09 February 2017

තොරතුරු දැන ගැනීමේ පනත හෙවත් Any information on need to know basis

ගිය සතියේ අහම්බෙන් වගේ යූ ටියුබ් එකේ සැරි  සරද්දී අස ගැටුණු අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනක් විය . කට්ටිය කතා කලේ තොරතුරු දැන  ගැනීමේ පනත ගැනය  .  (සංඛ විටෙන් විටේ ටොයිලට් බ්රේක් ලබා ගැනීමයි , චාපා ගේ අහස කඩා වැටෙනවෝ කතාවයි හැරුණු කොට .. ඊනියා විද්වතුන් ( ඊනියා නොව ඊයා ය ) බොහෝ විට ගෙන ආවේ " ඔබේ ලංකට්  එක රතු පාට නිසා ඔබේ තර්කය වැරදියි "  වගේ තර්කම පමණි . එහෙත් ඒ වැඩසටහනින් පසු මා මනසට වද දුන්නේ , ඇත්තටම මේ පනත කාටද කියන ප්‍රශ්නයයි . 

***

පෙබරවාරි හතර වෙනිදා මා රූපවාහිනිය  ඉදිරියේ වාඩිවුයේ  සජීවීව නිදහස් උත්සවය නැරඹීමටය .  

පෙරහැර එනකන් , අයිස් කිරින් කාරයෝ , කඩල/ රටකජු කාරයෝ මෙන්ම බේබි නාරං කාරයෝද පැමිණ කෑගසන්නට විය . කස කාරයෝ , කොඩි කාරයෝ යනකං මා පොඩි නින්දකට වැටුනෙමි . එක් වරම රූපවාහිනී තිරයේ මා දුටුවේ ජනාධිපති තුමා  ආචාර පෙළපාලිය නරඹමින් සිටින අයුරුය .

" ස්  ස් ... මේ ..... ලොක්කා ...හරි ඉස්මාට් ඈ    "මම රුපවාහිනිය තිරය ඔස්සේ ඔහුට කතා කලෙමි .. එතුමා වට පිට බැලුවේය ...

"ආ ජේපී නේ .... නෝනේ ..මේ අර බ්ලොග් ලියන ජේපී   ... " නමුත් මැතිනිය ඇස්  කොණෙන් බලා මද සිනාවක් පෑවද වැඩිය කලබල වෙන්නට ගියේ නැත . 


( .. ඔව් ඔව් මම දන්නවා , දැන් ඔබ කියාවි බොරු කියන්න එපා යැයි .. අසාවී එහෙම කොහොමද ටීවී එක හරහා කතා කරන්නේ කියා?... ඒත් ඔබ නොදන්නවාට,  මෙහෙම හිටියට , මම,  ගුප්ත ශාස්ත්‍රයන්  කීපයකම මනා හැකියාවක් ඇත්තෙක්මි .  . සමාන්තර විශ්වයේ වෙන දේ දැන  ගැනීම මෙන්ම  දොස්තර හොඳ හිත ගේ  සත්තුන් සමග කතා කිරීමේ රහසද  ඇතුළුව තවත් රහස් ශාස්ත්‍ර කිහිපයකම වර්කින් නොලේජ් එකක් ඇත්තෙමි . කොටින්ම අර පහුගිය කාලයේ නොයෙක්  ප්‍රදේශයන්හි දිස් වූ, පාවෙන පීරිසියේ පැමිණි පිටසක්වල ජීවින්, මෙරට ආයෝජනයට අගමැති තුමා ගේ ආරාධනය පිළිගෙන , දන්කොටුව ප්‍රදේශයේ පාවෙන පීරිසි පැක්ටේරියකට මුල් ගල් තැබීමට ආ කට්ටියක් බව සපථ ( හැමෝම මේ දවස් වල වැඩියෙන්ම කරන්නේ සපථ කරන එකය ) කරගත්තේ එවැනි විස්ස සක්තියක් පාවිච්චි කර ඔවුන් හා කතා කිරීමෙනි .)  

 මරූ සූට් එක ජනාධිපති තුමා .  මම නැවත කීවෙමි 

ටැංකු ජේපී ... අපේ අගමැති තුමා තමා රෙද්ද දුන්නේ හිටං ... මහින්ද රාජපක්ෂගේ ටේලර් තමා මැහුවේ හිටං . 
මට තිබ්බේ ඇඳ ගන්න එක විතරයි
හැබැයි ටිකක් විනිවිද පේනවා වැඩිද මන්දා 

හැ හ් , හුටා හිටං , යටට ශෝටක් ඇන්දෙත් නෑ  යහපාලනේ කියලා 

ජනාධිපති තුමා එක වරම හිඳ ගත්තේය  . ( පසුව බුකියේ අසමජ්ජාතියෝ අවලාද නැගුවේ  , ඉඳගෙන උත්තමාචාර පිලිගත්තය කියලාය . නමුත් හැබෑවටම  සිදුවුනේ මෙයයි  )

මේ ජනාධිපති තුමා මම මේ අහන්න කියලා හිටියේ , අර ඕපා දූප සොරි ..තොරතුරු දැන ගැනීමේ පනත හෙට ඉඳන් ක්‍රියාත්මකයි නේද 

ඔව් ඔව් , ඔන්න අපි කිව් විදියට වැඩ 

ඇත්තටම ඒක  කාටද ?

