06 January 2018

කුඹී කෑම , සහෝදර පෙම සහ අනිත් එක

කූඹි කාපුවහම , කසලා කසලා පලු දානවා . නයි කූඹී තමා වසම . කුඹී , කනවා කිව්වට , උන් කිට්ටු වෙලා , අඬු දෙකෙන් පොඩ්ඩක් අපිචර්මය කොනිත්තලා , පස්ස හරවලා ඇසිඩ් බින්දුවක් තියෙනවා උඩින් ... ඔන්න එතකොට තමයි කැසිල්ල  පටන් ගන්නේ .

රටම කුඹී කෑවේ මාස කිහිපයකට කලින් . දැන් නම් පලු බැහැලා යන්න අරන් .. ඒත්  , පස්සේ පටන් ගත්ත සහෝදරයා , වෙනම මානේකට කට්ටියව අරන් යන්න පටන් අරන් . මේවා දෙකම  ආර්ටි වැඩ... රූපමය කාව්‍යාත්මක බව අතින් ඉස්සරහට පැනපු  ... කොහොම වෙතත් මේ දෙකම එකට බලලා , රටේ සමාජීය තත්වය , අපේ ජීවිත ගැට ගහන දේශපාලනය ගලපන්න හදන්නේ මම විතරක් නොවෙන බව මට විශ්වාසයි . 

කූඹියෝ එකේ  ගේම් කාරයා , සහෝදරයා එකේ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් වෙලා .
සත්‍යය කියන කොන්සේප්ට් එක සහය රංගනයක යෙදෙනවා දුමිඳු එක්ක නාට්‍යය දෙකේම . ධනවාදය අස්සේ , සිදුරු හොය හොයා රිංගන  ගේම් කාරයා එකේම දුතිකාවක් හමුවේ අසරණ වෙද්දී , අර සත්‍යවාදියා , ධනවාදයේ පරණ වලව්වක ඝනකම බිත්ති අස්සේ සිත මිස කය නැතිව හිරවෙලා , බළලුන් ලවා කොස් ඇට  බාවන්න හදනවා .
 දෙකේම පසුබිමේ තියෙන වාමාංශික දේශපාලනය , මාන දෙකක . ඒත් මාන දෙකකද ? කූඹියෝ එකේ වාමාංශික පක්ෂයේ ඔෆිසිය තියෙන්නේ පරණ කොලෝනියල් බිල්ඩිමක බව නෝට් වෙන්න ඇතිනේ .

අලුත් ලෝකයක් හදන්න හදන අජන්තට වෙන්නේ , තමන් වෙනුවෙන් බලාපොරොතතු  තියන් ඉන්න  උන්ව රස්තියාදු කර කර , අනෙක් උන්ට කඩේ යන්න . දැන් මේක මැදට සහෝදර කම ඇදලා ගන්න එපා . සහෝදර කම කියන්නෙම එකෙක් විසින් අනෙකාව පාවිච්චි කිරීම ද කියලා හිතෙනවා වෙලාවකට (භෞතිකව , මානසිකව හෝ වෙනත් අයුරකින් වුව )

ඒත්  මේ දෙපොට හා ගොතන්න තවත් පොටක් තියෙනවා . එතකොට තමයි   තුන්පත් රෑන වියෙන්නේ .. ඒ.. පැරීසියට යන පාර ... 
මහුල්පතගම ඉඳන් කොළඹ එන ප්‍රියන්ත , වාමාංශිකයෙක් වෙන්නේ කුඹියෝ  එකේ . මෙන්න පැරිසියේ මූ,  මිනිස්සු බෝට්ටුවේ ඕස්ට්‍රේලියා යවනවා .. ඇත්තටම ප්‍රියන්තගේම අනාගත ඉරණමමද කියලා හිතෙනවා වෙලාවකට .

 අනිත් අතට අර බුදුන් වැඳලා වැඩට යන පොලිස්  කාරයයි , පෝස්ටර රෝල අරන් යන කැම්පස් කාරයයි , හවසට එකම කාමරේ නිදා ගන්න එකත් මරු .


එකේ ගේම් කාරයා , උපාධිදාරීයෙක් නෙමෙයි, සත්යවාදියෙකුත් නෙමෙයි .   ලොන්ඩරි යක  අනුන්ගේ ඇඳුම් බලෙන් ඇඳ ගෙන යන , විජේ වගේ වීරයෙක් . 

