං මොකුත් කියන්නෙම නෑමයි -_-

    ReplyDelete
    Replies
    1. කියන දේට වඩා නොකියන දේ ගැඹුරක් ඇත

      Delete

Have commented