20 January 2018

බැරල් , කොළඹ ගෑනු සහ කාන්තාවෝ



ගිය සතිය මැද බැරල් එකක් පෙරලුනා .  
කාන්තා අයිතීන් පිලිබඳ කතාව ආයෙත් පත්තු වුනා . මේක ගැන රට පුරාම , බුකිය පුරාම එක එක කට්ටිය තම අදහස් ප්‍රකාශ කරලා තිබ්බා . තවත්  මයික් ටයිසන්ලා කට්ටියක්, , රට වටේම ගිහින් මයික් දික් කරලා වොයිස් කට් ගත්තා . සමාජයෙන් කොන් වෙන්න බැරි හින්දාම  පිංච් පොයින්ට් හි අපිත් වීදී සරා , ජනතාවගේ අදහස් විමසා සිටියා . 

අපිට මුලින්ම හම්බුවුනේ ඉබා ගාතේ ඇවිදගෙන යන තලත්තෑනි අයෙක් .  රාජගිරිය ගුවන් පාලම පහු කරලා බත්තරමුල්ල පැත්තට යනකොට . හරියටම පාර්ලිමේන්තුව ඉස්සරහ දී

***
මහත්මයා ගේ නම මොකක්ද 

නා නා නන්දසේන මහතා  

මම නා නා නන්දෙ , නා නා නන්දසේන 

මිස්ට නා නා , අපිට පොඩ්ඩක් ඔබ එක්ක කතා කරන්න පුලුවන්ද ?

පුළුවන් , මට නන්දෙ කියන්න .. මල්ලි මුලින්ම කියනවද මට,  මේ පැත්තේ හොරු එහෙම ඉන්නවද 

ඉන්නවා ඉන්නවා අරක ඇතුලේ දෙසිය විසිපහක්ම ඉන්නවා 

ඈ .. ඒහෙම කිව්වද?  නැත්නම් මට ඇහුන හැටිද?  ..දෙසිය විසිපහක් ...එතකොට මේ මේ .. පැත්තේ හො හෝ හොල්මන් එහෙම  තියෙනවද ?

ඔව් ඔව් , මළ  හොල්මන් තමා අරක ඇතුලේ ඉන්නේ 

හැ 

මේ මිස්ට මේ මමයි ප්‍රශ්න අහන්නේ ..

හරි හරි අහන්න , අහන්න 

 අපි දැන ගන්න කැමතියි කාන්තාවන්ට  මත්පැන් මිලදී ගැනීමට ඇති අයිතිය ඇති කිරීම හා අත්හිටුවීම ගැන ඔබේ අදහස 

ඒක පොඩ්ඩක් හරි නෑ  නේ 

මොකක්ද  තහනම නැති කිරීමද නැත්නම් නැති කිරීම අත්හිටුවීමද ?

නැතිකිරීමද , අත්හිටුවීමද ....ඔව් ඒකයි ඒකයි තමා 

දෙකම එහෙම හරි නොයන්න ... හරි.. එතකොට ඔබතුමා හිතනවද කාන්තාවන්ට මත්පැන් අලෙවි කලොත් රටේ සංස්කෘතියට හානි වෙයි කියලා 

එහෙනම් , දැන් බලන්න අපේ ගෙදර , තුන් වේලටම මුළු පවුලම කන බොන ඒවා තීරණය කරන්නේ අපේ නෝනා . දැන් නෝනා පොඩි සොට් එකක් දාන්න තීරණය කලොත් , අපි කාලා හමාරයි නේ 

එතකොට මිස්ට නන්දේ කියන්නේ , ඒ තීරණ ඔක්කොම ගන්න ගෑනුන්ට ඔට්ටුයි හැබැයි තමන් කන බොන දේ ගැන තීරණය කරන්න ඔට්ටු නෑ .
සෝමාවතී ඩුබායිවල බැල මෙහෙවර කරලා එනකොට , ඩියුටි ෆ්‍රී එකෙන් මිනිහට බෝතලයක් ගෙන්න පුළුවන්... හැබැයි වයින් ස්ටෝර් එකෙන් කාලක් ගන්න බෑ .
මේ ප්‍රශ්නේ ෂොට් එකක් ඇතුලේ හිරකරන්න එපා ..මේක ෂොට් එකෙන් ඔබ්බට ගිය ප්‍රශ්නයක් අයියා 