හැම මිනිහෙකුටම ජීවිතයක්  ඇතුලේ වීරයෙක් වෙන්න මොහොතක් එනවා . හැබැයි බොහෝ වෙලාවට අපිට එන්නේ මහා සත්යවාදියෙක් වෙන්න , තඩි ගේමක් ගොඩ දා ගන්න චාන්ස් එකක් නෙමෙයි , අනුන්ගේ ඇඳුම් ඇඳන් පොඩි චන්ඩි පාට් එකක් දාන්න චාන්ස් එකක් විතරයි .

කූඹියෝ එකේ , සහෝදරයා එකේ තියෙන රූප කාව්‍ය , පැරීසියේ  නෑ . සංගීතය ඉමෝෂනල් නෑ . කොටින්ම ඒක  ආර්ටි නෑ ... රූප  .. ෆැන්ටසි ගතියට වඩා , ගොන් ජෝක් ගතිය වැඩියි ... සැබෑ ජීවිතය වගේම . අපි වගේම . 

පලි 
මේ ගැන දිගින් දිගටම හිතුන නිසා ලියලා දැම්මේ සිතුවිලි ටික අත අරින්න . ඒත් , ලියුවට පස්සේ දිගින් දිගටම සිතුවිලි ගලා එන්න පටන් අරන් . කැමතියි ඔබේ සිතුවිලි දැන ගන්න . එන්න කොමෙන්ට් හරහා සෙට් වෙන්න



19 comments:

  1. මේ පෝස්ට් එකේ විවෘතබවට මම හරිම කැමතියි. මේ පරම්පරාවේ බොහෝ දේවල් මම ඉතාම ඕපන් මනසකින් රස විඳිනවා. ඒ ලෙවල් ඉවරයි කියන ටෙලියේ අවසානයත් එක්ක,පිස්සු හැදෙන ටොප් නිර්මාන ටිකක් ප්‍රදර්ශනය වුනා. මම ඒ නිර්මාන සහ අලුත් රංගන පරපුරක් ගැන කාලෙකට ඉස්සෙල්ලා කතා කරා. ලිව්වා. ඒ රහ දැන් තලු මරනවා. මම තලු මරන්න ආසයි. කවදත් උඹ ලියනවා වගේ හිතයි,බුද්ධියයි දෙකටම වැඩේ දෙන පෝස්ට් එකක්. සහෝදරයා මාව නන්නත්ත්තාර කරවනවා. අති විශිෂ්ඨ පිටපතක් සහ අධ්‍ය්කශනයක්. සර්ව රසාස්වාදයක්. බොක්කෙන් කියන්නේ. මේ මම එදා දුටු දේ ....

    විචාගේ පෝස්ට් එකක මා දැමු කමෙන්ට් එකක්.
    https://wicharaka.blogspot.co.uk/2016/09/blog-post_12.html#comment-form

    ReplyDelete
    Replies
    1. අරූ , දැකීමත් සතුටක් .
      ඔව් බං , නිකන් වාන් ඇරලා වගේ ITN එකේ . ෆොටෝ පිස්සෙකුත් වන මට , සහෝදරයා (වගේම කුඹියෝ වුනත් ) හාමතේ හිටපු එකෙකුට අමෘතය බින්දුවක් හම්බුවෙලා වගේ . රස විඳිනවා ඇඟේන්ම , ලෝභ කමින් . මේ පරම්පරාවේ හැකියාව විතරක් නෙමෙයි , කැපවීම . අල්ලා ගන්නා සියුම් තැන් ...

      ඔහොම යං , ඔහොම යං

      Delete
    2. අරූ , මේක දැකලා තියෙනවද දන්නේ නෑ . mainstream විතරක් නෙමෙයි , පුංචි බිම්මලුත් පිපෙන්න අරන් .. මරූ ...

      https://youtu.be/IvTPldu-ENI

      This has been taken on a single take

      https://youtu.be/-Yj1At289rw

      Delete
    3. නියමයි බං. මම පලවෙනි එකට වඩාත් කැමතියි.සිනමාව තුලත් තවම පෝලිම්වල හිරවුනු හොඳ නිර්මාන කිහිපයක් තියෙන බව ආරංචියි. අපි බලන් ඉමු. මචං අයිටීඑන් එකේ ඉරිදට විතරක් යනවා "රන් හිරු රැස්" කියලා නාට්ටියක්. හෙමින් බලපන්. රොශාන් රවීන්ද්‍ර, අසේල ජයකොඩි(මියගියා) වගේ හොඳ කාස්ට් එකක් ඉන්නේ.

