15 September 2015

සඳ සාක්කි

ස්වාමීනි පැමිණිල්ලේ ඊළඟ සාක්කිය හැටියට .....

එපා !

සුරත තියා දිවුරා 
නීති පොත මත 
නංවන්නට කූඩුවට 
හඳ 

සමහර දාට රෑට 
මමයි හඳයි 
විතරයි 
උන්නේ 
වළා සිඳුන අහසක් යට 
බොල් එලිය ඉහිරුණු ටකරන් 
වහල යට 
සිකුරිටි කුටියේ 

තවත් දාක 
රැක්කේ පාළු 
පැක්ටේරියේ ගේට්ටුව ළඟ 
...සඳ මැයි 
නයිට් ශිප්ට් වැටිච්ච දාට 
ඈට 

අසම්මතයේ "අ" යන්න 
උළා  මකන්නට තරම් 
නැති රිදී 
පවට මක් කරන් 
සසර පුරාවට 
අපි රැස් කරන් 

ඒත් 

අපේ හිත්වලත් 
බුර බුරා නැගෙන 
හීන නම් 
වැලකී  නොහේ 
ඈ කියෙව්වා 
තොරතෝංචියක් නැතිව 
රෑ කළුවර තිරයට මුවාවෙන් 
මා බලා හුන්නා කල්පයක් 
ඈ නෙත් දිලී නිවෙන 
හැටි 

පැහිච්ච කතා මොටදැයි පොඩි උන්ට 
තාරුකා එලවා රෑ අහසෙන් 
ඕපා දූප ඇහිලුවේ 
හූමිටි තිබ්බේ 
සඳ මැයි 

බැරිම තැන දරා ඉන්න 
වහ කුප්පිය උගුරට දෙකට ගුඩුස් ගා 
බිව්වේ ඈ 

බොඩිය මොචරියේ ලූ 
මම විත්ති කුඩුවේ ලූ 
මහතුන්ගේ අධිකරණයේ 

ඒත් 

නොකරනු කරදර 
අසා සාක්කි 
හඳේ න් 
මොනවා කරන්නද 
අපේ කරුමෙට 
ඈ 

11 comments:

  1. සුපිරියි..

    ReplyDelete
  2. එල ද බ්‍රා
    ඇත්තටම සුපිරි..

    ReplyDelete
  3. කැමරාවෙන් එහා ලෝකය
    ඌගේ හිත රිදිලා...එක්කෝ
    වහ බොනවලු...නැත්නම්
    තපසට යනවලු....බැරිනම්
    ගගේ මුහුදේ පනිනවලු...
    අනේ ..කට්ටිය ගිහින් පොඩ්ඩක් අහිංසකයාගේ මුණ අන්තිම වතාවට බලලා එනවද..

    ReplyDelete
  4. අහෝ! සඳ..
    බලා සිටියාට දුර සිට..
    මක් කරන්නද අපේ කරුමෙට..

    සුපිරියි x 3 !!!

    ReplyDelete
    Replies
    1. හඳටත් පිස්සු හැදෙන සඳ

      Delete
  5. ඹුලනැටුවගම සෙදෝනාගේ කඩේ නිෂ්පාදිත, පෝෂ්‍ය ගුණයෙන් අනූන පුස්ලෝඩං ...කාලා තියනවද?

    යන්ඩ..ඉක්මනට යන්න..“ඩ්‍රැකියාගේ අඩවියට“..
    ඉවර වුනා කියලා අපිට දොස් කියන්න එපා..
    දැනටමත් කැමර කටයි, දෙමල ණ යන්නයි බිබික්කමකට මරා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා ඇඩ් එජන්සියක් පටන් අරන් වත්ද? :)

      Delete
  6. කොහෙන් හරි අගක් මුලක් ගැට ගහගන්න බැලුවේ... හරියන්නේ නෑ... :(

    ReplyDelete
    Replies
    1. වැඩිය හිතන්න එපා
      ඒකී වහ බිව්වා.මම කූඩුවේ
      එච්චරයි

      Delete

Have commented