30 November 2016

ගෙදර යාමට පරක්කු වූ එළවුළු මල්ල සහ මේසය මත ලතැවෙන දොඩම් ගෙඩි දෙක (කවිද මන්දා )


පෙර කියවීම :මෙය ගෙදර යාමට පරක්කු වූ එළවුළු මල්ලක් සහ මේසයක් මත ලතැවෙන දොඩම් ගෙඩි දෙකක් පිලිබඳ කතාවකි 

ට්ක්රාස් ගා ගෙන 
වීල් එක ඉගිලුනේ  දුම් දා ගෙන 


මුඩුක්කු අයිනෙන් 
ගලයිද මොන ගංගා 
කුණු ඇලක් මිස 
ගොර ගොර ගා 
මොන සාරි ගප්පිද 
ඉස්ගෙඩි මිස 
කකුල් එනකං ලතැවෙන 

දොර පියන ඇරෙන්නේ 
ක්රීස් ගාගෙන 
ඇතුළට 
වොට් හතළිහේ බලුබ් එකක් 
විරිතන්නේ
එල්ලී වයර් එකක  
කළුවරට 
ලෑම්ප් ශේඩ් මොකටෑ 
මේ වගේ තැන් වලට 

ඇඳි  සළු උනන්නේ 
ඈ 
පිටිපස්ස හැරිලා 
හරියට 
ලැජ්ජාව රකින්නැහේ 
ඩිංගිත්තකට 

ආපු එකා 
සිලි මල්ල තියන්නේ 
ඇඳ ලඟම 
කරල් දෙකෙයි මුරුංගා 
තක්කාලි ගෙඩියෙයි 
වැටකොළු දෙසිය පනහෙයි 
වැඩි පරිස්සමට 

මේසේ  උඩ 
දිලිසෙන්නේ 
දොඩම් ගෙඩි දෙකක් 
 ගෙඩියක් 
පැපොල්
බලෙන් වගේ  ඉදවුණු 
අත ගාන්නේ ආසාවට 
පොඩි එකීත් 
කන්න ආසයි 
දොඩම් නම් 

"තැලෙයි .. පරිස්සමෙන් "  
ගත්තේ  
ඉස්පිරිතාලේට ගෙනියන්න හෙට
ටිකක් අමාරුයි එයාට 
 යන්න නම් උදේ 
ලෙඩ්ඩු  බලන වෙලාවට 
අල්ලන්න ඕනේ 
පහමාරේ බස් එක 

ඉක්මන් කරමු ද 
ඉතින් 

35 comments:

  1. ඒ වුනාට තව ගෙඩිදෙකක් ගේන්න තිබුනා පොඩි එකාට...

    ReplyDelete
    Replies
    1. ඇට නැති දොඩම් සහ පින නැති පර්ස්

      Delete
  2. එළ...
    දුප්පත් ජීවිත තමා හැමතැනම

    ReplyDelete
    Replies
    1. ඒත් මට මොකක්දෝ වරදකාරී හැඟීමක් එනවා මේ වගේ දේවල් ලියුවහම . හරියට නිකන් පිට ඉඳන් නිරීක්ෂණය කරනවා වගේ හැඟීමක් . අනෙක් අතට දුක විඳ විඳ ඒ ගැන ලියන කොට , ඒකෙත් නිකන් කෘතීම බවක් , දුක මාකට් කරන ගතියක් තියෙනවා කියලා සමහරු කියනවා .

      මම හිත හදා ගෙන ඉන්නේ මේවා පිංච් පොයින්ට් කියන තැනෙන් නවතින්න

      Delete
    2. ///මම හිත හදා ගෙන ඉන්නේ මේවා පිංච් පොයින්ට් කියන තැනෙන් නවතින්න///
      මේ වගේ දේවල් කොහොමත් පින්ච් පොයින්ට් කියන තැනින් නැවතෙනවා. අපිට අමුතුවෙන් නවත්තන්න දෙයක් නැහැ.

      Delete
    3. ඔබ හරි අරෑ

      Delete
  3. Replies
    1. වරද කාරයෙක් නැතිව වරදක් තියෙන්න බැරිද ... අනෙක මෙතන වරදක් තියෙනවද ..එහෙමත් හිතෙනවා

      Delete
    2. මද්දට ඕව තේරෙන්නෙ නෑ බං.

      Delete
  4. මැක්සා නොහොත් වල්ලා පට්ටා...

    මේ තමයි කවි කියන්නේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ... ඒත් අර උඩුවාට කිව්ව හැඟීමත් එනවා

      Delete
    2. ඒ නිසාමයි මේවා වටින්නෙ. බොහෝ දෙනෙක්ට ඒවා පෙන්නේ නෑ.

      Delete
  5. මේ නිර්මාණයේ රිද්මය යාතාර්තවාදී බවම මතුකරනවා.

    ReplyDelete
  6. ////////මොන සාරි ගප්පිද
    ඉස්ගෙඩි මිස
    කකුල් එනකං ලතැවෙන ///////////////

    නියමයි බං. මට හිතට වැදුනෙ ඔතනින්.

    ReplyDelete
    Replies
    1. ඉස්ගෙඩි උනත් ඉන්නේ කකුල් එනකං විතරයි

      Delete
  7. නියමයි
    ඒත් වරදකාරී හැඟීම්ට මොකට ඉඩ දෙනවද?
    ඔව් අපි ඔක්කෝම සාමාජිකයෝ උනු සමාජයේ වැරැද්දෙන්ම තමා එහෙම උනේ
    ඒත්
    ඒක වැරැද්දක් කියලා උන් දෙන්නම නොහිතනවා නම්?
    අපි දන්නෙත් නෑනේ
    ඒ නිසා තුන්වෙනි ඇහැකින් සාපේක්ෂවව දැකලා, දැකපු / දැනුනු දේ බරක් නම් හෑල්ලු කර ගන්න මෙහෙම කවියක් ලියන එක අමතර බරක් කර ගන්නේ ඇයි

    ReplyDelete
  8. මාතලන්ගේ හෝඩුවාවකින් මේ පැත්තට ආවේ. සරළව කවියක්(වගේ දෙයක්) ලියන මටනම් මේක පාඩම් මාලාවක් වගේ. අපූරුයි. ස්තූතියි. ඒ වගේම මාතටත් ස්තූතියි මේ ගැන ලිව්වාට.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. දිගටම එන්න

      Delete
  9. හිනා වෙන්නට දඟල කඳුළු ගංගා

    ReplyDelete
    Replies
    1. ගංගා කොහෙද මේ වගේ තැන් වල

      Delete
  10. ඉදලා හිටලා මේ පැත්තේ ඇවිත් ගිහින් තිබුනත් ..මාතා උබ ගැන ලියලා තිබුන නිසා ආවේ බලලා යන්න ..

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා දන්න කෙනෙක් නේ

      Delete
  11. Replies
    1. මේකට මොනවා කියන්නද මන්දා

      Delete
    2. මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා....

      Delete
  12. නියමයි. නුවන්ගීගෙ විවරණයත් කියෙව්ව. ඒකත් මේ වගේම රහයි.... ස්තූතියි

    ReplyDelete

Have commented