ඇයි  ජේපී ඕක ගැන පෝස්ට්  එකකුත් ලිව්වා නේද හිටං  (http://pinchpoints.blogspot.hk/2015/05/be-careful-what-you-ask-for.html..

ජනාධිපති තුමාට ඒකත් මතකයි... නෑ මම අහන්නේ ඕක ඇත්තටම කාටද  
වැදගත්

ඇයි  ජේපී  අඩුම ගානේ පත්තරයක් වත් කියවන්නේ නැද්ද රට තොට තොරතුරු ටිකක් දැන ගන්න ...හැක් හැක් .. විද්වත්තු කිව්වේ.. පාරට දාපු තාර මාත්‍රාව , ගොවියාට  පසේ සංයුතිය  වගේ වැදගත් හැම දේම දැන ගන්න පුළුවන් වෙනවා කියලා 

ඒ වුනාට .. අනේ මන්දා .. 

ඇයි ? ජේ පී කියන්නේ ඒවා වැදගත් නැද්ද දැන ගන්න ?.. කොටින්ම ඔන්න ඔහේට ඕනේ නම් අපේ නෝනා දවල්ට ඉවුවේ මොනවද කියලා දැන ගන්න උනත් පුළුවන් , පෝර්ම්  එකක් පුරවලා බාරදෙන්න විතරයි තියෙන්නේ 

ඉතින් ජනාධිපති තුමා , දැන් ඔය ගොවියන්ගේ උදාහරණේ ගමු , දැන් ඒ කට්ටිය පෝර්ම් පුරවලා ආණ්ඩුවේ කන්තෝරු ගානේ ගියාම , ගොවිතැන් කරන්නේ පොලිසියෙන්ද 

ඔව් ඔව් .. දැනටමත් පොලිස්පතිතුමා ඒකට කට්ටිය ලෑස්ති කරනවා . ඔන්න කලිසම වෙනුවට කාකි සරමකුත් යෝජනා කරලා තියෙන්නේ . සරමේ ඉස්සරහ කොනෙන් අල්ලලා කකුල් දෙක අස්සෙන් පිටිපස්සට නවලා අමුඩේ වගේ ගහගන්නවා 

හරියට නීතිය නවනවා වගේ 

ඕකනේ ජේ පී එක්ක බෑනේ හිටං

හරි ඒක  පැත්තකින් තියමු , දැන් ඔය තොරතුරු ලබා දෙන්න රජයේ ආයතන ලෑස්තිද 

එහෙනම් , අපි පෝර්ම්  ප්‍රින්ට් කළා , හැම දෙපාර්තුමේන්තුවකම ගැහුවා බෝඩ් එකක් 
සිංහලෙන් , අනුන්ගේ දේ සෙවීම කැත පුරුද්දකි .  ඉංග්‍රීසියෙන් මයින්ඩ්ස් යු වර් ඕන් බිස්නසස් 

දෙමලෙන් ?

ඔව් ඔව් . මේ ට්‍රාන්ස්ලේට් කරන්න යවලා තියෙන්නේ ... මේ ට්‍රාන්ස්ලේටස් ලා තමයි රටේ ඔක්කොම පරක්කු කරන්නේ  හිටං . දැක්කනේ සීමා නීර්ණය වැඩේ 

දැක්කා දැක්කා ... ජනාධිපති තුමා දැන් මේකෙන් විදේශීය කුමන්ත්‍රණ කාරයෝ අතට එහෙම වැරදි තොරතුරු යයිද 

පිස්සුද ඕයි  , උන්ට තොරතුරු අපෙන් ගන්න ඕනේ යෑ 

ඒකත් එහෙමද ... ජනාධිපති තුමා ඇත්තම කියන්න .. මේ පනත ඇත්තටම වැදගත් කාටද 

(එතුමා හඬ තවත් බාල කළේය ) .. ජේපී ගෙනුත් මොකුත් හංගන්න බෑ නේද හිටං ... ඇත්තම කියනවනම් මේක ඇත්තටම වැදගත් මටම තමා ... මොකෝ දැනට මම ගොඩක් දේවල් දැනගන්නේ පත්තරෙන්නේ හිටං  . ඉතින් දැන් මට පෝර්ම්  එකක් පුරවල දීලා ඕනෑම  දෙයක් දැන ගන්න පුළුවන්නේ 

හැ හ් , ඕනෑම දෙයක් දැන ගන්න පුළුවන් වෙයිද 

ඔව් ඔව් , අගමැති තුමාම සපථ කරලාම කිව්වා හිටං , ඕනෑම දෙයක් , ඕනෑම වෙලාවට, නීඩ් ටු නෝ  බේසිස් ම ලබා ගන්න පුළුවන් කියලා 

එහෙනම් සපථ වෙලාම තියෙයි හිටං 

මට වාක්‍යය අවසන් කිරීමට ලැබුනේ නැත , මා බිරිඳ ගේ සුමුයුරු ආමාන්ත්‍රණය ඈතින් එන කව් පදයක් මෙන් ලාවට ඇසෙන්නට විය .

