28 January 2017

විහිලු සැපයීම ඊස් අ මල්ටි ප්ලේයර් ගේම්

මුලින්ම  මම විහිලුවක් රූපවාහිනියේ දැක්කේ අසු ගණන් වල . මාසික විවිධ ප්‍රසංගයක් .  සැමුවෙල් ඇනස්ලි බර්ටි ඇවිල්ලා , විනෝද සමයක් කළා . ( ඒ වැඩසටහනේ නම මතකෙට එන්නේ නෑ එකපාරට .. ලියාගෙන යනකොට මතක් වෙයි ) . 
මට මුලින්ම හිතුනේ මේ එක විහිළුවක් කරන්න තුන් දෙනෙක් මොකටද කියලා . එකෙක් ප්‍රශ්න අහනවා , අනිකා උල්පන්දම් දෙනවා , තුන්වෙනි එකා ජෝක් එක කරනවා .  සමහර වෙලාවට ප්‍රේක්ෂකයා මුලින්ම ප්‍රශ්නේ අහනකොටම හිනා වෙනවා , ඒක  ජෝක් එක කියල හිතලා. උල්පන්දම් ලැබෙන කොට සභාවේ සිනා බෝ වෙනවා . පස්සෙන් පහු   ඇත්තටම ජෝක් එක කියපුවහම , හිනා , ඉවර වෙලා (එතකොට හිනා වෙන්නේ අර ප්‍රශ්නේ අහපු එකයි , උල්පන්දම් දුන්නු එකයි විතරයි ) . 

අසූව දශකයේ . තරුණ සේවා සභාව නැගලා යන කාලේ , වොලිබෝල් වසන්තයක් උදා වුනා . රූපවාහිනියේ මුළු දවාලේම වොලිබෝල් මැච් පෙන්නුවා ...නාත්තන්ඩිය ධම්මිස්සර ... ගම්පහ දිලෙන තරු ... මම පිස්සෙක් වගේ ...පිස්සෙක් වගේ .. මේ තරඟ  බැලුවේ ( හික් හික් ). .. අන්න එතකොට තමයි අර විනෝද සමයේ සිද්ධියේ , සිද්ධාන්තය මට තේරුනේ .. එකෙක් උස්සලා දෙනවා , අනෙකා සෙට් කරනවා .. ඩෑෂ්  එකට ..


ලංකාවේ විහිලු කාරයෝ ඔක්කොම මෙහෙමයි කියලයි මට හිතෙන්නේ .. දැන් බලන්න , පොඩි මල්ලිට චූටී මල්ලි ඉන්නවා , ටෙනිට බන්දු ඉන්නවා , සිරිසේනට රනිල් ... 
පස්සේ කාලේක , දේශපාලනය පාර්ලිමේන්තුවෙන් ටීවී එකට ඇවිල්ලා , ජෝක්ස්  ටීවී එකෙන් පාර්ලිමේන්තුවට ගියා . ඒත් අර සිද්ධාන්තය තාම වලංගු බවයි පෙනෙන්නේ .  පොලිටික්ස් වනාහී ඉස්පෙක්ටේටර් ඉස්පෝර්ට්ස් එකකි . විහිලු සැපයීම මල්ටිප්ලේයර් ගේම් එකකි 

උදා 1 
සමලිංගික විවාහයන් ගැන පනතක් කැබිනට් මණ්ඩලේකට ගේන කොට .  ඒකේ දී ඒ පනත හාස්‍යයට ලක්වෙන කොට . විහිලුව සෙට් වෙනවා 

ඊට පස්සේ ජනාධිපති කෙනෙක් , හාමුදුරුවෝ මුල් පුටුවල තියාගෙන  " සමලිංගික පනත මම විසික්කා කළා හිටං "  කියන කොට . ඩෑෂ් එකට බොලේ ඉස්සිලා .

