29 April 2017

ටෙනිසේනගේ ගැසට් පීස් එක

මචං , අර ටෙනිසේන ගේ ගැසට් ජෝක්  එක අහලා තියෙනවද 

මොන ටෙනිසේනද ?

අර බන්දු ටෙනිසේන ඩබලගේ ටෙනිසේන 

ටෙනිසේන  නෙමෙයි ඒ  ටෙනිසන් 

හරි හරි , අහලා තියෙනවද 

මොන ගැසට් එකද මචං 

ගැසට් පීස් මචං  ඉස්සර සිංදු රෙකෝඩ් කලේ 

යකෝ ඒ ගැසට් නෙමෙයි කැසට් පීස් .. මොකක්ද ඉතින් ඔය කතාව 

ඔන්න පොර ඉස්සර කැසට් එකක් ගැහුවලු .  ඌට එහෙම කියලා සින්දු කියන්න හැකියාවක් නෑලු.  ඒත්  කැසට් එක විකිනේනවලු . පොරටම පුදුමයිලු . ඉතින් පොඩි සමීක්ෂණයක් කලාලු  කවුද ගන්නේ කියලා බලන්න .

ඉතින්?

උඹට මතකද ඉස්සර ඔය කැසට් පීස් , පොඩි එවුන්ට අහු උනාම .. අර පටිය ඇදලා දානවා . .. ඇදලා අරන් සරුංගල් අරින්න ගන්නවා .. රෙදි වැලවල් බඳිනවා 

ඔව් ඔව් ඉස්සර ඔය කැසට් මැදදී ඇඹරිලා .. මහද නමැති වන බඹරා ලංවී.. කියනකොටම හිරවුණා .. ඇඩ්ඩින් මාමා නැගිට්ටේ "අම්මට " කියාගෙන 

ඔව් ඔව් ඔහොම ඇබැද්දි වුනානේ .. ඉතින් මිනිස්සු ඔය ජෝතිගේ මිල්ටන් ගේ පීස් ආරක්සා කොරගන්න , පොඩි එවුන්ට සෙල්ලම් කරන්න දෙන්න තමයි ටෙනිගේ කැසට් පීස් එක සල්ලි දීලා අරන් තියෙන්නේ 

මේ මචං , උඹේ ටෙනිසේනගේ කැසට් විතරක් නෙමෙයි  වෙන වෙන සේනලා ගේ ගැසටුත් ඔය වගේම තමා  . 

4 comments:

  1. සිංදුය කිව්වාට බයිලා නේද ?

    ReplyDelete
    Replies
    1. බයිලා උනත් නේ
      මිනිස්සුනේ
      අහන් ඉන්නවනේ

      Delete
  2. සේනලගෙ ගැසට් සේනලගෙ කැසට් තරං අහිංසක නෑ බොලං

    ReplyDelete
    Replies
    1. සිංදු කැසට් විතරක් නොව
      බණ කැසට් විරිදු කැසට් විහිලු කැසට් මෙන්ම කුනුහරැප කැසටුත් තිබුනේ

      Delete

Have commented