30 September 2015

විහිලු නොතේරෙන ජනාධිපති සහ Bring your kids to work day

මම හිතන් උන්නේ අපේ රටේ ජනාධිපති තුමාට හොඳට විහිලු තේරෙනවා කියලා ය .   මුලින් මුලින් සෙල්ෆි අරන් , කොහුවල ගිහින් සපත්තු අරන් විහිලු පටන්  ගත්ත එතුමා අර අමරබන්දු ගැන කිව්ව  ජෝක්ස් එක නැගලා ම ගියේය . කෙතරම් නැගලා ගියාද කියනවානම් (වල්)  කොල්ලෝ එතුමාට අමරබන්දු රූපසිංහ කියන්නට පටන් ගත්තෝය .
ඊට පස්සේ එතුමා ගිය මැතිවරණ කාලේ හොඳ ජෝක්ස් දෙකක්ම කළේය . අපි ඒවාටද හිනා වුනෙමු . ඉන් පසු එතුමා කල නැසොනල් ලිස්ට් විහිලුවටනම් බඩ  අල්ලාගෙන හිනා වුනෙමු . 

ඉතින් මම හිතා උන්නේ පොර  එතුමා හොඳට විහිලු තේරෙන පොරක්  එතුමෙක් කියලා ය . ඒත්  විහිලුවට " ඔය රට කරන්න බැරි නම් දීපන් ළමයෙකුට"  යයි කෙනෙක් කී දෙයක් එතුමා සිරාවට ( no pun intended) අරන් දෝ කියලා මට දැන් සිතේ . 

***

අපේ කන්තෝරුවේ Bring Your Kids to Work day යයි දිනයක් තිබේ . ඒ දිනට  සේවකයන් තම දු දරුවන් කාර්යාලයට ගෙන එති . පොඩි එවුන් ඇවිත් තම අම්මා තාත්තා වැඩ කරන තැන බලා කියා ගෙන යති .  කළමනාකරුවාගේ  සිට කා කා ස දක්වා ගේ  සියලු දෙනා ගෙන දරුවන් රැගෙන ආ හැකි වුවද  බොහෝ විට පැමිණෙන්නේ සුළු සේවකයන්ගේ සිට ලිපිකරුවන් දක්වා වූ අයගේ දරුවන්ය. මුලින්ම දරුවන් ගෙන ගොස් රැස්වීම් ශාලාවක හිඳුවා රසකැවිලි වලින් සංග්‍රහ කරති .  දරුවන් අසලට යන කාර්යාල ප්‍රධානියා , ඔවුන්ගේ තාත්තා මේ කාර්යාලයේ වැදගත්ම රැකියාව කරන්නා ලෙස හඳුන්වා දෙයි . (අර නාසා ආයතනයේ වැසිකිලි පවිත්‍ර කරන්නා ගේ කතාව මමද අසා ඇත්තෙමි . නමුත් අවසන පඩි පත,  වාර්ෂික පාරිතෝෂික සකසන්නට යාමේදී, කොහෙත් , වැදගත් හා නොවැදගත් රස්සා ඇති බව දැන් අත්දැකීමෙන් දනිමි . ) . මේ දිනට කාර්යාලයේ වැඩ කෙරෙන්නේ සාමාන්‍ය ආකාරයට නොවේ . විශේෂයෙන්ම සුළු සේවකයන්ගේ ආත්ම ගරුත්වය ගැන වැඩි සැලකිල්ලක් දැක්වේ . ඔවුන්ට මේසයක් දී ඒ මත ෆයිල් කවර කීපයක්ද තබනු ලැබේ . කාර්යාලයට එන පොඩි එකා හිතන්නේ තමාගේ තාත්තාත්  අනෙක් අය  සම රැකියාවක්ම කරන බවය .  පොඩි එවුන් අමතා කතා කරන තම පියා දෙස ආඩම්බරයෙන් බලා සිටින පොඩි එකා හිතන්නේ මේ ඔපීසියේ වැදගත්ම රස්සාව කරන්නේ තම පියා යයි කියාය .

බලාගෙන ගියහම එක්සත්  ජාතීන්ගේ සංවිධානයෙත්  එහෙම දිනයක් ඇත .



41 comments:

  1. m
    Mara kathawakne!In bohoma dewal kiyawenawa!


    ReplyDelete
    Replies
    1. නොකියවෙන දේ තුල කියවන දේ බොහෝයි

      Delete
  2. mata penne umbage thaththath kks wage

    ReplyDelete
    Replies
    1. ඇයි එහෙම වුනාම අවුල්ද ?