ෂෝට අස්සේ ඩියුටි ෆ්‍රී ?.. වයින් ඉස්ටෝර්? ..  වයින් ස්ටෝර් !   .. නෑ  නෑ  මල්ලි  මේක ෂොට් එක ගැන ප්‍රශ්නයක්ම  තමා .. ගොඩක් පිරිමි ෂොට් එකක් දාන්නේ පිරිමි කමට ... ඉතින් කොහෙද ඒ ඉස්පෙස් එකට ගෑනුත් එන්ටර් උනොත් ..

එතකොට නන්දෙ අයිය දැක්කද අර බැරල් ඇඩ් එක .. මොකද හිතන්නේ එක ගැන 

ගෑනියෙක් හැඩේ බැරල් නොවිය යුතුයි කියන්නෙත් පිරිමි නේ මල්ලි .. අනික් අතට ඔය ඇඩ්  එකම ඉඟ සුඟ ගත හැක එක මිටින ගෑනු පරානයක් දාලා තිබ්බා නම් , ගෑනු උනත් මොකුත් කියන්නේ නෑ නේ ... ඒත්  දෙකම එකයිනේ ..කියන්නේ එකම දේ නේ ...ඇඩ්ඩ ටයිසින් නේ ..

තීරණ ගැනීමේ අයිතිය කාන්තාවන්ට  තිබිය යුතු නැද්ද 

ඕක මගෙන් අහලා හරියනවැයි .. අහනවකෝ ආණ්ඩුවෙන් 

ඇහුවා , රාජිත ඇමති තුමා නම් කිව්වේ කොළඹ ගෑනු විතරක් නෙමෙයි කාන්තාවෝ කියලා 

ඒ මට ඇහුන විදියද , මූ කිව්ව විදියද ...කොළඹ ගෑනු ?..කාන්තාවෝ ?....හරිනේ . ඔය තීරණය ගැනීමේ අයිතිය කොළඹ ගෑනුන්ට විතරක් දෙන්න 

එහෙම හරිද 

හරි ඕයි . ඒක එහෙම කරන්න ඕනේ . ප්‍රශ්න ප්‍රාදේශීය කරණය කරන්න ඕනේ එතකොට අනිත් එවුන් හිතනවා මේක අපිට අදාළ නෑ ..අපිට වැඩක් නෑ කියලා 

ෂුවර්ද  ?එහෙම හරිද  ? 

හරි නැත්තම් අහනවකෝ .. අහනවකෝ... ජනාධිපතිගෙන් 

අපි ගියා අහන්න ... හිටියේ නෑ ... අපි ආවා 

අපරාදේ තමුසෙලාට තව පොඩ්ඩක් ඉන්න තිබ්බේ ... පොඩ්ඩක් දොට්ට පිලට යන්න ඇති .. හිටියා නම් අල්ල ගන්න තිබ්බා 

ඒ මට ඇහුන හැටිද ... නැත්නම් මූ?

පලි :

සංස්කෘතිය වෙනස් වේ . එය පාලනය කල යුත්තේ  සමාජ සංවර්ධනය සඳහා උචිත ලෙසය. 

කලානුරුපිතව සම්මතයන් වෙනස් නොකර ගත්තා නම් අපිට ලන්කට් එකක් වත් අඳින්න වෙන්නේ නැත.  අපේ සංස්කෘතිය ඇතුලේ තියෙන බෞද්ධ හික්මීම,  සමානාත්මතාව ගැන කතා කරන කොට අපිට රජවරුන්ගේ අන්තපුර අමතක වේ . 
රටේ 51% ගෑනුන්ය. රටේ බේබද්දන්ගෙන්  80% වැඩි ප්‍රමානයක් පුරුශයන්ය. ඒ ගෑනුන නොබෝන්නේ මේ නීතිය නිසා යයි ඔබ හිතනවාද? 

