24 September 2015

ලෙප්ටිනන්ට් තිස්ස සහ චන්ද ලතා ගේ නිත්‍යානුකූල නැසොනල් ලිස්ට් මනාපය // the difference between Lawful and awful

මේ ඇහුනද?

ඔව් ඔව් , මොකෝ ?

අර තිස්ස...

මොන?  අර ඇපල් බා ගත්ත?

නෑ නෑ අනික් තිස්ස

අර බ්ලොග් ලියන?

නෑ ඕයි

ඒ තිස්සත් , මේ තිස්සත් හැර වෙන තිස්සලා සිටීද ?

මළ  විකාර .....අර වයසක පහේ.....

ආ.... මේ අපේ ලෙෆ්ටිනට් තිස්ස ....ඉතින්

මිනිහා අර චන්දලතා  ගේ මනාපේ ගන්න පස්සෙන් ගියානේ

ඒ උනාට කෙල්ල වෙන කෙනෙකුට බහ දුන්නා නේ

ඔය චන්දලතාත් මරු බඩ්ඩ ඔහොම හිටියට .. කී දෙනෙකුටනම් බහ දුන්නද ?

ඒත් පව් ඒ කෙල්ල ....සමහරු බය කරන් හිටියා , සමහරු රැවට්ටුවා ..

තමුසේ ගේ හිතෙත් අනුකම්පාව නේද ?

එහෙම එකක් නෙමෙයි මම මේ කියන්නේ . ඉතින් මොකෝ චන්දලතාටයි තිස්සටයි වෙලා තියෙන්නේ ?

ඒ මිනිහා උසාවි ගිහින් , ගිහින් කියලා, " චන්දා  මට දවසක් හිනා උනා . මමත් ඉතින් චන්දාගේ කොල්ලා කියලා හිතා ගෙන උන්නේ . මට උඹ ඉතරක්  උනාට , නුඹට ඉන්නේ මම ඉතරක් නොවුනට කමක් නෑ ....නැසොනල් ලිස්ට් එකෙන් හරි පොඩි චාන්ස් එකක් ලබා දෙන්න කියලා

ඉතින්

නඩු කාර උන්නාන්සේ ඇහුවලු , තමුසෙට පිස්සුද , මේ පාර්ලිමේන්තුව කියලා හිතාගෙනද කුණුහරුප කියන්න ආවේ ඊටත් වඩා ලැජ්ජාවක් නැද්ද කියලා

ඇත්තනේ ..ඉතින් ?

තිස්ස කාරයා කිව්වලු , චන්දා කරලා තියෙන පිස්සු , ලජ්ජා නැති වැඩ වල හැටියට මේක මොකක්ද කියලා 

හැ  හ් ?


සබැඳි පුවත්
http://www.lankadeepa.lk/index.php/articles/349495

17 comments:

  1. මහින්දය ඕකිව කාලයක් තියන් හිටියනෙ.
    ඒකි තාමත් ඌට ලෙන්ගතු කම තියෙනව.
    ඒත් මේ වාහෙ බීගෙන ඇවිත් ඒකිගෙ පස්චාත් භාගෙත් පාවිච්චි කරන්න ගත්තයින් පස්සෙ තමයි එකිට වෙන අහක් බලන්න උනෙ.

    ReplyDelete
    Replies
    1. දැන් එකගෙයි කෑමක් ද?

      Delete
  2. චන්දලතාගේ ලිස්ට් එකේ ගොඩක් කල් හිටියා, ඒ නිසා ලිස්ට් එකෙන්ම දෙන්න කිව්වලු නේද?

    ReplyDelete
  3. තිස්සය.............තිස්සය.............නවතිනු ..........නවතිනු.............කියලා රනිල් ගොයියා කිව්වට ඇහුවැයි. ඔය ගිහිල්ලා කොරගත්තේ.

    ReplyDelete
    Replies
    1. ඒ තිස්ස නෙවෙයි මේ

      Delete
    2. මේ අර වමට බර ලෙප්ටිනන්ට් විකාරද තිස්ස

      Delete
  4. සමහර නිකන් දෙන දේවල් දිගටම ලැබෙද්දි ඒ ලැබෙන එකා හිතන්න ගන්නවා ඒක නිකන් ලැබෙන එක උගෙ අයිතිවාසකමක් කියල.

    ReplyDelete
    Replies
    1. තම්බ්ස් අප් ය

      Delete
  5. යක්‍ෂානම් අප්‍රිය තිස්ස?

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම ඒකටත් විරැද්ධ පදයක් තිබිලා නේ
      හැබැයි යකෂ අප්‍රිය= දේවානම්ප්‍රිය වගේනේ

      Delete
  6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කලත් කමක් නෑ කියලා හිතෙනවා අප්පා...

    ReplyDelete
    Replies
    1. උසාවි වලටත් තියෙන ප්‍රස්න

      මේක උසාවිය කියයිද දන්නේ පොලීසියෙන් අහන්න කියලා
      බල්ලාගේ වැඩේ බූරුවා තියරියෙන්

      Delete
  7. ලෙෆ්ට්-ටිනන් තිස්ස කියුවම හිතා ගන්නත් බැරි උනා.. හැක හැක.. දැන් මොකෝ චන්දලතාගෙන් චෑන්ස් එකක් හම්බෙන සීන් එකක්ද තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. චන්දලතාගේ මනාපේ වැඩක් නෑනේ . උසාවියත් එක්කනේ ගනු දෙනු

      Delete
  8. චන්දලතා මීටර් නෑ තිස්ස නං දනී
    හැක්

    ReplyDelete
    Replies
    1. චන්ද ලතා කිව්වේ චන්දේ දෙන ඔබ අප

      Delete

Have commented