11 November 2017

පෘට් ඇන්ඩ් නට් අයිස් ක්රීන්

අදත් සුපුරුදු අඬ හැරුම, සුපුරුදු වෙලාවටම 

" නෝනා , මම නොකිව්වා කියන්න එපා,  තව සතියයි දෙන්නේ , ඇදලා දානවා බඩුත් එක්කම පාරට... මිනිහට කියහන් හිඟ කුලී ඔක්කොම ගෙවන්න කියලා ... ලැජ්ජා නැද්ද අප්පා කලිසම් ඇඳන් රස්සාවට යන්න .. අපිත් ජීවත් වෙන්නේ නැද්ද ?"

***

අද නම් දවසකි 
පුදුමාකාර 
කළුවර ගලන්නත් කලියෙන්
 තාත්තාත් ආව 
දෙඋරෙන් අල්ලා තුරුළුකර 
ඉඹිද්දී, කවදාවත් නැතිව 
කඳුලක්ද මන්දා වැටුනේ 
හිස මතට 
මහා බරට 

ලීක්ස් ගස් දෙක තුන 
සිලිමල්ලේ පාලුවට 
පරණ පත්තරේ එතුන 
සීනි බනිස , පඩි දාට 
නොවේ අද 

බලුබ් නැති වෙසක් වැනි  
අයිස් ක්රීන් පෙට්ටියකි 
නිකන් වැනිලාත් නොවුන
පෘට් ඇන්ඩ්  නට් ය , කජු පිරුණ 

රෑ කෑම මේසේදී 
අම්මාට දෙසැරයක් හිර උනා 
ඒත් වෙනදා වගේ 
" කවුරු හරි බඩගින්නේ "
කියලා නම් කිව්වේ නෑ 
"පැණි රහ මට එපා"
 වෙනදා කියන තාත්තාත් 
බෙදා ගත්තා අයිස් ක්රීන් 
අඬුව නැති කෝප්පෙට
ඒත්  ඇයි, බලා ඒ 
ඇහැ අද්දර කඳුලු
පිසදැම්මේ
අම්මා

***
පුවතක්:
ණය  බර දරන්නට බැරිව , අයිස් ක්‍රීම් එක්ක වස කා පවුලම දිවි නසා ගනිති 

11 comments:

  1. හිතන්න ඕන මේක කගේ වරදක්ද ?
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. සමහර වැරදීම් වලට වැරදි කාරයෝ නැහැ නේද

      Delete
  2. Replies
    1. එහෙම දෙයක් කර ගන්න ඕන නම්. මාතලන් එහෙම දෙයක් කරගෙන ගොඩාක් කල්

      Delete
    2. මාත් එලෙසම හිතුවත්.. අපේ value system එකට එපිට මොනවා හරි තියනවදකියලත් හිතෙනවා.. නිගමනයකට එන්න බැරි උනත් මිනීමැරැම් කීපයකුත් තියෙනවා... පොඩි එවුන් පව්

      Delete
  3. මේක ඇත්තටම වෙච්ච දෙයක් ද?
    ඔබ හදවතට කටු ඇනෙන්න ලියල තියනව.

    මමත් මේ කාලකන්නි සිස්ටම් එකේ කොටස් කාරයෙක් නේද කියල මහා පවුකාර හැඟුමක් ආව හිතට.

    ReplyDelete
    Replies
    1. පත්තරේ දැක්කේ

      Delete
  4. මටත් එහෙමම හිතුනා

    ReplyDelete

Have commented