ඇත්තටම මෙය ෂොට් එක පිළිබඳව නොව, ෂෝට හෙවත් යට කලිසම ඇතුලේ ප්‍රශ්නයකි . සංවර්ධනය යනු හයිවේ නොවේ . සිතිවිලි පිලිබඳ සංකල්පයකි . රාජගිරියේ  ගුවන් පාලම විවෘත කරන ගමන් , ගෑනුන් ගැන මෙවැනි ස්ථාවරයක් දැරීමට රටකට හැකිවීමෙන්  කියන්නේ කුමක්ද . .. 

ප්‍රසිද්ධ රැස්වීමක පිරිමියෙකුට, කොළඹ ගෑනුන්ට තියෙන නිදහස අනිත් පලාත්වල ගෑනුන්ට ඕනේ නෑ  කියා . කාන්තාවන්ට සම අයිතිය දීම විදේශ කුමන්ත්‍රණයක් කියා ....නිරුපද්‍රිතව ගෙදර යන්න හැකි වීමෙන් කියවෙන්නේ කුමක්ද 

ලංකාව තවම සංවර්ධනය වෙමින් පවතින රටකි !


ප ලි ට ප ලි 

මෙය ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය නොවේ . ලොකුම ප්‍රශ්නය මුලින් විසඳීම යනු  අන්දරේ ගල ඉස්සුවා ජාතියේ එක්ස්කියුස් එකකි 



බැරල් කතාවේ ලින්ක් එක




9 comments:

  1. සංවර්ධනය යනු ගෑනු වෙරි වෙන්න බීමයි. අපට විවිධ නිර්දේශයන් කරමින් අසවල් ප්‍රඥප්තිය සම්පූර්න කරන්න කල දේ කුමක්ද කියා අසමින් කරුනු පැහදිලි කිරීම් ඉල්ලන සුද්දන්ගෙ අරමුන අපව ශිෂ්ට කිරීම නොවේද.
    අනුන්ට තම මතවාද පටවීමට සුද්දාට ඇත්තේ කිසිදා සුව නොවන පුකේ අමාරුවකි

    ReplyDelete
    Replies
    1. නැත. සංවර්ධනය යනු මත්වීම නීතියෙන් නොව අවබෝධයෙන් නැති වීමය. පිරිමින්ට එක නීතියකුත් ගැහැනුන්ට එක නිතියකුත් නැති වීමය. නීතිය සැමට සමාන වීමය.

      සුද්දා ගෙන් නිදහස් වෙලා අවුරැදු 70ක් සමරනවා නේද

      Delete
  2. Excellent. Nothing will change in SL without an attitudanal change.

    BTW, what's the 'barrel' story?

    ReplyDelete
    Replies
    1. https://www.google.com.hk/amp/s/b.marfeel.com/amp/www.dailymirror.lk/article/CMC-to-investigate-hoarding-demeaning-to-women-144203.html

      Delete
  3. කොලඹද, ගමේද, ඉන්ගලන්තෙද නෙමෙයි ප්‍රස්නෙ ඕනැම වැඩිහිටියෙකුට කඩේකට ගිහින් බඩුවක් ගන්න සම අයිතිය තියෙන්නෙ ඕනනෙ. බොනවද නැද්ද එක පුද්ගලික තීරණයක්

    ReplyDelete
    Replies
    1. අන්න ඒක නොතේරෙන එකයි. ඊට විරැද්ධව කතාකරන එකයි තමයි මට නොතේරෙන්නේ

      Delete
  4. //කලානුරුපිතව සම්මතයන් වෙනස් නොකර ගත්තා නම් අපිට ලන්කට් එකක් වත් අඳින්න වෙන්නේ නැත// මම ආපහු අමුඩේට බහින්න හිතන් ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. හැබැයි මතක ඇතුව මුහුදට ඇති ගව් ගාන බලන්න

      Delete

Have commented