03 February 2017

ස්වයංවින්දනයේ නිදහස සහ නිදහසේ ස්වයංවින්දනය



නිදහස යනු මහත්වූ වගකීමකි . මින්පසු අපගේ ක්‍රියාවන් හා අතපසු වීම් සියල්ලට අපට වගකීමට සිදුවේ . මින්පසු අපට රාජ්‍ය පාලනයේ වැරදි සහ දුර්වල කම් වල වගකීම වෙනෙකෙකු පිට පැටවීමට නොහැක . එම නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන වෙර විරියෙන් රටේ සෞභාගය උදෙසා වැඩකිරීම සාම රටවැසියෙකු ගේම යුතුකම වේ 

ඩී එස් සේනානායක , 1948 පෙබ 4දා (ඉංග්‍රීසියෙන් , ඔව් ඉංග්‍රීසියෙන් ) ජාතිය අමතා කළ කතාවෙනි .


***
හෙට නිදහස් දවස 

ඔව් ඉතින් 

ඉතින් මොකද කරන්නේ 

හස්ත කර්මාන්තයක් කරගෙන නිදහසේ ඉන්නවා බං 

ඒ කියන්නේ උඹ ස්වයං  වින්දනයේ නිදහස භුක්ති විඳිනවා 

නෑ  බං , මම නිදහසේ ස්වයං  වින්දනය භුක්ති විඳිනවා 

මේ , බලාගෙන , හිකිස් , පොඩි කාලේ සර් කෙනෙක් කිව්වා ඔය වැඩේට ඇබ්බැහි වුනාම  ඇස් අන්ධ වෙනවා කියලා , හිකිස්


උඹේ සර් හරි බං , ඇස් අන්ධ වෙනවා තමා 


එකයට රත්නේ , 2017 පෙබ 4දා 

***

අද නිදහස් දිනය ලංකාවේ . කාගෙන් කවුරු නිදහස් උනාද කියන එකම ප්‍රශ්නයක් .  අනෙක් අතට අධිරාජ්‍යයා නිදහස දීලා , ඒ යටත්විජිත ඔක්කොම, රැජින මමයි ඔබේ රාජ්ජේ කියලා, පොදුරාජ්‍ය සංවිධානයක ගැට ගහනවා. 

කට්ටියක් කියනවා මේක ජාතික දිනය විය යුතුයි කියලා . ඒත්  අපිට අපේ ජාතියේ හැඩතලය වත් හරියට අඳුනා ගන්න බැරි වෙලා .
.
නිදහස කියන්නේ පැතලි එකක් නෙමෙයි . තල කීපයක් උඩ ගොඩ නැගෙන මනෝභාවයක් . (ඒත්  ජාතිකත්වයෙන් තොරව නිදහසක් කියන මනෝභාවයට පැවැත්මක් නෙමෙයි ජාතකයක් වත් තියෙනවද කියලා හිතෙනවා වෙලාවකට ) . අනෙක් අතට නිදහස කියන්නෙම , බටහිර ශිෂ්ටාචාර විසින් ගොඩ නගපු ෆැන්ටසියක්මද ?  .ඇත්තටම මේ නුතන ලෝකයේ , පුරාතන අර්ථයෙන් නිදහස් රාජ්‍යය තියෙනවද?  කියලත් හිතෙනවා ( රාජ්‍යයක නිදහස , එහි බලවන්ත කම මත රඳා පවතිද්දී . රාජ්‍යය වල බලය ගල , කඩදාසිය , කතුර  ( (rock , paper , scissors )ක්‍රීඩාවක නීති වගේ දෝලනය වෙනවා  ) 

මට හිතෙනවා  අපි අපේ නිදහස ෆැන්ටසිය ගොඩනගලා තියෙන්නෙම තවත් ෆැන්ටසි උඩ නේද කියලා . 
උදාහරණයක් ලෙස අපි හිතාගෙන ඉන්නවා , අපි සටන් කරලා තමයි නිදහස ගත්තේ කියලා . අපිට නිදහස ලබා දෙන්න මුලික වුනු ජාතික වීරයෝ ඉන්නවා කියලා . කාලෙකට කලින් මම ජාතික වීරයන්ගේ රූප කොළ ගැන මෙහිම සටහනක් තැබුවෙමි  . ඒ කොලේ කොටුවක ජාතික වීරයෙක් හැටියට අන්දරේත් හිටපු එක ගැන ලිව්වෙමි  . ප්‍රතිචාරයක් හැටියට මාතලන් ලියුවේ ඒ  , අපිට කොලයක් පුරවන්න වත් වීරයෝ නැති නිසා කියලාය . මට නම් හිතෙන්නේ අපේ රටේ වීරයෝ අල්පයි , වැඩිපුර ඉන්නේ වීර වැඩක් දෙකක් කරපු මිනිස්සු කියලා . 