කවුරුවත් දන්නේ නැතිව , ඔය පනත සම්මත වෙනකොට . මමත් පත්තරෙන් තමා දැක්කේ කියනකොට . එහෙම නැත්නම් සංස්කෘතියත් ආරක්ෂා කොරගෙන ජාත්‍යන්තර නඩුකාර උන්නාන්සේලා දාමු හිටං කියනකොට  .... අන්න පින්වත්නි ජෝක්ස් එක .


උදා 2 
..බත් ඇට නැත්නම් , කාපන් 
කොස්කොල ,කොස්කොල , ක්‍රෝටන් මලවාලා ...කියලා කෘෂි කර්ම අධ්‍යක්ෂක කියනකොට 

කෘෂිකර්ම ඇමතියා , නිස්සබ්දව ඉද්දී , ඒ කියපු නිලධාරියාගේ , කටේ ඔබනවා ක්‍රෝටන්  කියලා සෞඛ්‍ය ඇමතියෙක් කියද්දී,  මිනිස්සු හිනාවෙලා ඉවරයි .

ඒත් , ඔන්න ජෝක්ස් එක එන්නේ, නියඟේ එනකන් , ආණ්ඩුවත් අපිව හිනා ගස්ස ගස්ස ඉඳලා , අපිත් හිනාවෙවී ඉඳලා අර පළඟැටියට වෙච්ච  එකේ අනික උනාම . කන්න වෙන්නේ අර කෘෂිකර්ම අධ්‍යක්ෂකව තමා මරා ගෙන  . 

උදා 3
පාර්ලිමේන්තුවකදී  සීයා කෙනෙකුගේ  කට අවුස්සා ගන්නකොට  ... ඉන් පසු නියෝජ්‍ය ඇමති කෙනෙක්  " කුණුහරුප කියන එක හරි නෑ  නේද"  කියා අසනකොට... 

ඉන්පසු සීයා 

" ඉතින් **තෝ , මම නෙමෙයිනේ මුලින් $#@ %^&  *&^%$ කිව්වේ , අර ප %$ නේ කිව්වේ " කියන කොට  , මිනිස්සු හිනාවෙලා ඉවරයි ... ඒත් අර විවාදයේ දී , හරකා මස් වුනාට , හරක් හොරෙක් නැත කියන, ජෝක් එකේ පන්ච් ලයින් එක,  ඒ සිනා හඬ නිසා නෑසුනි 


උදා 4

හොරා හොරා කිව්ව එකෙක්ව ගෙන්නා ගෙන ෆැක්ටරියක් දාන කොට . එකේ මුල් ගල තියන්න අගමැති කෙනෙක් යනකොට . 
"අගමැති තුමා බබා ඒක දැනන් හිටියේ නෑ" කැබිනට්‌ ප්‍රකාශක කෙනෙක්  කියනකොට . මිනිස්සු හිනාවෙලා ඉවරයි.

මේ විහිළුවේ නම් පන්ච් ලයින් එක තාම ඇවිත් නෑ  



...ආවා ආවා ...නෑ  නෑ පන්ච් ලයින් එක නෙමෙයි ... අර වැඩසටහනේ නම මතකෙට ආවා .. 


නන් දන වින්දන ...

8 comments:

  1. නන්දන වින්දන කියන්නෙ වෙනම ආතල් එකක්.
    ඒත් මේ දෙන ආතල් වලට ගහන්ඩ චැප්ලින්ටත් බෑ වගේ
    ඒ තරං සීරියස් ජෝක් කරන්නෙ

    ReplyDelete
    Replies

    1. නන්දන වින්දන කියන්නේ . එක එක එවුන්ට එක එක ආතල් කියන එක නේද ?

      Delete
  2. ++++++++++

    ReplyDelete
  3. නියම පන්ච් ලයින් එක.....!!!

    ReplyDelete
  4. නන්දන - වින්දන?
    විනෝදසමය ?

    ReplyDelete
  5. හිනාවෙන්නද ? අඬන්නද ?.....ජනාධිපති හරි අගමැති හරි අපිට උත්තරයක් දෙන්නකො.....මේවා "අන්දන නන්දන වින්දන" කියලා මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අන්දන වින්දන ..මරේ මරු

      Delete

Have commented