04 September 2015

පරණ විහිලු පොත // same old joke



ඔහුට වැඩි දුරක් යාමට ලැබුනේ නැත . පෙරමගට තනියම හිනහ වේවි එන්නේ අපේ සිරි සීයාය . 

මොකෝ සීයේ මේ හිනහ වේවි තනියම . මම ඒත්  බැලුවා මගේ සිප් එක වත් උඩට අදින්න අමතක වෙලාවත්ද කියලා 


හො හො හො . උඹේ ඔය හුචක්කුව දැක්කා කියලා එච්චර හිනහා යනවයෑ  හිටං . මට මේ විහිලු කතාවක් මතක් උනා බං 


විහිලු කතාවක් ?? කියන්න කෝ බලන්න ...සීයා ගේ විහිලු මරුනේ , අර එක දවසක් කිව්වේ ..මේකත් අමරබන්දු රූපසිංහ ගේ කතාවක්ද 


පිස්සුද , ඒවා පරණ විහිලු නේ හිටං ..මේක මේ විහිලු කතා, ජෝක්ස් පොතක තිබ්බේ 


ජෝක්ස්  පොතක් ?


ඔව් බං අර කාල්ටන් කාරයා ගාව තිබ්බ පරණ පොතක් ... යනකොට තියලා ගිහින් ..මම හිමින් සැරේ ගල් කොලා හිටං 


අප්පා කාල්ටන් සීයාත් මාර විහිලුකාරයනේ ... ඒ දවස් වල කියපු විහිලු කතා ...පස්සේ පස්සේ මිනිස්සු හිනා වෙන එක නැවත්තුවානේ 


එහෙනම් ... ඔහොම හිටියට අපේ වික්‍රමසිංහ උන්නැහැත් හරි විහිලු කාරයා ... සමහර කරන  ජෝක්ස් වලට අපිට හිනා යන්නේ අවුරුදු ගානක් ගිහිල්ලා ...සමහර විහිලු වලට අද අපි හිනා වෙනවා , කාලයක් ගිහිල්ල උන් දෑ අපට හිනා වෙනවා ...

මතකනේ අර සජිත් ගොයියට කරපු විහිලුව , අර උප නායක ..

ඉතින් සීයේ කියන්නකෝ එක විහිලු කතාවක් අර පොතෙන් 

ඔන්න එහෙනම් 


ඔන්න එක රටක හරක් හොරු මුලක් හිටියා .  ඒ රටේ රාජ  සේනාව මුන් ඔක්කොම හොයලා මැරුවා .  එක කෙප්ප හොරෙක් දුවලා ගිහින් අල්ලපු රටක හැංගුනා .. මේ රජ්ජුරුවෝ චර පුරුෂයෝ යවලා ...


සීයේ පරිස්සමෙන් , බුද්ධි අංශ පවා නොදෙනු කියාගෙන කට්ටිය ගේම ඉල්ලයිද දන්නේ නෑ 


හරි හරි බන්,   මේක ඉතිං කතාවක්නේ හිටං , අනික එකෝමත් එක රටක නේ .. ඉතින් චර පුරුසයෝ යවලා මේ හොරා ව අල්ල ගෙන ආවා .. එත් එක්කම ඌ ගාව තිබ්බ ගෙරි මස් වගයකුත් අහුඋනා ... ගෙරි මස් නරක් වන නිසා , රජ්ජුරුවෝ අණ කළා හොඳ බීප් කරියක්  හදන්න ..


හොදි ඕන් නෑ 


ඔව් ඔව් හොදි අඩුවට ..... රාජසභාවම රෝස් පාන් එක්ක බීප් කරිය  කෑවා ...

නඩුව අහන්න ටික දවසක් ගියා . අර බීප් කරිය දිරෙව්වා .. ලේප්ට් ඕවර් කුස්සියේ එවුන් කෑවා .. අර කෙප්ප හොරා උතුරු සළුවක් පොරවා ගෙන අටසිල් සමාදන් උනා . ටික දවසකින් නඩු අහන්න ගත්තා . චෝදනාව හරක් හොර කම ...සාක්කි හැටියට ඉතුරු වෙච්ච කුර , අං  කෑලී ටිකක් ඉදිරිපත් උනා ... 
නඩු කාරයා කියපි 
"අත්අඩංගුවට ගන්නා විටදී මොහු ගාව මස් තිබ්බට , අං  කුර කෑලී හම්බු උනාට , මොහු හරක් හොරෙක් යයි නිශ්චිතවම කියන්න නම් බෑ කියලා "

"රට වැසියෝ උම්  බෑ කිව්වා ......."



මට මාර හිනා බන් ඒ කතාවට ... කාල්ටන් සීයාගේ පොතේ බන් තිබ්බේ ...ඔය වගේ කතා ගොඩක් තියෙනවා ..මම මේ ඒකෙන් කතා කිය කියා යනවා ..මාර ප්‍රතිචාර!

තව එකක් තියෙනවා බන් මේ අස්ස කරත්තයක් ගිනි අරගෙන ....

සීයේ වෙන වෙලාවක ...මට පරක්කු වෙනවා .....

14 comments:

  1. ෂිහ්, මේ මුණුබුරා ගේ හදිසිය නොතිබුනා නම් තව කතාවක් අහගන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. දැන් කාලේ හැදෙන උන්ට තියෙන කලබලේ

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  2. මුණුපුරාට නිවාඩු දවසක සීයව හම්බවෙන්න යන්න කියන්න

    ReplyDelete
  3. අර බැටලු ගාතෙන් ගහලා මිනිහව මරලා පස්සෙ පොලීසියට ඒක කවපු එක මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ වගේම සීන් එකක් නේ

      Delete
  4. වා රිය පොල ගැනත් ලියන්න

    ReplyDelete
    Replies
    1. ප්‍රා ජේ , හරියටම තේරුනේ නෑ ඉල්ලීම

      Delete
  5. //සීයේ පරිස්සමෙන් , බුද්ධි අංශ පවා නොදෙනු කියාගෙන කට්ටිය ගේම ඉල්ලයිද දන්නේ නෑ //දවසේ කතාව!

    ReplyDelete
  6. දැන් සීයා ගාව තියෙන්නේ ඩර්ටි ජෝක්ස් පොතක් ලු....

    ReplyDelete
    Replies
    1. ඊයේ සීයා කළා හරිම වල් විහිලු දෙකක් ...ඔන්න සුමනදාස බණ්ඩා කියලා පොරකුයි දයාසිරි කියලා පොරකුයි හිටියාලු .... මඩ ගගහ හිටපු උන් දෙන්න අල්ලලා ඇමතිකමක් දුන්නලු

      Delete

Have commented