අපේ රටේ විප්ලව විරෝධතා ඇති උනා ඒත්  ඒවා නිසා නිදහස ලැබුනා කියලා හිතන එක කොතරම් නිවැරදිද  මන්දා . 
පස්සේ කාලේ නිදහස් සටන කියන එක සේනානායක උන්නැහේලාගේ පැලැන්තියේ අයට ඒ කාලේ පෙට් ප්‍රොජෙක්ට් එකක් විය  . කොහොමත් බුදු පිළිමේ ඉස්සරහට යන මල් වට්ටියට, අත  ගහලා නිවන් දකින්න කරපු ට්‍රයි එකක් ය .

සේනානායක උන්නැහේ , නවසිය හතලිස් අටේ , සුද්දා දුන්න දිස්නේ ගහන නිදහස (හෝ ජාතිකත්වය)  , අත් දෙකෙන් අරන් තමන්ගේ වගේ මල් පැලක තැන්පත් කලෙය  . අවුරුදු හැට නවයක් තිස්සේ පිළිමේ මල් පැල  ඇතුලේ . අපි පහන් පත්තු කරන්නෙමු  , බැතිමත්ව සමරන්නෙමු . පිළිමය බොල් වෙලාය . කණක් වැහෙන්න කුඹල්ලු ගෙයක් හදලාය .   තීන්ත පොතු ගැලවි, දැල්ල වැදිලා  කළු වැකිලාය .  ඒත් පහන් පැල අස්සේ කළුවර නිසා අපට හරියට නොපෙනේ . 

මම යෝජනා කරන්නේ අප මේ නිදහස, පාන් පැලෙන් එලියට ගමු කියලාය . එතකොට එහි මලානික බව , පරණ බව අපිට පෙනේවී . අපි නිදහසෙන් ගැලවිලා නිදහස ගැන හිතමු .  අපට ඇතැම් විට අපෙන් ම නිදහස් වීමට ද සිදුවෙනු ඇත . නිදහස යාවත් කාලීන කර ගනිමු

9 comments:

  1. සේනානායකලට
    ඉතින් ඒක එයාලා සැමරුවා
    ඊට පස්සෙ කොතලාවලලට
    බන්ඩාරණායකලට
    ජයවර්ධනලට
    ප්‍රේමදාසලට
    රාජපක්ෂලට
    ඉතින් එයාලත් ඒක සැමරුවා
    ඕන් ඔහොම ඇවිත්
    දැන්
    සිරිසේනලාට හා වික්‍රමසිංහලාට
    ඉතින් ඔහේලා ඒක සමර ගන්න
    අවුලක් නෑ
    ඔහේලගෙ නිදහසනේ
    අපිට අපේ නිදහසේ
    අපේ පාඩුවේ ඉන්න දෙන්න
    තෑන්ක්ස්...!

    ReplyDelete
    Replies
    1. සැමරීම සහ භුක්ති විඳීම අතර වෙනස

      Delete
  2. ////අපට ඇතැම් විට අපෙන් ම නිදහස් වීමට ද සිදුවෙනු ඇත ./////////

    වැඩේ පටන් ගන්න ඕන මෙතනින්. තමන්වත් නිදහස් නැහැනේ බං... අවම වශයෙන් තමන්ගේ සිතුවිලි වලින්වත්.

    ReplyDelete
    Replies
    1. ඔව් අරූ , අපි කොච්චර බයද දෙයක් වෙනස් කරන්න , සුද්දා , විතරක් නෙමෙයි අපේ කිරි අත්තලා අපේ ඔලු උඩ තියපු පොට්ටනි බිමින් තියලා ලිහලා බලන්න

      Delete
  3. නිදහස යනු සුද්දන් වෙනුවට අපේ උංගෙන් ම අපිට ම කෙළවා ගැනීමේ නිදහසයි.

    ReplyDelete
  4. හැට නව වසරක නිදහස සමරන ජාතියක්
    තවමත් බයිසිකලයක් නිපදවා ගත නොහැකි මුත්
    දේශපාළුවන්ට ඉස්තරම් වාහන ගෙන්වා දෙන
    මිනී මරුවන්ට කුඩු කාරයන්ට කතිරය ගහන ජනතාවක්
    සුද්දා පිටත්කර රට පාළනයට ගං කබරයන් පත් කළ ජනතාවක්

    ReplyDelete
    Replies
    1. ස්වයං වින්දනයට කාලයක් තිස්සේ ඇබ්බැහි වුනාම ඇස් අන්ධ වෙනවා , අතපය වාරු නැති වෙනවා ...කියලයි සර් කිව්වේ

      Delete
  5. චීනය සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල වැන්නන්ට සින්න වූ ජාතියකට නිදහසක් කිම්'ද? නිවැසියන් සහ පිටස්තරයන් අතින් අතවරයට ලක් වූ 69 හැවිරිදි මිත්තනියක් නොවේද? වල 3/4 ගොඩ 1/4 !

    ReplyDelete

Have commented