      දන්නේ නැති කමට අහන්නේ ,ඇනෝ ලා තාත්තලාත් ඇනෝ ද

      Delete
    2. /* ඇනෝ ලා තාත්තලාත් ඇනෝ ද */

      ;-)


      Delete
  3. +++++++++++++++++++++++=

    ReplyDelete
  4. පට්ට යකෝ...! හොඳම කතාව තමා, “සිරී, ඔය රට දීපං ළමයෙකුට...“

    ReplyDelete
    Replies
    1. විහිලු කරන කොට හිටන් බලලා කියලා හිටන් කරන්න ඕනේ

      Delete
  5. Bring Your Kids to Work day අපිත් කරා හොල්සිම් එකේදී.. එතැනදී නම් සේවකයින්ගේ තරාතිරමක් නැතුව ළමයින්ට තමයි තැන දෙන්නේ.. හැබැයි UN එකේනම් මටත් හිතෙන්නේ JP කියාපු ජාතියේ workday එකක් තමයි තිබිල තියෙන්නේ වගේ :)

    ReplyDelete
    Replies
    1. හොල්සිම් කිව්වම ලොකු අතීතයක් මතක්වුණා. 1980 ගණන්වල එළුවන්කුලම ප්‍රදේශයේ සේවය කරද්දී හොල්සිම් ඒකත් එක්ක සමීප සබඳතාවක් තිබුණා.

      Delete
    2. බොහෝ තැන් වල තියෙනවා තමා . පොතේ එහෙම තිබ්බට ඔබේ කාර්යාල ප්‍රධානියාගේ ළමයි ආවද ?

      Delete
    3. 80 ගණන් වල කොහෙද ලොක්ක හොල්සිම් එකක් පුත්තලමෙ?

      Delete
  6. බෙලරුස් ජනාධිපති අවුරුදු 11 ළමය අරගෙන ඇවිල්ල හිටියා. ඒ රටේ ව්‍යවස්ථාවට අනුව අවුරුදු 24ක් බලන් ඉන්න ඕන ඒ ළමය ජනාධිපති තරගෙට ඉල්ලනන්ත්

    ReplyDelete
    Replies
    1. මේ දවසට ඕනේ කෙනෙකුට ළමයි ගේන්න පුලුවන් ... බෙලාරුස් ලොක්කත් කතාවක් කලාද

      Delete
  7. ඊළඟ සැරේ යවමු අපේ විමලේ, බන්දුලේ, දිනේසේ, ගෙඩියා, සැට් එක.

    ReplyDelete
    Replies
    1. ගෙඩියා බෑ ... කුණුහරුප කියනවා

      Delete
  8. අපේ රටෙ ජනාධිපතිවරැ කොහොමත් කරන්නේ අපිට විහිලු කරලා කෝචොක් දාන එක තමයි.අපි ජෝකර්ලා කරලනේ තියෙන්නේ.ඒ හින්දා හිනා ගියේ නැතත් හිනාවෙලා ඉන්න වෙනවා ඒ විහිලුවලට.

    ReplyDelete
    Replies
    1. අපිට පොඩිකාලේ අත්තම්මා කියනවා ... වැඩිය හිනාවුනොත් අඬන්න වෙනවා කියලා

      Delete
  9. UN එක පොඩි ළමයින්ගේ පොඩි වැඩ වලට වගේම ලොකු ළමයින්ගේ පොඩි වැඩ වලටත් තැනක් දීම අගය කළ යුත්තකි. අපිනම් ලොකු ළමයින්ගේ පොඩි වැඩ වලට කවදත් දුන්නේ ඉහළ තැනකි. වෙනදා වගේම නියමයි.

    ReplyDelete
    Replies
    1. පොඩි ළමයින්ගේ ලොකු වැඩ සහ පොඩි ළමයින්ගේ ලොකු වැඩ . මරු කතාව

      Delete
  10. මට නම් මොංගල් මූණාට වඩා දහම් හොඳ පාටයි. කාපු පරිප්පුවට ආයිනම් යන එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. උගේ උත්තරෙන් නම් පෙනෙන්නේ , රිපීට් වෙන සයිස් එකක්

      Delete
  11. දහම් ළමයා - ටාට්ටෙ... මේ ටාට්ටෙ මට විස්වාස නෑ ඇත්තටම ටාට්ට ඔය කිව්වට එස්සත් ජාතීංගෙ සංවිදානෙට ගිහිල්ල කතා කොරයි කියල?

    ටාට්ටා - ඇයි බං බොට විස්සාස නැත්තෙ? මම කතා කොරනව ඊට පස්සෙ ඔය රූපවාහිනියෙ එහෙම පෙන්නනවනෙ.

    ද.ළ - ඒ බොරුවටත් ඉතිං ඔහොම හදල දාන්ට පුලුවන්නෙ.

    ටාට්ටා - හරි හරි උඹට විස්වාස නැත්තං ලැහැත්ති වෙයංකො ඔය ටයි පොල්ලකුයි කෝට් බෑයකුයි හොයාගෙන හෙට පාංදරම මා එක්ක යන්ට හොඳද?

    ReplyDelete
  12. සිරා, රට ළමයෙකුට දෙන එක ජෝක් එකකට ගන්න එකක් නෑ දැන්ම නම්..

    ReplyDelete
    Replies
    1. සමහර විෂයන් නම් ළමයින්ට දීලද කියලත් හිතෙනවා , සෞඛ්‍ය වගේ

      Delete
  13. www.lankaviththi.us go to politics page.
    Thanks

    ReplyDelete

Have commented