" මේ ටීවී එක දා ගන්නවා රටටම ඇහෙන්න, ඊට පස්සේ එක ඉස්සරහ ඉඳගෙන නිදා ගන්නවා .."

"..ඥාන වීර්ය වඩවමින රැගෙන යනු අප ..." මම ජාතික ගීය  ගයනට  , ඇස් වසා ගෙනම,  මගින් එක්වුනෙමි 

19 comments:

  1. හැක, හැක!

    බ්ලොග් කියවනවා කියන්නේ උන්දැට වෙන කරන්න වැඩක් නැතුව ඇති!

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහුට වෙන වැඩක් නැතැයි කීවේ මා නම් නොවේය

      Delete
  2. ජේපී නිරීක්ෂණය කළේ නැද්ද... පොරගේ ඉස්සරහාම තියෙන ළොකු තිරෙන් ලයිව් යන එක පොරට පේනවා..

    පොර ඒකේ ඉන්නවා දකින කොටම පුටුවට අත් දෙක තද කරගෙන පුල් සීරියස් ඉන්නවා... අනික් වෙලාවට බෑන්ඩ් වල මියුසික් එකට ආතල් එකේ පුටුවට තට්ටුව දදා ඉන්නවා..

    මේක නම් සුභ සහ යසම තමයි..

    මොන මළදානේ උනත් පොර ආතල් එකේ ඉන්න බුවෙක්...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පව් කියලත් හිතෙනවා. එක පාරටම ඔහොම දෙයක් අපිට උනොත් අපිටත් ඔහොම වෙයි.

      කොහොමද අර සරම අස්සෙන් මූදු හුලන් පාර වදිනකොට. අර සංකට වගේ ටොයිලට් බ්‍රේක් එකක්වත් ගන්න බෑ නේ.
      මම හිතන්නේ ජනාධිපති කම එන්ජෝයි ම කරන ජනාධිපති තමා මේ.

      හැබැයි මගේ නිරීක්සන ගැන නම් අහන්න වෙන්නේ වයිෆ් ගෙන්ම තමා. :) .මට ඇත්තටම ටීවි බලන කොට බොහෝ විට නින්ද යනවා

      Delete
    2. අපේ නම් ඕකේ අනික් පැත්ත...

      Delete
    3. /////මට ඇත්තටම ටීවි බලන කොට බොහෝ විට නින්ද යනවා////

      මට නින්ද ගියාම ටීවී පේනවා.........

      Delete
    4. අරූ , ඔලුව තියන පැත්ත මාරු කරලා බලන්න .. සිග්නල් අහුවෙනවා ඇති ඔය පැත්තට :)

      Delete
  3. මාත් පුරුදු වෙන්න ඕනි ටීවී එක දාගෙන නිදා ගන්න.. මෙහෙම හීන පෙන කොට.. හැක්.

    ReplyDelete
    Replies
    1. හැබැයි , ටීවී එක හරහා කතා කරන්න නම් මගේ පන්ති එන්නම වෙනවා

      Delete
  4. ජේපි නම් පුදුම පොරක් අප්පා. මල පන්නගෙන ලියනවට වඩා, මේක කොච්චර රසද...ලොක්කා දැක්කා නම්, මල් පොකුරක් පිපෙයි හිටන්.

    ReplyDelete
    Replies
    1. අල්ලන් ගිහින් රිමාන්ඩ් කරලා , ජනාධිපති මන්දිරේට ගෙනිහින් , තදින් අවවාද කරලා , ලැප් ටොප් එකක් දෙයිද ?

      Delete
    2. නැහැ...මීඩියා ඩිරෙක්ටර් කරගනියි ඉඳන්.

      Delete
  5. ජේ පි ලොක්කා
    සිරිපාලයා ටක්කෙටම ඔයාව අඳුනගත්තෙ නම ගම බ්ලොග් නම ඇතුළු විසතර කරලා ගහපු තුන්ඩු කැල්ලක් එහෙම කලින් දීලා තිබුන හින්දා වෙන්න ඇති . සිරිපාලයාට ඕවා හොඳට මතකයි

    ReplyDelete
    Replies
    1. ඕවාට නම් අපි අර දේශප්‍රිය සභාපති තුමා වගේ කියන්නේ ...නෝ කමෙන්ට්ස් කියලා විතරය

      Delete
  6. /මොකෝ දැනට මම ගොඩක් දේවල් දැනගන්නේ පත්තරෙන්නේ හිටං . ඉතින් දැන් මට පෝර්ම් එකක් පුරවල දීලා ඕනෑම දෙයක් දැන ගන්න පුළුවන්නේ/

    හෙහ්..ඇත්තම තමයි මට හිතෙන්නෙත්...

    ReplyDelete

Have commented