      Delete
  2. පැරිසිය බලල නැහැ. මොකක්ද ඒක ? මමත් මට හිතෙන විධිහ ලියන්න කියල හිතුවා . ඔබේ අදහසටත් කැමතියි. හැබැයි මෙතැන් වම විතරක් ඇදල ගණන්ව කියල මට හිතෙන්නේ නැහැ. ඒක උදාහරණයක් විතරයි කුඹියෝ එකේ. සහෝදරයා යන විධිහ තවම් තේරුම් ගන්න ටිකක් අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඒක වෙනම ලෙවෙල් එකක් අජිත් ... පැරීසියට යන පාර ..

      මම ඔබ එක්ක එකඟයි . වම විතරක් නෙමෙයි . ඒක උදාහරණයක් හැටියට ලියුවේ .
      mainstream එකේ (හැම අංශයෙන්ම ) තියෙන screen saver එක සහ පිටිපස්සේ දුවන program එක , එකේ සිදුරු අස්සෙන් රිංගන කෑම රැස් කරන (බඩගින්නට නෙමෙයි අනාගතයට ) කුඹී

      සහෝදරයා එකේ හැම සීන් එකක්ම් වගේ බලලා හිතලා , ආයේ බලන්න පුළුවන් මට නම් .

      මම පහුගිය දවසක මලයාලම් සිනමාව ගැන "කවුද ඇත්ත කියන්නේ " වැඩසටහන බැලුවා . ඇත්තටම ඒ වෙනකන් මම මලයාලම් ෆිල්ම් බලලා තිබ්බේ නෑ ...මලයලාල්ම් සිනමාවේ දෙවැනි වසන්තය වගේ , මෙය ලාංකික රූප නිර්මාණ වලත් වසන්තයක්ම වේවා

      Delete
  3. පැරීසියට යන පාර, - මුල් එක බැලුව. ටිප් එකට ස්තුතියි එකත් ඇත්තටම හොඳයි. කොළඹ පැත්තේ ජීවිතය , සැහෙන්න දන්නා පැත්තක්. බලමු

    ReplyDelete
  4. තරිඳුවයි රේඛයි සෑහෙන ඇඩ් පාරක් දෙනවා මලයාලම් සිනමාව ගැන. මමත් කොතනින් හරි පටන් ගන්න ඉන්නේ බලන්න. තවම වෙලාවක් සෙට් වුනේ නැහැ.

    ReplyDelete
  5. සිතුවිලි සටහන් බ්ලොග් කියවනය http://sithuwilisatahan.com/

    ReplyDelete
  6. අපොයි.. සහෝදරයෙක්වත් කුඹි කාල නැතිකොට.. කොහොමෙයි මේවට සම්භන්ද වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. හපොයි එහෙම කරන්න එපා

      Delete
  7. කූඹියෝ හොර ගෑනි
    සහෝදරයා කසාද ගෑනි
    පැරිස් ගෑනු එපා.

    ReplyDelete
    Replies
    1. නැත්නම්

      පලමු පෙම. කසාද ගැනි සහ අනියම් පෙමද මන්දා

      Delete
  8. ඔය දෙකම ෆැන්ටසි වල එරියස්.

    ReplyDelete
    Replies
    1. ෆෆැන්ටලි වල රියැලටි සහ රියැලටි වල ෆෆැන්ටසි

      Delete
  9. ඔක්කොම 🐜 කාලා සහෝදරයෝ එක්ක නිදාගන්නකොට මම විතරයිද කොහෙද මොකවත්ම නොබලපු එකා.
    හිටු මාත් බලන්න ඕනේ. ඒත් ගැම්මක් අහුවුනේම නෑනෙ තවම.

    ReplyDelete
    Replies
    1. නැත්නම් කොන් වෙයි ඔන්න 😀

      Delete
  10. මම ඉන්නේ පිටරට, ඒත් මේ සංවාදය බැලුව එතකං මම ටෙලි නාට්‍ය බලන්න එච්චර උනන්දුවක් තිබුණේ නෑ. පස්සෙ කොටස් 40 ම එක හුස්මට බැළුවේ.80 වැඩවර්ජනය මෙහෙයවපු ජෙහාන්ල මොන ආණ්ඩුව ආවත් ඌරු කොටුවෙ mp කෙනෙක්.වැඩිය සීරියස් නැතිව කීවොත් කූඹියො හොදයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සංවාදෙට එකතු වීම ට. සහෝදරයත් බලන්න. පොඩ්ඩක් ස්ලෝ පික් අප් ඒකනම්. ඒත් මරැ

      Delete

Have commented