21 December 2017

වචන , කෆ්කා සහ මනස්ගාත

ජීවිතය කතාවක් ..කතාවක් කොච්චර දිගද ....කෆ්කා කියවලා තියෙනවද 

එක කතාවක් කෆ්කා ලියනවා මෙහෙම 

For we are like tree trunks in the snow. In appearance, they lie sleekly, and a little push should be enough to set them rolling. No, it can not be done, for they are firmly wedded to the ground. But, see, even that is the only appearance


මුළු ක්තාවම එච්චරයි . වචනය වචනය ගාව නැවතී නැවතී හිතන්න වෙනවා. මේ තරමට කතාවක් හිඳින්න , කොච්චර හිතන්න ඕනේද ?


ස්වේත හිම 
බිම් හිටවූ 
තැනින් තැන
ඉණි 
 වැනි 
අපි 
පිපි මල් , ලූ  දළු 
සේයාවක්වත් 
නැති 
සුසුමකින් 
වුව 
පෙරළෙන 
සේ පෙනෙන 
...ඒත්
මිහි ගැබට  කිඳී 
මහ මුල් 
බදා පස් 
කඳුලින් පෙඟි
මාරුතයකින්වත් 
සසල නොහි ......

සේ 
පෙනෙන 

6 comments:

  1. කෆ්කා මට අමාරුයි..

    ReplyDelete
    Replies
    1. මම නම් කරන්නෙ එච්චර බර නෑ කියලා හිතා ගන්න එක මුලින්ම..

      Delete
  2. සංකීර්ණයි
    විචාරක දියණිය

    ReplyDelete
  3. අර තිත් ඉරි පේලියෙන් පස්සේ සේ පෙනෙන කියනකම් මට හිතුනේ කවිය වැරදියට සිංහලට හරෝල කියල.. හෙහ්.. ඉති කොහෙද.. සිංහලෙන් කියනෙකවත් හරියට ඔලුවට යන්නේ නැතුව තව කෆ්කෙක්.. හැක්. :)

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ. මම ලියපුවිදිය පොඩ්ඩක් අවුල්.. පොඩ්ඩක් වෙනස්කලා

      Delete

Have commented