17 April 2017

මේ කුණු කන්ද බැලුවා හොරැහින් මදෙස



                                      (මෙය උපුටා ගත්තේ මෙතනින් https://www.facebook.com/madhushaka.sahanjeewa)


හුන් උන් අතැර නුඹ පත්කර ගත් දවස 
මේ කුණු කන්ද බැලුවා හිඳ ගම සිරස 
කාලය ගතව දිව්රුම් අමතකවූ සඳ 
මේ මහා කන්ද බැලුවා හොරැහින් මදෙස

හමන හුළඟ දුගඳම  හැම අත පතුරයි 
නෙක සැලසුම්, දිවුරුම්, ආපසු ඇකිලෙයි 
කුණු ලොරි ගණන් තව තව කන්දට එක්වෙයි 
නොකියූ රහස් කුණු ගොඩ අස්සෙම සැඟවෙයි 

මනාප යදින්නට ඔබ ආ එදවස 
මේ කුණු කන්ද සිනහා උනේ ඔච්චමට 
මරණාධාර දෙන්න ඔබ මෙහි ආ අද දවස 
මේ කුණු කන්ද බැලුවා හොරැහින් මදෙස 



පලි 
මේ ප්‍රශ්නය ගැන මම දන්නේ එහෙන් මෙහෙන් ඇහෙන කියවෙන දෙයම පමණි . 
ව්‍යසනය මා සිතේ කම්පනයක් නම් ඇති කර ඇත . කුණු කන්දකට යටවී මැරෙන්නට වෙන රටක් ..??? අනෙක් අතට අපද්‍රව්‍ය කළමනාකරණය ගැන ද මා  දන්නේ බොහෝ අල්ප වශයෙනි . නමුත් මට මේ ගැන කියවෙන නොකියවෙන දේ අතරේ නැගෙන්නේ ප්‍රශ්න පමණකි . 

සමහර අච්චු පොත් වල , පාඩමට පෙර ප්‍රශ්න කිහිපයක් දක්වා සිටින්නේ , පාඩම කියවන අතරේ ඒ ගැන සිතන්නට බල කරන්නය .

1. මුලින්ම , වියත් මග කට්ටිය කියන ඔය සැලැස්ම  මහඟු නම් . අවුරුදු 20ක් ආණ්ඩු කරලා ඕක ක්‍රියාත්මක නොකළේ මන්ද? ප්‍රමුඛතා ලයිස්තුවේ , දියත උයන , ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් එකට, සුරියවැව පිට්ටනියට පස්සෙද  මේ ප්‍රශ්නය පෙළ ගැහුනේ . 

2. මේ කුණු විකුණා ගෙන , ඉහ ගෙන කෑ  , හැම පැත්තේම හොරි කඩ දේශපාලඥයෝ කෝ 

3. හැම ප්‍රශ්නයක්ම විසඳන්න ඕනේ ජනාධිපති, අගමැති නම් පළාතේ මන්ත්‍රී ලා කුමටද . අපේ බදු මුදලින් උන් නඩත්තු කළ  යුතුද . 

4.උන් පන්නා දමන්නට චන්දයක් එනකන්ම සිටිය යුතුද . 

5. සයිටම් ප්‍රශ්නයට රෙද්ද උස්සා ගත්  සිවිල් සමාජ නඩ  (පක්ෂ විපක්ෂ දෙකම ) කෝ 
6. දැක්කේ නැති නිසා අහන්නේ , ඇත්තටම ඒකාබද්ධ විපක්සෙ උන් , ජවිපෙ උනත් කෝ ?
7.  මේ කුණු ගොඩ තියෙන්නේ ඉතා වටිනා ලොකේෂන් එකක නොවේද . මේ කුණු ගොඩ මෙසේ තිබීම , එය ඉවත් කිරීමට වඩා  වාසිද? ඒ කාටද 
8. මේ කුණු ගොඩ අස්සේ සැඟවුණු , කොමිස් කුට්ටි ,  ඩීල්  තිබේද 
9. ඇත්තටම රටේ නායකයා කෝ ?
10. අපදාවක් සිදුවූ පසු මරණාධාර දෙන්න නම් ආණ්ඩුවක් අවැසිද ? එයට නම්  මරණාධාර සංගමයක් ප්‍රමාණවත් නොවේද ?

16 comments:

  1. //අපදාවක් සිදුවූ පසු මරණාධාර දෙන්න නම් ආණ්ඩුවක් අවැසිද ? එයට නම් මරණාධාර සංගමයක් ප්‍රමාණවත් නොවේද ?//

    ඇත්ත

    ReplyDelete
    Replies
    1. ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී මරනාධාර හා සුභසාධක සංගමය.

      Delete
  2. 11. කොළොන්නාවේ හිරුනිකා කෝ?

    ReplyDelete
    Replies
    1. #2 හිරැනිකා මරික්කාර් ඇතුලු මෙකී නොකී සියලු දෙනා

      Delete
  3. වර්තමාන පරිසර ඇමති කව්ද කියල මට කියනවද

    ReplyDelete
    Replies
    1. අපේ දැඩි තීරන සිරිසේන ජනාධිපති තුමා නේ හිටන්

      Delete
  4. ඔබ සාධාරණ පරශ්න අහන්නේ.
    //සයිටම් ප්‍රශ්නයට රෙද්ද උස්සා ගත් සිවිල් සමාජ නඩ (පක්ෂ විපක්ෂ දෙකම ) කෝ
    6. දැක්කේ නැති නිසා අහන්නේ , ඇත්තටම ඒකාබද්ධ විපක්සෙ උන් , ජවිපෙ උනත් කෝ ?// මේ දෙගොල්ල ගෙන් කවුරු හරි මේ ගැන දිගින් දිගටම කතා කලා? ඔය නීතිඥ නුවන් බෝපගේ මහතා හෙම. ඔහුත් එවැනි පක්ෂයක කෙනෙක් මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. නෙළුමයායේ න් ආධාර මුදල් ලබාදෙන්න උත්සහයක් නැතිද සියිය සියය දැම්මත් ලොකු ගානක් එකතුවෙයිනේ උනුත් මිනිස්සුනේ කියලා ඕක සංවිධානය කරන්න අජිත්ට පුළුවන්නේ

      Delete
    2. අජිත්. ඒ වුනාට පක්ශ හැටියට නිහඬයි නේද

      Delete
    3. ඇනෝ මේ අවස්තාවේ අවශ්‍ය බත් පැකට් දීම නොව මේ ප්‍රශ්නය මිනිසුන්ගේ පැත්තේ හිටන් විසඳීමට ආන්ඩුවටබල කිරීමයි

      Delete
    4. මාත් එකඟයි.

      Delete
  5. කුණු කන්දට වැහුනු අවුරුදු

    ReplyDelete
    Replies
    1. අවුරැදු විතරක් නෙමෙයි තව බොහෝ දේ කුනුකන්ද ස්සෙන් මතුවෙනවා වගේ

      Delete
  6. කුණු කන්දකට යටවෙලා මැරෙන්න වෙන රටක... මහ කාලකණ්ණි හැඟීමක් එනවා.. සෙහ්..

    ReplyDelete
  7. මේ කුණුගොඩ පෝට් සිටියේ පුරෝමු

    ReplyDelete

Have commented